හතර වටෙන් ඔබේ දරුවා කරන වැරදි වලට දඬුවම් කරන්න කලින් මේ ගැනත් හිතන්න..

ඔබේ දරුවා කරන වැරදි වලට දඬුවම් කරන්න කලින් මේ ගැනත් හිතන්න..

2020 Jun 2

ඔයාගේ තරුණ වයසේ දරුවා ආයෙත් නරක වැඩක් කරලා නම්, ඔයාගේ අවු.10 ළමයා ඉස්කෝලේ ගිහින් ගෙදර එන්නේ තව පැන්සල් පෙට්ටියක් නැති කරගෙන නම්, ඔයාගේ අවු.5 ළමයා අස් කරලා තිබුණු මේසේ අපහු හැඩි කරලා නම්… ඔයා මොකද්ද කරන්නේ ?

මේ වගේ වැඩ කොහොමත් ගණන් නොගෙනම් ඉන්න බැහැ. ඉතින් මේ වගේ වැඩ ළමයි කරද්දී ඔයා ගන්න තීරණය මොන වගේ වෙයිද ?කොහොම වුණත් දඬුවම් සහ ඒවාගේ ප්‍රතිවිපාක යන දෙකම විශේෂ හැසිරිමක ප්‍රතිළුලයක්. දෙමාපියන් හැටියට තමන්ගේ ළමයින්ව හොඳින් තේරුම්ගත්තොත් නම් තේරුමක් නැති දේවල් වලින් එයාලව කලකිරීමකට පත් වෙන්න ඉඩ නොදී ජීවිතයට හොඳ පාඩමක් කියලා දෙන්න හැකියාව තිබෙනවා. ඒක ඔවුන්ගේ ඉදිරි ජීවිතයට ලොකු උදව්වක් වේවි. ඉතින් අද අපි ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ වගේ වෙලාවක කොහොමද ක්‍රියා කරන්න ඕන කියලයි.

 

1.ප්‍රතිවිපාක කියන්නේ අපිට ජීවිත් වෙන්න වුවමනා දෙයක්. වතුර පිරුණු කෝප්පයක් හරියට අල්ල ගත්තේ නැතිවුණොත් ඒක බිම වැටිලා වතුර හැම තැනම විසිවෙලා අවුල් වෙනවා කියලත්, පරිස්සමට අඩිය තියලා බැස්සේ නැතිවුණොත් පඩිපෙළේ ඇදගෙන වැටෙන්න පුළුවන් කියලත් ළමයෙක් ගොඩක් පොඩි කාලේ ඉඳලම තේරුම් ගන්නවා. ඉතින් හොඳ වුණත් නරක වුණත් හැම හැසිරීමකටම ප්‍රතිවිපාකයක් තියෙනවා කියලා එයාලා ඉබේම ඉගෙනගන්නවා.
දඬුවම් කියන්නේ සාමාන්‍ය දෙයක් කියලා අපි හිතුවට දඬුවම දරුවාගේ ජිවිතයට අනවශ්‍ය බලපෑමක් කරන්න ඉඩ තියෙන ක්‍රියාවක්. උදාහරණයක් විදිහට ළමයා මේසේ හොඳටම හැඩි කරලා තියෙනවා දැක්කම ”ඇයි මේ හැඩි කරලා? අදනම් TV බලන්න දෙන්නේ නැහැ. ගිහින් ඔයගේ කාමරේට වෙලා ඉන්න!” වගේ දේවල් කියලා බැන්නොත් ළමයා එයා අතින් සිදුවුණ වරද තේරුම් ගන්න දරුවාට හැකියාවක් නැති වෙනවා.

 

2.ළමයාගේ හැසීරීමක් නිසා ප්‍රතිවිපාකයක් ඇතිවුණාම ළමයා තේරුම් ගන්නවා තමන් කරපු ක්‍රියාව නිසා ඒ දේ සිද්ධ වුණා කියලා. ඒ වගේම එකේ වගකීමත් තමන්ම භාරගන්න ඕනේ කියලා. කලින් කතා කරපු උදහරණයම ගැන හිතුවොත් කෝප්පේ වැටිලා විසිරුණු වතුර ටික දරුවාට හොඳින් කියලම අස් කරගත්තොත් එකෙන් දරුවාට තමන් කරපු දේ වගකීම තමන්ගේ කියල තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒත් ඒ වුණ වරදට දෙමාපියන් විදිහට ගහලා, බැනලා දඬුවම් කළොත් නම් ළමයා තමන්ගේ වගකීම තේරුම් ගන්නවා වෙනුවට අනවශ්‍ය බයක් සහ ලැජ්ජාවක් ඇතිකරගන්නවා.

 

3.සමහර දේවල් කළාම ඇතිවෙන්න පුළුවන් ප්‍රතිවිපාක ගැන දරුවාට කලින්ම කියලා දෙන්න ඕනේ. උදාහරණයක් විදිහට දරුවා රෑ වෙනකන් එළියේ ඉන්න එක නොකළ යුතු දෙයක් නම් එහෙම රෑ වෙනකන් එළියේ හිටියම ඇතිවන ප්‍රතිවිපාක ගැන දරුවාට කියලා දෙන්න ඕනේ. කොහොම වුණත් ගොඩක් වේලාවට දඬුවමක් සිදුකරන්නේ දරුවා කරපු ක්‍රියාව ගැන වැඩිය හිතන්නේ නැතුව ඒ ගැන කලකිරීමක්, තරහවක් ඇති කරගත්තම. දෙමාපියන් විදිහට එහෙම දඬුවමක් කරන එක අපිව සෑහීමකට පත් කලාට ඒක ඇත්තටම තමන්ගේ වරදෙන් දෙයක් ඉගෙන ගන්න ළමයාට උදවුවක් වෙයිද ?

 

4.කිසිම සැලකිල්ලක් නැතුව ක්‍රිකට් ගැහුවොත් ඒක නවතින්නේ අහල පහල ගෙයක ජනේලයක වීදුරුවක් කුඩු කරාලම තමයි. ඉතින් ඒ වගේ වේලාවක තමන්ම එකතු කරගෙන තියෙන සල්ලි වලින් තමන්ගේ අසල්වැසියාගේ කැඩුණු ජනේලය හදලා දෙන්න ළමයාව දිරිගැන්නුවොත් ඒකෙන් ඔයාගේ ළමයා තමන් කරපු වැරැද්දේ බරපතළකම තේරුම් ගන්නවා.

ඉතින් තමන් කරපු දේ ප්‍රතිවිපාක වල වගකීම භාරගන්න විදිහ තමන්ගේ ළමයට කියලා දුන්නම ඒක ළමයාගේ දියුණුවට බලපානවා වගේම දඬුවම් කළොත් කිසිම තේරුමක් නැති දෙයක් සිද්ධ වෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here