හතර වටෙන් කාන්තාවන් වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශයක් නැතිවුණේ ඇයි..?

කාන්තාවන් වෙනුවෙන් කැබිනට් අමාත්‍යාංශයක් නැතිවුණේ ඇයි..?

2020 Sep 3

මෑතකදී පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු කාන්තා හා ළමා කටයුතු කැබිනට් අමාත්‍යංශය ඉවත් කිරීමට තීරණය කර ඇත. එය අධ්‍යාපන අමාත්‍යාංශය යටතට ගෙන ඇති අතර කාන්තා හා ළමා සංවර්ධනය, පෙර පාසල් අධ්‍යාපනය, ප්‍රාථමික අධ්‍යාපනය, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා, අමාත්‍යාංශ තනි රාජ්‍ය අමාත්‍යාංශයක් යටතට ගෙන තිබේ. මෙම තීරණය ප්‍රධාන ගැටළු දෙකක් දරයි . කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය රාජ්‍ය අමාත්‍යාංශයක් දක්වා පහත හෙළනු ලැබුවා පමණක් නොව ,තවත් ජන වරම් කිහිපයක් සමග මිශ්‍රකර ඇත.

 

වර්තමානයේ දී එහි නායකත්වය දරන්නේ පිරිමි චරිතයක් වන ගරු. පියල් නිශාන්ත ද සිල්වා අමාත්‍යවරයායි .ඔහු කාන්තා හා ළමා සංවර්ධනය ,පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය , පාසල් යටිතල පහසුකම් හා පාසල් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.මීට පෙර පැවති කැබිනට් අමාත්‍යංශයද පරමාදර්ශයට වඩා අඩු මට්ටමකින් කටයුතු කිරීම හා එම අමාත්‍යාංශවල සිදු වූ වැරදි අඩුපාඩු හේතුවෙන් වර්තමාන කැබිනට් මණ්ඩලයද අඛණ්ඩව පවත්වාගෙන යයි යන බලාපොරොත්තුව සුන් කර ඇත.

රාජ්‍ය අමාත්‍ය ගරු. පියල් නිශාන්ත අමාත්‍යවරයා විසින් කාන්තා හා ළමා සංවර්ධනය, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපනය සිට පාසල් යටිතල පහසුකම් සහ පාසල් සේවා දක්වා ඒකාබද්ධ කළ සේවාවන් රාශියක් පාලනය කරයි . කාන්තා කටයුතු සඳහා වෙනම අමාත්‍යාංශයක් පැවරීමට අපොහොසත් වීමෙන් ඇඟවෙන්නේ, ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සවිබල ගැන්වීමේ සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ඉදිරියට ගෙන යාමේ ප්‍රමුඛතාව පසුපසට ඇද දමා ඇති බවයි. එපමණක්ද නොව, රාජ්‍ය අමාත්‍ය ගරු. පියල් නිශාන්ත අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු පැමිණීම, මන්ත්‍රීවරුන් 236 දෙනාගෙන් 186 වෙනි තැන ගෙන ඇති අතර පැමිණීමේ අනුපාතය 57% ක් වේ. Manthri.lk ට අනුව ඔහු වැඩිපුරම සාකච්ඡා කළ ශීර්ෂය වන්නේ ,අධ්‍යාපනය, වෙළෙඳාම සහ කර්මාන්තයි.

ශ්‍රී ලංකාවේ කාන්තා හා ගෑණු ලමයින්ගේ අයිතිවාසිකම් හා නිදහස, සවිබල ගැන්වීම සහ ඉදිරියට ගෙන යාම සඳහා කාන්තා කටයුතු සඳහා වෙනම අමාත්‍යංශයක් අත්‍යවශ්‍යව තිබේ. ශ්‍රී ලංකාවේ මුළු ජනගහනයෙන් 52% පමණ කාන්තාවන් වේ. එහෙත් වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය මන්ත්‍රීවරියන් 12 දෙනෙක් පමණක් වීමත්, ඔවුන්ගේ හඬ දේශපාලන ක්ෂේත්‍රය තුළ ප්‍රමාණවත් ලෙස නියෝජනය නොවීම සහ කාන්තාවන් මුහුණ දෙන බොහෝ ගැටළු විසඳීමට වෙනම අමාත්‍යාංශයක් නොමැතිකම යන කරුණු හේතුවෙන් , ශ්‍රී ලංකාවේ දිගුකාලීන සැලසුම් සඳහා ස්ත්‍රී ,පුරුෂ සමානාත්මතාවය පවත්වාගෙන යාමට නොහැකි විම, වර්තමානයේ දී දරුණු ගැටළුවක් වී තිබේ.

 

 

  • විවිධ ජන වරම = සමස්ත බලපෑම

 

අවිවාදයෙන් තොරව, කාන්තාවන් හා ළමා කටයුතු විෂය පථය පුළුල් හා බහුමාන බව අමුතුවෙන් කිව යුතු නැත . එම නිසා ,මෙම වැදගත් අරමුණ සඳහා වෙනම කැබිනට් අමාත්‍යාංශයක් වෙන් කිරීම අත්‍යවශ්‍ය වී ඇති බව ,මේ දක්වා පුරෝකතනය කළ කරුණු අනුව නිගමනය වේ. කාන්තා හා ළමා කටයුතු සඳහා වෙනම කැබිනට් අමාත්‍යංශයක් පිහිටුවීම සඳහා කරන ලද අභියාචනයක් මගින් විද්වතුන් හා ක්‍රියාකාරීන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් කියා සිටියේ, “කාන්තා හා ළමා කටයුතු වල වැදගත් ක්ෂේත්‍රය පටු ලෙස රජය සලකන බවයි . ඒ සඳහා අවම සම්පත් සහ සීමිත මැදිහත්වීම් අවශ්‍ය වේ. මුළු ජනගහනයෙන් පිළිවෙලින් මිලියන 13ක් (51%) සහ මිලියන 06ක් (25%) වන ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ හා දරුවන්ගේ යහ පැවැත්ම පිළිබඳව රජයේ අවධානය යොමු නොකරන්නේ නම්, ජාතික සංවර්ධනය හා ප්‍රගතිය සම්පූර්ණ නොවන බව එම ලිපියේ තව දුරටත් සඳහන් කර ඇත. කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම් කිරීම් තුරන් කිරීමේ සම්මුතිය 1981 (CDW) සහ එක්සත් ජාතීන්ගේ ළමා සම්මුතිය 1991(UNRCC) යන දෙකටම ශ්‍රී ලංකාව රාජ්‍ය ආණ්ඩුවක් බව අත්සන් කළ අය රජයට මතක් කර දුන්හ .

ශ්‍රී ලංකාව තුළ තිරසාර සංවර්ධන අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කැපවී සිටින ඉලක්ක 05 න් “ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සහ සියලුම කාන්තාවන් හා ගැහැණු ළමයින් සවිබලගැන්වීම කැපී පෙනේ”. එවැනි කැපවීමක් සඳහා සෑම අංශයක් තුළම ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදී සහ ඵලදායි ප්‍රතිපත්ති ගැනීම අත්‍යවශ්‍ය වේ. රජයේ ඉහළ මට්ටම්වල ගන්නා තීරණ ඵලදායි වීම තුළින් සංවර්ධන උපායමාර්ග සාර්ථක කර ගැනීම සඳහා රජයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කළ හැකි බවද එම ලිපියෙන් තවදුරටත් අවධානය කෙරුණි. මේ අනුව කාන්තාවන්ගේ හා ළමයින්ගේ කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරීම තාර්කික හෝ ඉලක්ක සපුරා ගැනීම සඳහා කළ ප්‍රවේශයක් නොවන බව මනාව පැහැදිලියි.

ගෘහස්ථ අපයෝජනය, ප්‍රචණ්ඩත්වය, විවාහය, දූෂණය කිරීම සහ මුල් විවාහයට බල කිරීම සහ කාන්තාවන් හා ගැහැණු ළමයින් වෙත යොමු කරන වෙනත් ආකාරයේ ස්ත්‍රී පුරුෂ හිංසනයන් ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වීම කණගාටුවට කරුණකි. කාන්තාවන්ට සහ ගැහැණු ළමයින්ට ඔවුන්ගේ ස්ත්‍රී පුරුෂ භාවය මත පදනම්ව දිගින් දිගටම වෙනස්කම් කරනු ලැබේ. – අධ්‍යාපන අවස්ථා ,රැකියා අවස්ථා, නායකත්වයේ අපේක්ෂාවන් සහ ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය මේ අතර වේ .

එපමණක්ද නොව, ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍ය සංගමයේ සභාපතිනිය සහ ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සහ පාලනයට මුල් පිරීමේ නිර්මාතෘවරිය වන සජිනි වික්‍රමසිංහ මහත්මිය පැවසුවේ,”මෙම තීරණයත් සමග විවිධ අමාත්‍යාංශය කිහිපයක් එකතු වෙන හෙයින් රාජ්‍ය අමාත්‍යාංශයන්හී වගකීම පැහැර හැරිම පහසු වන බවයි. එහි විෂය පථය යටතේ, කාන්තා කටයුතු සඳහා කැබිනට් අමාත්‍යාංශයක් ඇති විට කාන්තාවන්ට අහිතකර වන ඕනෑම නීති සම්පාදනයට හෝ ක්‍රියාවකට එම ඇමතිවරයා සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි. ඕනෑම අයෙකුට ඔවුන්ගෙන් ප්‍රශ්න ,විමසීම් සහ යෝජනා කෙලින්ම ඉදිරිපත් කළ හැකියි”.සජිනි මහත්මිය සඳහන් කළාය .

එබැවින් කාන්තාවන් සඳහා කැබිනට් අමාත්‍යාංශයක් තිබුණේ නම් ,අදාළ අමාත්‍යවරයාට කැබිනට් තීරණ ගැනීමේදී සෘජුවම බලපෑම් කිරීමට ,අදහස් දැක්වීමට හෝ කාන්තාවන්ට අදාල නම් විරෝධතා මතු කිරීමට හැකිවේ. සජිනි මහත්මිය මේ සම්බන්ධයෙන් පෙත්සමක් ඉදිරිපත් කරමින් සිටී. මෙම ව්‍යාපාරය පිළිබඳ අදහස් දක්වමින් ඇය මෙසේ පැවසීය. “බිම් මට්ටමේ කාන්තාවන් සමග කටයුතු කළ ක්‍රියාකාරීන් වශයෙන්, කාන්තාවන් දිනපතා මුහුණ දෙන යථාර්ථයන් පිළිබඳ අමාත්‍යවරයා සහ පාර්ලිමේන්තුවේ සෙසු සාමාජිකයින් දැනුවත් කිරීම අපගේ වගකීමකි. කාන්තා ප්‍රචණ්ඩත්වයේ සිට වෙනස් කළ යුතු දේ ඇතුළුව වෙනස් කොට සැලකීමේ නීති දක්වා කාන්තාවන්ගේ සියලු අංශ ඇතුළත් පෙත්සමක් මා විසින් ආරම්භ කළේ එබැවිනි. අනිකුත් කාන්තා අයිතිවාසිකම්, ක්‍රියාකාරීන්ගේ සහය ඇතිව මේ වසරේ ඔක්තෝම්බර් මාසය වන විට ත්‍රෛභාෂා ලේඛනය අදාළ පාර්ශවයන්ට ඉදිරිපත් කිරීමට ඇය බලාපොරොත්තු වෙන බව ද තවදුරටත් සදහන් කර තිබුණා. ඒ තුළින් ඇය,” රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් සහ නිදහස ප්‍රවර්ධනය කිරීම අපේක්ෂා කරන්නේ කෙසේද? “යන ප්‍රශ්නය රජයට ඉදිරිපත් කර ඇත.

මීට අමතරව, මුස්ලිම් විවාහ දික්කසාද පනත (MMDA) ප්‍රතිසංස්කරණය කිරීම සඳහා විවිධ පාර්ශවකරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීම්- මුස්ලිම් විවාහ සඳහා අවම වයස් සීමාවන් නියම කිරීම, පෞරාණික නීතීන් සහ වෙනත් කාරණා ,ළමා ලිංගික අපයෝජන සිද්ධීන් හා කම්පන සහගත සිදුවීම් මේ අතර වේ . කාන්තාවන්ගේ නිදහස සහ අයිතිවාසිකම් සුරක්ෂිත බව සහතික කිරීම සඳහා නීති ප්‍රතිපත්ති සහ අවශ්‍ය ඵලදායි ප්‍රතිසංස්කරණ කිරීම් ක්‍රියාත්මක කිරීම සඳහා රජයේ ඉහළ මට්ටම්වල වර්තමාන අවශ්‍යතාවයක් බව පෙන්වා දී ඇත.

 

 

  • කාන්තා කටයුතු පිළිබඳ පෙර කැබිනට් අමාත්‍යාංශවල සාර්ථකත්වය

 

1978 දී ජනාධිපති ජේ. ආර්. ජයවර්ධනගේ ධුර කාලය තුළ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය යටතේ කාන්තා කාර්යාංශයක් ආරම්භ කරන ලදී. පසුව, 1997 දී කාන්තා කටයුතු අමාත්‍යාංශය පිහිටුවන ලද අතර, 2004 දී සමාජ සුභසාධනය සහ 2006 දී ළමා සංවර්ධනය ඇතුළු බලතලවල සුළු වෙනස්කම් සහිතව වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ලෙස අඛණ්ඩව ක්‍රියාත්මක කෙරුණි.

කලින් කැබිනට් අමාත්‍යංශයට අයත් කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය (MWCA) 2015 සැප්තැම්බර් 9 වන දින අංක 1933 ගැසට් පත්‍රය යටතේ පිහිටුවන ලදී.

ගැසට් පත්‍රයට අනුව ප්‍රධාන වගකීම් අතරට කාන්තාවන් වෙනුවෙන් ප්‍රතිපත්ති, වැඩසටහන් හා ව්‍යාපෘති සකස් කිරීම, කාන්තාවන් හා ළමුන් සම්බන්ධව අධීක්ෂණය හා ඇගයීම, කාන්තා සහභාගීත්වය වැඩි දියුණු කිරීම සහ පොදු කටයුතු හා දේශපාලනය තුළ තීරණ ගැනීමේදී ඔවුන්ගේ නියෝජනය, කාන්තා ප්‍රධානීන්ගේ පවුල් සවිබල ගැන්වීම සහ බලපෑමට ලක්වූ කාන්තාවන්ට සාධාරණය ඉටුකිරීම මෙහි ඇතුළත් වේ. ගැටුම් හා දරිද්‍රතාවයෙන් පීඩා විඳින කාන්තාවන් මෙන්ම කාන්තාවන් සහ ළමා අපයෝජන වැළැක්වීම සඳහා නීති සහ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම, ශක්තිමත් කිරීම මෙතුළින් සිදුවිය.

1993 මාර්තු 3 වන දින අනුමත කරන ලද ඓතිහාසික කාන්තා ප්‍රඥප්තියක් පසුගිය අමාත්‍යාංශ විසින් පවත්වාගෙන ගිය කාන්තා ජාතික කමිටුව මගින් ප්‍රකාශයට පත් කෙරුණි.
ප්‍රඥප්තිය මගින් කාන්තාවන්ගේ දේශපාලන, සිවිල්, අධ්‍යාපනික හා ආර්ථික අයිතිවාසිකම්, වෙනස් කොට සැලකීම් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය තුළ ඇතිවිය හැකි ප්‍රචණ්ඩත්වයන් මැඩලීම මෙන්ම අවම සේවා නියුක්තියේ වයස අවුරුදු 15 කට සීමාකිරීම සිදු විය.

තවද, 2006 පාලන තන්ත්‍රය යටතේ ළමා සංවර්ධන හා කාන්තා සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය විසින් 2005 අංක 34 දරණ ගෘහස්ථ හිංසනය වැළැක්වීමේ පනත සාර්ථකව බලාත්මක කරන ලදී. එමඟින් ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ නිල වශයෙන් ගෘහස්ථ හිංසනය තහනම් කරන රටවල් අටෙන් හතරවෙනියා බවට පත්විය. . මීට අමතරව, ගෘහස්ථ හිංසනයෙන් දිවි ගලවා ගත් අයට ක්ෂණික සහනයන් ලබාදීම සඳහා MWCA අවශ්‍යතා ඇති කාන්තාවන් සමඟ අවබෝධතා ගිවිසුමක් (WIN) ඇති කරගත් අතර, ප්‍රචණ්ඩත්වයට මුහුණ දී සිටින කාන්තාවන්ට ආරක්ෂිත නිවාස ලබා දීම සඳහා යාපනයේ සමාජ ක්‍රියාකාරී මධ්‍යස්ථානයක් විසින් කටයුතු කර ඇත.

කාන්තාවන් අසාධාරණයන්ට ලක්වීම මැඩපැවැත්වීමට සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන කාන්තාවන්ට සෘජු උපකාරක සේවාවක් ලබා දීමේ අපේක්ෂාවෙන් MWCA විසින් 2016 මාර්තු මාසයේදී පිහිටුවන ලද 1938 යන උපකාරක දුරකථන අංකය නිර්මාණය කිරීම මෙහි ගත් ප්‍රධාන පියවරක් ලෙස සඳහන් කළ හැක. පාසල් පෙළපොත් ලේඛකයින් සඳහා ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ වැඩසටහන් පැවැත්වීමට ද අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර,අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ සංවේදී අන්තර්ගතයන් ඒකාබද්ධ කිරීම සඳහා පාසල් පෙළපොත් සමාලෝචනය කිරීමටද පියවර ගෙන ඇත. කාන්තා ජාතික කමිටුව කාන්තා සිරකරුවන්ගේ සුභසාධනය උදෙසා බන්ධනාගාර කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා ආරම්භ කළේ රැඳවියන්ගේ දුක්ගැනවිලි විසඳීම සඳහා පියවරක් ලෙසය.

ඉහත දෑ කාන්තා කටයුතු සඳහා වෙනම කැබිනට් අමාත්‍යාංශයක අවශ්‍යතාවය මැනීමේ නිදසුන් කිහිපයක් පමණි.

 

  • පිරිමි නායකත්වයන්ට සාපේක්ෂව කාන්තාවන්ගේ නියෝජනය අවම වීම

 

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සාක්ෂාත් කර ගැනීම සඳහා බොහෝ දුරක් යා යුතු රටක, කාන්තාවන්ට ඔවුන්ගේ යහපැවැත්මට විසඳුම් ලබා ගැනීම සඳහා නියෝජනය කිරීම අත්‍යවශ්‍යයි. කාන්තා නියෝජනය පිළිබඳ අධ්‍යයන කිහිපයකින් පෙනී යන්නේ කාන්තා මන්ත්‍රීවරුන්, කාන්තාවන්ගේ ගැටළු වඩාත් ප්‍රබල හා විශ්වාසදායක ලෙස නියෝජනය කරන බවයි. ව්‍යවස්ථාදායකය තුළ ඔවුන්ගේ පිරිමි සගයන්ට වඩා කාන්තා නියෝජිකාවන් ඔවුන්ගේ සමාජ අනන්‍යතාවය සහ ස්ත්‍රී පුරුෂභාවය පිළිබඳ විශේෂිත අත්දැකීම් බෙදා හදාගැනීම මීට හේතුවයි. ‘කාන්තාවන් සහ ළමා සංවර්ධනය’ පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ප්‍රධානියා ලෙස පිරිමි දේශපාලඥයෙකු පත් කිරීම නිසැකවම පුදුම දනවන කරුණක් වන අතර මේ සඳහා දැඩි මහජන අවධානයක් යොමු වී ඇත. ශ්‍රී ලංකාව තුළ දේශපාලන හා මැතිවරණ ක්‍රියාවලියන්හි අඩු කාන්තා නියෝජන රටාවක් නිරන්තරයෙන් පවතී. වර්තමාන පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය දොළහකට සීමා විය.

රජයේ හා පොදු කටයුතුවල ඉහළ තනතුරු සදහා කාන්තා නායකත්වයේ අවශ්‍යතාවය පිළිබඳව පෙන්වාදෙමින් , ෆෝබ්ස් විසින් ලිපියකින් ලියා දක්වන්නේ “කාන්තාවන්ගේ නායකත්ව තනතුරු තුළ ඔවුන් විශිෂ්ටත්වයට පත්වූ පසු – බොහෝ විට පිරිමින් අභිබවා යන බවයි – ඊට හේතුව නම් ඔවුන් ඵලදායී නායකත්වයට අවශ්‍ය මෘදු කුසලතා සියල්ලෙන් පෝෂණය වී ඇති බැවිනි ” යනුවෙනි. සන්නිවේදනය, සවන්දීම සහ සංවේදනය වැනි කුසලතා පිරිමින්ට වඩා කාන්තාවන් විසින් ප්‍රදර්ශනය කරනු ලබන අතර, ක්‍රියාකාරිත්වයන් තුලදී සහයෝගීතාවය සහ අවධානය වැඩි ලෙස යොමු කිරීම කාන්තාවන්ගෙ ප්‍රධාන ශක්තීන් වේ. මාතෘ නිවාඩු, වැඩිහිටි රැකවරණය, නම්‍යශීලී වැඩකරන වේලාවන් මෙන්ම ළමාරක්ෂක සේවා සහ සමාජ සමානාත්මතාවය ප්‍රවර්ධනය කරන ප්‍රතිපත්ති සහ නෛතික ප්‍රතිසංස්කරණ සඳහා කාන්තාවන් වඩාත් සංවේදී බව ඔප්පු වී ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, පළාත් සහ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය අවම වේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය, පවුල් ප්‍රතික්ෂේප කිරීම, මූල්‍යමය බාධක සහ දේශපාලන ක්ෂේත්‍රයන්හි කාන්තාවන්ගේ ක්‍රියාකාරී හා අර්ථවත් සහභාගීත්වයට පහසුකම් සපයන පිළිගැනීමේ වාතාවරණයක් නොමැතිකම මෙම බලාපොරොත්තු සුන් වූ යථාර්ථයට හේතු කිහිපයක් වේ.

දේශපාලන ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ කාර්යයන් ඇතුළත් වන හා අගය කරන ප්‍රගතිශීලී නීති නිර්මාණය කිරීම මෙන්ම ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලංකා රජයට පැවරේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය ශ්‍රී ලංකාවේ කාන්තා හා ගැහැණු ළමයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විශාල දියුණුවක් ලබා ඇති මොහොතක, අප සැබවින්ම පසුගාමී නොවීමට වගබලා ගත යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here