2025 Oct 10
Middle Eastern කෑම වලට හොඳම තැන Baharat …
ගාලු පාර අයිනේ, Diliganz Fashion එකට කිට්ටුව පිහිටා තිබෙන Baharat කියන්නේ, අරාබි කෑම රස බලන්න පුළුවන් අපූරු අවන්හලක්. ලී බංකු සහ open kitchen area එක නිසා මේ අවන්හලට ගමක දකින්න ලැබෙන කඩමණ්ඩියක පෙනුමක් ලැබිලා තියෙනවා. සෙනඟ වැඩි වෙලාවට හරිම කලබලකාරී තැනක් වුණත් යාළුවොත් එක්ක නැත්නම් පවුලේ අය එක්ක නිදහසේ කතාබහ කරලා විනෝද වෙලා එන්න පුළුවන් අපූරු තැනක් කිව්වොත් හරියටම හරි.
Mains
Tandoori Chicken Biryani – LKR 1,650 (5/5)
Baharat එකේ Tandoori Chicken Biryani එක හරිම රසවත් වගේම portion එකත් වැඩියි. ඒ නිසා අපි ගෙවන මිලට වඩා ඇත්තටම වටිනවා. නැවුම් කොත්තමල්ලි කොළ සහ බැදපු ළූණු උඩින් දාලා, ලොකු Tandoori Chicken කෑල්ලක් සහ cucumber raita එක්ක මේ කෑම එක හරිම ලස්සනට පිළිගන්වනවා.
මේ බාස්මතී බත් එක හරිම soft වගේම මේ කෑම වේලේ කැපී පෙනෙන item එක වුණා කිව්වොත් හරියටම හරි. ඒ වගේම බත් එකට එකතු කරලා තිබෙන කුළුබඩු වලින් සුවඳයි රසයි තවත් වැඩි වෙලා තිබුණා. බැදපු ළූණු වලින් එන පැණි රසත්, raita එකේ පිපිඤ්ඤා කෑලි වලින් එන සැරත්, හැපෙනසුළු ගතියත් මේ Tandoori Chicken Biryani එක සම්පූර්ණ කරනවා. ඉතින් මම නම් මේ Tandoori Chicken Biryani එකට තරු පහක රේටින් එකක් දෙනවා. ඒ වගේම ඔයාලාත් Baharat යන්න ඉන්නවා නම් අනිවාර්යෙන්ම මේ Tandoori Chicken Biryani රස බලන්න අමතක කරන්න එපා.
Peri Peri Kabsah – LKR 1,850 (4.5/5)
Peri Peri Kabsah එක try කලොත් නම් ඔයාට අනිවාර්යෙන්ම අමතක නොවන අත්දැකීමක් ගන්න පුළුවන්. අප්‍රිකානු, පෘතුගීසි කුළුබඩු සහ අරාබි රසයන්ගෙන් මුසු වූ මේ Peri Peri Kabsah එකට කොත්තමල්ලි, හැපෙනසුළු බැදපු ළූණු සහ හොඳින් ග්‍රිල් කරන ලද සම්පූර්ණ චිකන් leg එකකුත් එකතු කරලා තිබුණා. ඔයත් වැඩිය සැර කන්න කැමති නැති කෙනෙක් නම් මේ කෑම එක ඔයාට නියමෙටම ගැලපෙනවා.
peri-peri මිශ්‍රණයෙන් marinate කරලා තිබුණ chicken ටික ග්‍රිල් කරලා juicy ගතියට පිළිගන්වන නිසා වෙනස්ම රසයක් ගෙන එනවා. ඒ වගේම බාස්මතී බත් එකේ රසත් එක්ක නියමෙටම ගැලපෙනවා. Baharat අවන්හලේදී විතරක් හම්බවෙන ඔවුන්ටම ආවේණික sizzled curd sauce එක නිසා ඔයා අනිවාර්යෙන්ම මේ dish එකේ රස දෙපාරක් බලන්න අමතක කරන්නේ නැහැ. සැරට කන්න කැමති කෙනෙක් නම් මේ dish එක miss කරගන්න එපා.
Mandi Lahm – LKR 1,990 (4/5)
Baharat ගොඩක් ප්‍රසිද්ධ Mandi වලට කිව්වොත් හරියටම හරි. කොත්තමල්ලි, බැදපු ළූණු, සහ කොළ පාට මිරිස් කරලකින් සරසලා ලොකු mutton කෑල්ලක් එක්ක මේසයට පිළිගන්වන මේ dish එකට සැර තක්කාලි චට්නි එකකුයි, පිපිඤ්ඤා සහ තක්කාලි සලාදයකුයි side dishes විදිහට ලැබෙනවා.
වටපිටාව
Baharat කියන්නේ, සෙනඟ ගොඩක් ගැවසුනත් කැපී පෙනෙන අවන්හලක්. සුදුපාට ලොකු අකුරුවලින් ලියලා තිබෙන restaurant එකේ නම නිසා ඔයාට පහසුවෙන් හොයාගන්නත් පුළුවන්. kitchen area එක open නිසා කෑම හදන විදිහත් ඔයාට පැහැදිලිව බලාගන්න පුළුවන්. අවන්හලේ ඇතුළත එල්ලලා තිබෙන ලස්සන පහන් කූඩු, ලී මේස සහ බංකු ගැමි පෙනුමට හොඳින් ගැලපෙනවා. ඒ වගේම අවන්හලේ පැත්තක ප්‍රදර්ශනය කරලා තිබෙන මෙනු එකේ පුවරුව නිසා ඔයාට කෑම තෝරගෙන ඕඩර් කරන්න වැඩි වෙලාවක් යන්නෙත් නැහැ. දහවල් කාලයේදී අව්ව නිසා ටිකක් රස්නයක් දැනුනත්, සවස් කාලයේ හමන සුළඟ රසවත් ආහාර වේලක් සඳහා සුවපහසු හැඟීමක් එක් කරනවා.