රස ගැස්ම සැරට කන්නනම් Arthur’s Pizzeria තමයි

සැරට කන්නනම් Arthur’s Pizzeria තමයි

2020 Mar 12

Open Time:

11 am – 12 am

Address

110 Horton Pl, Colombo 07.

directions

Turn into Horton Place from Wijerama Mawatha, and Arthur's Pizzeria is located on the right side of the road.

Contact No

0117 955 955

Menu

ඔන්න මම තීරණය කලා වැඩත් එක්ක හිරවෙලාම ඉන්න නිසා පොඩ්ඩක් එළියට යන්න. ඉතින් මම ගියේ Horton Place වල තිබෙන Arthur’s Pizzeria එකට. මට හිතුන ටිකක්  relax වෙන්නත් එක්ක Arthur’s Pizzeria එකේ ගොඩක් popular classic thin crust pizza එක වගේම අනිත් කෑම බිම try කරලා බලන්න. ඇත්තටම කියන්න ඕන මම ගොඩක් පුදුම වුණා වගේම Arthur’s Pizzeria එකට අයෙත් යනවා කියලා දැනටම තීරණය කරලා ඉවරයි.

 

Appetizers

Garlic Roast Paan (LKR 300)

මේ සුදුළූණු පාන් එකනම් ඇත්තටම පොඩ්ඩක්වත් රස නැහැ. සුදුළූණු පාන් කිව්වට සුදුළූණු තිබ්බෙම නැති තරම්. ඒ වගේම පාන් ගොඩක් soggy වැඩීයි. පාන් එක soggy වෙලා තිබෙන්නේ butter ඔිවට වඩා වැඩි නිසා කියලා තමයි මටනම් තේරුණේ.

 

 

Mains

Chicken Nai Miris Pizza (LKR 1450)

Arthur’s Pizzeria එකේ Chicken Nai Miris Pizza එකනම් නියමම නියමයි. chicken, cheese සහ විශේෂයෙන්ම නයි මිරිස්, Pizza එකේ topping එකට එකතු කරලා තිබුණා. Pizza එකේ හැම slice එකක්ම මම ගොඩක් රසවින්දා. ඔයා කුළුබඩු රසට කැමති කෙනෙක්නම් ඒ වගේම නයි කොච්චි සැරට,රසට කැමති කෙනෙක් නම් මේ Chicken Nai Miris Pizza එක අනිවාර්යයෙන් රසවිදලා බලන්න අමතක කරන්න එපා.

 

 

Bacon Annasi Pizza (LKR 1600)

Bacon Annasi Pizza කිව්වහම මේ මොකක්ද මේ කියලා ඔයාලා අනිවාර්යයෙන් හිතනවා ඇති. විශේෂයෙන්ම අන්නාසි කන්නේ නැති අයට මේ පිසා එකේ නම ඇහුන ගමන් කන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒත් විශ්වාස කරන්න මේ අන්නාසි Pizza එකනම් රසම රසයි. හොඳට cheese දාලා topping එකට bacon ගොඩක් දලා හදලා තිබෙන මේ අන්නාසි Pizza එක අන්නාසි වලට අකමැති කෙනෙක්ට කන්න හිතෙන විදිහට නියමටම හදලා තිබුණා.

 

 

Prawn Miris Pasta (LKR 880)

නමේ තිබෙන විදිහටම Arthur’s Pizzeria ඉස්සෝ සහ මිරිස් ඇතිවෙන්න දාලා තමයි මේ Pasta ගෙනත් දුන්නේ. මේ Pasta එක කුළුබඩු වලට ප්‍රිය කරන අයට තමයි ගොඩක්ම ගැළපෙන්නේ. cheese, olives, fresh herbs සහ විශේෂයෙන්ම මිරිස් topping එකට දාලා තමයි අපිට පිළිගන්වන්නේ.

 

 

Desserts

Chocolate Biscuit Pudding (LKR 320)

 

 

කට දන සැර කෑම කාලම මට පැණි රස දෙයක් කන්න ඕන වුණා. ඒ නිසා මම Arthur’s Pizzeria එකේ තිබෙන Chocolate Biscuit Pudding එක oder කළා. මේ Chocolate Biscuit Pudding එකනම් ඇත්තටම රසයි. chocolate sauce එක්ක serve කරපු මේ කුඩා Biscuit Pudding එක දිව්‍යලෝකේ ගියා වගේ හැගීමක් ගෙනවා. ඔයාලා Arthur’s Pizzeria එකට ගියහම මේ Chocolate Biscuit Pudding එක කන්න අමතක කරන්න එපා.

 

 

Ambience

Arthur’s Pizzeria එකේ ඇතුලත ආතර්ගේම පින්තූර වලින් සරසලා තමයි තිබුණේ. ඒ වගේ අභ්‍යන්තරය තරමක් ආලෝකයෙන් අඳුරු ස්භාවයක් ගන්නවා.එළිමහනේද ඉදගන්න පුළුවන් වෙන්න හදලා තමයි තිබෙන්නේ. හැබැයි කාර්ය මණ්ඩලය අපි බලාපොරොත්තු වුණාට වඩා අඩුවෙන් තමයි අගන්තුක සත්කාර කලේ. ඒ වගේම වගකීම් සම්බන්දයෙන් තැකීමක් කරන්නේ නැහැ කියලා තමයි මට තේරුණේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here