හතර වටෙන් Stretch marks නිසා ඔයත් කනස්සල්ලෙන්ද?

Stretch marks නිසා ඔයත් කනස්සල්ලෙන්ද?

2020 Mar 4

Stretch marks කියන්නේ අපි ගොඩක් දෙනෙක්ගේ ශරීරයේ ඇතිවෙන සුලබ තත්වයක්. විශේෂයෙන්ම මේ තත්වය බලපාන්නේ කාන්තාවන්ට. අපේ සම මත වර්ධනය වෙන දිගු, පටු ඉරි, ඉරි හෝ රේඛා තමයි මේ Stretch marks කියලා හදුන්වන්නේ. කාන්තාවන්ට පමණක් වැඩි බලපෑමක් ඇති කළාට ඕනෑම කෙනෙක්ගේ මේ marks ඇතිවෙන්න පුළුවන්. උදරයේ, කලවා, ඉණ, පියයුරු, ඉහළ අත් සහ තට්ටම්වල ඇතුළු ශරීර කොටස් රාශියක මේ marks ඇතිවෙනවා. ගර්භණීභාවය, බර වැඩිවීම, බර අඩු වීම හෝ වැඩිවියට පැමිණීම වගේ දැඩි වර්ධනයක් හෝ සිදු වූ පසු සමට සාමාන්‍ය ස්වරූපය නැවත ලබා ගත නොහැකි වූ විට මෙම කැළැල් ඇතිවෙනවා. කාන්තාවන්ගෙන් සියයට 50 කට වඩා වැඩි ප්‍රමාණයකට ගර්භණී සමයේදී මේ Stretch marks හටගන්නවා.

 

 

රෝග ලක්ෂණ

01.Stretch marks මතු වෙන්න කලින් සම සිහින් සහ රෝස පැහැයක් ගන්නවා. ඒ වගේම අදාළ ස්ථානය කසන්න ගන්නවා.

02.ඔයාගේ සමේ වර්ණයට අනුව රතු, දම්, රෝස, රතු-දුඹුරු හෝ තද දුඹුරු විය හැකි රැලි සහිත, ඉහළට ඔසවා ඇති ලකුණු ලෙස Stretch marks මුලින් වර්ධනය වෙනවා. ඒ විදිහට ඇතිවුණ marks අවසානයේදී මැකී ගොස් සමතලා වන අතර කාලයත් සමඟ රිදී පැහැයට වෙනස් වෙනවා.

03.මේ Stretch marks ක්‍රමයෙන් සැලකිය යුතු ලෙස අඩුවෙලා යන්න හැකියාව තිබෙනවා. ඒ වුණාට එහෙම අඩුවෙන්නත් වසර ගණනාවක් ගතවෙන්න පුළුවන්.

 

 

Stretch marks ඇතිවෙන්න පොදු හේතු

01. ගැබ් ගැනීම – ගර්භනී කාන්තාවන්ගෙන් සියයට 50 ත් 90 ත් අතර සංඛ්‍යාවකට දරු උපතේදී හෝ පසුව Stretch marks ඇතිවෙන්න ඉඩකඩ වැඩීයි.
02.වැඩිවියට පැමිණීම – වැඩිවියට පැමිණීමේ යෞවනයන් තුළ වේගවත් වර්ධනය සාමාන්‍ය දෙයක්. මේ තත්වය ද Stretch marks ඇතිවෙන්න බලපානවා.
03.වේගවත් බර වැඩිවීම – කෙටි කාලයක් තුළ විශාල ලෙස බර වඩීම නිසා Stretch marks ඇතිවෙනවා.
04.වෛද්‍යමය හේතූන් – සමහර වෛද්‍යමය හේතූන් නිසා මාෆාන් සින්ඩ්‍රෝමය ( Marfan syndrome) සහ කුෂින්ගේ සින්ඩ්‍රෝමය (Cushing’s syndrome) නිසා Stretch marks ඇතිවෙනවා. මාෆාන් සින්ඩ්‍රෝමය මගින් සමේ පටක වල ප්‍රත්‍යාස්ථතාව අඩුකරන අතර, කුෂින්ග්ස් සින්ඩ්‍රෝමය මඟින් ශරීරයේ අධික ලෙස හෝමෝන නිපදවනවා. මේ නිසා වේගවත් බර වැඩිවීමට සහ සමේ අස්ථාවරත්වයට හේතු ඇතිකරනවා.
05.කෝටිකොස්ටෙරොයිඩ් (Corticosteroid) භාවිතය – කෝටිකොස්ටෙරොයිඩ් කීම් (Corticosteroid creams) සහ දියර දිගු කාලයක් භාවිතා කිරීමෙන් සමේ කොලජන් මට්ටම අඩු වෙන්න පුළුවන්. කොලජන් සම ශක්තිමත් කරත් කුඩා ප්‍රමාණයකින් Stretch marks ඇතිවීමට බලපානවා.

 

 

අවදානම් සාධක

Stretch marks වර්ධනය කිරීමේ අවදානම් සාධක වශයෙන් ,

01.පවුලේ ඉතිහාසය
02.නිදන්ගත රෝග
03.ගර්භණී වීමට පෙර ශරීර ස්කන්ධ දර්ශකය (BMI)
04.ගර්භනී කාන්තාවන් තුළ දරුවාගේ උපත් බර යන හේතුන් පෙන්වා දෙන්න පුළුවන්.

 

 

රෝග විනිශ්චය

01.සම පරීක්ෂා කිරීම සහ පුද්ගලයෙකුගේ වෛද්‍ය ඉතිහාසය සමාලෝචනය කිරීම මත පදනම්ව Stretch marks පහසුවෙන් හඳුනාගන්න පුළුවන්.

02.රෝග විනිශ්චයේ දී වෛද්‍යවරයා සාමාන්‍යයෙන් රෝග ලක්ෂණ මෙන්ම දැනට භාවිතා කරන ඕනෑම ඖෂධයක් සම්බන්ධයෙන් ප්‍රශ්න ඇසීමක් සිදුකරනවා.

03.Stretch marks හානිකර නොවන අතර වෛද්‍ය ගැටලු ඇති කරන්නේ නැහැ. දුර්ලභ අවස්ථාවන්හි දී, ප්‍රතිකාර හෝ අධීක්ෂණය අවශ්‍ය වෙනවා.

 

 

ප්‍රතිකාර හා වැළක්වාගත හැකි ක්‍රම

01.Stretch marks සඳහා ප්‍රතිකාර කිරීම මිල අධික වෙන්න හැකියාව වැඩීයි.

02.ක්‍රීම්, ජෙල්, දියර සහ රූපලාවණ්‍ය සැත්කම් යන සියල්ලම Stretch marks සඳහා ප්‍රතිකාර ලෙස යෝජනා කර තිබුණත් එවැනි ප්‍රතිකාර සාර්ථක වුණා කියලා ප්‍රමාණවත් වෛද්‍ය සාක්ෂි හමුවෙලා නැහැ.

03.Stretch marks ගොඩක් වෙලාවට කාලයත් සමඟ මැකී යන අතර හඳුනාගත නොහැකි තත්වයට පත්වෙනවා. ගර්භණී සමයේදී Stretch marks ඇති කාන්තාවන්ගේ දරු ප්‍රසූතියෙන් මාස 6 සිට 12 දක්වා කාලය තුළ Stretch marks සැලකිය යුතු ලෙස අඩු වෙනවා.

04.Makeup මඟින් ශරීරයේ වඩාත් නිරාවරණය වන ස්ථානවල ඇති Stretch marks සැඟවීමට හැකියාව තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here