හතර වටෙන් ඕපාදූප කතාවෙන එක හොඳයි ද?

ඕපාදූප කතාවෙන එක හොඳයි ද?

2020 Mar 5

ලොකු පොඩි අපි හැමෝටම නිතර දෙවේලේ ඇහිලා තියෙනවා “ඔයාට කියන්න හොඳ දෙයක් නැත්තම්, මුකුත්ම නොකියා ඉන්න “කියන කියමන. අපි රැකියාව කරන තැන කතාබහේදී, එදිනෙදා යාළුවොත් එක්ක කරන සාමාන්‍ය කතාබහකදී, එහෙමත් නැත්තම් පවුලේ කතාබහකදී ගොඩක් වෙලාවට කතා කරන්නේ වෙනත් පුද්ගලයෙක් ගැන කියන දේ අපිට පිලිගන්නම වෙන කාරණාවක්. 1993 අවුරුද්දේ කරලා තියෙන පරීක්ෂණ වලින් පිරිමින් කතාබහ කරන කාලයෙන් 55% ක් සහ කාන්තාවන් කතාබහ කරන කාලයෙන් 67% සමාජීය වශයෙන් අදාළ මාතෘකා ගැන ඕපාදූප කතාකරන්න වැය කරන බව හොයාගෙන තියෙනවා.ඇත්තටම මේ “ඕපාදූප” වලට සමාජයේ එක එක තරාතිරම් වල මිනිස්සු එක එක නිර්වචන දීලා තියෙනවා. සාමාන්‍ය මනුස්සයෙක් නම් කියන්නේ ඕපාදූප කියන්නේ හරිම පහත්,ද්වේශ සහගත දෙයක් කියලා.සමහර පර්යේෂකයන් කියලා තියෙන විදිහට නම් ඕපාදූප කියන්නේ “ඒ වේලාවට කතාකරන තැන නැති පුද්ගලයෙක් ගැන කතා කරන එක කියලා’,“එය අපට ස්වභාවයෙන්ම එන දෙයක්”,ඒ වගේම තොරතුරු හුවමාරුවට සහ ප්‍රජා ගොඩනැගීමට අනිවාර්ය දෙයක් කියලා Georgia Gwinnett College එකේ මහාචාර්යවරයෙක් කියලා තිබෙනවා.

 

 

  • ඇයි මිනිස්සු ඕපාදූප කතාකරන්නේ ?

සමහර පර්යේෂකයන් කියන විදිහට නම් ඕපාදූප අපේ මුතුන් මිත්තන්ගේ පැවැත්මට උදව්වක් වෙලා තියෙනවා. සමහර සමාජ විද්‍යාඥයින් කියන විදිහට නම් ඕපාදූප වලට හේතුව ගොඩක් වේලාවට අනිත් අය ගැන කතා කරන ඒවා වීම සහ ඒවාගෙන් තොරතුරු හුවමාරු වීම සිදුවීමයි. ඒ වගේම මේ ඕපාදූප වලට ලොකු සමාජයකට තොරතුරු පැතිරවීමේ හොඳ හැකියාවක් තියෙනවලු. මේ සමාජ හා පෞද්ගලික කාරණා ගැන සාකච්ඡා කරන්න අපට බැරි වුණා නම්, මේ විදිහේ සමාජයන් පවත්වා ගන්නත් අපට බැරි වෙන්න ඉඩ තිබුණා. පුළුල් විදිහට කිව්වොත් කාලයක් පුරාවටම ඕපාදූප මේ විදහට සමාජය පවත්වාගෙන යන්න විවිධ විදිහට උදවුවක් වෙලා තියෙනවා. එන්න එන්නම මේ සමාජය විශාල වෙන නිසා අපිටම අපි වටේ ඉන්න මිනිස්සුන්ගේ තොරතුරු දැනගන්න අමාරු වෙනවා. ඒ නිසා මේ ඕපාදූප සමාජයට සේවයක් කරනවා කියලත් කියන්න පුළුවන්. සමහර විද්වතුන් කියන විදිහට නම් ඕපාදූප සංස්කෘතිය ඉගෙන ගැනීමටත් උදවුවක් වෙලා තියෙනවා.සමාජීය වශයෙන් පිළිගන්න දේවල් සහ පිළිනොගන්නා දේවල් ගැන රටේ ජනතාවට ඉගෙන ගන්න මේ ඕපාදූප උදවු කරනවා.

 

 

  • මිනිසුන් ඕපාදූප කතා කරනකොට මනෝ විද්‍යාත්මකව මොකක්ද වෙන්නේ?

 

තමන් ගැන හෝ තමන්ට සමීප යහළුවන්,තමන්ගේ ආසම සුපිරි තරු ගැන ධනාත්මක සහ සෘණාත්මක ඕපාදූප අසද්දී කාන්තාවන් සහ පිරිමින්ගේ මොළයේ ක්‍රියාකාරිත්වය ගැන 2015 අවුරුද්දේ දී විද්‍යාඥයින් හරි අපුරු පරීක්ෂණයක් කරලා තියෙනවා.එහිදී සංකීර්ණ සමාජ හැසිරීම් වල සැරිසරන්න අපට තියෙන හැකියාවට වැඩියෙන්ම උදවු වන මොළයේ ඉදිරිපස කොටස (prefrontal cortex) වැඩි ක්‍රියාකාරිත්වයක් දැක්වූ බව ඔප්පු වුණා.අනිත් අය විසින් අපිව ධනාත්මකව දැකීමට ඇති අපගේ ආශාව නිසාම අපි අපිට ඇත්තටම හිතුන දේ පෙන්නුම් නොකර සමාජයට ඕන කරලා තියෙන දේ පෙන්නුම් කරන්න අපි උත්සහ ගන්න බව විද්‍යාඥයින් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම අපේ ආසම සුපිරි තරු ගැන සෘණාත්මක ඕපාදූප අසද්දී මොළයේ මැද පිහිටා තියෙන (caudate nucleus) කොටස වැඩි සක්‍රීය බවක් පෙන්නුම් කරලා තියෙනවා. මෙහිදී පරීක්ෂකයින් මොළයේ ක්‍රියාකාරිත්වය වගේම එක් එක් පුද්ගලයාගේ හිතට දැනුන දේ පිලිබදවත් විස්තර අසා තිබුණා.එහිදී පරීක්ෂකයින් හොයාගෙන තියෙන විදිහට තමන් ගැන සෘණාත්මක ඕපාදූප අසන විට තරහවක් සහ තමන් ගේ ප්‍රියතම සුපිරි තරුව හෝ වෙන අයෙකු ගැන ඕපාදූප අසන විට වැඩි විනෝදාස්වාදයක් ඔවුන්ට දැනීලා තියෙනවා.

 

 

  • ඉතින් මේ ඕපාදූප ඔබට හොඳ විය හැකිද?

ප්‍රවීණ විද්‍යාඥයින් කියන විදිහට නම් අපි මගඅරින්න ඕන ඕපාදූප ජාති කිහිපයක්ම තියෙනවා. සමාජයට කිසිම වැඩක් නැති, තනිකරම හානි දායක ඕපාදූප හරියට කෙනෙක්ගේ පෙනුම ගැන පහත් අදහස් වගේ ඕපාදූප අපි මග හරින්න ඕනේ.කිසිම කෙනෙක් ප්‍රතිලාභයක් නොලබන වගේම ඒකෙන් ඉගෙන ගන්න කිසිම දෙයක් ඔයාට නැති විදිහේ ඕපාදූප නම් ඒ වගේ ඕපාදූපත් අපි මග හරින්න ඕනේ. Matthew Feinberg නම් විද්‍යාඥයා ඔහුගේ කණ්ඩායමත් සමග කරපු පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුගේ සමාජ විරෝධී හැසිරීමක් හෝ අයුක්තිය ගැන අසන විට ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය වැඩි වන බව. ඒ වගේම ඒ පුද්ගලයා ගැන ඕපාදූප කියන්නට ඔවුන්ට පුළුවන් වුණාම ඒකෙන් ඔවුන්ට ඇතිවෙන සැනසීමෙන් ඔවුන්ගේ හෘද ස්පන්දන වේගය අඩු වන බව. ඉතින් මේ ඕපාදූප ශරීරය සන්සුන් කරන්න ලොකු උදවුවක් වෙනවා. ඊට අමතරව ෆයින්බර්ග්ගේ මේ පර්යේෂණයෙන් පෙන්නලා දීලා තියෙනවා ඕපාදූප මගින් වැදගත් තොරතුරු ලෙහෙසියෙන් පතුරුවා හරින්න පුළුවන් කියලත්. පුද්ගලයෙක් ගැන ඕපාදූප කලින්ම අසා තියෙන කොට ‘ඔයාගේ කීර්තිය ඔයාට ඉස්සරහින් ගමන් කරනවා’ කියලා මිනිස්සු කියනවා ඔයාට ඇහිලා ඇති. ඉතින් ඒ වගේ ඕපාදූප ගොඩක් ප්‍රයෝජනවත්. ඒ වගේම මේ ඕපාදූප වලට පුළුවන්කම තියෙනවා ඔයාගේ තනිකම නැති කරන්න වගේම එක එක්කෙනා අතර බැදීම් ශක්තිමත් කරන්න සහ විනෝදාස්වාදය ලබා දෙන්න.

ඉතින්, දිගටම කතා කරන්න, හැබැයි ඔයාගේ සංවාදය අනිවාර්යයෙන්ම ඕපාදූප වලට හැරෙයි. එතකොට ඇත්තටම නිවැරදි චේතනාවක් තිබ්බොත් ඒකෙන් යහපතක් සිදුවෙන්න පුළුවන් බව මතක තියාගන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here