හතර වටෙන් ඔයත් අංක 13ට බය කෙනෙක්ද?

ඔයත් අංක 13ට බය කෙනෙක්ද?

2020 Mar 6

අපි පොදුවේ එක එක දේවල් වලට බයයිනේ . කුමක් හෝ හේතුවක් නිසා මකුළුවන්ට, ලොකු උසකට, කැරපොත්තන්ට, කරුවලේ එළියට යන්න, බෙහෙත් විදිනවට වගේ විවිධ දේවල් වලට බයක් ඇතිකරගන තිබෙනවා .ඒත් ඇයි මේ මිනිස්සු අංක 13ට බය. අංක 13 කියන්නේ අනිත් අංක වගේම තවත් එක අංකයක්. අංක 13 සම්බන්ධයෙන් බය හිතෙන චිත්‍රපටි පවා නිර්මාණය වෙලා තිබෙනවා. සමහර ගොඩනැගිලිවල හිතාමතාම 13 වන මහල නිර්මාණය කරලා නැහැ. ඒ වගේම ගොඩක් අය 13 වන දිනයේ සුභ කටයුතු කිසිදෙයක් සිදු කරන්නේ නැහැ. මේ අංක 13ට ඇති බිය හඳුන්වන්නේ ට්‍රිස්කයිඩෙකෆෝබියා (triskaidekaphobia)වශයෙනි. කොහොම වුණත් හරියටම 13 අවාසනාවන්ත සංඛ්‍යාවක් බවට පත් වූයේ කවදාද යන්න පැහැදිලි කරලා නැහැ.

ඇත්තටම ඇයි පුද්ගලයින් අංක 13ට බය. මේ අනිසි බිය ඇතිවෙන්න එක හේතුවක් කියලා නැහැ. සමහරු එය බයිබලයට ආරෝපණය කර ඇති තිබෙනවා. ඒකට අනුව අන්තිම රාත්‍රී භෝජන සංග්‍රහයට පුද්ගලයන් 13 දෙනෙකු සහභාගී වූ අතර සමහරු අනුමාන කළේ මේසයේ සිටි 13 වන පුද්ගලයා යූදස් බවත් පසුව යේසුස්ව පාවා දුන් බවත්ය. කොහොම වුණත් මෙම සිද්ධාන්තය පිළිබඳව කිසිදු සඳහනක් නැහැ. ඒ වගේම මිත්‍යා කතා වලද 13 දෙනා අවාසනාවන්තයි කියලා ඔප්පු කරලා තිබෙනවා. විද්‍යාඥයින් හා ගණිතඥයින් පවසන්නේ අංක 13 හි භීතිකාව ඇති වන්නේ එය අතාර්කික සංඛ්‍යාවක් වීම සහ 12 පරිපූර්ණ සංඛ්‍යාව වීම නිසා බවයි. මිත්‍යාව හා ගණිතය යන දෙකෙහිම සාධක එකතුවෙලා තමයි මේ සංඛ්‍යාව සෑම රටකම අපකීර්තියට පත්වෙලා තිබෙන්නේ. නමුත් ඉතාලිය, ඊජිප්තුව සහ චීනය වැනි වෙනත් රටවල 13 වාසනාවන්ත සංඛ්‍යාවක් ලෙස සලකනවා.

මෑතකදී කළ ඡන්ද විමසීම් හා අධ්‍යයනවලින් පෙනී යන්නේ ඇමරිකානුවන්ගෙන් 9-10% ක් පමණ අංක 13 ගැන මිථ්‍යා විශ්වාසයන් ඇතිකරගන සිටින බවයි. චීනයේ අංක 13 නරක යැයි සලකන්නේ නැහැ. ඒ වෙනුවට අංක 4 අවාසනාවන්ත ලෙස සැලකනු ලබනවා. අංක 4 ට ඇති බිය සඳහා යෙදුම ටෙට්‍රාෆෝබියා ලෙස හැඳින්වෙනවා.

අංක 13ට බය වීම සුළුපටු දෙයක් ලෙස පෙනුනත්, ට්‍රිස්කයිඩෙකෆෝබියාව යනු බටහිර සමාජයන්ට ආර්ථික වශයෙන් බලපාන ගැටලුවක් වෙලා තිබෙනවා. ඔවුන් ගේ මිථ්‍යා විශ්වාස නිසා සමහර අය ඕනෑම මසක 13 වන දින ව්‍යාපාර කටයුතු ප්‍රමාද කරන අතර සංඛ්‍යාලේඛනමය වශයෙන් මෙම මිථ්‍යා විශ්වාස නිසා ඕනෑම මසක 13 වන දින රැකියාවට නොයන අයද සිටින බව සදහන් වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here