Open Time:
Monday Closed, Tuesday Closed, Wednesday 9 AM–7 PM, Thursday 9 AM–7 PM, Friday 9 AM–7 PM, Saturday 9 AM–9 PM, Sunday 9 AM–9 PMAddress
319/4, 05 Nawala Rd, Colombo 00500
directions
https://maps.app.goo.gl/4fivmtS19sxE8eMCA
Contact No
What we had
Must-have Dishes
Appetizers
නාවල, නුගේගොඩ පැත්තේ රවුමක් දානකොට ඔයාටත් මේ වෙනස්ම විදිහේ Food Spot එක අනිවාර්යයෙන්ම මුණගැහිලා ඇති. ඒ තමයි Neko and Kopi. ලෝකේ පුරාම ජනප්‍රිය වෙලා තියෙන Cat Cafe සංස්කෘතිය ලංකාවට අරන් එන ගමන්ම, Authentic Japanese කෑමවල රස බලන්න පුළුවන් අපූරු තැනක් විදිහට මේ කැෆේ එක හඳුන්වන්න පුළුවන්.
මෙතන තියෙන විශේෂම දේ තමයි, හිත නිවෙන නිදහස් වටපිටාවක ඉඳගෙන හුරතල් පූසන්ගේ දඟ වැඩ බලන ගමන් කෑමක රස බලන්න ලැබෙන එක. ඒ වගේම එයාලගේ Menu එකේ තියෙන Japanese කෑම වර්ග නියම Quality එකෙන් සහ Fresh අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන නිසා, පූසන්ට ආදරේ අයට වගේම වෙනස්ම Food අත්දැකීමක් හොයන අයටත් මේක නියම ගමනාන්තයක්.
ඉතින් අපි ගිහින්ම බලමු Neko and Kopi එකේ කෑම කිහිපයක ඇත්තටම තියෙන රස කොහොමද කියලා.
MAINS
- Miso Ramen with Chicken Chashu | LKR 1,800 (Rating: 4.8/5)
(Ramen Base – LKR 1,500 + Chicken Chashu – LKR 300)
Japanese කෑම කිව්වම Ramen නැතුවම බැහැනේ. මේක නම් බඩ විතරක් නෙවෙයි හිතත් පිරෙන නියම Comfort Food එකක්. මේ Ramen බෝල් එකේ Miso Broth එක හරිම thick වගේම Rich Umami රසයකින් පිරිලා තියෙනවා. ඒක ඇතුළේ තියෙන Japanese Smoked Chicken Chashu pieces හොඳටම smooth වගේම Soft එකට තියෙනවා. නියම පදමට තම්බපු Fresh නූඩ්ල්ස්, Wakame, Leeks, Nori සහ Ramen oil එකත් එක්ක මේකේ පළවෙනි කටෙන්ම ඔයාට තේරෙයි මේක තමයි ඔයා හොයපු Perfect Ramen Bowl එක කියලා.
- Chicken Katsudon | LKR 1,900 (Rating: 5/5)
අද අපි try කරපු කෑම ජාතිවලින් අපිට සෙට් වුණු රසම කෑම එක තමයි මේක. Crispy Chicken එක්ක බත් කන්න ආස අයට මේක Neko and Kopi එකේ තියෙන සුපිරිම Option එකක්. උණුම උණු sticky Rice bowl එක උඩින්, පිටින් හොඳට Crispy වෙන්න බැදලා egg එකක් mix කරපු ලොකු Chicken Katsu එකක්, ලීක්ස්, Beni shōga, ලූනු, සීනි, විනාකිරි, natural coloring සහ කට්සු සෝස් එකක් දාලා තමයි මේ dish එක මේසෙට එන්නේ. සෝස් එකේ තියෙන ඒ රස බත් එකටයි Chicken එකටයි හොඳටම absorb වෙලා තියෙන නිසා හැම කටක් පාසාම නියම Rich රසයක් දැනෙනවා. ඒ නිසා මේක නම් බඩයි හිතයි දෙකම පිරෙන, ආයේ ආයෙත් කන්න හිතෙන විදිහෙ නියම Meal එකක්.
DRINKS
- Iced Matcha Latte | LKR 1,450 (Rating: 4/5)
දවල් දවසක ඇඟට නියම සිසිලසක් ගේන මේ බීම එකේ තියෙන්නේ වචනයෙන් කියාගන්න බැරි තරම් Fresh රසයක්. පළවෙනි උගුරෙන්ම තේරෙන දේ තමයි, මේකට පාවිච්චි කරලා තියෙන Premium Japanese Green Tea (Matcha) වල Authentic රසය ක්‍රීමි කිරි එකත් එක්ක නියමෙටම Blend වෙලා තියෙනවා කියන එක. ගොඩක් පැණි රස නැති නිසා, Matcha වල තියෙන ඒ ස්වාභාවික Earthy flavor එක කැපිලා පේනවා. ලොකුවට Sweet drinks වලට අකමැති අයට මේක Solid choice එකක්.
- Iced Coffee Float | LKR 1,250 (Rating: 4.3/5)
ඔයා කෝපි වලට ආදරේ කරන කෙනෙක් නම්, කිසිම doubt එකක් නෑ මේක තමයි ඔයාගේ අනිවාර්ය Order එක වෙන්න ඕනේ. යටින් තියෙන Iced Coffee එකේ තියෙන Strong, ටිකක් තිත්ත රසය, උඩින් තියෙන Vanilla Ice cream එකේ පැණි රසයත් එක්ක එකතු වුණාම හැදෙන Flavour balance එක හරිම අපූරුයි. කෝපි එක බොන ගමන් අයිස්ක්‍රීම් එක හැන්දෙන් කනකොට දැනෙන Texture එක නිසා මේක හරිම Fun වගේම Satisfying අත්දැකීමක්.
APPETIZER
- Mixed Gyoza (8 pcs) | LKR 2,000 (Rating: 4.5/5)
Main Dish එකකට යන්න කලින් බඩට පොඩි Kick එකක් දෙන්න කියාපු Appetizer එකක් තමයි මේ Mixed Gyoza කියන්නේ. Spicy Chicken, Vegetable, Prawn සහ Chicken විදිහට එකිනෙකට වෙනස් රසවල් හතරකින් යුත් Dumplings 8ක් මේකට අඩංගුයි. පෙනුමෙන් Pan-fried dumplings වගේ වුණාට, මේවායේ යට පැත්ත ලස්සන Golden පාටට Crispy වෙලා තියෙනවා. ඒත් ඇතුළේ තියෙන පිරවුම නියම Juicy ගතියට තියෙනවා. අපිට නම් මේකත් එක්ක Dipping sauce එකක් විදිහට ලැබුණේ sauce හා chilli oil එකක්, හැබැයි ඒ sauce එකේ පොඟවලා කනකොට මේ Gyoza වල තියෙන නියම රස හොඳටම ඉස්මතු වෙලා එනවා.
වටපිටාව
නාවල පාරේ තියෙන මේ කැෆේ එක ඇතුළට ගිය ගමන්ම දැනෙන්නේ හරිම Warm වගේම Cozy හැඟීමක්. ලී වලින් කරපු Simple setup එකයි, ලස්සන Cinematic, Warm Visual interior එකයි, එහෙ මෙහෙ දුව පනිමින් ඉන්න හුරතල් පූස් යාළුවෝ ටිකයි නිසා මෙතන තියෙන්නේ වෙන කොහේවත් නැති Relaxing Vibe එකක්. කෑම එනකම් ඉන්න අතරේ පූසන්ව සුරතල් කරන්න පුළුවන් නිසා, වැඩ ගොඩක් අස්සේ හිරවෙලා ඉන්න දවසක වුණත් ඒ මහන්සියයි Stress එකයි ඔක්කොම නැතිවෙලා යනවා.
මෙතන ගොඩක් සෙනඟ පිරුණු ඝෝෂාකාරී තැනක් නෙවෙයි. ඒ නිසා යාළුවෙක් එක්ක නිදහසේ කතා කර කර ඉන්න, අලුත් නිර්මාණයකට ප්ලෑන් එකක් හදාගන්න, එහෙමත් නැත්නම් තනියම ගිහින් නිදහසේ කෑමක රස බලන ගමන් Me-time එකක් ගත කරන්න Neko and Kopi කියන්නේ නියම තැනක්. ඒ විතරක් නෙමේ පොත් කියවන්න ආස ඔයාට library එකක් වගේම, පාඩම් වැඩ කරගන්න පුලුවන් study area එකකුත් මෙතන තියෙනවා. ඉතින්, වෙනස්ම විදිහේ Vibe එකක් එක්ක අලුත් Japanese රසවල් Try කරන්න ආස නම්, අදම Neko and Kopi පැත්තේ රවුමක් දාලා බලන්න.










