රස ගැස්ම අඩු ගාණට හිත පිරෙන Classic Burger එකක්?එහෙනම් Smashy තමයි…

අඩු ගාණට හිත පිරෙන Classic Burger එකක්?එහෙනම් Smashy තමයි…

2026 May 28

Open Time:

Daily, 10 am to 10 pm

Address

1A, Centre Road, Galle Face, Colombo 02

directions

Head to One Galle Face Mall, take the escalator down to the Lower Ground Floor and enter Food Studio. From there, walk toward the corner of the venue where Smashy is located or simply ask the host for directions to Smashy.

Contact No

0741 958 731

One Galle Face, Arcade Independence Square එහෙමත් නැත්නම් Havelock City Mall පැත්තේ රවුමක් දානකොට ඔයාටත් මේ අලුත් Food Spot එක අනිවාර්යයෙන්ම මුණගැහිලා ඇති. ඒ තමයි Smashy. නියම 90s Retro ෆීල් එකක් දෙන Classic Australian Diner සංස්කෘතිය ලංකාවට අරන් එන්න, Jesse Aston හඳුන්වා දුන්න අපූරු නිර්මාණයක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.

මෙතන Burgers වල තියෙන විශේෂම දේ තමයි, ඒකට පාවිච්චි කරන Beef 100% ක්ම ගේන්නේ Australia වලින් වීම. ඒ විතරක් නෙවෙයි, කෑමවල Fresh ගතිය ඒ විදිහටම තියාගන්න එයාලා පාවිච්චි කරන හැම Sauce එකක්ම හදන්නේ එයාලගේම Kitchen එකේ.

මේ තරම් Premium Quality එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ගණන් ඇති කියලා ඔයාට හිතෙන්න පුළුවන්. හැබැයි Smashy කියන්නේ අපේ සාක්කුවට ගොඩක්ම Pocket-friendly තැනක්. ඒ නිසා ලොකු ගාණක් වියදම් කරන්නේ නැතුව, නියම Diner-style Burger එකක රස බලන්න මෙතනදී ඔයාට පුළුවන්. සරල බව ඒ විදිහටම තියෙද්දී, Bold Flavours, නැවුම් අමුද්‍රව්‍ය සහ අතේ ගෑවෙන තරමට දාපු Messy සෝස් මේ ඔක්කොම එකතු වුණාම

හැදෙන Smash Burger එකේ පළවෙනි කටෙන්ම ඔයාට තේරෙයි, මේක තමයි ඔයා මෙච්චර කල් හොයපු ඒ අමතක වෙන්නේ නැති Comfort Food එක කියලා.

එහෙනම් තවත් කතා ඕනේ නෑ, අපි ගිහින්ම බලමු මේ Burgers වල ඇත්තටම තියෙන රස කොහොමද කියලා.

 

Burgers

  • Animal Style | LKR 1,450 (Rating: 5/5)

Animal Style - LKR 1,450 (5/5)

 

නියම Diner-style Classic එකක් වෙන මේ Smash Burger එකේ තියෙන්නෙ නම් වචනයෙන් කියාගන්න බැරි තරම් රසයක්. පළවෙනි කටෙන්ම තේරෙන දේ තමයි, මේකෙ Sauce එක තමයි Main Star විදිහට වැඩ කරන්නේ කියලා. එයාලගෙම Signature Burger Sauce එක මුල ඉඳන් අගටම මාරම Creamy වගේම Savoury Kick එකක් බර්ගර් එකට එකතු කරනවා.

Smashed Beef එක වටේ හොඳට Crispy වෙලා, මැද නියම Juicy ගතියට තියෙනවා. ඒක හොඳට Season කරලා, Melt වුණු Cheese වල ලුණු රසත් එක්ක නියමෙටම Blend වෙලා එන විදිහ හරිම අපූරුයි. Lettuce සහ Tomato වලින් අලුත් Fresh Crunch එකක් එනකොට, Pickles වල තියෙන Sweet-tangy රසය බර්ගර් එකේ තියෙන Richness එක නියමෙටම Balance කරනවා. කිසිම දෙගිඩියාවක් නෑ, කාලා ඉවර වුණාට පස්සෙත් ආයෙ ආයෙත් කන්න හිතෙන තරමටම මේක Solid Smash Burger එකක්.

  • Truff Guy | LKR 1,450 (Rating: 4/5)

 

නමටම ගැලපෙන විදිහට මේ බර්ගර් එකෙන් නම් එන්නේ නියම Spicy kick එකක්. මුලින්ම දකිනකොට පේන එයාලගේම Truffle hot sauce එකේ තද රතු පාටින්ම ඒ සැර ගතිය හොඳටම බලාගන්න පුළුවන්. හැම කටක්ම නියම Sweet වගේම Tangy heat එකකින් පිරිලා. මේ බර්ගර් එකේ තියෙන Pickles සහ Caramelised onion එකතු වෙලා අර සැර ගතිය නියමෙටම Balance කරනවා. සමහර වෙලාවට මේ Spicy ගතිය අනිත් රසවල් ටිකක් යටපත් කරනවා වගේ දැනුණත්, Creamy mayo, Salty cheddar සහ ගාණට Toast කරපු Bun එකේ තියෙන Sweet රසය මේකට හොඳටම Match වෙනවා. ඔයා Spicy රස හොයන කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම Try කරන්න ඕනේ බර්ගර් එකක්.

  • Rookie | LKR 1,200 (Rating: 4/5)

Rookie කියන්නේ Smashy එකේ තියෙන ඔරිජිනල්ම රසක් තියෙන Smash burger එක. වටේට ලස්සනට Crispy වුණු, ඒත් මැද නියම Juicy ගතියක් තියෙන Beef patty එක, Grilled onions, Pickles සහ ඇතිවෙන්නම දාපු Smashy burger sauce එක්ක Classic බර්ගර් එකකින් ඔයා හොයන හැමදේම මේකෙ අඩංගුයි. පිටින් බලනකොට මේක ටිකක් Plain කියලා හිතුණත්, Cheese වල Salty රසයයි Sauce එකේ Sweet creaminess එකයි එකතු වුණාම Flavours අපූරුවට Blend වෙලා එනවා. ලොකුවට Fancy දේවල් නැති වුණත්, බඩයි හිතයි දෙකම පිරෙන Solid, satisfying බර්ගර් එකක්.

  • Buff Daddy | LKR 1,450 (Rating: 5/5)

හොඳට පිරෙන්න දාපු Tender chicken වලින් හැඩවුණු මේ බර්ගර් එකේ පළවෙනි කටෙන්ම ඔයාට අපූරු රසයක් අනිවාර්යයෙන් දැනෙනවා. Sweet වගේම Tangy buffalo sauce එක Chicken එක පුරාම ගාණට Spread වෙලා තියෙනවා. මුලින් දැනෙන Sweet රසය, ඊට පස්සේ එන සැර ගතියෙන් අපූරුවට Balance වෙනවා. Fresh pickle එකෙන් Heavy ගතිය ටිකක් අඩු කරලා Flavours තවත් ඉස්මතු කරන අතරේ, Ranch sauce එකෙන් මුළු බර්ගර් එකටම Smooth, creamy රසයක් එකතු කරනවා. අනිවාර්යයෙන්ම Try කරන්නම ඕනේ සුපිරිම බර්ගර් එකක්.

  • Fadeaway | LKR 1,450 (Rating: 4/5)

ගාණට Toasted වුණු Bun එකක් මැදට ආපු Spiced Peri Peri chicken නිසා මේක නියම Fusion burger එකක්. Sweet pineapple relish සහ Creamy avocado purée එකතු වෙලා, එකිනෙකට වෙනස් ඒත් හොඳින්ම ගැලපෙන Strong flavours ගොඩක් මේකට එකතු කරනවා. Sharp cheddar එකෙන් Chicken එකේ රස තවත් ඉස්මතු කරන අතරේ, Jalapenos වලින් ඕනෙම කරන Heat එක ගාණටම ලැබෙනවා. Chicken එකට පාවිච්චි කරපු Seasoning වල ලුණු රසය පොඩ්ඩක් විතර වැඩියි කියලා දැනුණත්, ඔයා Salty, Bold වගේම අලුත් රසවල් හොයලා බලන්න ආස කෙනෙක් නම් මේ Fusion experience එක ඔයාටම ගැලපෙයි.

  • The Playbook | LKR 1,100 (Rating: 4/5)

හොඳට Season කරපු Crispy chicken, අලුත් Fresh lettuce, ඒ වගේම පිටතට බේරෙන තරමටම දාපු Creamy mayo මේකට අකමැති වෙන්නේ කවුද? බැලූ බැල්මට Simple වුණත්, මෙතන Main Spotlight එක වෙන්නෙ එයාලගේ Original fried chicken එක. හොඳට පිරෙන්න දාපු Mayo layers දෙකක් නිසා Texture එක උපරිමයටම Creamy වෙලා තියෙනවා. Ingredients තුනකින් විතරක් හැදුණත්, සංකීර්ණ දේවල් මුකුත් නැති Simple, Classic වගේම හරිම Delicious බර්ගර් එකක්.

Sides

  • Fries | LKR 600 (Rating: 5/5)

ලස්සන Golden පාටට උණු උණුවෙන්ම මේසෙට එන මේ Thick-cut fries වල පිටින් තියෙන Crispy ගතිය වගේම ඇතුළෙන් එන Soft ගතිය හරිම රසවත්. ලුණු රසයත් නියම පදමට තියෙන නිසා කතා කර කර ඉද්දි නොදැනීම ඉබේටම අත යන්නේ මේ පැත්තටයි. බර්ගර් experience එක සම්පූර්ණ කරගන්න නම්, මේක අනිවාර්යයෙන්ම Order එකේ තියෙන්නම ඕනේ.

  • Mash Potato and Gravy | LKR 650 (Rating: 4/5)

 

Creamy වගේම Soft mashed potatoes එක්ක රසවත් Rich gravy එක අපූරුවට Blend වෙනවා. කන හැම හැන්දකින්ම හිත පිරෙන Satisfying feeling එකක් මේකෙ තියෙන්නෙ. Gravy එකේ රස ටිකක් Strong වුණත්, උඩින් ඉහලා තියෙන Coriander වලින් එකතු වෙන Minty kick එක නිසා ඒ Heavy ගතිය නියමෙටම Balance වෙනවා. Bold වගේම Savoury flavours වලට ආසා කරන අයට නියම Comforting අත්දැකීමක්.

One Galle Face Food Studio එක ඇතුළේ තියෙන නිදහස්, පොඩි Corner එකක තමයි මේ Smashy බර්ගර් stall එක තියෙන්නේ. බැලූ බැල්මටම මේකෙන් එන්නේ නියම Diner vibe එකක්. ලී වලින් හදපු Counter එක, Bright signage එක වගේම මෙතන තියෙන Simple setup එක නිසා, හරියට Mall එක මැද තියෙන Aussie-style takeaway spot එකකට ගියා වගේ හැඟීමක් දැනෙනවා.

මෙතන ලොකුවට ඉඳගෙන කන්න පුළුවන් වටපිටාවක් නැති වුණත්, Shopping කරන අතරතුරේ ඉක්මණින්, හිත පිරෙන වගේම Pocket-friendly කෑමක් රස බලන්න හිතුණාම ගොඩවදින්න පුළුවන් නියම තැනක් තමයි Smashy කියන්නේ. රසවත් බර්ගර් එකක් කන ගමන් පොඩි විවේකයක් අරගෙන ආයෙත් Shopping යන්න කලින් Relax වෙන්න, අදම Smashy පැත්තේ රවුමක් දාලා බලන්න.

ඔබ දැන සිටියාද?

බර්ගර් එකට ඒ සුවිශේෂී රසය එකතු කරන්නම, එයාලා පාවිච්චි කරන Beef 100% ගෙන්නන්නේ 
ඕස්ට්‍රේලියාවෙන්. ඒ වගේම බර්ගර් Buns හදන්නෙත් එයාලගේම බේකරි එකේ නිසා, හැමවෙලේම ඒ 
Fresh ගතිය වගේම Quality එකත් කිසිම අඩුවක් නැතුව හැමදාම එකම විදිහට තියෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here