2025 Jul 8
tuktukrental.com සමාගම, ශ්‍රී ලංකාවේ ත්‍රීරෝද රථ හිමිකරුවන් වෙත ඇමරිකානු ඩොලර් මිලියන 3.5 කට වැඩි සෘජු ආදායමක් උපයා දී ඇති බවට නිවේදනය කර තිබෙනවා. ජූනි 15 වන දින මීගමුවේ Auric Grand Ballroom හි පැවැති සමාගමේ සැපයුම්කරුවන්ගේ වාර්ෂික සමුළුවේදී මෙම තොරතුරු ප්‍රකාශයට පත් කර තිබුණා. සමුළුව සඳහා ත්‍රීරෝද රථ හිමිකරුවන්, කර්මාන්ත හවුල්කරුවන් සහ ප්‍රදේශයේ ප්‍රජා නායකයින් ඇතුළු පුද්ගලයින් 600කට අධික පිරිසක් සහභාගි වී සිටියා.
tuktukrental.com සමඟ එක්ව ත්‍රීරෝද රථ 800ක පමණ ප්‍රමාණයක් මේ වන විට ධාවනය වන අතර ඒ මඟින් දේශීය පවුල් 700කට අධික පිරිසක් ඇමරිකානු ඩොලර් වලින් ආදායම් ලබනවා. ජර්මනිය, නෙදර්ලන්තය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ බෙල්ජියම වැනි රටවලින් පැමිණෙන ඉහළ ආදායම් ලබන සංචාරකයින් මේ හරහා දේශීය ත්‍රීරෝද රථ හිමිකරුවන් සමඟ සම්බන්ධ කරවීමට සමාගම කටයුතු කරනවා. පසුගිය මාස හයක් තුළ සංචාරකයින් 12,000කට අධික පිරිසක් මෙම සේවාව භාවිතා කර ඇති අතර, ඔවුන්ට ත්‍රීරෝද රථය පදවමින් ශ්‍රී ලංකාව වටා සංචාරය කර සුවිශේෂී අත්දැකීම් ලබා ගැනීමට ද මෙම ව්‍යාපෘතිය ඔස්සේ අවස්ථාව උදා කර දී තිබෙනවා.
“අපේ ව්‍යාපාර ආකෘතිය රටේ ආර්ථිකය සාධාරණ ලෙස වර්ධනය කිරීමට ලොකු දායකත්වයක් සපයනවා. අපි සමඟ සම්බන්ධ වුණ ත්‍රීරෝද රථ හිමිකරුවන්ගෙන් 85% කගේ ආදායම විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බව දත්ත වලින් පෙනෙන්න තියෙනවා. ඒ වගේම බොහෝ දෙනෙක් පහළ ආදායම් මට්ටමක සිට ස්ථිර හෝ වැඩි ආදායම් මට්ටමකට ඇවිත් තියන බවත් තහවුරු වෙනවා.” යැයි සමාගමේ සාමාන්‍යාධිකාරී නයීම් අනීස් මහතා මෙම සමුළුව අමතමින් ප්‍රකාශ කළා.
සමීක්ෂණ දත්ත අනුව සාමාන්‍යයෙන් ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ ආදායමෙන් 45%ක් දරුවන්ගේ අධ්‍යාපනය සඳහාත්, ගෘහස්ථ වියදම් සඳහා 40%ක ප්‍රමාණයකුත්, 35%ක් ණය පියවීම් සඳහාත්, සෞඛ්‍ය හෝ ඉතුරුම් වෙනුවෙන් 30%ක ප්‍රමාණයකුත් ලෙස බෙදී යන බව අනාවරණය වී තිබෙනවා. ඒ අනුව tuktukrental.com සමඟ එක් වුණ ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ ආදායම වැඩිවීම මේ සියළු අංශයන් කෙරෙහි ධනාත්මක ලෙස බලපෑමක් ඇති කරන්න සමත් වනවා. ඒ මගින් සමස්ථ ආර්ථිකයට සහ සමාජ ක්‍රියාවලියට ධනාත්මක වෙනසක් එක්ව තිබෙන බව තවදුරටත් පැහැදිලි වනවා. එමෙන්ම මෙලෙස කුලී පදනම මත ලබාගෙන සේවයේ යොදවන ත්‍රිරෝද රථ වලින් තුනෙන් එකක ප්‍රමාණයක් (1/3) කාන්තාවන් විසින් ධාවන කරන ඒවා වීමත් විශේෂත්වයක්. ඒ මඟින් කාන්තාවන් සවිබලගැන්විම, ආර්ථික වශයෙන් ඔවුන් ශක්තිමත් වීම සිදුවනවා වගේම ප්‍රවාහන ක්ෂේත්‍රයට කාන්තාවන්ගේ දායකත්වය සැලකිය යුතු ලෙස ඉහළ යාමක්ද මේ ඔස්සේ සිදුව තිබෙනවා.
මේ වන විට ආරුගම්බේ ප්‍රදේශයේ නව සේවා මධ්‍යස්ථානයක් විවෘත කර ඇති අතර, එය කටුනායක සහ ඇල්ල හි පිහිටි සේවා මධ්‍යස්ථාන සමඟ සම්බන්ධ කර තිබෙනවා. එමෙන්ම tuktukrental.com ඔවුන්ගේ ව්‍යාපාර ජාලය තවදුරටත් පුළුල් කරමින් දැන් කාම්බෝජයටද තම සේවා පුළුල් කර ඇති අතර, අනාගතයේ පිලිපීනය ඇතුළු තවත් රටවල්වලට මෙය ව්‍යාප්ත කරවීමට සැලසුම් කර තිබෙනවා. 2027 වන විට සමාගම තම ත්‍රීරෝද රථ පිරිසෙන් 25% ක් විදුලි බලයෙන් ධාවනය කෙරෙන ඒවා බවට පත් කිරීමට සැලසුම් කොට ඇති අතර ඒ ඔස්සේ පරිසර හිතකාමී බව තහවුරු කිරීමට අපේක්ෂා කරනු ලබනවා.
මෙම විශේෂ සමුළුව සඳහා Vega Innovations, Platinum හවුල්කරුවා ලෙස සහ Valvoline, Gold හවුල්කරුවා ලෙස දායකත්වය සපයා තිබුණා. Google සහ TripAdvisor හි තරු 4.9 ක ඉහල ශ්‍රේණිගත කිරීමක් හිමි කර ගත් tuktukrental.com, සංචාරකයින්ට විශ්වාසනීය, සාධාරණ හා විශිෂ්ට සේවාවක් සපයමින් රටේ ආර්ථික වර්ධනයට ද ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙන්නෙකු ලෙස කටයුතු කරමින් සිටිනවා.
අද වනවිට tuktukrental.com ලෝක පුරා සංචාරකයින්ට ත්‍රීරෝද රථ කුලියට ලබා දෙන අතර, ශ්‍රී ලංකාව, කාම්බෝජය සහ පිලිපීනය වැනි රටවල දේශීය ත්‍රීරෝද රථ හිමිකරුවන්ගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් ලෙස මෙය ක්‍රියාත්මක වනවා. පරිසර හිතකාමී, ප්‍රජා මූලික සහ විශ්වාසනීය සේවාවක් මඟින් විශිෂ්ට සංචාරක අත්දැකීමක් සපයමින් ඉදිරියට යාම tuktukrental.com සමාගමේ මූලික අරමුණයි.
ඔබත් අදම ලියාපදිංචි වන්න: http://tuktukrental.com/onboard
අමතන්න : 076 095 1205 / 077 647 6021