රස ගැස්ම සිංගප්පූරු කෑම රස විඳින්න ලංකාවේ තියෙන නියම තැනක් “Lau Pa Sat”

සිංගප්පූරු කෑම රස විඳින්න ලංකාවේ තියෙන නියම තැනක් “Lau Pa Sat”

2020 Mar 13

“Lau Pa Sat” කියන්නේ සිංගප්පූරු කෑම රස විඳින්න ලංකාවේ තියෙන නියම තැනක්. මේකේ නම හැදිලා තියෙන්නේ hawker centers (එළිමහන් සංකීර්ණයක කෑම කන්න පුළුවන් විදියට හදලා තියෙන අවන්හල්) කියන වචනයෙන්. කොළඹ One Galle Face සාප්පු සංකීර්ණයේ තියෙන Lau Pa Sat අවන්හල ඇතුලට යනකොටම staff එකේ අයගෙන් උණුසුම් පිළිගැනීමක් අපිට ලැබුණා. ලස්සනට හැඩගන්වලා තියෙන මේ අවන්හලට ගියාම සිංගප්පූරුවට ගියා වගේ හැඟීමක් දැනේවි ඔයාලටත් අනිවාර්යයෙන්ම.

 

Drinks

Lau Pa Sat අවන්හලේ menu එකේ තියෙන බීම වර්ග බොහොමයක් සිංගප්පූරුවට ම සුවිශේෂී වුණ ඒවා. ඒ වගේම අලුත් රසයන්ගෙන් අනූන වුණ බීම වර්ගත් මෙතන තියෙනවා.හැබැයි මේ ඔක්කොම non-alcoholic බීම වර්ග.

 

Bandung Rose Syrup (LKR 400)


මේ drink එකේ නම් පැණිරස ගතිය ගානට තිබුණා. ඒ වගේම තමයි එකේ thickness එකත් ගානට. Rose syrup වලින් රස ගැන්වුණු මේ drink එකේ කසකසා ඇට (poppy seeds) දාලා තිබුණා. මොකද, අපි දන්න විදියට නම් Bandung Rose Syrup එකට කසකසා ඇට සාමාන්‍යයෙන් දාන්නේ නෑ . කසකසා ඇට එකතු කරලා තිබුණත් මේ drink එකේ රසය උපරිමයෙන් තිබුණා..

 

 

Milo Dinosaur (LKR 400)


Milo Dinosaur කියන drink එක පිළිගන්වලා තිබුණ විදිය නම් කිසි අඩුවක් නෑ, ඒත් අපි බලාපොරොත්තු වුණ තරමට ඒකේ රසය තිබුණේ නෑ. හැබැයි මේ drink එකේ උඩින් දාලා තිබුණ Milo powder එකෙන් ඒකේ රසය වැඩි කළා.

 

 

Lychee Soda Cooler (LKR 400)


අපි try කරපු බීම වර්ග තුනෙන් සුවිශේෂීම එක තමයි Lychee Soda Cooler. ඒ වගේම අපිත් වැඩියෙන්ම කැමති වුණේ මේ drink එකට. මොකද මේකේ සැර ගතියයි නැවුම් ගතියයි දෙකම එකට මුසු වෙලා තිබුණ නිසා. ටිකක් සැර ගතියක් තිබුණට මේ drink එකේ තියෙන sweet lychee (මේක රඹුටන් වගේ පලතුරක්) flavour එක නිසා අමුතුම රසයක් ඒකට එකතු වෙලා තිබුණා.

 

 

Mains

Coffee Sauce Chicken Wings (LKR 750)


මේ dish එක අපි order කරපු වෙලාවේ ඉඳන් ඇඟිලි ගැන ගැන බලන් හිටියේ රස විඳින්න! Crispy, juicy ගතිය තියෙන chicken wings වලට thick coffee sauce දාලා ඒකට උඩින් sesame seeds දාලා තමයි මේ dish එක පිළිගැන්නුවේ. Sauce එකට එකතු කරලා තිබුණ coffee වල තියෙන තරමක් පැණි රස සහ තිත්ත ගතිය chicken wings වල soft ගතියත් එක්ක නියමෙට ගැළපුනා.

 

 

Jumbo Chicken Satay (LKR 700)

අපි ඊළඟට try කරපු dish එක නම් ශ්‍රී ලාංකික අපිට හුරුපුරුදු රස මුසු වුණු කෑමක් නෙමෙයි. හැබැයි අලුත් කෑම try කරන්න කැමති අපි නම් Jumbo Chicken Satay වලට කැමති වුණා. මේකේ chicken හොඳට මෙළෙක් ගතියට තිබුණා. ඒත් අපිට දැනුණේ නම් ඒකේ තෙල් ගතිය ටිකක් විතර වැඩියි කියලා. Chicken Satay dish එකත් එක්ක පිළිගන්වපු sauce එකේ peanut රසකුත් තිබුණා. ඒ sauce එක Chicken Satay එකත් එක්ක ගැලපෙනවා. Chicken Satay කෑවට පස්සේ පොඩ්ඩක් විතර දැවිල්ලක් දැනුණා. හැබැයි අපි නම් ඒකට කැමති වුණා.

 

 

Laksa (LKR 1000)


Laksa කියන්නේ පෙනුම, රසය, සුවඳ මේ ඔක්කොම එකතු වුණ dish එකක්. සිංගප්පූරු කෑම වල රස සංකේතවත් කරන dish එකක් විදියට Laksa හඳුන්වන්න පුළුවන්. අපි වැඩිපුරම ආස කරන කෑම වර්ගවල list එකේ උඩින් ම තියෙන කෑමක් තමයි Laksa. මේ noodle soup එක පොල් සහ seafood curry mix කරලා හදලා තිබුණේ. ඒකේ ටිකක් විතර සැර ගතියක් තිබුණා. Laksa dish එකේ තියෙන thick noodles ගෙන්නන්නේ සිංගප්පූරුවෙන් කියලා අපිට දැනගන්න ලැබුණා. Lau Pa Sat එකේ තියෙන Laksa dish එක එක්කෙනෙකුට තමයි serve කරන්නේ. ඒත් අපිට ඒ dish එක ඉවර කරන්නත් අමාරු තරමට ඒ portion එක ලොකුයි. Laksa dish එකේ ඉස්සෝ ගොඩක් එක්ක prawn-cakes හොඳට දාලා තිබුණා. ඒ වගේම ඒකට දාලා තිබුණ noodles හොඳ ගානට boil කරලා තිබුණා. අපි ඒ නිසා Laksa dish එක නම් අනිවාර්යයෙන්ම recommend කරනවා.

 

 

Nasi Goreng With Fried Chicken (LKR 750)


Nasi Goreng කියන්නේ ලංකාවේ ගොඩක් common කෑම වර්ගයක් නිසා අපි බලාපොරොත්තු වුණේ නෑ Lau Pa Sat තිබෙන Nasi Goreng dish එකේ ලොකු විශේෂත්වයක් තියෙයි කියලා. හැබැයි අපි මීට කලින් try කරලා තියෙන Nasi Goreng dishes වලට වඩා මේක ගොඩාක් හොඳයි. බත් වලට mix කරලා තිබුණ caramelise කරපු ළූණු වලින් මේ Nasi Goreng එකේ රසය වැඩි කළා. ඒ එක්කම serve කරලා තිබුණා crispy fried chicken සහ ‘මල් පපඩම්’ කියලා කියන traditional Singaporean Flower Fryums එක්ක අච්චාරු දාපු එළවලු (pickled vegetables). බඩ පිරෙන තරමට portion එක තිබ්බත් Lau Pa Sat එකේ Nasi Goreng එකේ ගාන නම් ටිකක් වැඩියි කියලා අපිට හිතුණා.

 

 

AyamPanggang With Rice (LKR 750)


AyamPanggang කියන dish එකේ විශේෂත්වය වෙන්නේ ඒක පැය 24ක් marinate කරලා හදන නිසා. ඒ කියන්නේ මස් උයන්න කලින් තෙල්, spices mixture එකක දාලා තියලා soften කරන process එක. තම්බපු බත් එක්ක serve කරපු AyamPanggang එකේ අපි බලාපොරොත්තු වුණ තරමටම දිව පිනා යන පුදුමාකාර රසයක් තිබුණා.

 

 

 

Desserts

Goreng Pisang with Vanilla Ice Cream (LKR 500)


Goreng Pisang කියලා හඳුන්වන්නේ Banana Fritters වල සිංගප්පූරු version එක. ඒ කියන්නේ batter එකක දාල deep fry කරපු කෙසෙල් තමයි මේ dish එකේ තියෙන්නේ. Chocolate sauce උඩින් දාලා, රන්වන් පාටට තිබුණ Goreng Pisang එකේ crunchy ගතියයි පැණිරස ගතියයි ගානට තිබුණා. Banana fritters ටිකක් උණුසුම් නිසා ඒ එක්කම vanilla ice cream serve කරලා තිබුණ එක නම් නියමයි.

 

 

Chendol with Vanilla Ice Cream (LKR 500)


Chendol කියන dessert එක සිංගප්පූරුවේ hawker-centers වල තමයි වැඩිපුරම දකින්න ලැබෙන්නේ. මේ dessert එකේ හුරුපුරුදු ඒත් ටිකක් අමුතුම රසයක් තිබුණා. Chendol ජෙලි එකක් වගේ dessert එකක්. ඒක පොල් කිරි දාපු bowl එකක රතුපාට kidney beans සහ vanilla ice cream scoop එකක් එක්ක තමයි serve කරලා තිබුණේ. ඔයත් අලුත් අලුත් කෑම වල රස බලන්න කැමති කෙනෙක් නම් මේ dessert එක අපි recommend කරනවා.

 

 

Strawberry Cheesecake (LKR 500)


මේ Strawberry Cheesecake එකේ price හැටියට නම් portion එක ටිකක් මදි කියල අපිට හිතුනා. හැබැයි එකේ රසය නම් උපරිමයෙන් තිබුණා. හරි පදමට bake කරපු මේ cheesecake එකේ biscuit layer එක නම් නියමයි. ඒ වගේම උඩින් දාල තිබුන strawberry jam layer එකේ තියෙන tangy flavour එක නිසා නිසා cake එකේ පැණිරස ගතිය balance වෙනවා.

 

 

Ambience

Lau Pa Sat අවන්හලේ ඇතුලේ වගේම එළියේ වාඩි වෙන්න හොඳට ඉඩකඩ තියෙනවා. සිංගප්පූරුවේ ඉතිහාසය විදහා පාන black and white පින්තූර වලින් ලස්සන කරලා තියෙන මේ අවන්හලේ staff එක හරිම මිත්‍රශීලීයි. ඒ වගේම ඔයාලට මොනවද ඕනේ කියලා බලලා serve කරන්න ඕන වෙලාවක staff එක ලෑස්තියි. Restaurant එකේ head chef එක්කත් අපිට කතා කරන්න අවස්ථාවක් ලැබුණා. පිලිපීන සම්භවයක් තියෙන ඇය specialise කරන්නේ Asian-fusion cuisine. Lau Pa Sat අවන්හලේ service එක හරිම ඉක්මන්. අපි එතනට ගියපු වෙලාවේ නම් එතන වැඩිය සෙනග හිටියේ නෑ. බොහෝවිට ඒ සතියේ දවසක රෑ නිසා වෙන්න පුළුවන්. හැබැයි අපිට දැනගන්න ලැබුණා lunch hours වලදී restaurant එකට ගොඩාක් සෙනග එනවා කියලා.

Lau Pa Sat restaurant එකෙන් අපි ලබාගත්ත රස අත්දැකීම ගැන අපි හොඳටම සෑහීමට පත්වුණා කියලනම් කියන්න පුළුවන්. Authentic සිංගප්පූරු ආහාර වේලක් රස විඳින්න කැමති ඕනෑම කෙනෙක්ට මේ restaurant එක අපි අනිවාර්යයෙන්ම recommend කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here