Blog Page 39

අමාරි රිසෝර්ට් එකේ “ආහාර” අවන්හල

ගාල්ලේ තරු පහේ හෝටල් අතරට එකතු වූ අමාරි රිසෝර්ට් එක ගැන අනිවාර්යයෙන් කතා කරන්නම ඕන තැනක්. මං ඒ හොටෙල් එකට ඇතුළු වෙච්ච ගමන්ම මට හිතුනේ මම නිවාඩුවක් ගත කරන්න ආවා වගේ හැඟීමක්.

අමාරි රිසෝර්ට් එකේ ප්‍රධානම අවන්හල තමයි “ආහාර” කියලා කියන්නේ. එයාලා ගාව අපිව පුදුම කරවන කෑම වට්ටෝරු ගොඩක් තියෙනවා. ඔයාට වුණත් මේ අමාරි රිසෝර්ට් එකට ගියොත් ඒ කෑම තව තවත් කන්න ඕන කියන ආසාව අනිවාර්යයෙන්ම ඇති කරනවා. ඉතින් ඔයා නිවාඩුවක් ගත කරන්න යන්න හිතනවානම් වගේම හොඳ කෑම වේලක අත්දැකීම විඳගන්න ඕනනම් ඔයාලට යන්න හොඳම තැනක් තමයි අමාරි රිසෝට් කියලා කියන්නේ.

ඒවගේම මේ ආහාර අවන්හලේ ලංකාවේ කෑම වර්ගත්, බටහිර කෑම වට්ටෝරු සහ නැගෙනහිර ආසියානු ආහාර වර්ගවලටත් අවධානය යොමු කරලා තිබීම විශේෂත්වයක්. ඒ වගේම අපේ සම්භාව්‍ය ආහාර වර්ගත් අලුත් විදිහකට සකස් කරලා තිබීමත් දකින්න පුළුවන් විශේෂත්වයක්.

ප්‍රධාන ආහාර

Local Tuna Crudo – රු 1200

මාළු විකුණන එක්කෙනෙක්ගෙන් ගත්ත අලුත් මාළු තරම්ම මේ ටූනා එක නැවුම් බවක් දැනෙනවා. පොල් කැබලි, අඹ සහ අපි ආහාරයට ගන්න ගොටුකොළ කොළ වගේ දේවල් මේකට එක්කරලා තියෙන නිසා ඇත්තටම මේක අමුතු රසයක් දැනෙනවා.

Poached Prawn Coral Reef – රු 1450

මේනම් ඔබ අත්හදා බලන්නම ඕන කෑමක්. ඇත්තටම කිව්වොත් මේක seafood ඇතුලත් වෙච්ච dish එකක්. ඒ අනුව මේකට ටූනා සහ ඉස්සන් තමයි එක්කරලා තියෙන්නේ. වට්ටක්කා සෝස් එකකුත් මේ සඳහා භාවිතා කරලා තියෙනවා. මේක ඇත්තටම ඔබට අලුත් අත්දැකීමක් එක්කරන කෑමක් කිව්වොත් හරි.

Rack of Lamb Chettinad – රු 5500

දකුණු ඉන්දියානූ කෑම අපිට වෙනස් අත්දැකීමක් වුනත් හැබැයි අපි පුරුදු රසයන් එක් කරන්නේ. මේ dish එකත් ඔබට අනිවාර්යයෙන් රසවත් බවක් එක්කරන බවට සහතිකයි. එය තවත් රසවත් කිරීමට coconut චට්නි එකකුත් මේකට යොදලා තියෙනවා.

The Surf and Turf – රු 3000

ඔබ හැම මාළු ජාතියක්ම කන කෙනෙක්නම් මේක තමයි ඔබට හරියනම කෑම වට්ටෝරුව. පොකිරිස්සන් මාළු සහ steak සහිත මේ dish එක ඔයාව පුදුම කරවන කෑම වේලක් වෙන බවටනම් සහතිකයි.

Seared Pork Belly – රු 1480

මේ dish එක මෙයාලා ගාව තියෙන රසවත්ම ආහාරය කිව්වොත් නිවැරැදියි. පෙනුමෙන් සරල බවක් පෙනුනත් එහි රස ගැනනම් කියලා නිම කරන්න බෑ. මද පමණට තම්බපු ඌරු මස් වුණත් ඒ dish එකෙන් අමුතු විදියේ විවිධ රසයන් ගොඩක් දැනුනා.

Dan Ka Kum-Rubiyan – රු 1550

ඔයා හැමවෙලේම බත් කන්න හොයන කෙනෙක්නම් මේ කෑම එකනම් ඔයාට හරියටම ගැලපෙනවා. මේ දකුණු ආසියාතික කෑම වර්ගයෙන් ඔබට හුරුපුරුදු කෑම ජාති ගොඩක් රස විඳින්න පුළුවන්. ඒ වගේම මේකට මුද්දරප්පලම් එකතු කරලා තිබ්බ නිසාත් අමුතු රසයක් එක් වෙලා තිබුණා.

Desserts

Layered Chocolate Torte – රු 1200

මේකේ පෙනුමෙන්ම නම් ඔබේ කටට කෙල උනනවා ඇති නේද? ඇත්තටම Belgian චොකලට් තමයි මේකට එක්කරලා තියෙන්නේ. වෙනස් රසයක් හොයන ඔයාට මේක ඉතාමත් හොඳ dessert එකක්.

Willard Mango Panna Cota – රු 1200

Dessert එකට සැහැල්ලු දෙයක් හොයන අයට මේකනම් ඉතාමත් වැදගත් වෙයි. මෙහි පෙනුමටත් ඉතාම අලංකාරවත් බවත් එක්කරලා තියෙනවා වගේම රසය ඊට නොදෙවෙනි විදියට තියෙනවා.

ඉතින් මේ අමාරි රිසෝර්ට් එකේ කෑම වර්ග කිහිපයක්. වෙනස් විදියේ ආහාරවලට ඔයත්  කැමැත්තක් දක්වනවානම් යන්න හොඳම තැනක් විදියට අමාරි රිසෝර්ට් එක නිර්දේශ කරන්න පුළුවන්.

බිකිනියේ දවස අදයි – හැබැයි බිකිනියක් අඳින්න ඔයත් තාම ලැජ්ජාවෙන් ඇඹරෙනවාද?

අපි අද ඉදිරිපත් කරන්නේ බිකිනි ගැන. බිකිනිය වඩාත්ම නින්දිත ඇඳුමක් විදියට තමයි අපේ රටේ බොහෝ දෙනෙක් කියන්නේ.

හැබැයි අනෙක් අතට අමුඩේ කියලා එකකුත් අතීතයේදී අපේ රටේ තිබිලා තියෙනවා. ඒත් මේ අමුඩේ කියන එක කවදාවත් ලැජ්ජාවට කරුණක් වුණේ නැහැ. ඒ ඒක සංස්කෘතික දෙයක් විදියට මුල්බැසගත්ත නිසා.

මම නිදහසට කැමති කෙනෙක් වුණත් මම දෙමව්පියන් සමග රූපවාහිනිය නරඹනකොට ගැහැණු ළමයෙක් බිකිනියක් ඇඳගෙන රූපවාහිනී තිරයේ දිස් වුණොත් මට ඇත්තටම ලැජ්ජාශීලී බවක් දැනෙනවා. ඉතින් අමුඩේ කියන එක හරි විදියට පෙනෙන්නත් බිකිනිය වැරදි විදියට පෙනෙන්නත් හේතුව මොකද්ද?

ජාත්‍යන්තර බිකිනි දිනය යෙදී තියෙන්නේ අද වගේ දවසක නිසා අපි හිතුවා මේ ගැන කතා කරන්න.

මම මේ කාරණාව සම්බන්ධයෙන් ඕනෑම අයෙකු සමග සාකච්ඡා කරනකොට පළවෙනි උත්තරය විදියට ඔහු මට කියන්නේ අමුඩේ අපේ සංස්කෘතියේ කොටසක් නිසා එය කමක් නැහැ කියලායි. හැබැයි බිකිනිය ගැන කතා කළොත් කියන්නේ එය ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ගැලපෙන්නේ නෑ කියලයි.

සංස්කෘතිය කියන දේ ගැන ඔබ වඩාත් හිතනවානම් ඔබ මේ දේ නිවැරැදි කරගන්න ඕන. ඓතිහාසිකව ගත්තොත් ශ්‍රී ලංකාව ගොඩක්ම සංස්කෘතිකයි කියන්න බෑ. මේකට හොඳම උදාහරණය තමයි ඓතිහාසික ඡායාරූපවල කාන්තාවන් සිටින්නේ උඩුකය නිරුවත්වයි. කාශ්‍යප රජතුමන් තැනූ සීගිරියේද මෙවැනි සිතුවම් ඔබට අදටත් දැකගන්න පුළුවන්. ඉතිං සංස්කෘතිය කියන්නේ හැමවිටම වෙනස් වෙමින් පවතින දෙයක් වන අතර අප කාලයත් සමග ඉදිරියට ගමන් කළ යුතුයි.

සංස්කෘතිය කියන දේ පැත්තකින් තියලා විවාදයකට ආවොත් කාන්තාවන් ශරීරය පෙන්වීම ප්‍රශ්නයක් වෙන්නත් හැබැයි පිරිමි ඒ දේ කළහම ප්‍රශ්නයක් නොවන්නෙත් කොහොමද කියලා ඔබ හිතලා බලන්න?

බිකිනි ගැන කතාකරනකොට ගොඩක් අය කියන තව දෙයක් තමයි බිකිනි ඇඳපු කාන්තාවක් දැකීමෙන් දරුවන්ගේ පිරිසිදු මනස දූෂණය කරනවා කියලා. ඒත් මේ කතාවේ ඇත්ත මොකද්ද කියලා හිතලා බලන්න. බිකිනි ඇඳපු අයද නැත්නම් ඒ දරුවන්ගේ වටේ ඉන්න අයද දරුවන්ගේ මනසට මේ වගේ දේවල් කාවද්දවන්නේ කියලා.

අවංකවම කියනවානම් අමුඩේ ඇඳන් ඉන්න පිරිමියෙක් තුලවත් බිකිනියක් ඇඳන් ඉන්න කාන්තාවක් තුළවත් ලිංගිකත්වය ඔප්නංවන කිසිම දෙයක් නැහැ. ඒ නිසා ඔයාගේ මනස ඒ කුණු කූඩෙන් එළියට ගන්න හොඳම අවස්ථාව තමයි මේක. එහෙම වුණාම දරුවන්ට ඒ දේවල් ප්‍රශ්නයක් වෙන්නෙත් නෑ.

අනිත් හැම දේ ගැනම මිනිස්සු හිතන පටු විදියට තමයි බිකිනි දිහාත් බලන්න පුරුදු වෙලා තියෙන්නේ. තමන් ඒ හිතන විදිය වෙනස් කරගත්තොත් ඔයාටම පෙනෙයි බිකිනි හෝ අමුඩ සම්බන්ධව එහෙම බලන්න කිසිම හේතුවක් නෑ කියලා.

ඔයා කරන්න ඕන ඔයාගේ ප්‍රමුඛතා සෘජුව ලබා ගැනීමයි. ඔයාගේ ජීවිතය කෙරෙහි අවධානය යොමු කරන්න. ඒ වගේම අනෙක් මිනිස්සුන්ටත් ඔවුන්ට අවශ්‍ය විදියට ජීවත් වෙන්න ඉඩ දෙන්න.

ඒලෙවල් ළඟ ළඟම එන නිසා ඔයත් ඉන්නේ බයෙන්ද? එහෙනම් මේ ටික කාලේ මෙහෙම ලෑස්ති වෙන්න

අපොස උසස්පෙළ විභාගයට ඇත්තේ තව නොබෝ දිනයි. මේ වෙද්දි බොහෝ සිසුන් මානසිකව පීඩාවට පත්වෙලා බයවෙලා පාඩම් කරනවා ඇති. තවත් අය ඉස්සර හිටපු විනෝදයෙන්ම කල් ගෙවනවා ඇති. හැබැයි ලබන මාසයේ ඔබට ඇති මේ ඒලෙවල් කඩඉම තමයි අවුරුදු 13ක පාසල් ජීවිතේ හමුවෙන අවසාන කඩඉම. ඔබ විශ්ව විද්‍යාල වරම් ලබන්නේ හෝ රැකියාවක් සම්බන්ධයෙන් හිතන්නේ මින් පසුවයි. ඉතින් මේ වටින කාලය අපතේ යවන්න එපා. එහෙම කිව්වම ඔබ කලබල වෙන්නත් එපා. ඔබට තවමත් කාලය තියෙනවා ඔබ මෙතෙක් කල් පාඩම් කරපුවා නැවත මතක් කරගන්න. මේ ඔබට ගැස්මෙන් ඒ සඳහා උපදෙස් ටිකක්.

1) නිදාගන්න

මෙහෙම කිව්වම හැබැයි ඕනවාට වඩා නිදාගන්න හදන්නත් එපා. ඔබ මානසික ආතතියෙන් වෙහෙසට පත්වෙලා නම් නින්ද අනිවාර්යෙන්ම ලබාගන්න. මොකද නින්දෙන් පුළුවන් ඔබේ ආතතිය අඩු කරන්න සහ ශරීරයට විවේකයක් ගන්න. පැය 6 සිට පැය 8 දක්වා දක්වා නිදා ගන්න. හැබැයි ඊට වඩා නිදාගන්නත් එපා . ඇඳේ සුවපහසුව, කාලගුණය වගේ දේවල් නිසා ඔබට කම්මැලිකමක් දැනෙනත් පුළුවන් අවදි වෙන්න. හැබැයි හැමවෙලාවෙම ඔබට විභාගයට සූදානම් වෙන්න තියෙන කාලය ගැන හිතන්න.

2) පාඩම් කරන්න සුදුසු ස්ථාන

ඔබ පාඩම් කරන ස්ථානය නම් ඉතා ප්‍රවේශමෙන් තෝරගන්න. මොකද ඒක ගොඩක් වැදගත්. බොහෝ දෙනෙක් පුරුදු වෙලා තියෙනවා පුස්තකාලයේ ගිහින් පාඩම් කරන්න. හැබැයි ඉතින් පුස්තකාලයෙත් ඔබට නින්ද යන්න තියෙන අවස්ථා වැඩියි. ඒ වගේම සමහරු උණුසුම් පරිසරයක පාඩම් කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි මෙහෙම පාඩම් කරද්දිත් හිසරදය සහ ඉරුවාරදය වගේ ඒවා ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පාඩම් කරන ස්ථානය හරියට තෝරගන්න. සුවපහසුවම හොයන්න යන්නත් එපා. එ් වගේම කෙලින් වාඩි වෙලා පාඩම් කරන්නත් වග බලාගන්න. සෝෆා වල ඇඳවල් වල ඉඳගෙන පාඩම් කරන්න යන්න එපා. මොකද එහෙම වුණාම ඔබට තවත් නින්දක් නිදාගන්න හිතෙයි.

3) ක්ෂණික ආහාර

ඔබ පාඩම් කරන වෙලාවෙදි මොනවාහරි ක්ෂණික ආහාර වේලක් ගන්න තියෙනවානම් හොඳයි. චිප්ස්, චොකලට්, ටොෆි වගේ දේවල්.. මේ දේ සෞඛ්‍ය සම්පන්න නැති වුණත් විභාගයට තව තියෙන්නේ පොඩි කාලයක් නිසා කමක් නෑ. විභාගයට ආසන්න කාලයේ ඒකට කොයිතරම් පෙළඹවීමක් ඕනද කියලා හැමෝම දන්නවානේ. හැබැයි ඉතින් එහෙමයි කියලා දවල් කෑම බඩ පැලෙන්න කන්න යන්න හදන්න එපා. දවල්ට ඔබ එහෙම කෑවොත් ඔබට වෙන්නේ පාඩම් කරන එක පැත්තකින් තියලා ආයෙත් නිදාගන්න තමයි.

4) කාල කළමනාකරණය

ඔබ දිගු වේලාවක් පාඩම් කරලා පොඩි විවේකයක් ගත්තට කමක්නෑ. හැබැයි ඒ විවේකය හරි විදියට ගන්න. ෆිල්ම් බලන්න නිදාගන්න වගේ දේවල් වලට යොමුවෙන්න එපා. ඔබ මිනිත්තු 25ක් පාඩම් කර පොඩි විවේකයක් ගෙන නැවත පාඩම් කරනවානම් ඔබට කාලය ගතවෙන එක දැනෙන්නේ නැතිවෙයි. ඒ වගේම තමයි පාඩම් කරන කරුණු මතකයේ රඳවගන්න මේ ලබාගන්න කෙටි විවේකය ඉතා වැදගත්. ඒ නිසා හරියට කාලය කළමනාකරණය කරගෙන පාඩම් කටයුතුවල නිරත වෙන්න.

5) සමාජජාල මාධ්‍යන්

ඔබ පාඩම් කරන කාලයේ හෝ විභාග ආසන්න කාලයේ සමාජජාල මාධ්‍යයන්වලින් ටිකක් ඈත් වෙන්න පුළුවන්නම් හොඳයි. මොකද සමාජජාල මාධ්‍යයන් පරිහරණය කිරීමේදී කාලය ගතවීම ගැන දැනෙන්නේ නෑ. ඒ වගේම සමාජජාල මාධ්‍යයන් භාවිතා කරනකොට ඒවායේ තියෙන දේවල් දැකලා ඔබගේ හිත වෙන දේවල්වලට යොමුවෙන්න පුළුවන්. ඒක නිසා මේ ෆේස්බුක්, ඉස්ටග්‍රෑම් වැනි සමාජජාල මාධ්‍යයන් තුළින් මේ දිනවල ටිකක් ඈත් වෙන එක තමයි හොඳම දේ.

මේ තියෙන්නේ ඔයාට විභාගයට අවශ්‍ය උපදෙස් ටිකක්. මේවා හරියට පිළිපැද්දොත් ඔයාට පුළුවන් විභාගයට හොඳට මූණ දෙන්න. ඉතින් ළඟ ළඟම එන ඒලෙවල් විභාගයට ගැස්ම අපෙන් සුබ පැතුම්.

දවල්ට කන්න Cimply Yummy එකට යනවානම් මේ ගැනත් දැනගෙන යන්න…

 

බේකන් හා චීස් කොත්තු ගැන කිව්වම කටට කෙල උනනවානේද? හැබැයි ඉතින් කොත්තු වගේ දේවල් කොහෙන් ගත්තත් අපි ඒකේ ගුණාත්මක භාවය කොහොමද කියලා බලලා තමයි කන්න ඕන. ඒකට හේතුව ඉතින් අපි අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නැත්නම් ඉතින් බඩේ අමාරුවලින් පීඩා විඳින්න තමයි වෙන්නේ. ඉතින් අපි ඔන්න දවල් කෑම ගන්න ගියේ මේ කොත්තු කඩේට. මේක සාමාන්‍ය කොත්තු අවන්හලක්. මේකේ හැමදෙයක්ම පිළිවෙලට හා පිරිසිදුව අසුරලා තියෙන අයුරු තමයි අපිට දැකගන්න ලැබුනේ.

මේ කොත්තු අවන්හලෙන් අපිට ප්‍රසන්න සේවාවක් ලබා දුන්නා. ඒ වගේම අපි ඇනවුම් කළ ආහාර ලබාගන්න ටික වෙලාවක් ගත වුවත් අපි ඕඩර් කරපු සියලු දේ එකවරම අපිට ගෙනත් දුන්නා. ඔවුන්ගේ මෙනු එකේ විවිධ වර්ගයේ ආහාර වර්ග විශාල ප්‍රමාණයක් තිබුණත් හැම දෙයක්ම ලබාගන්න පුළුවන් වුණේ නෑ. ඒකට හේතුව තමයි එයාලා මේ වැඩේ පටන් අරන් තියෙන්නේ අලුතෙන්. හැබැයි ඒ හැම ආහාරයක්ම ඉදිරියේදී ලබාදෙන්න මේ අය කලමණාකාරණය කරමින් සිටින බවක් තමයි අපිට දැකගන්නට ලැබුණේ.

Starters

Cream of Chicken Soup – රුපියල් 400

මේ සුප් එකනම් තනියම ඉවර කරන්න ටිකක් අමාරුයි. හේතුව තමයි ඒක ඒ තරම් විශාලයි. සමහරු සුප් එකට ලුණු වැඩියි කියලා කිව්වත් මමනම් ඒ රසට කැමතියි. සුප් එක ක්‍රීම් ගතියෙන් තියෙනවා. chicken එහෙම හොඳට සුප් එකට එකතු කරලා තමයි මේක රසට හදලා තියෙන්නේ.

ප්‍රධාන ආහාර

 

Bacon and Cheese Kottu – රුපියල් 650

 

අපි ඕඩර් කලෙත් මේ Bacon and Cheese කොත්තුවක්. මේ කොත්තුවේ අපි බලාපොරොත්තු වෙච්ච හැමදේම තිබුණා. කොත්තුව වඩා විශාල නොවූවත් එය ඉතාමත් රසවත්ව පිළියෙල කරලා තිබුණා.

Chicken Noodles – රුපියල් 450

 

අපි මේ නූඩ්ල්ස් එක ඇනවුම් කළේ පසුව වුණත් අපි මේ අවන්හලෙන් ඇනවුම් කළ හොඳම dish එක තමයි මේක. එය කුලුබඩු නියම ආකාරයෙන් යොදපු ඉතාමත් රසවත් මිහිරි ආහාර වේලක් වුණා අපි හැමෝටම. කැරට්, කුකුළු මස් මිශ්‍ර කර ඉතාමත් රසවත් මෙම නූඩ්ල්ස් එක පිළියෙල තිබුණා.

 

Chicken Fried Rice – රුපියල් 450

 

 

Chicken Fried Rice කියන්නේ ඕනෑම අවන්හලක ප්‍රධාන ආහාරයක්. ඉතින් අපි මේ Chicken Fried Rice එකෙත් රස කොහොමද කියලා හොයලා බැලුවා. අනෙක් Fried Riceවල වගේම මේකෙත් වර්ණ හා සිත් ඇදගන්නා පෙනුමක් තිබ්බත් රසවත් බවක් නම් තිබ්බේ නැහැ. මේ අවන්හලේ අනෙක් ආහාරත් එක්ක බලනකොට Fried Rice එකේ රසවත් බව අඩු මට්ටමක පවතින අතර ඔබ මොවුන්ගේ වෙනත් ආහාර අත්හදා බලනවානම් වඩාත් සුදුසුයි.

Cimply Yummy යනු අතිවිශිෂ්ට ආහාර වර්ග රාශියක් ලබා දෙන ආකර්ශනීය කුඩා අවන්හලක්. එය හොඳම භෝජන අත්දැකීමක් නොවුනත් ඔබට ඔවුන්ගේ ආහාර ඕඩර් කරලා ගෙන්වාගන්න පුළුවන්. ඒ කියන්නේ Uber eats වලිනුත් ගෙන්වාගන්න පුළුවන්.

 

ඔයත් විනෝදෙට සිගරට් බොන කෙනෙක්ද? යාළුවෝ එක්ක එකතු වුණාම ෂීෂා වගේ දේවල් ට්‍රයි කරනවාද?

පසුගිය වසරවල මෙන්ම වර්තමානය වන විටත් දුම්පානය ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වෙලා තියෙනවා. තමන්ගේ මිතුරන් සමග සිටින විට මෙන්ම රාජකාරී ස්ථානයේ හෝ වේවා සිය නිවසේදී හෝ වේවා මේ දුම්පානය ප්‍රියතම විනෝදයක් බවට පත්වෙලා තියෙනවා. එහෙත් දුම්පානය සහ මෙමගින් සිදුවන හානිය කොතෙක්ද යන්න බොහෝ දෙනෙක්ට අමතක වී ගිහින්. විශේෂයෙන් තරුණ පරම්පරාවන් අතර මෙම ජනප්‍රිය පුරුද්ද වැඩි වශයෙන් දැකගන්නට ලැබෙනවා.

මෙම දුම්පානය සෞඛ්‍යට අහිතකර වන්නේ කොහොමද? අවම වශයෙන් අපේ රටේ තරුණ පරම්පරාව මෙම දුම්පානය මගින් සිය ශරීරය තුළට දුමක් විදියට ඇතුළුවන්නේ කුමක්ද යන්න හෝ දැන සිටිය යුතුයි. ඉතින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු විමසා බලන්නට අප, උපදේශන ශ්වසන වෛද්‍ය සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය වෛද්‍ය යමුනා රාජපක්ෂ මහත්මිය සමග කතා කළා. මේ ඇය මේ ගැන කියූ කරුණුයි.

දුම්පානය පිටුපස ඇති ජීව විද්‍යාව

වෛද්‍ය රාජපක්ෂ මහත්මිය අවධාරණය කරන පරිදි දුම්පානය මගින් ඇතැම් විෂ ද්‍රව්‍ය ශ්වසන පද්ධතියට ඇතුළු වීම මගින් පෙනහළුවලට හානි සිදුවනවා. එය ක්‍රම කිහිපයකින් සිදුවන අතර පළමු ක්‍රමය නම් ශ්වසන මාර්ගය ඇතුලත ඇති සිහින් ආරක්ෂිත ව්‍යුහයන් හානි කිරීමයි. එය සිලියා යන නමින්ද හඳුන්වනවා. මෙම සිලියා මගින් සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ විෂ හා දූවිලි පද්ධතියෙන් ඉවතට ගෙන යාමයි. නමුත් දුම්පානය මගින් අපගේ පෙනහලුවලට ඇතුළුවන දුමාරයේ සංඝටක මගින් මෙම සිලියා විනාශ වන අතර එමගින් අපේ ශ්වසන පද්ධතිය සුළු දෙයකන් පවා (උදාහරණ ලෙස දූවිලි, පරාග, සත්ත්ව ලොම්, ආසාදන) අවදානමකට ලක්විය හැකියි.

දුම් පානය, පෙනහළු පිළිකා සහ වෙනත් තත්වයන්

දුම් පානය කරන්නන් සහ පෙනහළු පිළිකා අතර සැලකිය යුතු සම්බන්ධයක් තියෙනවා. පෙනහළු පිළිකාවෙන් මියයන පිරිස අතර වැඩි පිරිසක් පිරිමි පාර්ශවයයි. දුම්පානය හා සම්බන්ධ ඊළඟ ප්‍රධාන තත්වය වන්නේ පෙණහල්ල පිළිබඳ නිදන්ගත රෝගයි (Chronic Obstructive Pulmonary Disease (COPD). මෙය ආරම්භ වන්නේ දුම් පානය කරන කෙනෙකුට දිගු කාලයක් තිස්සේ තිබුන කැස්සකින්. වාමඟ ප්‍රදාහය වීමෙන් සහ පෙනහළු වල ඇති ආරක්‍ෂිත පක්ෂ්මයට හානි වීමෙන් මේ රෝගය ඇති වේ. එයින් පෙනහළු වල සෙම එකතු වේ. මේ නිසා හුස්ම හිරවීම සහ හුස්ම ගැනීමේ අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. මේ නිසා දුම්පානයෙන් පෙනහළු රෝග සහ වෙනත් ශ්වසන රෝග සඳහාද ගොදුරු විය හැකියි.

දුම්පානයෙන් ඇති විය හැකි බලපෑම් වලට යොවුන් වියේ අය ගොදුරු වෙනවාද?

අපිට මේක කුඩා දරුවන් හා තරුණ වැඩිහිටියන් ලෙස බෙදා දක්වන්න පුළුවන්. කුඩා දරුවන් ඉදිරියේ දුම්පානය කරන පුද්ගලයින්ට එම දරුවන්ගේ පෙනහළුවලට බලපෑමක් එල්ල කරන්න පුළුවන්. විශේෂයෙන් එම දරුවන් ඇඳුම රෝගයෙන් පෙලෙනවානම් මෙමගින් අවදානමක් ඇතිවෙන්න තියෙන අවස්ථා වැඩියි. එමෙන්ම ගර්භනී කාන්තාවන් දිගින් දිගටම දුම් පානය කරනවානම් එම දුමාරයේ සංඝටක දරුවාගේ රුධිරයට ඇතුළු වී පෙනහළුවල වර්ධනය නතර කළ හැකියි. එමගින් දරුවා වැඩිහිටියෙකු බවට පත්වන විට ඔහුගේ පෙනහළු සම්බන්ධයෙන් ප්‍රශ්න මතුවනු ඇත.

තරුණ වැඩිහිටියන් දුම් පානය කිරීම ගැන කතා කරන විට, එය සමුච්චිත බලපෑමක් විදියට හඳුන්වන්න පුළුවන්. නිදසුනක් වශයෙන්, වයස අවුරුදු 40 දී දුම් පානය ආරම්භ කර දැන් 70 වන වියේ පසුවන අයෙක් අවුරුදු 30 ක් දුම්පානය කර ඇති නමුත්, ඔහුට 18 හැවිරිදි වියේ දී දුම්පානය ආරම්භ කළ එම වයසේම අයෙකුට වඩා හොඳ පෙනහළු යුගලයක් තිබෙන්නට පුළුවන. ලාබාල වයසේදීම දුම් පානය ආරම්භ කිරීම තුලින් ඔබගේ පෙනහළු වඩාත් නරක අතට හැරෙනවා. එම අර්ථයෙන් ගත්තොත්, දුම්පානයේ අනිසි ප්‍රතිපල වලට තරුණ වැඩිහිටියන් වඩාත් ගොදුරු වෙන්න පුළුවන්.

අක්‍රීය දුම්පානය ශරීරයට කෙතරම් අහිතකරද?

බොහෝ දෙනෙක් දුම්පානය නොකරත් වෙනත් අයෙක් පානය කරන සිගරට් එකක දුම ආශ්වාස වීම සාමාන්‍ය කාරණයක්. මේ තත්වය පෙණහළු පිළිකා වැනි ලෙඩ රෝග වලට හේතුවක් වනවාද කියන එක බෙහෝ දෙනෙකුට ගැටලුවක්. පිළිතුර ඔව්. බොහෝ විට මේ අක්‍රීය දුම්පානය සෘජුව පුද්ගලයෙකුට වන හානියට වඩා හානිකර වෙන්න පුළුවන්. මීට හේතුව අක්‍රීය දුම්පානයට ලක්වන කෙනෙකුට ක්‍රම දෙකකට දුම් ශරීරගත වීමයි. සිගරට්ටුව දැල්වෙද්දී පිටවන දුමත් ඔබ ළඟ සිටින දුම්පානය කරන පුද්ගලයා ප්‍රාශ්වාසයෙන් පිටකරන දුම කියන ක්‍රම දෙකෙන්ම ඔබට දුම ශරීර ගත විය හැකියි. ඒ අනුව මේ ක්‍රම දෙකෙන්ම පිටවන දුම පිළිකාකාරක ද්‍රව්‍ය විදියට හඳුන්වාදෙන්න පුළුවන්.

ෂීෂා එතරම් නරක නැද්ද?

සිගරට් එකක් මෙන් නරක නොවන බව පවසමින් බොහෝ දෙනෙක් ෂීෂා වෙත යොමුවෙන අවස්ථා දැන් බොහෝ විට දැකගන්න පුළුවන්. හැබැයි කවුරුත් නොදන්න දේ තමයි මෙය සිගරැට්ටුවකට වඩා නරක බව. සමහරෙක් කියා සිටින්නේ පයිප්පයේ භාවිතා කරන ජලයෙන් නිකොටින් අවශෝෂණය කර දුම් පානය කිරීම හානිකර වෙන්නේ නෑ කියලායි. මිනිසුන් ඔවුන්ගේ උපකරණ ගැන සැලකිලිමත් නොවන්නේ නම් සහ එය නිසි ලෙස පිරිසිදු නොකරන්නේ නම් මීට භාවිතා කරන ජල මාධ්‍යය බැක්ටීරියා සහ දිලීර වැඩීමට සුදුසුම ස්ථානය බවට හඳුන්වන්න පුළුවන්. මෙම උපකරණය භාවිත කරන්නේ කණ්ඩායම් ක්‍රියාකාරකමක් හරහායි. එබැවින් මෙය ආසාදන හෝ බැක්ටීරියා බෝවන උපකරණයක් බවට හඳුන්වාදෙන්න පුළුවන්.