Open Time:
7:30am - 12:00amAddress
No. 727/1, Sri Jayawardanapura Kotte
directions
කෝට්ටේ පුරාවිද්‍යා කෞතුකාගාරයේ සිට මීටර් 200 කි
Contact No
Menu
What we had
බේකන් හා චීස් කොත්තු ගැන කිව්වම කටට කෙල උනනවානේද? හැබැයි ඉතින් කොත්තු වගේ දේවල් කොහෙන් ගත්තත් අපි ඒකේ ගුණාත්මක භාවය කොහොමද කියලා බලලා තමයි කන්න ඕන. ඒකට හේතුව ඉතින් අපි අමුතුවෙන් කියන්න ඕන නෑනේ. නැත්නම් ඉතින් බඩේ අමාරුවලින් පීඩා විඳින්න තමයි වෙන්නේ. ඉතින් අපි ඔන්න දවල් කෑම ගන්න ගියේ මේ කොත්තු කඩේට. මේක සාමාන්‍ය කොත්තු අවන්හලක්. මේකේ හැමදෙයක්ම පිළිවෙලට හා පිරිසිදුව අසුරලා තියෙන අයුරු තමයි අපිට දැකගන්න ලැබුනේ.

මේ කොත්තු අවන්හලෙන් අපිට ප්‍රසන්න සේවාවක් ලබා දුන්නා. ඒ වගේම අපි ඇනවුම් කළ ආහාර ලබාගන්න ටික වෙලාවක් ගත වුවත් අපි ඕඩර් කරපු සියලු දේ එකවරම අපිට ගෙනත් දුන්නා. ඔවුන්ගේ මෙනු එකේ විවිධ වර්ගයේ ආහාර වර්ග විශාල ප්‍රමාණයක් තිබුණත් හැම දෙයක්ම ලබාගන්න පුළුවන් වුණේ නෑ. ඒකට හේතුව තමයි එයාලා මේ වැඩේ පටන් අරන් තියෙන්නේ අලුතෙන්. හැබැයි ඒ හැම ආහාරයක්ම ඉදිරියේදී ලබාදෙන්න මේ අය කලමණාකාරණය කරමින් සිටින බවක් තමයි අපිට දැකගන්නට ලැබුණේ.
Starters
Cream of Chicken Soup – රුපියල් 400

මේ සුප් එකනම් තනියම ඉවර කරන්න ටිකක් අමාරුයි. හේතුව තමයි ඒක ඒ තරම් විශාලයි. සමහරු සුප් එකට ලුණු වැඩියි කියලා කිව්වත් මමනම් ඒ රසට කැමතියි. සුප් එක ක්‍රීම් ගතියෙන් තියෙනවා. chicken එහෙම හොඳට සුප් එකට එකතු කරලා තමයි මේක රසට හදලා තියෙන්නේ.
ප්‍රධාන ආහාර
Bacon and Cheese Kottu – රුපියල් 650

අපි ඕඩර් කලෙත් මේ Bacon and Cheese කොත්තුවක්. මේ කොත්තුවේ අපි බලාපොරොත්තු වෙච්ච හැමදේම තිබුණා. කොත්තුව වඩා විශාල නොවූවත් එය ඉතාමත් රසවත්ව පිළියෙල කරලා තිබුණා.
Chicken Noodles – රුපියල් 450

අපි මේ නූඩ්ල්ස් එක ඇනවුම් කළේ පසුව වුණත් අපි මේ අවන්හලෙන් ඇනවුම් කළ හොඳම dish එක තමයි මේක. එය කුලුබඩු නියම ආකාරයෙන් යොදපු ඉතාමත් රසවත් මිහිරි ආහාර වේලක් වුණා අපි හැමෝටම. කැරට්, කුකුළු මස් මිශ්‍ර කර ඉතාමත් රසවත් මෙම නූඩ්ල්ස් එක පිළියෙල තිබුණා.
Chicken Fried Rice – රුපියල් 450

Chicken Fried Rice කියන්නේ ඕනෑම අවන්හලක ප්‍රධාන ආහාරයක්. ඉතින් අපි මේ Chicken Fried Rice එකෙත් රස කොහොමද කියලා හොයලා බැලුවා. අනෙක් Fried Riceවල වගේම මේකෙත් වර්ණ හා සිත් ඇදගන්නා පෙනුමක් තිබ්බත් රසවත් බවක් නම් තිබ්බේ නැහැ. මේ අවන්හලේ අනෙක් ආහාරත් එක්ක බලනකොට Fried Rice එකේ රසවත් බව අඩු මට්ටමක පවතින අතර ඔබ මොවුන්ගේ වෙනත් ආහාර අත්හදා බලනවානම් වඩාත් සුදුසුයි.
Cimply Yummy යනු අතිවිශිෂ්ට ආහාර වර්ග රාශියක් ලබා දෙන ආකර්ශනීය කුඩා අවන්හලක්. එය හොඳම භෝජන අත්දැකීමක් නොවුනත් ඔබට ඔවුන්ගේ ආහාර ඕඩර් කරලා ගෙන්වාගන්න පුළුවන්. ඒ කියන්නේ Uber eats වලිනුත් ගෙන්වාගන්න පුළුවන්.









