Open Time:
Daily, 6 am - 9 pmAddress
361, Prison Road, Negombo
directions
Directions: Make a right turn at the Dalupotha Junction onto Prison Road. Drive 850m and the café will be on your left.
Contact No
What we had
Mains
Must-have Dishes
මීගමුවට අලුතින්ම එකතු වුණු පුංචි පැරීසිය – Monde French Bakery
මීගමුව කිව්වම අපිට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ Italian කෑම සංස්කෘතියනේ. හැබැයි මේ Italian Vibe එකට අලුතින්ම එකතු වුණු, වෙනස්ම විදිහේ ප්‍රංශ අත්දැකීමක් ගැන තමයි අපි අද කතා කරන්නේ. ඒ තමයි Monde French Bakery.
මාස තුනකට වගේ කලින් පටන් ගත්ත මේ අලුත් තැනින්, Authentic French foods අත්දැකීමක් ලංකාවේ අපිට ලබාදෙනවා. මෙයාලගේ මේ French රසයේ රහස තමයි Premium French බටර්, පිටි වගේ High-quality ingredients පාවිච්චි කරන එක වගේම, සාම්ප්‍රදායික බේකරි ක්‍රමවේද ඒ විදිහටම භාවිත කිරීම.
එහෙනම් අපි බලමු Monde French Bakery එකේ කෑමවල ඇත්තටම තියෙන රස කොහොමද කියලා…
Plain Croissant | LKR 460 (Rating: 5/5)
Croissant එකක් කොහොමද තියෙන්න ඕනේ කියන එකට මේක නම් ගැළපෙනම උදාහරණයක්. පළවෙනි පාරම දැනෙන ඒ Crispy, buttery layers ටිකයි, ඇතුළේ තියෙන Light, airy ගතියයි නිසා මේකේ රස උපරිමයි. කිසිම Heavy ගතියක් නැතුව, නියම Fresh බටර් රසයක් එක්ක එන මේක නම් අනිවාර්යයෙන්ම Try කරන්න ඕන කෑමක්. යාළුවෙක් එක්ක බෙදාගෙන කන්න ගත්තත්, බෙදාගන්න කලින්ම මේක ඉවර වෙයි.
Supreme Croissant – White Chocolate | LKR 650 (Rating: 4/5)
Croissant එකක් Dessert එකක් වුණොත් කොහොමද? අන්න ඒ වගේ අත්දැකීමක් තමයි මේකෙන් ලැබෙන්නේ. Silky white chocolate වලින් කවර් කරලා, Vanilla crumble එකක් උඩින් දාලා, ඇතුළෙ Vanilla pastry cream පිරවුමක් එක්ක එන මේක මාරම Rich වගේම Indulgent. බටර් රසය නිසා පැණිරස ගාණටම බැලන්ස් වෙනවා. හැබැයි මේකේ cream filling එක මීට වඩා ටිකක් වැඩිපුර තිබුණා නම් තවත් නියමයි.
Multigrain Bread | LKR 750 (Rating: 4/5)
Multigrain bread එකක් කිව්වම ගොඩක් වෙලාවට තියෙන dry and dense ගතිය මේකේ නෑ. ඒ වෙනුවට හරිම Soft වගේම Fluffy taste එකක් තියෙනවා. ඇතුළෙ Flax, pumpkin සහ sunflower seeds පිරිලා තියෙනවා. හැබැයි උඩින්ම දාලා තිබුණු seeds වල පොඩි තිත්ත රසයක් අපිට දැනුණා. ඒත් සෞඛ්‍යාරක්ෂිත වගේම රසවත් bread එකක් හොයන අයට මේක නියම Everyday Choice එකක්.
Hazelnut Velvet Cocoa | LKR 1,100 (Rating: 5/5)
පෙනුමෙන් කොකෝවා ගෙඩියක් වගේ හදලා තියෙන මේ Dessert එක දැක්ක ගමන් කන්න හිතෙනවා. ඇතුළේ තියෙන Soft chocolate sponge, Silky milk chocolate mousse සහ rich hazelnut center එක එකතු වුණාම හරිම Smooth, creamy රසයක් එන්නේ. පැණිරස නියම ගාණට තියෙන නිසා මේක Menu එකේ තියෙන Luxurious ම Dessert එකක් කියලා කියන්න පුලුවන්.
Butterscotch Cake Slice | LKR 550 (Rating: 5/5)
හරිම Soft, fluffy vanilla sponge එකක් එක්ක Light vanilla buttercream සහ දිලිසෙන Butterscotch glaze එකක් මේකට එකතු කරලා තියෙනවා. මේකේ යන්තමින් දැනෙන ලුණු රසය නිසා Butterscotch සහ Caramel රසය තවත් කැපිලා පේනවා. කටේ දියවෙලා යන තරම් Soft. Icing සහ පැණිරස අඩුවෙන් කන්න කැමති අයට මේක Perfect.
Strawberry Cheesecake | LKR 1,100 (Rating: 4/5)
Artificial syrups වෙනුවට fresh Strawberries පාවිච්චි කරලා හදපු Topping එකක් මේකේ තියෙනවා. ඒ නිසා එන Natural ඇඹුල් රසය, යටින් තියෙන Smooth, velvety චීස්කේක් එකේ රසයත් එක්ක මාරම විදිහට බැලන්ස් වෙනවා. ගොඩක් පැණි රස නැති නිසා කන්න කන්න ආස හිතෙනවා. හැබැයි මේකේ Base එක ටිකක් firm වුණා නම් මීට වඩා තවත් හොඳයි. ඒක ටිකක් Soggy පැත්තට බරයි.
Coffee Éclair | LKR 460 (Rating: 5/5)
මේක නම් කෝපි රසයට කැමති අයට කියාපු Éclair එකක්. කෝපි රසය ටිකක් වැඩියෙන් දැනෙනවා, ඒත් කිසිම තිත්ත ගතියක් නෑ. ඇතුළේ Coffee Cream එක හොඳටම පිරෙන්න දාලා තියෙනවා. උඩින් දාපු Chocolate glaze එකයි, Edible gold leaf එකයි නිසා මේකේ පෙනුමත් හරිම Elegant.
Strawberry Éclair | LKR 480 (Rating: 5/5)
Light pastry එක ඇතුළේ Silky vanilla cream සහ Fresh strawberry පිරවුමක් තියෙනවා. Vanilla වලින් එන Rich ගතියයි, Strawberry වලින් එන Fresh ගතියයි එකතු වුණාම Heavy නැතුව, ඉහළම රසයක් දෙනවා.
Chocolate Éclair | LKR 450 (Rating: 4/5)
සාමාන්‍ය Éclair වගේ නෙවෙයි, උඩින් Chocolate craquelin එකක් තියෙන නිසා මේකට පොඩි Crunch එකක් එකතු වෙනවා. ඇතුළේ Chocolate cream පිරිලා තිබුණත්, ඒකේ චොකලට් රසය මීට වඩා ටිකක් Rich වුණා නම් හොඳයි කියලයි අපිට හිතුණේ. කොහොම වුණත් මේ ගාණට මේකෙන් ලැබෙන Value එක නම් උපරිමයි.
වටපිටාව
ඇතුළට ගිය ගමන් දැනෙන්නේ නියම French bakery charm එකක්. Warm lighting setup එකක් එක්ක ලී වලින් කරපු ලස්සන Finish එක, Soft earthy colours වගේම ලොකු ජනෙල් වලින් එන Natural light නිසා මෙතනට හරිම Bright, airy වගේම Relaxing feel එකක් ලැබෙනවා. Coffee එකක් බොන ගමන් යාළුවෙක් එක්ක පැය ගාණක් කතා කර කර ඉන්න, එහෙමත් නැත්නම් නිදහසේ Dessert එකක් රස බලන්න Monde කියන්නේ නියම තැනක්. ඒ වගේම මෙයාලගේ Kitchen එකත් හරිම පිරිසිදුයි වගේම පිළිවෙළයි.
ඔබ දන්නවාද? විශේෂ උත්සව සහ විශේෂ අවස්ථා සඳහා මොවුන් Custom Orders භාරගන්නවා. 10 දෙනෙකුට පමණ සහභාගී විය හැකි Private Function Room එකකුත් මෙතන තියෙනවා. High teas සහ කුඩා සාද සඳහාත් මෙතන කියාපු තැනක්. ලංකාව පුරාම තියෙන ප්‍රධාන පෙළේ Hotels, Cafes සහ Restaurants සඳහා Wholesale Bakery products සපයන්නෙත් Monde French Bakery එකෙන්මයි. ඉතින්, ඔයත් මීගමුව පැත්තේ ගියොත් මේ food spot එකට අනිවාර්යයෙන්ම ගොඩවෙලා යන්න අමතක කරන්න එපා.















