හතර වටෙන් රෑට හරිහැටි නින්ද යන්නේ නැද්ද?

රෑට හරිහැටි නින්ද යන්නේ නැද්ද?

2020 Jul 1

හරිහැටි නින්ද නොලැබීමේ ගැටලුව අලුත් එකක් නෙවෙයි. යහපත් නින්දක් ලබාගන්න එක හැමකෙනෙකුටම වැදගත් දෙයක්.මේ කාලේ හුඟ දෙනෙකුට තියන ප්‍රශ්නයක් නින්ද නොයෑම. සමහරුන්ට නින්ද ගියත් කඩින් කඩ ඇහැරෙනවා. නින්දට බාධා වෙනවා. නිදා නොගැනීම වගේ ම ඕනවට වඩා නිදාගැනීමත් සිරුරට අහිතකර බව විද්‍යාත්මකව ඔප්පු වෙලා තියනවා. සුව නින්දක් නොලැබීම, මතකය සහ ප්‍රතිශක්තිකරණය අඩු වීමට බලපානවා. හෘද රෝග, දියවැඩියාව, ඇල්සයිමර් සහ ඩිමෙන්ෂියා, විෂාදය වැනි රෝග වැළඳීමටත් අඩු නින්ද හේතුවක් වෙන්න පුළුවන්. වෛද්‍ය උපදෙස් අනුව වැඩුණු මිනිසෙක් දිනකට පැය 6 – 8 අතර ප්‍රමාණයක් අනිවාර්යයෙන් නිදාගත යුතුයි. යහපත් නින්දක් ලබාගන්නේ කොහොමද කියලා අපි අද බලමු.

 

 

නිදන වේලාව

Get sufficient sleep - InlifeHealthCare
දවසකට අවශ්‍ය නිදා ගැනීමේ පැය ගණන අඩු වෙනවා නම් ඒක සෞඛ්‍යයට හොඳ මදි. එකම වෙලාවකට නිදාගන්නයි නැගිටින්නයි පුරුදු වුණා නම් මේ කිසි අවුලක් නෑ. දිනපතා එක ම වෙලාවකට නිදාගෙන එක ම වෙලාවකට අවදි වෙන්න පුරුදු වුණාම එලාම් එකක් නැතුවම ප්‍රබෝධයෙන් දවස පටන්ගන්න පුළුවන්.

 

 

නිදන කාමරය

51 Modern Bedrooms With Tips To Help You Design & Accessorize Yours
වර්ණ මගින අපේ සෞඛ්‍යටත් යම් යම් බලපෑම් ඇති විය හැකි බව බටහිර වෛද්‍ය විද්‍යාවට අනුවත් පිලිගෙන තිබෙනවා. නිදන කාමරයේ වර්ණය මගින් ඇති වෙන ආලෝකය නින්දට බලපෑම් ඇති වෙනවා. මේ නිසා නිදන කාමරය වෙනුවෙන් වඩාත් ගැලපෙන්නේ අදුරු පැහැයක් බව දැන් පිලිගෙන තිබෙන නිසා ඔබගේ නිදන කාමරයේ බිත්ති වෙනුවෙන් අදුරු වර්ණය ගල්වන්න. එවිට නින්ද ගැන ගැටලුවක් ඇති වෙන්නේ නැති වේවි. ඔබ නිදාගන්න පරිසරය අධික උෂ්ණයෙන් හෝ අධික සීතලෙන් යුතුයි නම් එය නින්දට බාධාවක්. ඔබේ කාමරය සද්ද බද්දවලින් තොර, මනා උෂ්ණත්වයකින් යුතු තැනක් විය යුතුයි. ඒ වගේ ම ඇඳ අස්පස් කරලා සුවපහසු කරගෙන නිදාගන්න යන්න. ඇඳේ ඉඳන් වෙන වැඩ කරන්න එපා. ඇඳේ ඉඳන් වැඩ කරලා පුරුදු වුණොත් ඇඳට ගියාම නින්ද යන්නෙ නැතුව යයි.

 

 

ආහාර

Eggs for Dinner Recipe | Bon Appetit
රෑට කොහොමත් සැහැල්ලු ආහාරයක් ගන්න කියලනේ කියන්නේ. කන ඒවා මොන විදියකින්වත් දහනය වෙන්නේ නැති නිසා නිදාගන්න කලින් පොඩි බඩගින්නක් ආවොත් ඉතාම සැහැල්ලු ආහාරයක් තමයි ගන්න ඕනි. නිදාගන්න කලින් මත්වතුර තියා ඕනෑවට වැඩියෙන් පානීය ජලයත් බොන්න එපා කියලා කියනවා. ආමන්ඩ්, වොල්නට්ස්, සුදු බත් වගේ කෑම නින්දකට උදව් දෙන පෝෂ්‍යදායී ආහාර විදියට හැඳින්වෙනවා.කැෆේන් සහ නිකොටින් භාවිතය අඩු කිරීම හොඳින් නින්ද යෑමට හේතුවක්. කැෆේන් මගින් නිදිමත දුරස් කරන නිසා නින්දට ආසන්නයේදී කැෆේන් අඩංගු පාන වලින් ඉවත් වෙන්න. ඒ වගේම නින්ද ආසන්නයේදී ජලය පානයත් සීමා කිරීම වරදක් නැහැ.

 

 

ව්‍යායාම

Best 500+ Exercise Pictures | Download Free Images on Unsplash
දවල්ට හොඳින් ව්‍යායාම කරන්න පුරුදු වුණ අයට රාත්‍රියට හොඳින් නින්ද යන බව වෛද්‍යවරු කියනවා. මේකට පැය ගණන් ව්‍යායාම කරන්න අවශ්‍ය නෑ. දවසට විනාඩි 10ක් ඇවිද්දත්, එය ඔබට රෑට හොඳින් නින්ද යන්න හේතුවක් වෙනවා. ඒත් ව්‍යායාම සහ නින්ද අතර අන්‍යොන්‍ය සම්බන්ධය හැදෙන්න නම් මාස කීපයක් තිස්සේ දිනපතා ව්‍යායාම කිරීමේ පුරුද්ද පවත්වා ගත යුතුයි.ශාරීරික ක්‍රියාකාරකම් වැඩි වෙන්න වැඩි වෙන්න ගැඹුරු නින්දකට අවතීර්ණ වෙන ප්‍රවණතාව වැඩියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here