හතර වටෙන් කොරෝනා වෛරසය රටම ගිලගන්න කළින් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න…

කොරෝනා වෛරසය රටම ගිලගන්න කළින් මේ ලිපිය අනිවාර්යයෙන් කියවන්න…

2020 Oct 29

කොරෝනා අපි හිතුවෙවත් නැති විදිහට ආපහු මුළු රටම ගිලගෙන ඉවරයි. ගොඩක් වෙලාවට මිනිස්සුන්ගේ කිසිදු පරිස්සමක් නැතිකම නිසා තමයි මේ රෝගය හිතාගන්නවත් බැරි විදියට නැවතත් සමාජගත වුණේ. කොහොමින් කොහොම වුණත් අපි පරිස්සම් වුණොත් තමයි අපිට මේ වෛරසයෙන් අපිට බේරෙන්න හැකියාව තියෙන්නේ කියලානම් මතක්කළ යුතුමයි.

මේ කොරෝනා වෛරසය අපිට බෝ වෙන්නේ මෙ‍හෙමයි . කොවිඩ් -19 මිනිසුන්ට විවිධාකාර ලෙස බලපානවා. ගොඩක් දෙනෙක්ගේ රෝග ලක්ෂණ පෙන්නන්නේ නැති තරම් වුණත් සමහර අයට සති ගණන් රෝහලේ ඉන්න සිද්දවෙනවා. කොරෝනා වෛරසය අපගේ මුඛය නාසය සහ ඇස් මගින් ශරීරයට ඇතුළු වෙනවා. ඊටපස්සේ වෛරසය සාමාන්යයෙන් නාසයේ, උගුරේ, ස්වසන මාර්ගයේ හෝ පෙනහළුවල පෙනෙන සෛල වලට සම්බන්ධ වෙනවා. ඒ වගේම බහුතරයක් දරුණු විදිහට උණ කැස්ස හා හුස්ම ගැනීමේ අපහසුතාවයන්ට ලක්වෙනවා. ඒ වගේම කුඩා රුධිර නාල වලට හානි කරන්න වෛරසයට හැකියාව තිබෙනවා. ඔක්සිජන් රුධිරයට ඇතුළු වන ඉතා කුඩා වායු බෑග් වලට තමයි ඇල්වෙයෝලි කියන්නේ. ඇල්වෙයෝලි වලට මෙය වැළදුනොත් නිව්මෝනියා තත්ත්වය ඇති වෙනවා. බරපතල ලෙස අසනීප වූ පුද්ගලයෙකුට ඔක්ස්ජන් පවා ලබා දෙන්න සිදුවෙනවා. කොහොම වුණත් කොවිඩ් – 19 පෙනහළුවලට පමණක් නෙවෙයි බලපාන්නේ. අපේ ශරීරයේ අසනීප තත්ත්වයේදී ක්රියා කරන ප්රතිශක්තීකරණ පද්ධතියටත් බලපෑමක් ඇතිකරනවා. ප්රතිශක්තීකරණ පද්ධතියේ ඇති කොටසක් වන සයිටොකයින කියන්නේ ආසදනය සොයාගෙන සංඥාව නිකුත් කරන කොටසට.

කොවිඩි – 19 දරුණු ලෙස වැළදුනු සමහර පුද්ගලයින්ගේ මෙම පද්ධතිය අධික වේගයෙන් ක්රියා කරනවා. ඕනවට වඩා සයිටොකයින ගොඩනැගුනොත් එයින් නීරෝගිමත් සෛලවලට හානි සිදුවෙනවා. මෙය බොහෝ විට සයිටොකීන් කුණාටුවක් ලෙස හැඳින්වෙනවා. Covid-19 මගින් හදිසි ආබාධ හෝ කෝමා තත්වයට පත්කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම හදිසි ආබාධ වලට හේතුවෙන මොළයේ ගැටළු ද ඇතිකරනවා. ප්රතිශක්තීකරණ පද්ධතියේ අධික ක්රියාකාරිත්වය නිසා මොලයේ කොටස් වලට රුධිර සැපයුම අවහිරවන වන කැටි ගැසීම් ඇතිවෙනවා. බරපතල රෝගියෙකුට මොළයේ ප්රදාහය, මනෝභාවය සහ ඩිමෙන්ශියාව වැනි රෝග ලක්ෂණ ඇතිවෙනවා. රෝගයේ සාමාන්ය දින ගණන දින 14 ක් වුණත් බොහෝ පුද්ගලයන්ට ඊට වඩා දින ගණනක් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. හුස්ම ගැනීමේ ගැටළු සහ පසු වෛරස් තෙහෙට්ටුව සමහර අවස්ථාවල මාස ගණනක් පවතිනවා. මෙම රෝගය දරුණු ලෙස බලපාන්නේ වයසක පුද්ගලයන්ට සහ වෙනත් රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන පුද්ගලයන්ට. කොවිඩ් -19 වෛරසය වැළඳෙන තෙක් ඕනම කෙනෙකු එයට ප්රතික්රියා කරන්නේ කොහොම ද කියලා හරියටම කියන්න බැහැ. දැන් තේරෙනවා ඇති නේද මේ වෛරසය කොතරම් බරපතල බලපෑමක් මිනිසාට සිදුකරනවාද කියලා.

එහෙත් ඔබ පහත ආකාරයට සෞඛ්ය පුරුදු පිළිපැදුවහොත් කොරෝනා වෛරසයෙන් බේරෙන්න හැකියාව තිබෙනවා.

01-නිතරම නිසි ප්රමිතියෙන් යුතු පිරිසිදු මුඛ ආවරණ පැළදීම.

02-අසනීප පුද්ගලයන් වෛද්ය මුඛ ආවරණයකුත් හොඳ සෞඛ්ය සම්පන්න පුද්ගලයින් තුන් පොට යෙදූ රෙදි මුඛ ආවරණ භාවිතා කිරීම.

03-සමාජ දුරස්ථභාවය හැමවිටම පවත්වා ගැනීම

04-නිවසේවල නිරෝධායනය වන පුද්ගලයින් සිටී නම් ඔවුන්ට උපස්ථාන කිරීමට එක් නිරෝගී පුද්ගලයකු පමණක් ඉදිරිපත්වීම හා අනෙක් අය දුරස්ථභාවය රැකගෙන නිසි සෞඛ්ය ආරක්ෂණ ක්රම පිළිපැදීම.

05-සෑම විටම අත හොඳින් සබන් යොදා හෝ සනීපාරක්ෂක ද්රාවන යොදා පිරිසිදු කිරීම.

06-නිතරම මුහුණ, කට හා නාසය ඇල්ලීමෙන් වැළකි සිටීම.

07-සංචරණය අවම කිරීම.

08-අත්යවශ්ය කටයුත්තකට හැර නිවසින් බැහැර නොයාම.

09-අධික සෙනග ගැවසෙන තැන්වලට නොයාම.

10-ප්රතිශක්තිය වැඩිකරගැනීමට සෞඛ්ය සම්පන්න සමබර ආහාර භාවිතය.

11-වතුර පානය කිරීම – වැඩිහිටි පුද්ගලයෙකු නම් දිනකට වීදුරු 8ත් 10ත් අතර ප්රමාණයක්.

12-හොඳින් නිදා ගැනීම හා අධිකව තෙහෙට්ටු නොවී විවේකීව සිටීම.

13-හොඳින් ව්යායාම වල නිරත වීම හා මත්පැන්/දුම්වැටි භාවිත නොකිරීම.

මේ වෙනකොට ආසාධනය වූවන්ගේ සමීපතමයින්ට නිවාස වලම නිරෝධායන වෙන්න කියලා දැනුම් දීලා තිබෙනවා. නිවාස වල නිරෝධායනය වන පුද්ගලයන් වෙනමම කාමරයක සිටිය යුතු බවත් එම නිවසේ අනෙකුත් පුද්ගලයන් සමග දුරස්ථභාවය රැකගත යුතුබවත් දන්වා සිටිනවා. ඒ වගේම නිරෝධායන නීති කඩකරන පුද්ගලයන්ගේ නිශ්චල හා චංචල දේපල නිරෝධායන නීතිය යටතේ මුද්රා තැබීමට හෝ පොලිසිය භාරයට ගැනීම සිදුකරන බව පොලිස් මාධ්ය ප්රකාශක නියෝජ්ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා තිබෙනවා.මෙරට වාර්තාවන කොරෝනා ආසාදිත පුද්ගලයන්ගේ ශීඝ්ර වර්ධනයක් පෙන්නුම් කිරීම නිසා සෞඛ්ය අංශ මහජනතාවට කොරෝනා මර්ධන සෞඛ්ය නිර්දේශයන් නිසි අයුරින් පිළිපදින ලෙසට දන්වා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here