2026 Jul 17
Fashion කියන්නේ අද කාලේ දවසින් දවස අලුත් වෙන, අපි හැමෝම වගේ ගොඩක් උනන්දු වෙන දෙයක්නේ. හැබැයි ලස්සන ඇඳුමක් දැක්ක ගමන් ගත්තට, ඒක ඇඳලා කණ්ණාඩිය ඉස්සරහට ගියාම “ඇයි මේක මට ලස්සන නැත්තේ?” කියලා ඔයාට හිතිලා තියෙනවද? ඒකට ප්‍රධානම හේතුවක් තමයි ‘වර්ණ ගැළපීම’. ඔයා අඳින ඇඳුමේ පාට ඔයාගේ සමේ පැහැයත් එක්ක කොහොමද match වෙන්නේ කියන එක, ඔයාගේ පෙනුම වගේම පෞරුෂත්වයත් වෙනස් කරන්න පුළුවන් magic එකක්. ඉතින්, ඔයාට හරියටම ගැළපෙන පාට තෝරාගන්න උදව් වෙන නියම Tips & Tricks ටිකක් අපි අද අරගෙන ආවා.
ඇඳුම් තෝරන්න කලින් මුලින්ම කරන්න ඕනේ දේ තමයි තමන්ගේ Skin Undertone එක අඳුරගන්න එක. ප්‍රධාන වශයෙන් මේක Warm (උණුසුම්), Cool (සිසිල්) සහ Neutral (මධ්‍යස්ථ) කියලා කොටස් තුනකට බෙදෙනවා. ඔයා අයිති මේකෙන් කොයි එකටද කියලා හොයාගන්න ගෙදරදීම කරන්න පුළුවන් ලේසිම ක්‍රම දෙකක් තියෙනවා.
පළවෙනි එක තමයි සුදු කොළේ ටෙස්ට් එක. සුදු පාට කඩදාසියක් අරගෙන ඔයාගේ මුහුණ ළඟින් තියාගන්න. ඒකත් එක්ක බලද්දී ඔයාගේ මූණේ සම ටිකක් කහ පාටකට බරයි වගේ පේනවා නම් ඔයාට තියෙන්නේ Warm undertone එකක්. සම ටිකක් රෝස පාටකට බරයි නම් ඔයාගේ Cool undertone එකක්. හැබැයි මේ දෙකම මිශ්‍ර අළු පාටකට බර ගතියක් තියෙනවා නම් ඔයා Neutral undertone කෙනෙක්.
එහෙමත් නැත්නම් ඔයාගේ අතේ මැණික්කටුව හරියේ තියෙන නහර වල පාට හොඳින් නිරීක්ෂණය කරලත් මේක දැනගන්න පුළුවන්. ඒ නහර කොළ පාටට හුරුයි නම් ඒක Warm Undertone එකක්. නහර නිල් හෝ දම් පාටයි නම් ඒක Cool Undertone එකක්. ඒ වගේම නිල් ද කොළ ද කියලා හරියටම වෙන් කරගන්න අමාරුයි නම් ඒ කියන්නේ ඔයාට තියෙන්නේ Neutral Undertone එකක්.
දැන් ඔයාගේ undertone එක දන්නවනේ. ඊළඟට බලමු ඒකට ගැළපෙනම පාට මොනවාද කියලා. ඔයා Warm Undertone කෙනෙක් නම් ඔයාට වඩාත්ම ගැළපෙන්නේ ස්වභාවධර්මයට ළඟ Earth tones. ඒ කියන්නේ Mustard yellow, Terracotta orange, Olive green, සහ Coral pink වගේ පාටවල් වලින් ඔයාගේ සමට මාර ලස්සන දීප්තියක් එනවා. හැබැයි Ice blue වගේ ගොඩක් cool shades මඟහරිනවා නම් තමයි වඩාත් හොඳ.
ඔයා Cool Undertone කෙනෙක් නම් ඔයාගේ සමේ පැහැය ලස්සනටම ඉස්මතු කරලා පෙන්වන්න Sapphire blues, Emerald green, Plum purples වගේ dark shades වලට පුළුවන්. ඒ අයට කහ සහ තැඹිලි වගේ පාට වලින් මූණේ තියෙන දීප්තිය අඩුවෙලා අවපැහැ වෙලා පේන්න පුළුවන් නිසා ඒවායින් ටිකක් ඈත් වෙන එක නුවණට හුරුයි.
මේ මොනවා වුණත් ඔයා Neutral Undertone කෙනෙක් නම් ඔයා මාරම Lucky. මොකද සාමාන්‍යයෙන් ඔයාට අඳුරු වුණත්, ලා පාටක් වුණත් කිසිම ප්‍රශ්නයක් නැතුව අඳින්න පුළුවන් වගේම විවිධ පාටවල් මිශ්‍ර කරලා බය නැතුව ෆැෂන් කරන්න ඔයාට නිදහස තියෙනවා.
මේ වගේ න්‍යායන් සහ රීති Fashion ලෝකේ කොච්චර තිබුණත්, අපි අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕනේ විශේෂම දෙයක් තියෙනවා. මේ නීති හැදුවේ මිනිස්සු ම නිසා ඒ නීති කඩන්නත් අපිට පුළුවන්. ඔයා මොන Skin tone එකක් තියෙන කෙනෙක් වුණත්, ඔයා ආසම කරන පාටක් තියෙනවා නම් ඒක අඳින්න ඔයාට සම්පූර්ණ අයිතිය තියෙනවා.
ලෝකේ ප්‍රසිද්ධ Fashion Designer කෙනෙක් වුණු ‘Coco Chanel’ ලස්සන කතාවක් කියලා තියෙනවා.
“ලෝකේ තියෙන හොඳම පාට වෙන්නේ, ඔයාට ඔයාව ලස්සනට පෙනෙන පාටයි!” කියලා.
ඉතින්, මේ නීති රාමු වලටම කොටු වෙන්න එපා. ඇඳුමක් අඳිද්දී වැදගත්ම දේ තමයි ඒක ඇඳලා කණ්ණාඩිය ඉස්සරහට ගියාම ඔයාට ඔයා ගැනම දැනෙන නොසැලෙන ආත්ම විශ්වාසය. හැමතිස්සෙම ඔයා, ඔයාම වෙන්න.






