රස ගැස්ම විවිධ ආහාර රස එකම වහලක් යටින් Bayu…

විවිධ ආහාර රස එකම වහලක් යටින් Bayu…

2026 Jan 23

විවිධ ආහාර රස එකම වහලක් යටින් Bayu…

 

 

ලස්සන Seaside View එක නිසා කොළඹ නගරයේ ගොඩක් ජනප්‍රිය Bayu අවන්හල හිත නිවන නිදහස් පරිසරයක පිහිටා තිබෙනවා. මේ අවන්හලට එන ඔයාට, මුහුදු වෙරළේ සිසිල් සුළඟ විඳින ගමන් අපිට හුරුපුරුදු ආසියානු කෑම වර්ග වෙනස්ම රසයකින් රසවිඳින්නත් පුළුවන්. රාත්‍රී කෑමකට ආවත් මෙහි තිබෙන නිදහස් වටපිටාව නිසා අනිවාර්යෙන්ම ඔයාට හිතුවටත් වඩා වැඩි වෙලාවක් රැඳිලා ඉන්න හිතෙනවා.

 

Appetisers

 

Kani Salad — LKR 2,200 (4/5)

 

 

Kani Salad කියන්නේ, සැහැල්ලු වගේම fresh dish එකක් කිව්වොත් හරියටම හරි. සිහින්ව කපපු crabstick, fresh එළවළු සහ creamy dressing එක් කරලා තිබුණ මේ Salad එකට තව පොඩ්ඩක් ලුණු සහ ගම්මිරිස් එකතු වුණා නම් රස තවත් වැඩි වෙන්න තිබුණා.

 

Fried Chicken with Salted Egg Floss — LKR 1,450 (5/5)

 

 

මේක තමයි එදා ‍රෑ අපිට ලැබුන හොඳම කෑම එක. රන්වන් පාටට බැදපු Chicken හොඳ Crispy ගතියට තිබුණා. ඒ වගේම salted egg floss වලින් ලැබෙන වෙනස්ම රසය Chicken වලට හොඳට එකතු වෙලා තිබුණා. ඇත්තටම මේ Fried Chicken with Salted Egg Floss එක නිසාම ආයෙත් පාරක් Bayu අවන්හලට යන්න හිතෙනවා.

 

Char Siu Pork Bao — LKR 2,000 (4/5)

 

 

Soft වගේම උණුසුම් Bao එක මැදට රසයෙන් අනූන Char siu pork එකතු කරලා තිබුණා. හැබැයි මේ සෝස් එකෙන් නම් වෙන සෝස් වලට වඩා වැඩි පැණි රසක් දැනුණා. ඒ වගේම pork filling එක තව ටිකක් වැඩි වුණා නම් තවත් රස වෙන්න තිබුණා. කොහොම වුණත් මේ Bao එක, කෑම වේල පටන් ගන්න හොඳ Starter එකක් කියලා කියන්න පුළුවන්.

 

Mains

 

Singaporean Chili Crab with Jasmine Rice — LKR 3,600 (3/5)

 

 

ලස්සනට සරසලා තිබුණ Chili Crab එකේ fresh, පැණි රස Crabs ඕනෑවටත් වඩා වැඩියෙන් තිබුණා. මෙහි ගුණාත්මක බවත් ගොඩක් වැඩියි. හැබැයි සාමාන්‍ය Singaporean විදිහට හදන Chili Crab එකක තියෙන සැර මිරිස් රසට වඩා මේ සෝස් එකේ තිබුණේ පැණි රස ගතියක්. අපි බලාපොරොත්තු වුණ තරම් Depth of flavour එකක් සෝස් එකේ තිබුණේ නැති වුණත් Crabs වල නැවුම් බවේ සහ රසයේ නම් කිසිම අඩුවක් තිබුණේ නැහැ.

 

Rainbow Roll — LKR 3,200 (5/5)

 

 

fresh වගේම රසත් ඒ වගේම තිබුණ මේ රෝල් එක ගොඩක් ලස්සනට හදලා තිබුණා. ඒ වගේම උඩ මාළු layer එක නිසා rainbow roll එකක පෙනුම ලැබිලා තියෙනවා. season කෙරුව බත් සහ මුහුදු ආහාරවල රසය එකට මුසු වුණාම දැනෙන රසත් ඇත්තටම නියමයි. මේ සමඟ පිළිගන්වන pickled ginger, wasabi සහ සෝයා සෝස් නිසා රසය තවත් වැඩි වෙනවා. මෙහි ඇති නැවුම් බව සහ රසය නිසාම හිතුවාටත් වඩා ඉක්මනට අපිට කාලා ඉවර කරන්න පුළුවන් වුණා.

 

Desserts

 

Pandan Crème Brûlée — LKR 1,800 (4/5)

 

 

Bayu අවන්හලටම ආවේණික වෙනස්කම් කිහිපයක් එකතු කරලා හැදුව මේ French dessert එකේ උඩ කැරමල් layer එක ඇතුළින් රම්පේ සුවඳ එන soft custard දැකගන්න පුළුවන්. පොල් සහ සූදුරු එකතු කරලා හැදුව බිස්කට් එක නිසා මෙයට පොඩි කුළුබඩු රසයකුත් එකතු වෙනවා. Rhubarb confit වලින් එන ඇඹුල් රසයත්, Coral tuile වලින් එන හැපෙනසුළු ගතියත් මෙහි රසය සහ ලස්සන තව වැඩි කරනවා. salted caramel ice cream නිසා මෙහි පැණිරස සහ ලුණු රසය නියම පදමට දැනෙනවා. හැබැයි රම්පේ රස තව ටිකක් දැනුනා නම් හොඳයි කියලා හිතෙනවා.

 

Drinks

 

Marmarita — LKR 1,500 (4/5)

 

 

ඇඟට වගේම හිතටත් නැවුම් බවක් සහ සිසිලසක් ගෙන දෙන මින්චි (Mint) සහ බේසිල් (Basil) සුවඳ මුසු වුණු මේ බීම එකට තව පොඩ්ඩක් දෙහි රස එකතු වෙලා තිබුණා නම් හොඳයි.

 

Sway 265 — LKR 2,400 (3/5)

 

 

tequila, රම්පේ, අන්නාසි සහ දෙහි රස එකතු වෙලා තිබුණත් අපි හිතුව තරම් රසයක් නම් දැනුනේ නැහැ.

 

Pearl of the Ocean — LKR 2,400 (3/5)

 

 

Vodka සහ Passionfruit කලවම් කරලා හදපු මේ කොක්ටේල් එකේ පාට නම් හරිම ලස්සනයි. ඒ වගේම පෙනුමෙනුත් හරිම ආකර්ෂණීයයි. හැබැයි කලින් drink එක වගේම, මේ drink එකෙත් විශේෂ රසයක් නම් දැනුනේ නැහැ.

 

වටපිටාව

 

 

ලී වලින් කළ අලංකාර ලෙස නිමා කර තිබෙන Bayu අවන්හල ලා පැහැති එළියකින් ආලෝකමත් කර තිබෙනවා. එහි විවෘත ස්වභාවය නිසා මුහුදු සුළඟ හොඳින් ඇතුළට ගලා ගෙන එනවා. සාමාන්‍ය රාත්‍රී කෑමකට වගේම ඕනෑම විශේෂ උත්සවයකටත් Bayu අවන්හල නියමෙටම ගැළපෙනවා. මෙහි සේවක මණ්ඩලය ඉතා සුහදශීලී වනවා. මිතුරන් එක්ක කතාබස් කරන්න, ආදරණීයන් එක්ක කාලය ගත කරන්න හෝ කාර්යබහුල දවසක මහන්සිය නිවාගන්න මෙය කදිම තැනක්.

 

ඔබ දැන සිටියාද?

 

Bayu මෙනු එක “borrowing stories from the sea,” කියන තේමාවට අනුව නිර්මාණය කරලා තිබෙනවා.
එහි කෑම පිළිගන්වන විදිහෙනුත් ඔබට මුහුදු වෙරළක සුන්දරත්වය මවාගන්න පුළුවන්.
මුහුදු රළ, බෙල්ලන්, කොරල්පරවල හැඩතල හා වර්ණ මේ සඳහා භාවිතා කර තිබීමත් විශේෂත්වයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here