හතර වටෙන් පෙර පාසල් ගුරුවරුන්ගෙන් දෙමාපියන් ඇසිය යුතුම ප්‍රශ්න 5ක්..

පෙර පාසල් ගුරුවරුන්ගෙන් දෙමාපියන් ඇසිය යුතුම ප්‍රශ්න 5ක්..

2020 Aug 28

පෙර පාසල් අධ්‍යාපනය කියන්නේ අනිවාර්යයෙන්ම විවිධ ඉගෙනුම් අත්දැකීම් වලට පදනමක් කිවුවොත් හරි. හැබැයි මේ පෙර පාසල් අධ්‍යාපන කාලය හරිම සරලයි කියන ආකල්පය ඔළුවට ගත්තොත් නම් ඒක ළමයින්ගේ මූලික සංවර්ධන ක්ෂේත්‍ර මූලිකවම තර්ජනයක් වෙන්න පුළුවන්. ඒකට වගකියන්න ඕනෙත් ගුරුවරුන් සහ දෙමාපියන් තමයි.ඔයා ඔයාගේ දරුවාගේ පාසල් ජීවිතයේ හැම අංශයක්ම පාලනය කරන්න උත්සාහ කරන්නේ නැතුව දරුවාගේ පෙර පාසල් පරිසරයේ තියෙන මේ සංවර්ධන අංශ ගැන දැනුවත් වීම අත්‍යවශ්‍ය කාරණාවක්.

ඉතින් ඒ දැනුවත්භාවය සැලකිල්ලට අරගෙන,ඔයාගේ දරුවාගේ පෙර පාසල් ගුරුවාරය හම්බවෙද්දී එයාලගෙන් අහලා බලන්න ඕනේ සැලකිය යුතුම ප්‍රශ්න කිහිපයක් මෙන්න.

 

 

පෙර පාසලේදී එයාගේ මිත්‍රත්වය මොන වගේද?

Helping Your Child Make Daycare Friends | KLA Schools of Brickell

 

ඔයාගේ දරුවාගේ යාලුවෝ වගේම එයා මග හරින,යාළුකම් ඇතිකරගන්නේ නැති අය කවුද?,එයාලා එකට එකතු වෙලා කරන්නේ මොනවද?,එයා ප්‍රශ්න විසදාගන්නේ කොහොමද?,එයාල එකට සෙල්ලම් කරන්නේ කොහොමද?, වගේ දේවල් ගැන අවධානයක් යොමු කරන එක වැදගත්.දරුවාගේ සමාජ සංවර්ධනය තේරුම් ගන්න මේ වගේ නිරීක්ෂණ ඔයාට වැදගත් වෙනවා.හැබැයි මේ වගේ දේවල් ගැන අහලා ඔයා උත්සාහ කරන්නේ ඔයාගේ දරුවාගේ දියුණුව තේරුම් ගන්න මිසක් ඒක පාලනය කරන එක නම් නෙවෙයි.

එයාගේ සම වයසේ මිතුරන් එක්ක තියෙන සම්බන්ධතාවය දැක්කම ඔයාට දරුවාගේ සන්නිවේදන කුසලතා ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

 

 

දරුවට කොච්චර කාලයක් අවධානය යොමු කරන්න පුළුවන්ද?

Adapting Morning Meeting: Speech and Anxiety Needs |

වයසත් එක්ක අවධානයත් වැඩි වෙනවා.කොහොම වුණත් අවධානය වෙනතකට යොමු වෙන්න නොදී කොච්චර වෙලාවක් ඔයාගේ දරුවාට මොකක්හරි වැඩක යෙදෙන්න පුළුවන්ද කියලා දැනගන්න එකනම් වැදගත් කාරණාවක්. එහෙම කළොත් පන්ති කාමරය තුළ දරුවාගේ උනන්දුව දක්වන ප්‍රදේශ ගැන දැනගන්න ඔයාට පුළුවන්.

ඔයාගේ දරුවාට එයාගේ වයසට අවශ්‍ය තරමේ අවධානය නැතිව ඒ ගැන පොරබදමින් ඉන්න බවක් තේරෙනවා නම් ඒ ගැන හේතු හොයල බලන එක අත්‍යවශ්‍ය දෙයක්. ගොඩක් වෙලාවට අක්‍රමවත් නින්ද , TV බලන කාලය දීර්ඝ වීම සහ සෞඛ්‍ය සම්පන්න නැති ආහාර පුරුදු පාසලේ වැඩක් අතරතුර ඔයාගේ දරුවාගේ අවධානය අඩුවෙන්න හේතු වෙනවා. ඉඳහිට මේවා ඉගෙනගන්න තියෙන දුෂ්කරතාවයේ සංඥා වෙන්නත් පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවක සුදුසු මැදිහත් වීමක් කරන එක අනිවාර්යයි.

 

 

දරුවා උපදෙස් වලට ප්‍රතිචාර දක්වනවාද?

Morning Meeting / Morning Meeting

පන්ති කාමර ක්‍රියාකාරකම් ගැන උපදෙස් වලට හොඳින් ප්‍රතිචාර දක්වන එක පෙර පාසල් ළමුන්ගේ තීරණාත්මක වර්ධනයක්. පන්ති කාමරයේ වැඩ සාර්ථකව කරන්න ඒක උදවු වෙනවා. පැහැදිලි, කෙටි නිශ්චිත උපදෙස් වලට ක්ෂණිකව වැඩ කිරීමේ හැකියාව මේ වයසේ ළමයින්ට තියෙනවා. ඉතින් ඒ වගේ උපදෙස් වලට ඔයාගේ දරුවා දක්වන ප්‍රතිචාරය ගැන ගුරුවරයාගෙන් ප්‍රශ්න ඇහුවොතින් එයාගේ භාෂා කුසලතා, කෙටිකාලීන මතකය සහ ස්වාධීනත්වයේ මට්ටම තේරුම් ගන්න ඔයාට පුළුවන් වෙනවා.

 

 

වැඩ කිරීමේ විශේෂ හැකියාවන් තියෙනවද ?

Bullying at preschool: helping your child | Raising Children Network

හැම දරුවෙකුටම තමන්ගේම වැඩ කරගන්න එයාලට ආවේණික ශෛලියක් තියෙනවා. ඉතින් තමාට ගැළපෙන ඉගෙනුම් ශෛලිය සොයා ගන්න දරුවෙකුට ඉඩ දීම ඇත්තටම වටිනවා. සමහර ළමයින් බිම ඉන්නකොට ගොඩක් හොඳින් වැඩ කරනවා වගේම අනෙක් අයට මේසයක ඉදන් වැඩ කරන එක වඩාත් සුවපහසු වෙනවා. එයාගේ වැඩ පුරුදු ගැන සමීප නිරීක්ෂණක් කිරීම,වැඩ කරන තැන තෝරා ගැනීමෙන්, බඩු තියෙන විදිහෙන්, භාණ්ඩ භාවිතා කරන විදිහෙන් සහ වැඩ අවකාශය පිරිසිදු කරන විදිහෙන් ඔයාගේ දරුවාගේ ස්වාධීන ඉගෙනීම ගැන ගොඩක් දේ ඔයාට කියන්න පුළුවන් වෙනවා.

 

 

අධ්‍යාපනය

Abington Friends Lower School News and Notes: Kid Writing in Kindergarten

ඔයාගේ පෙර පාසල් දරුවා ගැන ඔයා සැලකිලිමත් වෙන පළවෙනි ක්ෂේත්‍රය ABC සහ අංක වෙන්න පුළුවන්. සෑම පාසලක් මේ සංකල්ප උගන්වන්න විවිධාකාර ප්‍රවේශ පාවිච්චි කරනවා. දෙමව්පියන් විදිහට මේ ශිල්පීය ක්‍රම ගැන දැනුවත්ව ඉන්න එක වැදගත් වගේම ගෙදරදීම මේ දේවල් වැඩි දියුණු කරගන්න එකත් වැදගත්. හැබැයි ගෙදරදී මේ දේවල් කරද්දී, දරුවාගේ ඉගෙනුම් ක්‍රියාවලිය ව්‍යාකූල නොකරන්න මේවා පාසලේදී අනුගමනය කරන ක්‍රමයට අනුකූලව සිදු කරන එක ඉතාම වැදගත්.

 

 

ඊළඟ වතාවේ ඔයා දෙමාපිය රැස්වීමකට පාසලට යද්දී සටහන් පොතක් සහ පෑනක් අරගෙන යන්න! සටහන් කරන්න භය වෙන්න එපා. ඔයාගේ දරුවා පෙරට වඩා ගැඹුරු විදිහට දැනගන්න අත්දැකීම් පාවිච්චි කරන්න! දරුවාගේ පෙර පාසල් අත්දැකීම් වලට ක්‍රියාකාරීව සහභාගී වුණොත් ඔයාගේ දරුවා ගැන ඔයාට කොපමණ ඉගෙන ගන්න පුළුවන් වේවිද කියන එක ගැන ඔයා ඇත්තටම පුදුමවෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here