Open Time:
Tuesday to Sunday, 5.30 pm onwardsAddress
101/11, Hunupitiya Lake Road, Colombo 02
directions
Situated on top of Liv Colombo (Level 5) near Gangaramaya
Contact No
What we had
Must-have Dishes
දකුණු අමෙරිකානු කොක්ටේල් try කරන්න හොඳම තැන…
කොළඹ නගරයේ පිහිටා තිබෙන Eskobar අවන්හල ඔයාලව වෙනම ලෝකයකට අරන් යනවා කිව්වොත් හරියටම හරි. දකුණු අමෙරිකානු සංගීතය රස විඳින ගමන් ඒ කෑම රස බලන්න වගේම අපූරු අත්දැකීමක් ලබන්නත් ඔයාට පුළුවන්. දේශීය පලතුරු යොදාගෙන ලංකාවේ වෙනත් කිසිම තැනක නැති වෙනස්ම විදිහකට හදන දකුණු අමෙරිකානු රසැති කොක්ටේල් මේ අවන්හලටම ආවේණික පානයන් වීමත් විශේෂත්වයක්. මේ අවන්හලේ මෙනු එකේ ඔවුන්ගේ ආහාර වර්ග “Comida” කියන විශේෂ නමින් හඳුන්වනවා. ඉතින් මේ කෑම බීම හැමදේම එකතු වුණාම ඉහළ පෙලේ හෝටලයක මෙනු එකක් වගේ කියලත් ඔයාට හිතෙන්න පුළුවන්.
DISHES
Venezuelan Camarones a la Parilla – රු. 5,500 (4.5/5)
මේක නම් රස බලන්නත් කලින්ම සුවඳ දැනුන කෑමක්, ඒක ඒ තරම්ම සුවඳයි. ඇත්තම කිව්වොත් ඒ ඉස්සෝ මගේ අත් දෙකටත් වඩා ලොකුයි. ඒවා හොඳින් ග්‍රිල් කරලා තිබුන නිසා අපිට දැනුනේ දුම් රසක් කිව්වොත් හරියටම හරි. ඉස්සන් කපා ගන්න ලේසි වගේම ඇඹුල් රස salsa සහ අලිගැටපේර වලින් මේ Venezuelan Camarones a la Parilla එකේ රස තවත් වැඩි කරනවා. කොහොම වුණත් තිත්ත රසයක් එන නිසා කන්න ටිකක් අමාරු වුණා.
Colombian Chicharrón – රු. 3,000 (5/5)
මේ Colombian Chicharrón එක පැය 12ක් පුරාවට සෙමින් පිසින ලද pork belly එකක් කියලා කිව්වොත් ඔයා විශ්වාස කරනවාද? හැමදේම පදමට ගැලපෙන්න නියමෙටම තිබුනා වගේම chimichurri වලින් තවත් රස වැඩි වෙලා තිබුනා. හැබැයි තවත් ටිකක් තිබුනා නම් හොඳයි කියලා අපිට හිතුනා.
Drinks
Tamarindo – රු. 3,000 (4.5/5)
Tamarind සහ banana shrub එකක් තියෙන මේ tropical cocktail එක පැණි රසට කැමති අයට නියමෙටම ගැළපෙනවා.
සියඹලා සහ සුදු චොකලට් කැන්ඩි එක් වූ මේ උණුසුම් පානය තද කහ පැහැයක් ගෙන එමින් ඇත්තටම කොක්ටේල් සියඹලා වල රසය ගෙන එනවා.
Lord of the Skies – රු. 4,300 (5/5)
Lord of the Skies කියන්නේ, Old Fashioned එකකට අලුත් look එකක් කිව්වොත් හරියටම හරි. තද තැඹිලි පාට මේ පානයට කෙසෙල් සහ වැනිලා මිශ්‍ර කර තිබීමත් විශේෂත්වයක්. අනෙක් කොක්ටේල් එක්ක බලද්දි ඇඹුල් රසයක් ගෙන දුන්නත් තරමක් වැඩි රසයක් තිබෙන කොක්ටේල් එකක් කියන්න පුළුවන්. කහට රසයක් ද එක් වූ මේ Drink එක තැඹිලි ලෙල්ලක් සමඟ පිරිනමන නිසා ලස්සන පෙනුමක් එකතු කරනවා.
Long Island Cartel Brew – රු. 4,990 (4.5/5)
smoked cola cream උඩින් එකතු වුණ Strong Long Island කියන්නේ, වෙනස්ම Drink එකක්. ටිකිලා, වැනිලා, වොඩ්කා, රම්, ජින් එකතු වුණාම Colombian coffee syrup එකක flavour එකක් අරන් එනවා. නැවුම් ලෙමන් රසයත් එක්ක කෝලා ක්‍රීම් වල දුම් ගතියත් එකතු වෙලා අලුත් රසයක් ගෙන එනවා. Party mood එකට නියමෙටම ගැලපෙන drink එකක් කිව්වොත් හරියටම හරි.
වටපිටාව
මේ තැනට ඇතුල් වුණාම burgundy පාටින් සහ ලස්සන අඳුරු කහ පැහැති අසුන් සහිත classy bar එකක් දැකගන්න පුළුවන්. Roof top එකේ ඉඳගෙන සංගීතය අහන ගමන් කොළඹ නගරය වටේම බලන්නත් ඔයාට පුළුවන්. ඇත්තම කිව්වොත් මෙතනට ආවම අවුරුදු ගාණක් ආපසු ගියා වගේ හැඟීමක් ඔයාට දැනෙනවා.
ඔයා දැනගෙන සිටියාද?
- Cocktail එකට ගන්න bitters, syrups, foams ඔවුන් විසින්ම සෑදීමත් විශේෂත්වයක් වනවා.
- සඳුදා සහ සිකුරාදා දවස්වල ආවොත් ඔයාට live music අත්දැකීමත් ලබා ගන්න පුළුවන්.
- ඒ වගේම සවස 5.30 – 7.00 අතර තෝරාගත් කෑම වර්ග කිහිපයකට 30% discount එකකුත් ලබා දෙනවා.
ඔයත් Eskobar අවන්හලට ගිහින් තිබෙනවාද? එහෙනම් ඔයාගේ අත්දැකීමත් comment කරන්න අමතක කරන්න එපා.