හතර වටෙන් අනාගත උප්පැන්න සහතිකය වෙනස් කිරීම නව පරම්පරාවට බලපාන්නේ කෙසේද..?

අනාගත උප්පැන්න සහතිකය වෙනස් කිරීම නව පරම්පරාවට බලපාන්නේ කෙසේද..?

2020 Jul 28

 

“ඔබට විකල්පයක් නොමැතිව නමක් ලබා දී ඇත. ඔබට විකල්පයක් නොමැතිව ආගමක් ලබා දී ඇත. ඔබේ තේරීම නොමැතිව ඔබට ජාතියක් සහ අනන්‍යතාවයක් ලබා දී ඇත. තමන් කැමති විදිහට ඒ දේවල් ලැබිලා තියෙන අය වාසනාවන්තයි. නමුත් අප වැනි අය සැමවිටම සමාජයෙන් පීඩා විඳිති. ඒ නිසා කවුරුහරි ඒ ගැන කතා කළ යුතුයි කියලා මම තීරණය කළා”

– Moses Akash De Silva –

 

 

අවුරුදු ගණනාවක් පුරාවට සිදුවුණු වෙනස්කම් වල අවසානයේ මෑතකදී අනාගත සියලු උප්පැන්න සහතික වලින් විවාහක තත්ත්වය ඉවත් කරන්න තීරණය කරලා තියෙනවා. අවුරුදු දෙකක් තිස්සේ සිදුකල සලකා බැලීමකින් පස්සේ රෙජිස්ට්‍රාර් ජෙනරාල් එන් සී විතානගේ විසින් මේ බව ප්‍රකාශයට පත්කළා. ක්‍රියා පටිපාටි අවසන් කරලා උප්පැන්න සහතිකය නිකුත් කරද්දී එහි ජාතික උප්පැන්න සහතිකය විදිහට නම වෙනස් කරන්නත් තීරණය කරලා තියෙනවා. විවාහක තත්ත්වය ඉවත් කිරීමේ පියවරට මුලින් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සහ ඉඩම් දෙපාර්තමේන්තුව විරුද්ධ වූණේ එයින් උරුමය සහ වෙනත් හිමිකම් වලට බලපෑමක් සිදුවෙන්න ඉඩ තියෙනවා කියලා.කොහොම වුණත් උප්පැන්න සහතිකයේ තොරතුරු රඳවා නොගෙන අවශ්‍ය වෙලාවට බලන්න උප්පැන්නය රෙජිස්ට්‍රාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව විසින් ලේඛනගත කරනවා.

 

තනි මව්වරුන්ට, වෙන් වුණු විවාහයෙන් උපත ලැබූ දරුවන්ට සහ ශ්‍රී ලංකාවේ අනාථ දරුවන්ට වෙනස් විදිහට සැලකීම ලංකාවේ අලුත් දෙයක් නෙවෙයි. දිනපතාම මේ අපකීර්තිය හා රිදවීම විඳගන්න එයාලට සිද්ධ වෙනවා වගේම ජීවිත කාලය පුරාම එයාලගේ ගෞරවය නැති වෙලා තියෙනවා .මේ විවාහක කාණ්ඩය ඉවත් කරනවා කියන්නේ මොකද්ද කියලා අපි ගැඹුරින් සොයා බලමු.

 

 

මෝසෙස් ආකාෂ් ද සිල්වා කියන්නේ සති දෙකක් වයසේදී අනාථ නිවාසයක අතහැර දමා ගියපු කෙනෙක්. අනාථ දරුවෙකු විදිහට ගොඩක් දුෂ්කරතාවලට මුහුණ දෙමින් ඔහු සාමාන්‍ය පෙළ විභාගයට හොඳම ප්‍රතිළුල ලබාගත්තා.

 

“මට පොඩි දෙයක් මතකයි.මට වයස අවුරුදු 14 දී 15 දී වගේ මුලින්ම මං මගේ උප්පැන්න සහතිකය දැක්කම මට හිතුනා මේක මොකද්ද කියලා. මට ඒක ඒ වෙලාවේ ඕනේ වුණේ ඉස්කෝලේ නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේදී මගේ වයස ඔප්පු කරන්න.එතැන් ඉදන් , මගේ තැපැල් හැඳුනුම්පත ලබාගත් වේලාව වගේ ගොඩක් තැන් වලදී මාව වෙනස් කොට සැලකීම් සිද්ධ වුණා.අවුරුදු ගාණක් යනකන් මේ වේදනාව දරාගෙන ඉඳලා, මේ ප්‍රශ්නයට අපිට කරන්න පුළුවන් මොකද්ද කියලා මං කල්පනා කරන්න පටන් ගත්තා.

 

මේ ප්‍රශ්නය තවත් නරක අතට හැරුනේ වයස අවුරුදු 18 සම්පුර්ණ වෙලා ඔහු අනාථ නිවාසයෙන් පිටව ගියාට පස්සේ.රටේ නීතියේ විදිහට වයස අවුරුදු 18 සම්පුර්ණ වුණහම අනාථ නිවාසයෙන් එයාලට පිටවෙලා යන්න සිද්ධ වෙනවා. එත් ඒ අධ්‍යාපනයට දක්ෂ නම් විතරයි.එහෙම නැත්තම් අනිත් අයට වයස අවුරදු 16 දී අනාථ නිවාසයෙන් පිට වෙන්න සිද්ධ වෙනවා. එයාලව ඔවුන් පාඨමාලාවක් හෝ වෙනත් දෙයකට යොමුකරනවා.එතැන් ඉදන් ඔවුන්ට ජීවිතය තනියම කරගෙන යන්න සිද්ධ වෙනවා.

 

මට යන්න තැනක් තිබුණේ නැහැ. ඒ නිසා නුවර බස් නැවතුම්පොළක මට රාත්‍රී තුනක් ගතකරන්න සිද්ධ වුණා.මම අවසානයේ කොළඹට එන්න තීරණය කළා. මම කර්මාන්ත ශාලාවක වැඩ කරන්න පටන් ගත්තා. යන්ත්‍ර පිරිසිදු කිරීම වගේ දේවල් කළා.එහෙම තමයි දේවල් සිද්ධ වුණේ. අසම්පූර්ණ උප්පැන්න සහතික තිබුණු මෝසෙස්ට සහ ඔහුගේ බිරිඳ ඒවා එයාලගේ ජීවිතවලට බලපාන්නේ කොහොමද කියන එක ගැන කතා කළා. “ශ්‍රී ලංකාවේ සෑම දෙයකටම ඔයාගේ උප්පැන්න සහතිකය අවශ්‍යයි. රැකියා ස්ථාන ඔයාගේ උප්පැන්න සහතිකය පරික්ෂා කරනවා, ඒක අදාළ දෙයක් නෙවෙයි.මොකද එකේ ප්‍රයෝජනවත් කිසිම දෙයක් නැහැ. බැංකු ගිණුමක් ආරම්භ කරන්න හෝ ඔයාගේ ළමයව ඉස්කෝලෙට ඇතුළත් කරන්න පවා ඔයාට උප්පැන්න සහතිකයක් ඕනේ වෙනවා. අවංකවම කිවුවොත් ජනමාධ්‍ය වලට අසම්පුර්ණ උප්පැන්න සහතිකයක් පෙන්නපු පළවෙනි පුද්ගලයා මං. කඩදාසි කැබැල්ලක් නිසා අපිට වෙනස් විදිහට සලකන්න එපා කියලා මං එයාලට කිව්වා. මගේ උප්පැන්න සහතිකයේ මගේ තාත්තාගේ නම සදහන් වෙන්නේ නැහැ. මගේ දෙමවුපියන් විවාහක නොවන බව ඒකේ සදහන් වෙනවා.

 

දෙමව්පියන් නැති සහ තමන් ගැන එක දෙයක්වත් දන්නේ නැති දරුවන්ට, අනුමාන වයස් සහතිකයක් යනුවෙන් ලේඛනයක් තියෙනවා.සාමාන්‍යයෙන් ඒක උප්පැන්න සහතිකය වගේම තමයි.අනාථ නිවාසයෙන් දාපු නම ඒකෙ සඳහන් වෙනවා වගේම වෛද්‍යවරයකු දරුවාගේ වයස උපකල්පනය කරනවා.එයාලා උපන්දිනයක් අතින් තෝරා ගෙන එකත් එකට ඇතුළත් කරනවා. නමුත් වයස් සහතිකය කියන්නේ මොකද්ද කියලා බලධාරීන්වත් දන්නේ නැහැ.රටේ වෙනසක් ඇති කිරීමට උත්සාහ කරමින්, “Generation Never Give Up” මීට වසර 3 කට පෙර, SOS ගම්මානවල සහාය ඇතිව ඇතිවුණා. එය විවිධ අනාථ නිවාස වලින් care leavers ලා 400 ක් පමණ සිටින ජාලයක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. අවුරුද්ද ආරම්භයේදී එය ජාත්‍යන්තර ජාලයක් ලෙස ස්ථාපිත කරලා තියෙනවා වගේම තවත් රටවල් 20 ක care leavers ලා සම්බන්ධ කරගෙන තියෙනවා. එහිදී කෙයාර් ලීවර්ස් ඉන්ටර්නැෂනල් නමින් වට්ස්ඇප් කණ්ඩායමක් හරහා තමන් මුහුණ දෙන ගැටලු සාකච්ඡා කරනවා.

 

වයස අවුරුදු 18 හෝ ඊට අඩු අනාථ නිවාසවලින් පිටතට පැමිණෙන තරුණ තරුණියන්ට ‘care leavers ’ කියන යෙදුම පාවිච්චි වෙනවා කියලා මෝසෙස් පැහැදිලි කළා.“මීට වසර තුනකට පෙර, SOS ගම්මානවල සහාය ඇතිව, අපි ‘පරම්පරාව කිසි විටෙකත් අත් නොහරින්න’ කියලා ව්‍යාපෘතියක් ආරම්භ කළා. අපි Water’s Edge හි speaking session එකක් පැවැත්තුවා. ඒ දවසේ කතා කළේ මම සහ තව care leaversලා තුන් දෙනෙක්. අපි එකම අත්දැකීම බෙදාහදා ගත්තා. දෙමව්පියන් නොමැති දරුවන් සමාජය විසින් වෙනස් කොට සලකන ආකාරය සහ අපට මුහුණදීමට සිදු වූ අරගල ගණන ගැන අපි එදා කතා කළා.“අපි කරුණු කිහිපයක් යෝජනා කළා.ඉන් එකක් විවාහක තත්ත්වය ඉවත් කිරීම. තවත් දෙයක් තමයි දරුවාගේ විස්තර පමණක් පෙන්වන උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම. ඊට පස්සේ, පාර්ලිමේන්තුවට පැමිණ ළමයින් සඳහා අධීක්ෂණ කමිටුවට කතා කරන්න කියලා අපිට ආරාධනාවක් ආවා. අපි මේ ගැන තවදුරටත් සාකච්ඡා කරලා අපේ අත්දැකීම් බෙදා ගත්තා.එයාලට තිබුණ එකම ගැටළුව තමයි, කලින් උප්පැන්න සහතිකය ඉවත් කරලා නව එකක් නිකුත් කළ නොහැකි වීම.මොකද ඒක උරුමය සම්බන්ධයෙන් ගැටළු ඇති කරනවා. ඒ නිසා අපි කලින් උප්පැන්න සහතික තබා ගනිමින්, දරුවාගේ විස්තර පමණක් ලේඛනගත කරන නව උප්පැන්න සහතික නිකුත් කිරීම හඳුන්වා දෙන්න යෝජනා කළා. ඒ නිසා එය අනාථ දරුවෙකුට සහ සාමාන්‍ය දරුවෙකුට වෙනස් ලෙස සැලකීමක් සිදුකරන්නේ නැහැ.

 

 

තවත් පැතිකඩක්

 

විවාහයට කළින් යුවළක් එකට ජීවත් වීම ගැන පුද්ගලයන් ප්‍රතිශතයක් කනස්සල්ල පළකළා.“මේක මිනිසුන්ට විවාහ නොවෙන්න දිරිගැන්වීමක් වෙනවා,මේකෙන් එකට ජීවත්වීමට හා දරුවන් ලැබීමට දිරිගැන්වීමක් සිද්ධ වෙනවා කියලා ඔවුන්ගේ විශ්වාසයක් තියෙනවා.නමුත් ඒක දැනටමත් රට තුළ සිදුවෙමින් පවතිනවා.ඒ නිසා ඒක අලුත් දෙයක් නොවේ ”කියලා මෝසෙස් පැවසුවා.ප්‍රගතිශීලී පුද්ගලයන් සිටින ගතානුගතික රටක, විවාහක තත්ත්වය ඉවත් කිරීම කියලා අදහස් කරන්නේ වෙනස් කොට සැලකීමෙන් නිදහස් වීම. මෝසෙස්ට ඒකෙන් අදහස් කෙරෙන්නේ ඒක.

 

“මේ පුවත ඇහුවම මට දරාගන්න බැරි වුණා.මේකෙන් අදහස් කෙරුණේ අපේ දෙමව්පියන් විවාහ නොවී සිටීම කියන සරල කාරණය නිසා අපි තවදුරටත් වෙනස් කොට සැලකීමක් සිද්ධ වෙන්නේ නැති බව.උප්පැන්න සහතිකයක සරල වචනයක් නිසා අපිට කොයිතරම් ලැජ්ජාවක් හා දුක් වේදනාවක් විඳීන්න සිද්ධ වෙලා තියෙනවද කියලා අපි දන්නවා.මේක අපිට ඉදිරියට යන්න ඉඩ සලසනවා.ළමයින් දහස් ගණනක් වෙනුවෙන් කථාකරන්න අපිට පුළුවන් වුණා.අනාථ නිවාසවල ළමයි 14,000 ක් වෙනුවෙන් වගේම මේක අපි සියලු දෙනාගේම ජයග්‍රහණයක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here