හතර වටෙන් ලංකාවට ප්‍රශ්ණයක් වුණු යකඩ ඌනතාවය…

ලංකාවට ප්‍රශ්ණයක් වුණු යකඩ ඌනතාවය…

2020 Dec 3

යකඩ කියන්නේ අපේ ශරීර වර්ධනයට වැදගත් වන ද්‍රව්‍යයක්. හිමොග්ලොබින් උත්පාදනයට වගේම යකඩ රුධිරයේ පවතින ද්‍රව්‍ය වන අතර අපගේ මොළයට හා අනෙකුත් අවයව වලට ඔක්සිජන් රැගෙන යන්න උපකාරී වෙනවා.

රුධිරය ඔක්සිජන් කිරීම , ඩී එන් ඒ සංශ්ලේෂණය, මයිටොකොන්ඩ්‍රීය ශ්වසනය, ස්නායු සම්ප්‍රේෂණය සහ මයිලින් සංශ්ලේෂණය සහ මොළයේ ක්‍රියාකාරිත්වය පවත්වාගන යන්න යකඩ අවශ්‍ය වෙනවා. ඛනිජ, අක්මාව, ප්ලීහාව, ඇටසැකිලි මාංශ පේශි සහ වෙනත් ප්‍රදේශවල ගබඩා කර ඇති අතර එය දරුවෙකුගේ සංජානන වර්ධනයට අත්‍යවශ්‍ය වෙනවා.

 

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ තත්ත්වය

 

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ යුනිසෙෆ් ශ්‍රී ලංකා විසින් 2014 දී කරන ලද සමීක්ෂණයකට අනුව මාතලේ, පුත්තලම, මාතර සහ ගාල්ල වැනි ප්‍රදේශ වල ළමුන් 15.1% ක් රක්තහීනතාවයෙන් පෙළෙන අතර 52.3% ක් යකඩ ඌනතාවයෙන් පෙළෙන බව සොයාගෙන තිබෙනවා. සමීක්ෂණයේ පෙන්වා ඇති පරීක්ෂණ ප්‍රතිළුල වලට අනුව මෙම දරුවන් තුළ රක්තහීනතාවයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ යකඩ ඌනතාවයයි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලාංකික ආහාර වේලක් හරිත එළවළු, මාළු, ධාන්‍ය වර්ග සහ වෙනත් මස් ද්‍රව්‍ය වලින් සමන්විත බැවින් එය සෞඛ්‍ය සම්පන්න සහ පෝෂ්‍යදායී ආහාර වේලක් යැයි සලකනු ලැබුවද, යකඩ ඌනතාවය තවමත් ප්‍රජාව තුළ ප්‍රමුඛ ප්‍රශ්නයක් වී තිබෙනවා.

 

 

මෙම ප්‍රශ්නය අපගේ අවධානයට යොමුවිය යුත්තේ ඇයි ?

 

මාස 6 ත් 5 ත් අතර ළමුන් තුළ යකඩ ඌනතාවය වඩාත් ප්‍රචලිත යැයි කියනු ලැබෙනවා. මොකද ළදරුවෙකු මව්කිරි හැරුණු විට සාමාන්‍ය ආහාර වේලකට ඒ කාලයේ හැඩගැසීමට පටන් ගන්නවා. ළදරුවෙකු උපත ලබන විට ඔවුන්ගේ ශරීරයේ ප්‍රමාණවත් තරම් යකඩ ප්‍රමාණයක් තිබෙනවා . ඒ යකඩ ප්‍රමාණය මුල් මාස 6 තුළ ළදරුවන්ගේ ශරීරයේ අඩංගු වෙනවා. ඉන්පසු යකඩ ප්‍රභවයන් ඔවුන්ගේ ආහාර වේලට හඳුන්වා දීම වැදගත් වෙනවා. දරුවෙකුගේ මොළයේ වර්ධනයෙන් 90% ක් මෙම කාලය තුළ සිදුවන බව කියනවා. යකඩ නොමැතිකම මොළයේ වර්ධනයට සහ එහි බුද්ධි වර්ධනයට විශාල බලපෑමක් සිදුකරනවා.

ඒ වගේම වැඩිහිටි දරුවන් ද යකඩ ඌනතාවය නිසා අවදානමට ලක්වෙන්න පුළුවන්. විශේෂයෙන් වැඩිවියට පත්වන ගැහැණු ළමයින්ට මෙහි බලපෑම වැඩියි. මෙහිදී ඔසප් වීමේ ආරම්භය මෙන්ම ආහාර වේලෙහි වෙනස්වීම් ඇතිවෙන්න පුළුවන්.

සියලුම සමාජ, ආර්ථික කණ්ඩායම් වල සිටින ළමුන් තුළ යකඩ ඌනතාවය දක්නට ලැබෙනවා. බොහෝ විට, ධනවත් කුටුම්භවල ළමයින්ට යකඩ ඌනතාවය ඇතිවීමේ ඉඩකඩ වැඩියි. මොකද ඇතිවෙන්න සල්ලි තියන පවුල් වල අඩු පෝෂ්‍යදායී ආහාර පරිභෝජනය බහුලයි . ගම්වල ළමයින් වඩාත් සමබර හා පෝෂ්‍යදායී ආහාර වේලක් අනුභව කිරීමට වැඩි කැමැත්තක් දැක්වුවද, මස්වල මිල නිසා ඔවුන්ට යකඩ ඌනතාවය ඇතිවී තිබෙනවා .

 

 

අප කළ යුතු දේ

 

ළමුන්ට අවශ්‍ය යකඩ ලබාගැනීම සදහා වෛද්‍යවරුන් විසින් නිර්දේශ කරනු ලබන ආහාර ද්‍රව්‍ය වන්නේ ධාන්‍ය වර්ග, කිරි, කුකුළු මස්, මාළු, වියළි මාළු සහ රතු මස් වර්ග, බිත්තර සහ වෙනත් හරිත එළවළු.

ඉහත සඳහන් ආහාර ද්‍රව්‍ය යකඩ වර්ග දෙකක් නිපදවයි, එනම් ‘‘haem iron’’ සහ ‘non-haem iron’. haem iron නිෂ්පාදනය කරනු ලබන්නේ රතු මස් සහ අනෙකුත් මස් වලින් වන අතර, non-haem iron නිශ්පාදනය වෙන්නේ ධාන්‍ය වර්ග නිවිති සහ ගොටුකෝල වැනි හරිත එළවළු වලින්. දරුවා සමබර ආහාර වේලක් ලබා ගැනීම සහතික කිරීම සඳහා මෙම ආහාර ද්‍රව්‍ය සමානුපාතික කොටස් වලින් දරුවාට ලබා දිය යුතුයි.

මෙය තක්සේරු කරනු ලබන්නේ නව මව්වරුන්ට ඔවුන් යන සායනය මගින් ලබා දෙන ‘ළමා සෞඛ්‍ය සංවර්ධන වාර්තා’ හරහා වන අතර, එමඟින් දරුවා ඔවුන්ගේ ආහාර වේල මගින් සමබර පෝෂණ මට්ටම් ලබා ගන්නේද යන්න තක්සේරු කිරීමට හැකියාව ලැබෙනවා.

ළමයින්ට සහ දෙමාපියන්ට මේ සම්බන්ධයෙන් අධ්‍යාපනය සහ දැනුවත්භාවය ලබාදීම වැදගත් වෙනවා. දරුවෙකු තමන් කන දේ ගැන දැනුවත් කිරීම , උද්යෝගමත් කිරීම සහ දිරිගැන්වීම ධනාත්මක පරිවර්තනයකට මග පාදනවා.

 

රෝග ලක්ෂණ සහ ප්‍රථිකාර

රක්තහීනතාවයේ සමහර රෝග ලක්ෂණ මව්වරුන්ට හඳුනාගන්න හැකියාව තිබෙනවා. උදාහරණයක් වශයෙන්, ඔවුන් නිවසේදී වඩාත් ක්‍රියාශීලී විය යුතු වුණත් තම දරුවා නිතරම නිදිමත හා උදාසීන බවෙන් ඉන්නවානම් ඒ දරුවාට යකඩ ඌනතාවයක් ඇති බවට දෙමාපියන්ට නිගමනය කරන්න පුළුවන්. මෙම අවස්ථාවේ දී, වෛද්‍යවරුන් මව්වරුන්ට තම දරුවාගේ ආහාර වේලෙහි යකඩ බහුල ආහාර ද්‍රව්‍ය ඇතුළත් කිරීමට උපදෙස් දෙන අතර අවශ්‍ය අවස්ථාවන්හිදී , ටැබ්ලට් සහ කුඩු ලෙස යකඩ ලබා දීමට නියම කරනවා.

කථනයේ ප්‍රමාදය, කෙටි අවධානයක්, සුදුමැලි සම, කලාන්තය, හෘද ස්පන්දනය සහ විශාල වූ ප්ලීහාව ද යකඩ ඌනතාවයේ රෝග ලක්ෂණ අතර වෙනවා. යකඩ ඌනතාවයට පොදුවේ ප්‍රතිකාර කරනු ලබන්නේ පෝෂණය ලබාදීම මගිනි.

 

COVID-19 නිසා වර්තමාන තත්ත්වය

අවාසනාවකට මෙන්, යකඩ බහුල ආහාර ද්‍රව්‍ය ලබා ගන්න අපි හිතන තරම් ලේසි නැහැ. විශේෂයෙන් කොරෝනා වෛරස වසංගතය හේතුවෙන් බොහෝ ගෘහස්ථ ආදායම්වලට දැඩි ඝෘණාත්මක බලපෑමක් ඇති කළ අතර සෞඛ්‍ය සම්පන්න ආහාර ද්‍රව්‍ය වලද හිඟයක් ඇතිවී තිබෙනවා. කටුක යථාර්ථය තමයි, ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ කුටුම්භයන් දිනපතා යකඩ බහුල ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට හා මිල දී ගැනීමට වෙහෙසෙන බව. කොහොමවුණත් බොහෝ ශ්‍රී ලාංකික පවුල්වල, කිරි ප්‍රධාන ආහාරයක් වන නිසා යකඩවලින් ශක්තිමත් කළ කිරි හොඳ යකඩ බහුල ආදේශකයක් කරගන්න හැකියාව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විශාල වශයෙන් පවතින මෙම යකඩ ඌනතාව පිළිබඳව දැනුවත් කිරීම, අවශ්‍ය විසඳුම් ලබාදීම අතිශයින්ම වැදගත් වන අතර එමඟින් අපේ රටේ අනාගතය සෞඛ්‍ය සම්පන්න පරම්පරාවක් බවට පත්කළ හැකියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here