කට ගැස්ම Festive Devilled Eggs

Festive Devilled Eggs

2025 Dec 17

 

උත්සව කෑම මේසෙට නියමෙටම ගැලපෙන Festive Devilled Eggs හදාගන්න විදිහ අද අපි ඔයාලට කියලා දෙනවා. ඉතින් ටිකක් සැරට කන්න පුළුවන් මේ Festive Devilled Eggs ඔයත් ගෙදරදී හදලා බලන්න අමතක කරන්න එපා.

 

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

තම්බාගත් බිත්තර
මයොනිස්
Tabasco සෝස්
අබ ක්‍රීම්
ලුණු
ගම්මිරිස්
ආහාර වර්ණක

 

සාදා ගන්නා ආකාරය

 

1. බිත්තර සූදානම් කරගන්න.

බිත්තර ටික තම්බාගෙන කටු ඉවත් කරගන්න. පසුව බිත්තර ටික දෙකට කපාගෙන කහ මද වෙන් කරගන්න.

 

2. බිත්තර ටික පාට කරගන්න.

භාජන දෙකක් ගෙන ඒවාට වෙන වෙනම තද කොළ සහ තද රතු coloring එක් කර වතුර සමඟ කලවම් කරගන්න. බිත්තරවල සුදු මද වලින් කොටසක් ඒ භාජන දෙකට දමන්න.

 

3. filling එක හදාගන්න.

දැන් භාජනයක් ගෙන එයට කහ මද ටික සහ mayonnaise, Tabasco sauce බින්දුවක්, Dijon mustard, ලුණු සහ ගම්මිරිස් එක් කරගන්න. ඒ සියල්ල හොඳට මිශ්‍ර කරගන්න.

 

4. Filling

සාදාගත් මිශ්‍රණය piping bag එකකට දාගන්න. දැන් ඔබ අමුත්තන්ට පිළිගන්වන plate එක අරන් piping bag එකෙන් කුඩා dots තබාගන්න. පසුව ඒ මත ඉතුරු කර තබාගත් බිත්තර සුදු මද තබන්න.

 

5. සරසාගන්න

 

දැන් බිත්තරවල සුදු මද ඇතුළට deviled egg mixture එක Pipe කරන්න. පසුව ඔබ කැමති ආකාරයකට එය සරසා ගන්න. අවශ්‍ය නම් ඔබට උත්සව කෑම මේසයට ගැලපෙන ආකාරයට parsley, crispy prosciutto සහ pickled red onion එකතු කරගන්නත් පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here