රස ගැස්ම ලංකාවේ පළවෙනි drive – through coffee spot

ලංකාවේ පළවෙනි drive – through coffee spot

2025 Dec 12

Open Time:

Daily, 8 am to 9 pm

Address

489, Dehiwala Road, Bellanthota, Boralesgamuwa

directions

Located at Bellanthota junction, to the side of IOC shed that is in front of Cargills.

Contact No

0743 401 044

 

 

විවිධ වර්ගයේ කෑමබීම හදන එක විනෝදාංශයක් කරගත්ත සුපර්නා සහ නතාෂා, ඒ දෙන්නාගේ සාමාන්‍ය 9 – 5 වැඩ වෙලාව වෙනුවට කිරි මාමා coffee spot එක පටන් ගන්නවා. මේක drive-through coffee spot එකක් කිව්වොත් හරියටම හරි. මේ කැෆේ එකට එන ඔයාට වාහනයේ ඉඳන්ම drinks වර්ග, grill කළ හෝ bake කළ කෑමවල රස බලන්න පුළුවන්. හැම කෑම එකකම consistency එකක් තියෙනවා වගේම පෝෂ්‍යදායීව සකස් කරලා තිබීමත් විශේෂත්වයක්. කවුන්ටරේ ඉස්සරහා තිබෙන මාමාගේ පින්තූරේ ගැන ඇහුවාම සුපර්නා අපිට මෙන්න මේ වගේ දෙයක් කිව්වා. “අපි හැමෝටම කවුරුහරි මාමා කෙනෙක් ඉන්නවා. අපට ඕනම වෙලාවකදී උදව් කරන්න, අපේ පිටුපසින් ඉන්න මාමා කෙනෙක් ඉන්නවා. ඒ හින්දා මේ කැෆේ එකට අපි කිරි මාමා කියලා නම දුන්නා.”

 

Drinks

 

Kithul Macchiato – Iced (5/5)

 

 

 

 

ඔයා පැණි රසට කැමති කෙනෙක් නම්, මේ ඔයා වෙනුවෙන්ම හැදුව drink එකක්. මේ espresso එක strong වගේම තද පාටයි. කිතුල් පැණි රසත් එන නිසා අපේකම එකතු වුණ dessert එකක් කියලමයි මට නම් හිතුණේ. ක්‍රීම් රසයක් තිබුණත් එච්චර පැණි රසක් නම් දැනුනේ නෑ. උඩින් එකතු කරලා තිබෙන කිතුල් පැණි වලින් පැණි රස එකතු කරනවාම විතරක් නෙමෙයි, සාමාන්‍ය Macchiato එකකින් ලැබෙන්නේ නැති කැරමල් රසයකුත් ලබා දෙනවා.

 

 

Iced Espresso Splash (3/5)

 

 

 

කුරුඳු, සීනි එකතු වුණ කිරි රසැති ගෙදර හැදුව මේ Iced Espresso Splash එක drink එකක් වගේමයි. ඒක සාමාන්‍ය latte එකකට ගොඩක් සමානයි. අපි ඒකේ කුරුඳු රසට නම් අපි එච්චර කැමති වුණේ නැහැ. ඒත් ඔයා strong Espresso රසත් එක්ක එන fresh drink එකකට කැමති නම් මේක ඔයා වෙනුවෙන්මයි.

 

Mango Macchiato – Iced (4/5)

 

 

 

Mango Macchiato කියන්නේ, අඹ සහ කෝපි එකතු වුණ වෙනස්ම drink එකක්. ඔයාට මුලින්ම අඹ රස බලන්න පුළුවන් වගේම අවසානයේදී espresso රසත් හොඳට දැනෙනවා. පැණිරසයි ඇඹුල් රසයි එකතු වුණ Mango Macchiato රස්නෙ කාලෙට නියමෙටම ගැලපෙන drink එකක්. හැබැයි මේ drink එක ඔයා එක පාරක් හරි try කරන්න ඕනා කියන එක තමයි මගේ අදහස.

 

 

Morning Reset (4/5)

 

 

 

espresso, කෝක්, ගම්මිරිස් සහ දෙහි? මේක පිස්සුවක් වගේ. මේ drink එක අනිවාර්යෙන්ම ඔයාව ප්‍රබෝධමත් කරනවා. මේක ඔයා නොදැන හිටපු hangover බෙහෙතක් කිව්වොත් හරියටම හරි. හැබැයි ආයුර්වේද කසාය රසයක් තිබෙන නිසා හැමෝම කැමති නැති වෙන්නත් පුළුවන්.

 

 

Finiola (5/5)

 

 

 

කෝලා වල රසය වැඩියෙන් දැනෙනවා වගේම blue curaçao සහ ස්ට්‍රෝබෙරි වලින් මේ drink එකේ පාට වගේම රසත් වැඩි කරනවා. පොඩි කාලේ අපි කෑව රෝස පාට බබල්ගම් වගේම මේ drink එකෙත් පලතුරු රසයක් තිබෙනවා.

 

 

Mains

 

Maama’s Hot Dawg (4/5)

 

 

 

ශ්‍රී ලාංකික කුළුබඩු රසය එක්වුණු මේ Hot Dawg එක soft වගේම සොසේජස් රසයෙන් පිරිලා තිබුණා. අපි කලින් try කෙරුව හැම කෑම එකකටම වඩා මේක වෙනස් කිව්වොත් හරියටම හරි. ඉතින් ඔයත් වෙනස් කෑමක රස බලන්න කැමතියි නම් Maama’s Hot Dawg try කරන්න අමතක කරන්න එපා.

 

 

Chicken Melt Toastie (3.5/5)

 

 

 

 

උණු උණුවෙන් තිබුණ මේ sandwich එකට Chicken එකතු කරල තිබුණා. ඒ වගේම සෝස් රසත් හොඳට දැනුණා. ජිම් එකට යන්න කලින් ප්‍රෝටීන් කෑම වැඩියෙන් කන්න කැමති ඕනෑම කෙනෙක්ට Chicken Melt Toastie එක රස ගුණ පිරි හොඳම කෑම වේලක්.

 

Ambience

 

 

කිරි මාමා cafe කියන්නේ, ඕනම කෙනෙක්ට හුරුපුරුදු බවක් වගේම නිදහස් හැඟීමක් අරන් එන කෝපි සහ සැන්ඩ්විච් වලට කැමති අයට නියම තැනක්. ඇත්තටම මෙතන තිබෙන ඕනෑම කෑමකින් ඔයාට සතුටක් ලැබෙනවා වගේම අනිවාර්යෙන්ම ඔයාව ඇබ්බැහි කරවන්න පුළුවන්. කාර්ය මණ්ඩලයේ හැමෝමත් හරිම මිත්‍රශීලීයි වගේම ඕනෑම කෑමක් හදන විදිහ ගැන ඔයාට අහලා දැනගන්න පුළුවන්. ඒ වගේම ඔයාට කැමති කෑම තෝරා ගන්නත් ඒක උදව්වක් වෙනවා. කිරි මාමා cafe එක ගොඩක් වෙලාවට drive-through එකක් වුණත් ඔයාට ටික වෙලාවකට වාඩි වෙලා කෑම කන්න බොන්නත් ආසන කිහිපයක් තියෙනවා.

 

ඔයා දැන සිටියාද?

 

  • නවම් මාවතේ අලුත් outlet එකක් open කරන්නත් එයාලා බලාපොරොත්තු වෙනවා.
  • ඒ වගේම විශේෂ උත්සව අවස්ථා සඳහාත් එයාලා orders භාර ගන්නවා.
  • ඔයාට සතියේ ඕනම දවසක combo packs order කරන්නත් පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here