රස ගැස්ම නිවාඩු වෙලාවට රසවත් ආහාර වේලක් ගන්න යන්න හොඳම තැන Kevans Casa..

නිවාඩු වෙලාවට රසවත් ආහාර වේලක් ගන්න යන්න හොඳම තැන Kevans Casa..

2020 Aug 20

Kevans Casa පිහිටලා තියෙන්නේ මහියංගණයේ.කෙටි වුණත් ප්‍රීතිමත් කාලයක් ඒ හෝටලයේ ගෙවන්න අපේ කණ්ඩායම උණුසුම්ව පිළිගන්න නම් එයාලා අමතක කලේ නැහැ.අපි නැවතිලා හිටපු කාලයේ,එයාලටම ආවේණික වුණ සෞඛ්‍ය සම්පන්න,රසවත් කෑම බීම කිහිපයකම රස බලන්න අපිට අවස්ථාවක් ලැබුණා. දවසේ විවිධ ආහාර වේල් වලට එයාලා සතුව a la carte මෙනුවක් සහ බුෆේ තියෙනවා. එයාලගේ a la carte මෙනුව ළඟදීම නවීකරණය කරන්න සහ වැඩිදියුණු කරන්න එයාලා බලාපොරොත්තු වෙන නිසාම පස්සේ මේ මිල ගණන් වෙනස් වෙන්නත් ඉඩ තියෙනවා.ඉතින් තවත් මේ ගැන වැඩිදුර කතාකරන්න, Kevans Casa හෝටලය ගැන අපේ සමාලෝචනයට යමු!

 

 

Drinks
Knuckles Breeze (LKR 1200)

තද අවුවේ ඇවිදගෙන යනකොට සීතල හුළගක් ඇඟේ වදිනකොට දැනෙන හැඟීම අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.ඉතින් මේ බීම එකෙනුත් ඒ වගේම හැගීමක් මට ලැබුණා. ඒ වගේම එකේ නමට නම් සාධාරණයක් වුණ බව කියන්නම ඕනේ.පිපිඤ්ඤා, celery ,මී පැණි, වොඩ්කා, ස්ප්‍රයිට් එකතු කරලා තිබුණ මේ කොක්ටේල් එක මම මීට කලින් බීලා තියෙන කොක්ටේල් වලට වැඩිය සුවිශේෂී එකක් වුණා. පිපිඤ්ඤා,සහ celery නිසා මේ පානයේ සිසිල්, ප්‍රබෝධමත් රසය තිබුණ බව නම් අනිවාර්යයෙන්ම කියන්නම ඕනේ. ඕනෑවට වඩා මී පැණි එකතු කරලා තිබුනේ නැති නිසාම ඒක මේ පානයට නියම මිහිරි ප්‍රමාණයක් එකතු කළා. වොඩ්කා වල ආම්ලික පන්ච් ගතිය මන් ගත්ත හැම උගුරකම හොඳට දැනුණා වගේම ස්ප්‍රයිට් පානයට හොඳ ලෙමන් රසයක් එකතු කළා. Kevans Casa එකට ගියොත් මේකේ රස බලන්න නම් අමතක කරන්න එපා.

 

 

Appetizers
Prawn Cocktail (LKR 950)

කෑම මේසයට එද්දී මේකේ තිබුණ ලස්සන පෙනුම නිසාම මේක කාලා බලනකන් මට තිබුනේ ලොකු නොඉවසිල්ලක්. ඔයා මුහුදු ආහාර වලට ආදරේ කරන කෙනෙක් නම් මේක ඔයාට ගොඩක් ගැලපෙනවා.මං ගත්ත හැම කටකම ඉස්සන් රසය මුලික වෙලා තිබ්බා.සැර රසයක් තිබුණ මයොනීස් මේකේ රසය තවත් වැඩි කළා වගේම බෙල් පෙපර්, ළූණු සහ තක්කාලි මේකට ප්‍රසන්න පෙනුමක් සහ හොඳ රසයක් එකතු කළා.Caviar වලින් සරසලා සිසිල්ව පිළිගන්වපු නිසාම මුහුදු ආහාර රසය තවත් වැඩි වෙලා තිබුණා.මේක ටිකක් බර ආහාරයක් නිසා ඔයා අඩුවෙන් කන කෙනෙක් නම් මේක ඔයාගේ ප්‍රධාන ආහාරයක් විදිහට ගන්න පුළුවන් වගේම මේක 100% නිර්දේශ කරන්න පුළුවන්.

 

 

 

Mains
Kevans Casa Parcel (LKR 900)

කෙටියෙන්ම කිවුවොත් මේ කෑම එකේ හොඳ පෙනුමක් වගේම දිව්‍යමය සුවඳක් තිබුණා. බත්, බීට්රූට්, වට්ටක්කා, බ්රොකොලි, බේකන් වලින් ඔතා ඇති බෝංචි, කැරට්, ලෙමන් බටර් සෝස් සහ බේක් කළ වැව් මාළු මේකට එකතු කරලා තිබුණා.පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න ආහාර ගන්න එක ගැන ඔයත් සැලකිලිමත් වෙනවා නම්, මේක තමයි ඔයාට ගැළපෙනම කෑම. ගානට bake කරලා තිබුණ නිසාම මෘදු හා සිනිඳු බවක් වැවූ මාළු වල තිබුනා. මාළු කෙසෙල් කොළවල ඔතලා පිළිස්සීමේදී ඒවගේ සුවඳ සහ රසය පවත්වාගෙන යන නිසාම මාළු වල හොඳ පදමක් සහ කුළුබඩු රසයෙන් පිරී තිබුණා. එළවළු හොදින් පිස තිබුන නිසාම ඒවායේ ලෙමන් බටර් සෝස් පිඟානට රසවත් ස්පර්ශයක් එකතු කළා. මෙම ආහාරය අවංකවම පරිපූර්ණ සමබර ආහාර වේලක් වගේම නියම ප්‍රෝටීන, හරිත එළවළු සහ carbs මේකෙට අඩංගු වෙලා තිබුනා.

 

Ambience

ගොඩක් සන්සුන් හා ප්‍රසන්න වටපිටාවක් Kevans Casa restaurant එකට තිබුනා.restaurant ගෘහස්ථව තිබුනත් ඒක පිහිටලා තිබ්බේ ඔයා කෑම කද්දී හැම වෙලාවේම හොඳට හුළං එන විවෘත ප්‍රදේශයකයි. ඔයා නිවාඩුවක් ගත කරන අතරතුර ඔයාගේ පවුලේ අය හෝ මිතුරන් එක්ක රසවත්,ආහාර වේලක් භුක්ති විඳීන්න සුදුසුම පරිසරයක් එතන තිබ්බා කිවුවොත් හරි. Kevans Casa එකේ කාර්ය මණ්ඩලය ආචාරශීලී, මිත්‍රශීලී වගේම ඉතා කාර්යක්ෂම සේවයක් ලබා දුන්න බවනම් අනිවාර්යයෙන්ම කියන්නම ඕනේ.ඉතින් Kevans Casa එකේ නතර වුනු කාලයේ වගේම එයාලගේ ආහාර අපි ගොඩක් රසවින්දා.

ඉඟිය – ඔයා Kevans Casa Parcel ඇණවුම් කරනවා නම්, වැවු මාළු වල සාමාන්‍යයෙන් කටු ගොඩක් තියෙන නිසා පරිස්සම් වෙන්න.හැබැයි මේ රසවත් සහ සෞඛ්‍ය සම්පන්න කෑම නොකා ඉන්න ඒක හේතුවක් කරගන්න නම් එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here