2026 May 18

Pulse, ගැස්ම සහ Nadi එක්ව සංවිධානය කළ Maliban CreatorFest 2026, පසුගිය මාර්තු 31 වනදා කොළඹ Cinnamon Grand නුග ගම පරිශ්‍රයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. ශ්‍රී ලාංකේය ගැමි පසුබිමක් මැද පැවැත්වුණ Maliban CreatorFest 2026 සමඟ සිංහල, දමිල සහ ඉංග්‍රීසි මාධ්‍ය නියෝජනය කරමින් ලංකාවේ ජනප්‍රිය Content Creators ලා 30 දෙනෙකු එක්ව සිටියා.
සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර වලට මුල්තැන දෙමින් පැවැති මේ අවුරුදු උත්සවයට Travel with Wife, මං සරන්නා සහ නිම්නා ඉසුරු වැනි මෙරට ජනප්‍රිය Content Creators වගේම social media තුළ කැපී පෙනෙන නවක පරපුරේ නිර්මාණකරුවන් රැසක් සහභාගීවීමත් විශේෂත්වයක් වුණා. ඒ තරඟකරුවන් සියලුදෙනා නුග, කුඹුක්, එරබදු, සපු සහ වීර යන දේශීය ශාකවල නම් යෙදූ කණ්ඩායම් පහකට බෙදා තිබූ අතර එය ඔවුනොවුන් අතර තරඟාරීත්වය වැඩි කිරීමට සමත් වුණා.
සාම්ප්‍රදායික අවුරුදු ක්‍රීඩා රැසක් අනුග්‍රාහක සන්නාමයන් සමඟ මුසු කරමින් නව මුහුණුවරකින් ඉදිරිපත් කර තිබීමත් Maliban CreatorFest 2026 අවුරුදු උත්සවයේදී කැපී පෙනෙන දෙයක් වුණා. ඒ අනුව, මැලිබන් බිස්කට් අනුග්‍රහයෙන් බිස්කට් කුළුණ ඉදි කිරීමේ තරඟය ද, Zellers අනුග්‍රහයෙන් ගෝනි රේස් සහ පැණි බඹරේ තරඟ ද, Little Lion අනුග්‍රහයෙන් කේක් කෑමේ තරඟය ද, මැලිබන් කිරි අනුග්‍රහයෙන් වාසනා මුට්ටිය බිඳීමේ තරඟය ද පැවැත්වුණා.

එමෙන්ම Official Eyewear Partner වූ Vision Care අනුග්‍රහයෙන් ඉඳිකටුවට නූල දැමීමේ තරඟය පැවැත්වුණු අතර, Official Hair Care Partner වූ FADNA Satiny අනුග්‍රහයෙන් කොණ්ඩ කුමරිය සහ කුමරා තේරීමේ තරඟය පැවැත්වුණා.
ඒ තරඟවලට අමතරව නිර්මාණශීලී දක්ෂතා උරගා බැලීමට Reel Race සහ Recipe වැනි අභියෝගාත්මක තරඟත් මෙයට ඇතුළත් වුණා. එහිදී මැලිබන් නිෂ්පාදන වෙනුවෙන් පැවැත්වූ Reel Race තරඟයේ ජයග්‍රාහකයන් බවට පත්වෙමින් රුපියල් 50,000ක මුදල් ත්‍යාගයක් දිනා ගැනීමට වීර කණ්ඩායම සමත් වුණා.
Title Sponsor මැලිබන්, Hospitality Partner Colombo Cinnamon Grand, Official Hair Care Partner FADNA Satiny සහ Official Eyewear Partner Vision Care යන ආයතනවල අනුග්‍රහයෙන් පැවැත්වුණු Maliban CreatorFest 2026, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍ර, දේශීය ආහාරපාන, අලුත් අවුරුදු ජන ක්‍රීඩා අගයමින් විනෝදය සහ සතුට පිරි සුවිශේෂී සංස්කෘතික මංගල්‍යයක් ලෙස සාර්ථකව නිමාවුණා.




