කට ගැස්ම Hwachae | Cooking with Aunty D

Hwachae | Cooking with Aunty D

2025 Oct 28

 

කොමඩු, අඹ, ස්ට්‍රෝබෙරි පලතුරු රස එකතු වුණු Hwachae Drink කියන්නේ, රස්නෙ කාලෙට නියමෙටම ගැලපෙන ජනප්‍රිය කොරියානු පානයක්. ඉතින් අද ආන්ටි D ඔයාලට රසයෙන් වගේම ගුණයෙන් වැඩි ඇඟ සිසිල් කරන Hwachae Drink එකක් හදන විදිහ කියලා දෙනවා.

 

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

කොමඩු කෝප්ප 3ක්
අඹ කෝප්ප 1 ½ක්
ස්ට්‍රෝබෙරි කෝප්ප 1ක්
මිදි කෝප්ප 1ක්
ස්ට්‍රෝබෙරි රස ජෙලි කෝප්ප 1ක්
තම්බාගත් සව් කෝප්ප 2ක්
අයිස් කැට කෝප්ප 2ක්
ස්ට්‍රෝබෙරි කිරි 500mlක්
Sprite 100 mlක්

 

 

සාදන ක්‍රමය

 

පලතුරු සහ ජෙලි cubes විදිහට කපා ගන්න.

තම්බා ගත් සව් ටික සිසිල් වෙන්න තබන්න.

මේසයට පිළිගන්වන්න පුළුවන් බඳුනකට කපා ගත් කොමඩු සහ අනෙක් පලතුරු ටික එකතු කර ගන්න.

පලතුරු උඩට කපාගත් ජෙලි එකතු කරගන්න.

පසුව තම්බාගත් සව් එකතු කරගන්න.

ස්ට්‍රොබෙරි කිරි එකතු කරගන්න.

උඩට Sprite එකතු කරන්න.

අයිස් එකතු කර සෙමින් කලවම් කරගන්න.

අවසානයේදී ශීත කර පිළිගන්වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here