හතර වටෙන් Covid -19 වෛරසයෙන් ආරක්ෂා වෙන්න ගර්භණී මව්වරුන්ට උපදෙස් ටිකක්..

Covid -19 වෛරසයෙන් ආරක්ෂා වෙන්න ගර්භණී මව්වරුන්ට උපදෙස් ටිකක්..

2020 Mar 23

1. ඔබ ගර්භණී බව තහවුරු වෙලත් තවමත් සායනික සේවා සඳහා ලියාපදිංචි වී නැත්නම් ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය හෝ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලයට දුරකතන ඇමතුමක් ලබාදීලා ඒ බව අනිවාර්යයෙන් දැනුම් දෙන්න.

2. ගර්භණී කාලය මාස 8 ක් (සති 32 ක්) හෝ ඊට වැඩි සියලුම ගර්භණී මව්වරුන් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් සම්බන්ධ කරගන සායනයට ඔබ පැමිණිය යුතු දිනය සහ වේලාව දැන ගන්න.

3. ඔබගේ ගර්භණි කාලය මාස 8 කට (සති 32 කට) අඩු නම් සහ පහත රෝග තත්ත්ව තිබේනවා නම් පමණක් ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය දුරකතනයෙන් අමතා ඔබගේ වර්තමාන තත්ත්වය පිලිබඳ විස්තර කර සායනයට යාමට දිනයක් සහ වේලාවක් දැන ගන්න.

– දියවැඩියාව
– අධික රුධිර පීඩනය
– හෘද රෝග
– ශ්වසන ආබාධ
– වෙනත් කිසියම් රෝග ලක්ෂණ හෝ අපහසුතාවයක්

4. පුළුවන් හැම වෙලේම නිවසේ රැඳී සිටින්න. අනවශ්‍ය ගමන් බිමන් යන්න එපා – උදාහරණ වශයෙන් උත්සව සහ වෙළදසැල් වෙත යාම.

ඔබට අවශ්‍ය වැඩි විස්තර 1999 සුවසැරිය අංකය අමතා හෝ ඔබගේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය මාර්ගයෙන් හෝ ලබා ගන්න හැකියාව තිබෙනවා.

– වෛද්‍ය උපදෙස් ඇසුරින් –

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here