කට ගැස්ම Mutton Rolls | Cooking with Aunty D

Mutton Rolls | Cooking with Aunty D

2025 Dec 22

 

ලංකාවේ short eats අතර ජනප්‍රිය Mutton Rolls හදාගන්න විදිහ අද Aunty D ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ උත්සව සමයේ ගෙදරට එන අමුත්තන්ගේ තේ මේසයට පිළිගන්වන්න හදාගන්න විදිහ ගැනයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

එළුමස් 1kg ක් (කටු රහිත)
කුඩා කැබලි වලට කපා ගන්න
රතු ළූණු 08 ක්
සිහින්ව කපා ගන්න
මහදුරු තේ හැඳි 01 ක්
උළුහාල් තේ හැඳි 01 ක්
කරපිංචා කොළ 12 ක්
අඹරාගත් සුදු ළූණු මේස හැඳි 01 ක්
අඹරාගත් ඉඟුරු මේස හැඳි 01 ක්
තුනපහ කුඩු මේස හැඳි 01 ක්
ලුණු මේස හැඳි 01 ක්
කහ කුඩු තේ හැඳි 01 ක්
වතුර කෝප්ප 02 ක්
පොල් කිරි කෝප්ප 1/2 ක්
අල ගෙඩි 02 ක් (සාමාන්‍ය ප්‍රමාණයේ)
කොටු හැඩයට කපා ගන්න
දෙහි යුෂ මේස හැඳි 01 ක්
ගරම් මසාලා තේ හැඳි 01 ක්
Spring Roll Wrappers 15 ක්
බිත්තර 03 ක්
පාන් කුඩු 200g ක්
පාන් පිටි
එළවළු තෙල්

 

 

සාදන ක්‍රමය

 

Mutton පිරවුම සඳහා:

 

1. පෑන් එකක අබ තෙල් ‍රත් කරගන්න.

2. කපාගත් ලොකු ළූණු එක කර හොඳින් පිසගන්න.

3. මහදුරු, සූදුරු, කරපිංචා සහ අඹරාගත් සුදුළූණු, ඉඟුරු එක් කර සුවඳ එන තෙක් පිසගන්න.

4. එයට කුඩා කැබලිවලට කපාගත් කටු රහිත එළු මස් එකතු කරගන්න.

5. තුනපහ කුඩු, ලුණු සහ කහ කුඩු සමඟ හොඳින් කලවම් කර පාට වෙනස් වන තෙක් පිසගන්න.

6. එයට වතුර එක් කර රත් වනවිට භාජනය වසා පිසගන්න. stick වීම වළක්වා ගන්න කිහිපවරක් කලවම් කරගන්න.

7. අවශ්‍ය නම් වැඩිපුර ජලය ඉවත්වීමට ළිපේ ගින්දර වැඩි කරගන්න.

8. පොල් කිරි එකතු කර කලවම් කරගන්න. දැන් උකු වන තෙක් පිසගන්න.

9. නැවුම් දෙහි යුෂ සහ garam masala එක්කර හොඳින් කලවම් කරගන්න. දැන් ලිප නිවන්න.

10. දැන් කුඩා කැබලිවලට කපාගත් අර්තාපල් පිරවුමට එක් කරගන්න. මිශ්‍රණය දැන් නිවෙන්න තබා ගන්න.

 

 

Coating and Rolling:

 

1. කඩාගත් බිත්තර කලවම් කරගන්න. වෙනත් භාජනයකට පාන් කුඩු එක් කරගන්න.

2. මිශ්‍රණය නිවුන පසු mutton rolls හදන්න පටන් ගන්න.

3. පැතලි මතුපිටක් මත spring roll wrapper එක තබා ගන්න.

4. spring roll wrapper එකේ කෙලවරින් සෙන්ටිමීටර් කිහිපයක පමණ තබා මිශ්‍රණයෙන් තේ හැඳි 2ක් පමණ එක් කරගන්න.

5. මිශ්‍රණය වැසෙන ලෙස wrapper එක රෝල් කර දෙපැත්තට නමා ගන්න.

6. දැන් wrapper එක පිටි වල තවරා ගෙන හොඳින් රෝල් කරගන්න.

7. අනෙක් wrappers ටිකත් ඒ ආකාරයට සකස් කරගන්න.

8.පසුව ඒ ආකාරයට සාදාගත් spring roll සියල්ල බිත්තරවල සහ පාන් කුඩුවල ගිල්වා ගන්න.

9. ඒ ආකාරයට බිත්තරවල සහ පාන්කුඩුවල තවරාගත් spring roll ටික මිනිත්තු 15ක් පමණ ශීතකරණයේ තබා ගන්න.

 

 

Frying and Serving:

 

1. එළවළු තෙල් 170-180°C තෙක් රත් කරගන්න.

2. mutton rolls ටික රන්වන් පැහැයට හැරෙන් තෙක් ගැඹුරු තෙලේ බැඳගන්න.

3. බැඳගත් rolls ටිකේ වැඩිපුර තෙල් ඉවත් කර ගැනීමට wire rack එකක් හෝ paper towels මත තබන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here