කට ගැස්ම Sri Lankan Style Roast Black Chicken

Sri Lankan Style Roast Black Chicken

2025 Dec 30

Sri Lankan Style Roast Black Chicken

 

https://youtube.com/shorts/Luvk6f7YLfU?si=Is_MofaDSxjVfsV6

 

අවශ්‍ය ද්‍රව්‍ය

කුකුල් මස්
ලුණු සහ ගම්මිරිස්
තෙල් මේස හැඳි 3-4 ක්
වියළි මිරිස් කරල් 3-4 ක්
සූදුරු මේස හැඳි 1 ක්
කොත්තමල්ලි ඇට මේස හැඳි 1 1/2 ක්
ගම්මිරිස් ඇට මේස හැඳි 1-2 ක්
Bay leaves
Star Anise
කරපිංචා
ළුෑණු කෝප්ප 1/2 ක්
තුනපහ මේස හැඳි 2 ක්
මිරිස් කුඩු මේස හැඳි 2 ක්
සුදු ළුෑණු (පොඩි) කෝප්ප 1/2 ක්
ඉඟුරු
ලුණු
දෙහි ගෙඩි 2-3 ක යුෂ
බටර් මේස හැඳි 4 ක්

සාදන ආකාරය

– සම ඉවත් කරගත් කුකුල් මස් ටික ලුණු සහ ගම්මිරිස් සමඟ season කරගන්න.

– පැය 2 -3 ක් ශීතකරණයේ තබන්න.

– marinade මිශ්‍රණය සාදා ගැනීම සඳහා භාජනයකට පොල්තෙල් එක් කර වියළි මිරිස්, Star Anise, Bay leaves, සූදුරු, කොත්තමල්ලි ඇට, කරපිංචා සහ ළූණු බැද ගන්න.

– පසුව එයට තුනපහ කුඩු, මිරිස් කුඩු, සුදු ළූණු, ඉඟුරු, ලුණු, දෙහි යුෂ සහ බටර් එක් කර තලපයක් වන තෙක් අඹරා ගන්න.

– දැන් marinade මිශ්‍රණය කුකුල් මස් මත තවරා ගන්න.

– කුකුල් මස් ටික අඩුම පැය 4 – 5ක් marinate කරගන්න.

– මුලින්ම 120cට පැය 1 – 2 අතර කාලයක් වර්ණ ගැන්වීමකින් තොරව bake කරගන්න.

– අවසානයේදී එක පාටක් ලැබෙන තුරු නැවතත් 230cට මිනිත්තු 20 – 30ක් බේක් කරගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here