2026 Feb 22
ගාලු කොටුවට යන ඔයාට හිත පිරෙන්න කන්න ‘Amma Nissa’

ගාලු කොටුවේ පරණ වීදි ඇතුලේ පිහිටා තිබෙන ‘Amma Nissa’ අවන්හලට එන ඔයාට පරම්පරා ගණනාවක කෑම වට්ටෝරු වල රස බලන්න පුළුවන්. අවන්හලේ පල්ලෙහා තට්ටුව කොච්චර කාර්යබහුල වුණත් එතන ඉඳන් ඔයාට රොටි හදන විදිහ බලන ගමන්ම කෑමවල රස බලන්න පුළුවන්. හැබැයි ඔයාට නිස්කලංකව කොටුවේ වීදි දිහා බලාගෙන ආහාර රස බලන්න ඕනේ නම් උඩ තට්ටුව තමයි හොඳම තැන. Amma Nissa අවන්හලේ විශේෂම දේ තමයි, ඔයාගේ ගෙදර අම්මාගේ කෑමවල ඒ නියම රස ඒ විදිහටම try කරන්න අවස්ථාව ලැබෙනවා. ඔවුන්ගේ විශේෂ Amma’s Mutton Curry සහ Authentic Rice and Curry එක try කරලා බැලුවොත්, ගෙදර කෑම රසම දැනෙන්නේ කොහොමද කියලා ඔයාටම තේරුම් ගන්න පුළුවන්.
Appetisers
Beef and Cheese Murtaba – LKR 2,500 (5/5)

මේ dish එක දැක්ක ගමන් හිතට මාරම feel එකක් දැනෙනවා. කිසිම සැකයක් නැතුව මේ Beef and Cheese Murtaba එකට තරු පහේ rating එකක් දෙන්න පුළුවන්. මේ Beef and Cheese Murtaba ඇතුළට දාලා තියෙන පිරවුම එයාලගේ මොසරැල්ලා රොටි වලටත් වඩා රසයි වගේම චීස් පිරිලා තියෙනවා. හොඳට පදම් කරපු Minced Beef මිශ්‍රණයෙන් මේකේ නියම රස එනවා. ඒ වගේම Beef and Cheese Murtaba එකෙන් එන පොඩි පැණි රසයි සැර ගතියයි අර චීස් තට්ටුවත් එක්ක මාර විදිහට ගැලපෙනවා. නැවුම් මින්චි කොළයි කොත්තමල්ලි කොළයි උඩින් දාලා පිළිගන්වන විදිහ හරිම සරලයි වගේ පෙනුනාට මේ dish එක ඇත්තටම හරිම ලස්සනයි.
Polos Cutlets (3 pcs) – LKR 1,350 (4.5/5)

මේ පොලොස් කට්ලට් එක අපේ සාමාන්‍ය කට්ලට් එකකට කරපු අපූරු වෙනසක් කිව්වොත් හරියටම හරි. අපි නිතරම දකින රවුම් හැඩයට වඩා වෙනස් විදිහකට මේවා ලස්සනට හදලා තියෙනවා. සාමාන්‍ය කට්ලට් එකකට වඩා මේකේ තියෙන crispy ගතිය නිසා කන කොට මාරම ගතියක් තියෙනවා. අල, කැරට් වගේම පොලොස් මිශ්‍ර කරලා හදපු මේ කට්ලට් රසම රස තක්කාලි සෝස් සමඟ පිළිගන්වනවා. කැරට් වල තියෙන පැණි රසයි, අලයි, පොලොසුයි ඔක්කොම එකතු වුණාම අපූරු රසයක් එනවා. මේක vegetarian අයට නම් කියාපු කෑමක්. බැදපු අමු මිරිස් සහ ළූණු උඩින් ඉහලා තියෙන නිසා පෙනුමත් හරිම ලස්සනයි. හැබැයි මේ කට්ලට් එකේ පිටත වටේ හරිම තුනී නිසා ටික වෙලාවක් යනකොට තෙතමනය රැඳෙන්න පුළුවන්. ඒ නිසා ඒ නියම කරස් ගතිය එක්ක රස බලන්න ඕනේ නම් නිවෙන්න කලින් උණුවෙන්ම කන එක තමයි හොඳම.
Mains
Hand Tossed Paratha – LKR 300 [1 pc] (4/5)

කෙහෙල් කොළයක් උඩ පිළිගන්වන මේ පරාටා එකෙන් හරිම ලස්සන දේශීය පෙනුමක් ගෙන එනවා. මේ පරාටා එකේ layers ගොඩක් තියෙනවා වගේම මාරම soft. හැබැයි මේ පරාටා එක curry එකක් එක්ක කන එක ගොඩක් හොඳයි. විශේෂයෙන්ම mutton curry එක්ක නම් පරාටා එක හොඳට ගැළපෙනවා.
Mozzarella rotti – LKR 1,400 [1 pc] (4.5/5)

බැලූ බැල්මට සාමාන්‍ය බිත්තර රොටියක් වගේ පේන මේ Mozzarella rotti එක උඩට කොත්තමල්ලි කොළයි, ළූණු කොළයි එක්ක චීස් තට්ටුවක් දාලා ලස්සනට පිළිගන්වනවා. මේ dish එකේ නම Mozzarella Rotti වුණාට හිතපු තරම් ලොකු චීස් රසයක් නම් දැනුනේ නැහැ. චීස් ගොඩක් තිබුණ Beef and Cheese Murtaba එක්ක බලද්දි නම් Mozzarella rotti එකේ මීට වඩා චීස් තිබුණා නම් තමයි හොඳ. හැබැයි ඉතින් චීස් රස චුට්ටක් අඩු වුණාට මේක curry එකක් එක්ක කනකොට නියමයි. විශේෂයෙන්ම Amma’s Mutton Curry එකත් එක්ක කනවා නම් නියමෙටම ගැළපෙනවා.
Amma’s Mutton Curry – LKR 3,900 (5/5)

මේ Curry එකට Amma’s Mutton Curry කියලා නම දාලා තියෙන්නේ නිකම්ම නෙවෙයි කියලා කනකොටම තේරෙනවා. ඇත්තටම හැම හැන්දකම අපේ ගෙදර උයන කෑමවලින් එන ඒ නියම රස එකතු වෙලා තිබෙනවා. Mutton ටික හරිම soft වගේම juicy ගතියට පදමට තම්බලා තිබුණා. කුළුබඩු සහ පොල් කිරි රසත් එක්ක එන ඒ උකු ගතිය නිසා Curry එක හරිම රසයි. කුළුබඩු ටික හරි පදමට දාලා තියෙන නිසා රස තවත් වැඩි වෙලා තියෙනවා. රතු මිරිස්, කොත්තමල්ලි කොළ වගේම උඩින් එකතු වුණ මුදවපු කිරි ටිකත් එක්ක මේ Curry එක නියම quality එකට පිළිගන්වනවා.
Hot butter Cuttlefish – LKR 3,500 (3.5/5)

මේ Cuttlefish dish එකේ පෙනුම නම් මාරම ලස්සනයි. කොළ, කහ, රතු බෙල් පෙපර් එක්ක ළූණු කොළත් දාලා තියෙන නිසා ලස්සන පාටට තිබෙනවා. batter එකේ දවටලා බැදලා තියෙන හින්දා මුලින්ම කද්දී හොඳ කරස් ගතියක් දැනෙනවා. හැබැයි ඉතින් batter එක ටිකක් ඝනකම වැඩි නිසා seafood වල තියෙන soft bouncy ගතිය නම් රැඳිලා තිබුණේ නැහැ.
Chilli Garlic XL Black Tiger Prawns [1 pc] – LKR 1,950 (4/5)

දකුණු පළාතේ රවුමක් දානකොට Seafood try කරන්නේ නැතුව කොහොමද? අන්න ඒ නිසාම Amma Nissa අවන්හලේ Prawns dish එක ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ. පාට පාට chilli garlic සෝස් එකක් උඩ ඉස්සෝ ටික තියලා ඒ උඩින් රතු සහ කහ බෙල් පෙපර් වගේම ලීක්ස් දාලා මාරම ලස්සනට සූදානම් කරලා තිබෙනවා. මේ ඉස්සෝ හරිම fresh වගේම හොඳට juicy ගතියට තියෙනවා. නියම quality sea food වල තියෙන්න ඕනා bouncy ගතිය මේකේ හොඳටම තියෙන නිසා ඔවුන්ගේ කෑමවල නැවුම් බව ගැන නම් සැකයක් තියාගන්න ඕනේ නැහැ. මේකේ තියෙන පැණි රසට හුරු chilli garlic සෝස් එකේ සැර ගතිය, ඉස්සන්ගේ තියෙන ස්වාභාවික පැණි රසයත් එක්ක හොඳටම ගැළපෙනවා. sea food වලට ගොඩක් ආස කරන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම මේ dish එක order කරන්න ඕනා. හැබැයි ඉතින්, එක ඉස්සෙක්ට රුපියල් 1,950 ක් වගේ මිලක් අය කරන එක නම් පොඩ්ඩක් විතර වැඩි කියලා අපිට හිතුණා.
Fish Rice & Curry – LKR 2,000 (5/5)

ඇත්තම ලාංකික කෑම රස හොයන කෙනෙක්ට Amma Nissa අවන්හලේ Rice and Curry කියන්නේ අනිවාර්යයෙන්ම try කරලා බලන්න ඕනා. ගාල්ලේ තියෙන ඒ දේශීය කෑම සංස්කෘතිය ගැන හොඳ අවබෝධයක් තියෙන නිසාම, ඔවුන් හරිම සාම්ප්‍රදායික විදිහට මේ කෑම වේල පිළිගන්වනවා. මේ බත් පිඟාන දැක්කම කන්න හිතෙන තරමටම වර්ණවත් වගේම ඒකට උකු පරිප්පු හොදි, රසම රස වම්බටු මෝජු, පිපිඤ්ඤා, කැරට්, ළූණු එකතු වුණ නැවුම් සලාදයක්, තෙල් දාපු අල වගේම කරස් ගාලා හැපෙන පපඩම් ඇතුළත් වෙනවා. මේ හැමදේම සුදු බත් එක්ක කනකොට මාරම රසයි. හැම වෑංජනයක්ම එකකට එකක් දෙවැනි නැති වුණත් ගුණයෙන් වගේම රසයෙන් පිරුණු මාළු curry එකට අපි ගොඩක් කැමති වුණා. මේ දේශීය කෑමවල රස හොඳටම රස විඳින්න ඕනා නම් හැඳි ගෑරුප්පු පාවිච්චි කරන්නේ නැතුව අතින්ම කන්න අමතක කරන්න එපා. කවදාවත් අමතක නොවන නියම දේශීය කෑම වේලක් හොයන ඕනෑම කෙනෙක්ට මම මේ Fish Rice & Curry අනිවාර්යෙන්ම recommend කරනවා.
Desserts
Pol Pani Pancake – LKR 1,500 [1 pc] (4.5/5)

ඔයා Coconut Jaggery Milkshake එකට ආස කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම මේ Dessert එකටත් කැමතියි. ඒ වගේම පැණි රසට කැමති අයටත් මේක මරු. ලංකාවේ අපේ ක්‍රමයට හදපු Pancakes දෙකක් ඇතුළට රසම රස පැණි පොල් පුරවලා, ඒකට වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් දෙකකුත් එක්ක පිළිගන්වන මේ dish එක ඇත්තටම ගොඩක් රසයි. මේ Dessert එක ඇතුළේ එක එක විදියේ textures එකතු වෙලා තියෙනවා. පෑන් කේක් වලින් එන soft ගතියයි පැණි පොල් රසයි, සීතල වැනිලා අයිස්ක්‍රීම් එක්ක මාරම විදිහට ගැළපෙනවා.
Fruit salad – LKR 1,500 (4/5)

මේ Fruit Salad එක fresh පැපොල්, අඹ, ස්ට්‍රෝබෙරි වගේම කොළ සහ දම් පාට මිදි පිරිලා තියෙන අපූරු combo එකක්. ඔයාව පුදුම කරන කාරණාව තමයි, මේ පාට පාට පලතුරු ටික දෙකට කපපු පොල් කට්ටක් ඇතුළේ පිළිගන්වනවා. ඒක මාරම creative වගේම අපේ දේශීය බවත් නියමෙටම පෙන්වනවා. මේ පලතුරුවල ස්වාභාවික රසය තවත් වැඩි වෙන්න දෙහි යුෂ ටිකක් හරි syrup පොඩ්ඩක් හරි උඩින් දැම්මා නම් තවත් රස වෙන්න තිබුණා. කොහොම වුණත් මේ Fruit salad එක කුළුබඩු ගොඩක් දාපු සැර දේශීය කෑම වේලකට පස්සේ ලැබෙන fresh වගේම පෝෂ්‍යදායී dessert එකක් කියලා කිව්වොත් හරියටම හරි.
Drinks
Watermelon Juice – LKR 1,200 (4/5)

natural වගේම fresh drink එකක් හොයන කෙනෙකුට Watermelon Juice එක නියම තේරීමක්. කොමඩු වල ඒ ස්වාභාවික රසය ඒ විදිහටම රැකගෙන හදලා තියෙන නිසා heavy කෑම වේලකට පස්සේ palate cleanser එකක් විදිහටත් ගැළපෙනවා. වැඩිපුර සීනි දාලා පැණි රස එකතු කරලා නැති එකත් මේ Watermelon Juice එකේ විශේෂත්වයක් වෙනවා.
Mint & Lime Cooler – LKR 1,200 (4/5)

මිංචි සහ දෙහි එකතු වෙලා හැදුන මේ drink එක රස්නෙට ගැළපෙන මාරම refreshing පානයක්. ඒ වගේම glass එක ලස්සන කරන්න පාවිච්චි කරලා තියෙන දෙහි කෑල්ලයි, මිංචි කොළ ටිකයි දැක්කම බොන්නත් කලින්ම හිතට ලොකු fresh ගතියක් දැනෙනවා. ඒ වගේම දෙහි රසයි මිංචි සුවඳයි නිසා බීපු ගමන් ඇඟට මාරම energy එකක් ලැබෙනවා. හැබැයි මේ තද ඇඹුල් ගතියයි, මිංචි රසයි හැමෝටම ගැලපෙන්නේ නැති වෙන්නත් පුළුවන්. ඒත් ඇඟේ තියෙන රස්නය නිවාගන්න නම් මේක හොඳම choice එකක්. සරලවම කිව්වොත්, තද ඇඹුල් රසට කැමති අලුත් දෙයක් try කරන්න බය නැති අයට මේක මරු drink එකක්.
Coconut and Jaggery Milkshake – LKR 1,500 (5/5)

මේ drink එක menu එකේ තියෙන හොඳම drink එක කියලා කිව්වොත් හරියටම හරි. glass එක ඇතුළේ තවරලා තිබෙන හකුරු වලින් වගේම glass එක අයිනේ තියලා තියෙන පොල් කෑල්ල නිසා ඒකට තවත් ලස්සන පෙනුමක් එකතු වෙනවා. මේ drink එක හදලා තියෙන්නේ පොල් කිරි base එකකින් නිසා හොඳට creamy ගතියක් තියෙනවා වගේම උඩින් ලොකු වැනිලා අයිස්ක්‍රීම් ස්කූප් එකකුත් එකතු කරලා තියෙනවා. ඔයා පොල් රසට එච්චරම කැමති නැති කෙනෙක් වුණත්, මේ drink එකට නම් අනිවාර්යයෙන්ම කැමති වේවි.
වටපිටාව

Amma Nissa කියන්නේ, ඇත්තටම වෙනස්ම අත්දැකීම් දෙකක් එකම තැනකදී අත්විඳින්න පුළුවන් අපූරු අවන්හලක්. අවන්හලට ඇතුල්වෙද්දිම ඔයාට දකින්න ලැබෙන පහළ මාලය හරිම කාර්යබහුල වුණත් පොඩි chill එකකුත් තියෙනවා. එක පැත්තක මැටි බිත්තියක් උඩ කහ පාටින් දිලිසෙන neon බෝඩ් එකයි, අනෙක් පැත්තේ තියෙන වර්ණවත් graffiti බිත්තියයි නිසා මුළු අවන්හලටම මාරම modern look එකක් ලැබිලා තියෙනවා. ඒ වගේම table උඩ තිබෙන ඕලු මල් වලින් පරිසරයට අමුතුම නැවුම් බවකුත් එකතු වෙනවා. හැබැයි එතන තියෙන හොඳම දේ Open Rotti Station එක කියලා කිව්වොත් හරියටම හරි.
හැබැයි ඔයාලා අර පරණ තාලේ පඩිපෙළ දිගේ ඉහළ මාලයට ගියොත් ලැබෙන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් අත්දැකීමක්. උඩට යනකොට හම්බවෙන පුංචි Art Gallery එක පහු කරලා ඇතුළට ගියාම තියෙන්නේ හරිම නිස්කලංක, සුඛෝපභෝගී වටපිටාවක්. තනියම හරි යාළුවෝ කට්ටියක් එක්ක හරි නිදහසේ කෑමක් කන්න නියමෙටම ගැළපෙන තැන. ඒ වගේම එතන ඉඳන් ඔයාට ගාලු කොටුවේ ලස්සන වීදි දිහා බලාගෙන ඉන්නත් පුළුවන්.
මේ හැමදේටම වඩා එතන ඉන්න සේවක මණ්ඩලයේ සුහදශීලී බවත් විශේෂත්වයක්.
ඔබ දැන සිටියාද?
Amma Nissa අවන්හල පිහිටා තිබෙන ගොඩනැගිල්ල ලන්දේසි යුගයට අයත්, අවුරුදු 400කටත් වඩා පරණ ඉතිහාසයක් තියෙන තැනක් කිව්වොත් ඔයාලා විශ්වාස කරනවාද?
Amma Nissa අවන්හලේ කෑමවල ඒ නියම කුළුබඩු රසට ඔයාලත් කැමතියි නේද? එහෙනම් ඔන්න දැන් ඒ ගෙදර හැදුවා වගේ රසම රස කෑම වර්ග කිහිපයක්ම ඔයාලට මේ අවන්හලින්ම මිලදී ගන්න පුළුවන්.
විශේෂයෙන්ම ඔවුන්ගේ ජනප්‍රිය මැලේ අච්චාරු සෝස් (Malay Pickle Sauce), උම්බලකඩ සම්බෝලය සහ කූනිස්සෝ සම්බෝලය අනිවාර්යයෙන්ම try කරලා බලන්න අමතක කරන්න එපා.




