රස ගැස්ම අලුත් විදියට COCKTAIL TRY කරන්න හොඳම තැන…

අලුත් විදියට COCKTAIL TRY කරන්න හොඳම තැන…

2024 Feb 3

Open Time:

Monday — Sunday, 12 pm to 11 pm

Address

Havelock City Mall, Havelock Road, Colombo 05

directions

Located towards the back of Havelock City Mall from the courtyard at the main entrance

Contact No

0777876780

අලුත් විදියට COCKTAIL TRY කරන්න හොඳම තැන…

 

 

ග්‍රීක් අභාෂයක් තියෙන restaurant එකක් සහ cocktail bar එකක් විදිහට Harpos Group එකේ Restaurants අතරට අලුතින්ම එකතු වුණු Restaurant එක තමයි “Shoulders” කියලා කියන්නේ.

DJ වලදී “Juppè” නමින් කවුරුත් හඳුනන ශෙහාන් සේතුංග විසින් මේ Restaurant එක පවත්වාගෙන යනවා. වසර නවයක් ඕස්ට්‍රේලියාවේ ජීවත්ව මාස්ටර්චෙෆ් රසිකයන්ගේ ප්‍රියතම විනිසුරු වූ George Calombaris යටතේ සේවය කිරීමෙන් පසු ෂෙහාන් දැන් නැවත පැමිණ ඇත්තේ ග්‍රීසියේ රසයන් තම මාතෘ භූමියට ගෙන ඒමේ ආසාවෙන්.

ලංකාවටම ආවේණික වූ අමුද්‍රව්‍ය (එකක් හැර ) සාදන ලද කෑම වර්ග ඇතුළත් මෙනුවක් තිබෙන මේ Restaurant එකේදී ලංකාවට අවේණික වූ ආහාර පාන තිබෙන Shoulders by Harpos, ලංකාවේ අනෙකුත් cocktail bar වලට හොඳ තරඟයක් ලබාදෙනවා කියලා මම විශ්වාස කරනවා.

 

SNACKS AND NIBBLES

 

Lamb Doughnuts with Coconut Sriracha (3 PCS) — LKR 1,750 (5/5)

 

 

කාගේත් කැමතිම Dish එකක් වුණු මේ Doughnut එකනම් ඔයා අනිවාර්යයෙන්ම try කළ යුතුම කෑමක්. juicy සහ මෘදු pulled lamb වලින් පුරවපු Doughnut එක සැර සහ පැණිරස වගේම tingly aftertaste එකක් තියෙන coconut sriracha එක්ක හොඳටම ගැලපුණා කිවුවොත් හරියටම හරි.

 

STARTERS

Taramasalata (Whipped Cod Roe Dip) — LKR 1,850 (5/5)

 

 

“ලංකාවටම ආවේණික වූ අමුද්‍රව්‍ය (එකක් හැර ) සාදන ලද කෑම වර්ග” Shoulders වලින් ගන්න පුළුවන් කියලා මම කිවුවා මතකද ? මේ තමයි ඒක. ග්‍රීක කෑමක් වෙන Taramasalata කියන්නේ බිත්තර වෙනුවට මාළු බිත්තර වලින් හදපු mayonnaise එකක්. ඕස්ට්‍රේලියාවෙන් ගෙන්වපු මේ tarama, මාළු බිත්තර වලින් සාදා තිබුණු නිසා මුලදී මේ කෑම එක කන්න අකමැත්තක් ඇති වුණත් ඇත්තටම මගේ නිගමනය වැරදියි. Pita bread සමග පිළිගන්වපු මේ සුදු පැහැති Taramasalata ඉතාම රසවත් පෙනුමක් තිබුණා. මේකේ රසය වචනවලට පෙරළන්න ඉතාම අපහසු වුණත් මේ ආහාර වේල පුරාවටම umami වැනි රසයන් දැනුණා කිවුවොත් හරි. ඇස, නාසය, දිව, ස්පර්ශය සියළු අංග පිනවන්න මේ Dish එක සමත් වුණා. මේකේ තිබුන රස නිසාම Pita bread අවසන් වුණත් මේ Taramasalata එක විතරක් මම සම්පූර්ණයෙන්ම රස බැලුවා.

 

Flaming Saganaki Cheese with Apricot Chutney — LKR 2,800 (4/5)

 

 

Flaming Greek Cheese, නැතිනම් Saganaki, කියන්නේ Brandy එක්ක flambéed කරපු චීස් වලින් හදන සාම්ප්‍රදායික ග්‍රීක් appetizer එකක්. ඔයත් කෑම වල අමුතු අමුතු පිංතූර ගන්න කැමති කෙනෙක් නම් අපුරු පෙනුමකින් පිළිගන්වන මේ appetizer එක අනිවාර්යෙන්ම ඔයාගේ Instagram එකට upload කරන්න සුදුසුම පින්තුරයක් වෙයි.

ඒ වේලාවේම රස්නෙට පිළිගන්වන මේ dish එකේ චීස් ගොඩක් soft සහ gooey ගතියට තිබුණා. කොහොම වුනත් මට නම් වැඩිපුරම රස apricot චට්නි එක කිවුවොත් හරි. පැණිරස වගේම අමුතු රසයක් තිබුණු නිසාම චීස් එකත් එක්ක හොඳටම ගැලපුණා.

 

MAINS

 

Spit Roasted Porketta with Miso Cauliflower Purée and Radish Slaw — LKR 4,750 (5/5)

 

 

rotisserie එකක් මගින් පිසින ලද Porketta කියන්නේ මස් වලට කැමති හැමෝගෙම ප්‍රියතම කෑමක්. පිටතින් Crispy ගතියට වගේම ඇතුළත මස් ගොඩක් juicy සහ මෘදු ගතියට තිබුණා. මේ සමග දුන් miso-infused cauliflower purée සහ රාබු slaw එකත් මේ මස් වලට හොඳට ගැලපුණා. miso-infused cauliflower purée එක ගොඩක් ක්‍රීම් ගතියට රසට තිබුණත් මම පුද්ගලිකව වැඩිපුර ප්‍රිය කළේ umami sense එකක් දීපු රාබු slaw එක සමග නැවුම් , crunchy Porketta එකට කිවුවොත් හරි.

 

DESSERTS

 

Rice Pudding with Caramel Butterscotch and Coconut Biscuit Crumb — LKR 1,750 (5/5)

 

ඇත්තටම එක එක අපුරු කෑම නිසාම මේ වෙනකොට dessert වලට මගේ බඩේ ඉඩක් තියෙයි කියලා නම් මම හිතුවේ නැහැ. හැබැයි මේක අතපසු කරගන්න බැරි නිසාම මම හිතුවා මේක try කරලා බලන්න. මෙයට සීතල කිරිබත් වගේ පුඩිමක් සහ ඒ උඩට කැරමල් බටර්ස්කොච් සහ පොල් බිස්කට් crumb එකතු කරලා තිබුණා. කැරමල් බටර්ස්කොච් Velvet look එකකින් තිබුණා වගේම ඒකෙන් ආපු හකුරු රස rice pudding එකට හොඳට ගැලපුණා. Coconut biscuit crumb එක මේ dessert එකට දුන්නේ අමුතුම රසයක්. සරලවම කිවුවොත් මේක කිරිබත් වලට අලුත්ම ආරක් එකතු කරපු dessert එකක්. මේකේ හැම කටකටම මම නම් ගොඩක් කැමති වුණා.

 

DRINKS

 

Shoulders by Harpos, cocktail bar එකක් වන නිසාම කොහෙවත් දැකගන්න නැති එයාලටම ආවේණික cocktails කිහිපයක්ම එයාලගෙන් ලබාගන්න පුළුවන්. ඒ වගේම ශෙහාන් හොඳ anime fan කෙනෙක් නිසා එයාගේ anime වලට තියෙන කැමැත්ත cocktails වලින් පෙන්නත් ඔහු අමතක කරලා නැහැ.

 

Gaara of the Sand — LKR 1,800 (5/5)

 

 

Gaara of the Desert from Naruto anime එකේ ආභාෂය තියෙන මේ cocktail එක ඒ චරිතය හොඳටම පිළිබිඹු කළා කිවුවොත් හරි. මේක විචිත්‍රවත් රතු පාටින් යුත් සිත් ඇදගන්නා drink එකක් වගේම රස ගැන කතා කළොත් මේ සම්බන්ධව කිසිම වැරැද්දක් කියන්න නැහැ. hibiscus vodka වලට elderflower syrup එකතු කරලා මේක හදලා තිබුණා.

 

Shoulders Gin Sour — LKR 1,800 (5/5)

 

 

අපි Try කරපු කොක්ටේල් දෙකෙන් මම වැඩිපුරම කැමති වුණ කොක්ටේල් එක තමයි Shoulders Gin Sour. පැෂන් ෆෘට් වගේ පැණිරස හා ඇඹුල්, රසයන් දෙකම එකතු වුණු මේ drink එකට මම ගොඩක් කැමති වුණත් ඇත්තටම ‘Gaara of the Sand’ කොක්ටේල් එක try කරපු නිසා ඇතිවුණ පොඩි මත් ගතිය නිසා මේකේ නියම රසය මොකද්ද කියලා මට හරියටම තීරණය කරන්න අපහසු වුනා. කොහොම වුණත් කොක්ටේල් එකකින් අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නෙත් ඒකම තමයි. හැබැයි අනිවාර්යයෙන්ම මතක තබා ගත යුතු දෙය තමයි මේ කොක්ටේල් දෙකේම බිත්තර සුදුමද අඩංගු වෙනවා. ඒ නිසා ඔයා vegan නම් vegan foamer භාවිතා කරන්න කියලා එයාලට කියන්න අමතක කරන්න එපා.

 

AMBIENCE

 

 

මෙතන වටපිටාව, කාර්ය මණ්ඩලය වගේම ඔවුන්ගේ සේවාවත් ගොඩක් ඉහළ මට්ටමක තිබුණා. Indoor seating වගේම outdoor seating area එකකුත් තිබුණත් මෙතැනට යන්න කලින් reservation එකක් දාලා යන්න කියලා අපි recommend කරන්නේ මෙතන ගොඩක් ඉක්මණට packed වෙන නිසයි. අපි මෙතැනට ගියේ බ්‍රහස්පතින්දා දවසක වුණත් සම්පූර්ණ රාත්‍රියම මෙතන book වෙලා තිබුණා. Service එක ගොඩක් කර්යයක්ෂමයි වගේම කාර්ය මණ්ඩලයත් ගොඩක් මිත්‍රශීලීයි.

සමස්තයක් විදිහට Shoulders by Harpos සාම්ප්‍රදායික ග්‍රීක කෑම වර්ග සහ අනර්ඝ cocktail try කරන්න ඔබ යා යුතුම තැනක්.

සටහන: දැනට පවතින වැට් බදු වැඩිවීම හේතුවෙන් මිල ගණන් වෙනස් විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here