හතර වටෙන් ස්වාභාවිකවම ඇහිබැම වර්ධනය කරගන්න මේ tips ඔයාට වැදගත් වේවි…

ස්වාභාවිකවම ඇහිබැම වර්ධනය කරගන්න මේ tips ඔයාට වැදගත් වේවි…

2021 Mar 29

කාන්තාවන් තමන්ගේ භාහිර රෑපය ලස්සන කරගන්න එහෙමත් නැත්තම් ලස්සනට තියාගන්න විවිධ දේවල් සිදුකරනවා. ඒ අතරින් ඔවුන් ඇහිබැමටත් (eyebrows) මූලික අවධානයක් යොමු කරනවා. මේ වෙනකොට වෙළඳපොලට විවිධ වර්ගයේ දේවල් ඇහිබැම ලස්සන කරගන්න ඇවිත් තිබෙනවා. මේ දේවල් හැම එකක්ම තාවකාලික දේවල්. නමුත් අපිට නීරෝගිමත් ඇහිබැමක් ලබා ගන්න ගෙදරදීම කරගන්න පුළුවන් දේවල් කිහිපයක්ම තිබෙනවා. ගැස්ම අපි හිතුවා අපේ පාඨකයින්ව මේ පිළිබඳව දැනුවත් කරන්න.

 

 

පොල්තෙල් සත්කාරය

8 Tips To Get Grow Thick Eyebrow NATURALLY! – inebra

පොල් තෙල් කිව්වහම හැම කෙනෙක්ටම මතක් වෙන්නේ කෑම හදනඑක ගැන. ඒ වගේම අපේ අම්මලා පොල් තෙල් ගානවා කොන්ඩෙ වැවෙන්න. සාමාන්‍යයන් පොල් තෙල් ආහාරයට ගන්න එක අඩු කරන්න කියලා වෛද්‍යවරු නියම කරනවා. ඒ පොල් තෙල් නිසා විවිධ රෝග ඇතිවෙන්න හැකියාව තිබෙන නිසා. ඇහිබැම වර්ධනයට වෙළඳපලේ විවිධ නිශ්පාදන තිබුණත් ස්භාවික දේවල් තරම් ශරීරයට තවත් හොඳ දෙයක් නැති තරම්. පොල් තෙල් භාවිතයෙන් ඔයාට පුළුවන් ඔයාගේ ඇහිබැමි හොඳින් වර්ධනය කරගන්න. ඔයාට කරන්න තියෙන්නෙ පොල් තෙල් ටිකක් අරගන ඒ ටික ටිකක් රත් කරගන්න එක. ඊට පස්සේ ඇහිබැමේ පොල්තෙල් ටික ආලේප කරලා හොඳින් සම්බාහනය කරගන්න. එක රැයක් තිබෙන්න හැර උදෑසන සොදා හරින්න. මෙමගින් ඔබට හොඳ ප්‍රතිළුලයක් ඉක්මනින් ලබා ගන්න හැකියාව තිබෙනවා.

 

Tea tree oil

10 Simple Treatments For Dandruff On Eyelashes And Eyebrows

පොල් තෙල් වගේම tea tree oil වලිනුත් ඇහිබැම වර්ධනය වැඩි කරනවා. කැපීම් සහ වෙනත් තුවාල සුව කරගන්න අතීතයේ ඉදන් tea tree oil සමට ප්‍රතිකාරයක් වශයෙන් භාවිතා කරනවා.
ඔබට කෙලින්ම ඇහිබැමේ tea tree oil අලේප කරන්න වෙළඳපලෙන් tea tree oil extracts මිලදී ගන්න හැකියාව තිබෙනවා.

මෙය දිනපතා භාවිතා කිරීමේදී ඇහිබැමේ ආලේප කර රැයක් තිබෙන්න හරින්න . tea tree oil භාවිතා කරන්න පෙර ඔබට ආසාද්මිකතා ඇතිවෙනවාද යන්න පරීක්ෂා කරන්න වැලමිට ප්‍රදේශයේ ආලේප කරන්න.

 

 

Lavender oil

How to reduce redness after waxing: 10 home remedies to calm your sensitive skin post your waxing | India.com

ලැවෙන්ඩර් තෙල් කියන්නේ ශරීරය සන්සුන් කරන්න භාවිතා කරන තෙල් වර්ගයක් . ඒ වගේම හිසකෙස් ගැළවීම යාම වලක්වා ගන්නත් මේ ලැවෙන්ඩර් තෙල් භාවිතා කරනවා. විද්‍යාත්මකව ලැවෙන්ඩර් තෙල් ආතතියට ප්‍රතිකාරයක් වශයෙන් යොදාගන්නවා.

ඔයාගේ ඇහිබැම හොඳින් වර්ධනය කරගන්න අවශ්‍යනම් ඇහිබැම ප්‍රදේශයේ ලැවෙන්ඩර් තෙල් ආලේප කරන්න. සමහර අයට මේ ලැවෙන්ඩර් තෙල් ආසාත්මිකතා ඇති කරනවා. ඒ නිසා ඔබ ලැවෙන්ඩර් තෙල් භාවිතා කරන්න යනවානම් මුලින්ම වැලමිට
ප්‍රදේශයේ ආලේප කර ඔබට ආසාත්මිකතාවයක් නැතිබව තහවුරු කරගන්න.

 

 

Smart grooming

The evolution of eyebrow trends - Los Angeles Times

සමහර වෙලාවට ඇහිබැමේ පැවැත්ම අපි එය හරියට maintain කරනවාද නැද්ද යන්න මත තීරණය වෙනවා. අපි සැලෝන් එකකට ගියහම සමහර අවසථාවලදි හොඳට තිබෙන eyebrow එක සම්පූර්ණයෙන්ම ගලවලන තමයි එළියට එන්නේ. මෙන්න මේක තමයි අපිට වෙන මූලික වැරුද්ද. ඇහිබැම ඕනවට වඩා අඩු කරන්න කරන්න එය ආපසු වැවෙන ප්‍රමාණය අඩුවෙනවා.

  • ඔයා grooming කරනවානම් මෙන්න මේ දේවල් හොඳට මතක තියාගන්න.
  • ඔිනවට වඩා ඇහිබැම ඉවත්කිරීම නතර කරන්න
  • හොඳ එළිය තියෙන ස්ථානයක ඇහිබැම සෑදීම සිදුකරන්න.
  • Brow pencils එකකින් අනවශ්‍ය ලෙස පීඩනයක් දෙන එක නතර කරන්න.
  • එදිනදා තමන්ගේ ඇහිබැම brush එකක් මගින් හො spoolie එකක් ආධාරයෙන් පීරන්න.

සැලකිය යුතු ලෙස ඇහිබැමේ කෙස් අඩුවෙනවා නම් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු මුණගැසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here