හතර වටෙන් Fashion එකට heels දාගෙන ඇවිදින්නේ අපහසුවෙන්ද?

Fashion එකට heels දාගෙන ඇවිදින්නේ අපහසුවෙන්ද?

2020 Mar 10

Heels කියන්නේ කාන්තාවන් කැමතිම විලාසිතාවක්නේ. විවිධ විදිහේ Heels අපි office යන්න party එකකට යන්න wedding එකකට එහෙමත් නැත්තම් වෙනත් function එකකට යන්න ඒ ඒ තැනට ගැළපෙන විදිහට භාවිතා කරනවා. Heels භාවිතය මගින් කාන්තාවන්ට ලොකු confidence එකක් ඇතිවෙනවා. ඒ වගේම වැඩිය උස නැති අයට ලොකු උදව්වක් වෙනවා මේ Heels භාවිතය. හැබැයි ඉතින් කොච්චර ලස්සන විලාසිතාවක් වුණත් මේ Heels පැළදීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි.

හරි විදිහට Heels භාවිතා කරන්නේ නැත්තම් අපිට කාලයක් යනකොට කොන්දේ ආබාධ ඇතිවෙන්න ඉඩකඩ වැඩීයි. ඒ වගේම විවිධ අපහසුතාවයන්ට මුහුණ දෙන්න වෙනවා. මේ නිසාම ගැස්ම අපි Heels භාවිතා කරනකොට දැනගන්නම අවශ්‍ය tips කිහිපයක් ඔයාලා වෙනුවෙන්ම අරගන ආවා.

 

 

01.පහසු Heels භාවිතා කරන්න

ඔබ පළමු වරට Heels භාවිතා කරනවා නම් උසින් ගොඩක් වැඩි Heels භාවිතා කරන්න එපා. ඇවිදගන්න බැරිව ඔබට මේ විලාසිතාව එපා වෙන්න ඉඩකඩ වැඩීයි. මුලින්ම උසින් අඩු තමන්ට ඇවිදගන යන්න පහසු Heels මිලදී ගෙන භාවිතා කරන්න. මේ විදිහට ඔයාට පුළුවන් උසින් අඩු පාවහන් වලට මුලින් හැඩ ගැහිලා ටික ටික උසින් වැඩි පාවහන් වලට පුරුදු වෙන්න.

 

 

02.සෑම විටම විලුඹේ සිට ඇඟිල්ලි දක්වා ඇවිදින්න

විලුඹේ සිට ඇඟිලි දක්වා ඇවිදින ක්‍රමය තමයි සෑම විටම Heels භාවිතා කරලා ඇවිදින සාර්ථකම ක්‍රමය. අපි අඩිය තියනකොට මුලින්ම විලුඹ පොළවට තියලා තමයි ඇඟිලි පොළවට තියන්න ඕන. එහෙම ඇවිදනකොට ඔයාට සමබරතාවයක් ඇතිවෙනවා වගේම වැටෙන්න තියෙන ඉඩකඩ අවම වෙනවා.

 

 

03.පඩිපෙල මත ඇවිදින ආකාරය ඉගෙන ගන්න

Heels දාගන පඩිපෙල මත ඇවිදින ආකාරය ඉගෙන ගන්න ද ක්‍රමයක් තිබෙනවා. අපි පඩිපෙල දිගේ පියවර කිහිපයක් ඉහළට යනකොට වැඩි පීඩනයක් අපේ පාදයේ ඉදිරිපස කොටසට යොදන්න වෙනවා.

පඩිපෙළ දිගේ ඇවිදිනකොට , එක් එක් පියවර මත අපේ පාද තදින් තැබීම මගින් සමබරතාවය පවත්වා ගන්න පුළුවන්. ඔයා පඩිපෙළේ ඉහළට හෝ පහළට ගියත්, යන හැම වෙලේම සෙමින් ඇවිදින්න වගබලා ගන්න.

දිගු වේලාවක් Heels දාගන සැපපහසු ලෙස ඇවිදින්න පොඩි රහස් උපක්‍රමයක් තිිබෙනවා. ඔයාට කරන්න තිබෙන්නේ Heels දා‍ගෙන ඇවිදිනකොට කුඩා පියවරවල් තියන්න පුරුදුවෙන එක . Heels දාගන ඇවිදිනකොට ඉක්මනටම මහන්සි දැනෙන්න ගන්නවා. ඒ වගේම Heels දා‍ගෙන ඇවිදින එක ඇත්තටම භයානක දෙයක්. කොහෙම වුණත් මේ මහන්සි දැනෙන එක වගේම භයානක බව මග ඇරගන්න පුළුවන් කුඩා පියවරවල් තියලා ඔයා ඇවිදින්න පුරුදු වෙනවානම් .

 

 

04.අමතර සහාය භාවිතා කරන්න

Heels භාවිතා කරනවා නම් Insoles සහ අමතර padding එකක් තිබෙන Heels මිලදී ගැනීම ඔයාට ලොකු පහසුවක් වේවි . Gel insoles සහ අමතර padding ඔබට වෙළඳපලෙන් මිලදී ගන්න හැකියාව තිබෙන අතර මේ දේවල් භාවිතය මගින පාවහන් නිසා ඇතිවෙන කැපීම්, තුවාල අවම කරගන් හැකියාව තිබෙනවා.

 

 

05.ඔබ ඇවිදින ඉරියව්ව නිවැරදි කරගන්න

ඔයා නිවැරදි ඉරියව්ව භාවිතා කරලා ඇවිදලා බලන්න ඔයාටම වෙනසක් තේරෙයි. මුලින්ම විලුඹ පොළවට තද කරලා ඇවිදීම තමයි නිවැරදිම ඉරියව්ව .මේ විදිහට නිවැරදිව ඇවිදීම මගින් ඔයාගේ ශරීරයේ බර ඒකාකාරව බෙදා හරින අතර ඇවිදීමේදී ඔබට සමබරතාවයක් ලබාගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට ඇවිදීම මගින් කොන්ද සහ හිස කෙලින් තබාගෙන ඇවිදින එක පහසු කරවනවා. ඒ වගේම Heels නිසා කොදුඇට පේළියට ඇතිවෙන හානිය නිවැරදි ඉරියව්වෙන් ඇවිදීම මගින් අවම කරනවා.

 

06.තමන්ට ගැළපෙන Heels භාවිතා කරන්න

හැම Heels fashion එකක්ම හැම කෙනෙක්ටම ගැළපෙන්නේ නැහැ. සමහර අය තමන්ට දාගන ඇවිදගන්නවත් බැරි තරම් උස Heels භාවිතා කරනවා .ආසාව තිබුණට තමන්ට පාලනයක් නැති පාවහන් පැලදීමෙන් වලකින්න. මොකද ඇත්තටම එක තමන්ගේ ශරීරයට හොඳ නැහැ. ඒ වගේම තමන් ඇවිදිනකොට අනතුරක් වෙන්න තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩීයි. ඔයා ඔයාගේ පාදවලට වගේම ශරීරයට ආදරෙයි නම් තමන්ට ගැළපෙන තමන්ට හසුරවන්න ලෙහෙසි පහසු Heels භාවිතා කරන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here