හතර වටෙන් AIDS/HIV වෛරසයට ප්‍රතිකාර තිබෙනවාද?

AIDS/HIV වෛරසයට ප්‍රතිකාර තිබෙනවාද?

2020 Jun 17

HIV යනු වෛරසයක්. HIV මානව ප්‍රතිශක්ති ඌනතා වෛරසය යනුවෙන් තමයි හඳුන්වන්නේ. HIV වැනි වෛරස වලට තනිව වර්ධනය වීමට හෝ ප්‍රතිනිර්මාණය වීමට හැකියාවක් නැහැ. ඔවුන්ට තමන්ගේ නව පිටපත් නිර්මානය කිරීම සඳහා ජීවී සෛල ආසාදනය කරනවා. අපේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය සාමාන්‍යයෙන් වෛරස මර්දනය කරන නමුත්, HIV විසින් ප්‍රතිශක්තිකරණ පද්ධතියටම පහරදෙන බැවින් එය මර්දනය කිරීමට හැකියාවක් නැහැ.

ඒඩ්ස් කියන්නේ රෝගී තත්ත්වයක්. ඒඩ්ස් යන්නෙන් අදහස් කරනුයේ නතූකරගත් ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණය යන්නයි. යම් පුද්ගලයකුට HIV ඇති බවට නිශ්චය කරනුයේ ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය රෝගවලට ඔරොත්තුදීමට නොසුදුසු පත්වුණාට පසුවයි.

යම් පුද්ගලයෙකුට ආසාධන හෝ ඒඩ්ස් සම්බන්ධ පිළිකා ඇතිවිට, ඒඩ්ස් රෝගය වැළඳී ඇති බවට නිර්ණය කරනු ලබනවා.මෙම අසාදන ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා නිසා ‘අවස්ථාවාදී’ ආසාදන ලෙස හඳුන්වනවා.

අතැම්විට අවස්ථාවාදී ආසාධන නොමැති විටද AIDS රෝගය නිර්ණය කරන්න හැකියාව තිබෙනවා. රුධිරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ඇති සෛල සංඛ්‍යාව එක්තරා මට්ටමකට පහළ වැටෙන විට ඒඩ්ස් රෝග විනිශ්චය කරන්න හැකියාව තිබෙනවා.

බොහෝ මිනිසුන් AIDS රෝගය සදහා ප්‍රතිකාරයක් ඇති බවට වැරදි මතයක සිට අවදානම් හැසිරීම් වල යෙදෙනවා. නමුත් ඔබ දන්නවාද AIDS සදහා ප්‍රතිකාරයක් නොමැති බව. ආරක්ෂිතව සිටීමේ හොදම මාර්ගය වනුයේ HIV සම්ප්‍රේෂණය වන විධි පිළීබදව දැනුවත්වී සිටීමයි.

වෛරසය ගුණනය වීම පාලනය කිරීමට ප්‍රති වෛරස ඖෂධ තිබෙනවා. එමගින් ශරීරයේ ඇති වෛරස ප්‍රමාණය පහත හෙලන අතර, ප්‍රතිශක්තිය නැවත නගාසිටුවා රෝගියාගේ පැවැත්ම වැඩි කරනවා.මෙම ඖෂධ මගින් සම්පූර්ණයෙන්ම HIV වෛරසය විනාශ කරන්න බැහැ.

කිසිම ප්‍රතිකාරයක් නොගෙන සිටින එච්.අයි.වී ආසාදිත පුද්ගලයන්ගෙන් අඩකට පමණ, වසර 10 ක් ඇතුළත ඒඩ්ස් රෝගී තත්ත්වය ඇතිවෙනවා. මෙම කාලය පුද්ගලයාගෙන් පුද්ගලයාට විශාල වශයෙන් වෙනස් වෙනවා. ධාරක විශේෂිත සාධක සහ වෛරස් විශේෂිත සාධක HIV ආසාදනය ප්‍රගමනය කෙරෙහි බලපෑම් ඇති කරනවා.

ඔබට මේ සම්බන්ධයෙන් පරීක්ෂණය ලංකාව පූරා ඇති ලිංගාශ්‍රිත රෝග සායනයන් මගින් සිදුකරගන්න හැකියාව තිබෙනවා. සමහර පුද්ගලික රසායනාගාර වලදීද මෙම පරීක්ෂණය සිදුකර ගන්නත් පුළුවන්. එහෙත් ඒ සදහා වෛද්‍යවරයවරයා/මහජන සෞඛ්‍ය පරීක්ෂක/ මහජන සෞඛ්‍ය හෙද සොහොයුරිය මගින් උපදෙස් ලබා ගැනීම වැදගත් වෙනවා. මෙම පරීක්ෂණයට ඉදිරිපත් වන පුද්ගලයාට වෛද්‍යකාර්ය මණ්ඩලය විසින් රහස්‍යභාවය ආරක්ෂාවන පරිදි පරීක්ෂණයට පෙර සහ පසු උපදේශන ලබා දීම සිදුකරනවා.

මෙය ආසාදනය වූ කෙනෙකු සමඟ අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝවේ. මෙය අපේ රටේ ජනතාව තුල බහුලවම බෝවන ක්‍රමය ලෙස හඳුන්වන්න පුළුවන්.HIV ආසාධිත මවකගෙන් ගර්භණී කාලයේ දී, දරු ප්‍රරසූතියේදී සහ මව් කිරි දීමේදී HIV අසාදනය වෙන්න හැකියාව තිබෙනවා. රුධිරය හෝ රුධිර නිෂ්පාදන, ශුක්‍ර පරිත්‍යාග (කෘත්‍රිම ලෙස දරුවන් බෝකිරීමෙන්), ආසාදනය කළ කෙනෙකුගේ ඉන්ද්‍රීයන් බද්ධ කිරීම්, ජීවානුහරණය නොකරන ලද එන්නත් කටු මගින් හෝ අසාදිත රුධිර පාරවිලයනය මගින් HIV වෛරසය බෝවීම සිදුවෙනවා.

HIV අසාදන සහ අනිකුත් ලිංගාශ්‍රිත රෝග එකිනෙක අතර සම්බන්දකම් තිබෙනවා. HIV වැළදුන රෝගියෙකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් එමගින් ඔහු හෝ ඇයගේ ශරීරය සතුව ඇති HIV වෛරස් ප්‍රමාණය වැඩි වීම සිදුවෙනවා. එමගින් අන් අයට අසාදනය වන වේගය සහ අවදානම් භාවය වැඩි වෙනවා. මෙය ලිංගික ප්‍රදේශවල ඇති තුවාල තුලින් හෝ ලිංගාශ්‍රිත ප්‍රදේශවල ශ්‍රාවයන්ගෙන් බෝ වීමටද පුළුවන්. එසේම HIV රහිත පුද්ගලයකු සතුව අනිකුත් ලිංගාශ්‍රිත රෝග වැලදී ඇත්නම් ඔහුට හෝ ඇයට HIV වෛරසය වැළදීමේ හැකියාව ඉහල තත්ත්වයක පවතිනවා. මේ තත්ත්වය ඇතිවනුයේ අනිකුත් ලිංගාශ්‍රිත රෝග මගින් ඇතිකරනු ලබන සමේ තුවාල සහ ලිංගාශ්‍රිත ප්‍රදේශයේ තුවාල මගින්ය. (උදා:උපදංශය සහ හර්පීස්) රෝග ලක්ෂණ රහිත අවස්ථාවකදී වුවද (ක්ලැමිඩියා,යාගොනෝරියා) ඇතිවන ප්‍රතිශක්තිකරණ පද්ධතියේ වෙනස්කම් හේතූ කොටගෙන ක්ලැමිඩියා,ගොනෝරියා තත්ත්ව යටතේ HIV අසාදනය වඩා පහසුවෙන් සිදුවන්න හැකියාව තිබෙනවා.

ලිංගික සංසර්ගයකදී කොන්ඩම් භාවිතාකිරීමෙන් මෙම HIV අසාදනය ඇතුළු අනිකුත් ලිංගාශ්‍රිත රෝග බෝවීම හොදින් පාලනය කරගත ඔබට පුළුවන්. HIV වෛරසය වැළදුන මුල් කාලය පුරාවට රෝග ලක්ෂණ නොමැතිබැවින් හදුනාගන්න හැකියාවක් නැහැ. ඒ වුණාට ඔහුට හෝ ඇයට මෙම කාලය පුරාවටද අන් අය වෙත අසාදනය කලරන්න හැකියාව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here