2025 Nov 3
හැලොවින් කෑම මේසයට ගැලපෙන Mushroom Skull Pasta ගෙදරදීම හදාගන්න විදිහ අද ආන්ටි D ඔයාලට කියලා දෙනවා. ඉතින් ඔයත් මේ චීස් තැවරුනු Mushroom Skull Pasta ගෙදරදී හදලා බලන්න අමතක කරන්න එපා.
අවශ්‍ය ද්‍රව්‍ය
Button mushrooms
තෙල් මේස හැඳි 1ක්
Button mushrooms skulls
රටළූණු ගෙඩි 01ක් (සාමාන්‍ය ප්‍රමාණයේ)
සුදුළූණු
ලුණු තේ හැඳි 1/2ක්
ගම්මිරිස් තේ හැඳි 1/2ක්
ක්‍රීම් තේ හැඳි 3/4ක්
Italian mixed herbs තේ හැඳි 1/2ක්
පැස්ටා වතුර කෝප්ප 1/2ක්
මොසරැල්ලා චීස් කෝප්ප 1/4ක්
පිසගත් Button mushrooms skulls
තම්බාගත් spaghetti 200gක්
සාදාගන්නා ආකාරය
Mushroom skulls
mushroom එකින් එක දෙකට කපාගන්න.
straw එකකින් ඒ mushroom වල ඇස් ආකාරයට සිදුරු දෙකක් සාදාගන්න.
කුඩා පිහියකින් නාසය සහ දත් සාදාගන්න.
පෑන් එකකට තෙල් එක් කර රත් වන විට කපාගත් mushrooms ටික එකතු කරගන්න. රන්වන් පැහැයට හැරෙන තෙක් විනාඩි දෙක තුනක් පමණ තෙලේ බැඳගන්න.
For the pasta
වෙනම භාජනයක් ගෙන එයට තෙල් එක් කර රත්වන විට සහ කපාගත් ලොකු ළූණු, සුදුළූණු එකතු කරගන්න.
creamy sauce එක සාදා ගැනීම සඳහා එයටම ලුණු, ගම්මිරිස්, ක්‍රීම්, Italian mixed herbs, තම්බාගත් පැස්ටා වතුර, මොසරැල්ලා චීස් එක් කර හොඳින් කලවම් කරගන්න.
පසුව mushroom skulls එක් කර හොඳින් කලවම් කරගන්න.
ඊළඟට තම්බාගත් spaghetti එක් කර කලවම් කරගන්න.
mushrooms ටික උඩින් එක් කර පිළිවෙළට සකස් කර පිළිගන්වන්න.




