2026 May 21
දෙරණ මාධ්‍ය ජාලයේ Derana Macroentertainment අංශය යටතේ ක්‍රියාත්මක වන “ගැස්ම” කණ්ඩායම එක්ව අපේම පරිසර සුමිතුරන් වෙනුවෙන් සිව්වන වරටත් සංවිධානය කළ “Maliban Presents ගැස්ම වැඩ අල්ලන අවුරුද්ද”, පසුගියදා කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගණයේදී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණා. කොළඹ නගරය පිරිසිදු කරන්න දිවා රෑ වෙහෙසෙන පරිසර සුමිතුරන් 250කට අධික පිරිසක් මෙවරත් මෙම සුවිශේෂී අවුරුදු අත්දැකීම සමඟ එක්ව සිටියා.

අපේම පරිසර සුමිතුරන් වෙනුවෙන් ඔවුන්ගේ විඩාව නිවා සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව සලසා දෙමින් පැවැති මේ අවුරුදු උත්සවයේදී සම්ප්‍රදායික මෙන්ම විනෝදාත්මක ක්‍රීඩා රැසක් සංවිධානය කර තිබීම විශේෂත්වයක් වුණා. ඒ අනුව, කේක් කෑම, පොල් ගෑම, පත්තරය මත නැටීම, වාසනා මුට්ටිය බිඳීම, බැලුන් රේස්, කඹ ඇදීම සහ අවුරුදු කුමරා , කුමරිය තේරීමේ තරඟය ඇතුළු අවුරුදු ක්‍රීඩා රැසකට සහභාගී වීමට මෙහිදී ඔවුන්ට අවස්ථාව හිමි වුණා.
තරඟවලින් ජයගත් ජයග්‍රාහකයන්ට වටිනා මුදල් ත්‍යාග සහ වෙනත් ත්‍යාග පිරිනැමීම ද මෙහිදී සිදු වුණා. මෙම සද්කාර්ය සඳහා ප්‍රධාන අනුග්‍රහය Maliban ආයතනය විසින් ලබාදුන් අතර, අවුරුදු උත්සවයට සහභාගී වූ සියලුම පරිසර සුමිතුරන්ට Maliban ත්‍යාග හිමිවීමත් මෙහිදී කැපී පෙනෙන දෙයක් වුණා.
“Maliban Presents ගැස්ම වැඩ අල්ලන අවුරුද්ද” තවත් සාර්ථක කර ගැනීමට Little Lion සහ Little Lion Top Shelf යන ආයතන ද අත්වැල් බැඳ ගත්තා. ඊට අමතරව උත්සවය සඳහා අවශ්‍ය රසවත් ආහාර හා පානීය ජලය සපයමින් Currybox සහ Aquafresh ආයතන ද සිය නොමඳ දායකත්වය ලබා දුන්නා.
දිවා රෑ නොබලා අපේ නගරය පිරිසිදුව හා ලස්සනට තබා ගැනීමට නිහඬවම විශාල මෙහෙවරක් කරන මේ පරිසර සුමිතුරන්ගේ මුහුණුවලට සිනහවක් එක්කරමින්, ඔවුන්ගේ ජීවිතවලට කිසිදා නොමැකෙන සුන්දර මතක සටහනක් ඉතිරි කරමින් මෙවර “ගැස්ම වැඩ අල්ලන අවුරුද්ද” මෙලෙස සාර්ථකව නිමාවට පත්වුණා.






