හතර වටෙන් Junk Food වලට ඇබ්බැහි වෙලාද..?? ගැලවෙන්නම බැරිද..?

Junk Food වලට ඇබ්බැහි වෙලාද..?? ගැලවෙන්නම බැරිද..?

2021 Jan 13

අපේ දෛනික ජීවිතයේ හුඟක් දේවල් වලට ලොකු බලපෑමක් කරනන හැකියාවක් තියෙන ප්‍රධානම සාධකයක් තමයි අපි කෑමට ගන්න දේවල්. ශරීර සෞඛ්‍ය වගේම තවත් හුඟක් කාරණාවන්ට සාධනීය බලපෑමක් කරන්න අපේ ආහාර රටාවට හැකියාවක් තියෙනවා. කෑමට ගන්නේ මොනවද කියන දේ ගැන වැඩි අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය වන්නේ ඒ නිසයි. අපේ සමහර කෑම පුරුදු හෝ ඇබ්බැහිවීම් ඉතාම භයානක ප්‍රථිපල අත්කර දෙන බව ඔබ නොදන්නවා වෙන්න බැහැ. Junk Food කියන්නේ එවැන්නක්.

 

Asian women refuse fast food because of slimming on pink

 

මොනවද මේ Junk Food කියන්නේ..? වැඩි කැලරි ප්‍රමාණයක් සහිත සෞඛ්‍යාරක්ෂිත නොවන කෑම තමයි Junk Food වලට දිය හැකි හොඳම හඳුන්වාදීම වන්නේ. සාමාන්‍යෙන් මේ කෑම වර්ගවල වැඩි කැලරි ප්‍රමාණයක්, සීනි ප්‍රමාණයක් සහ මේද ප්‍රමාණයක් අඩංගු වනවා. ප්‍රෝටීන, ෆයිබර්, විටමින් වගේ සංඝටක ඉතාම අඩුයි. ඒ අනුව වර්ගීකරණය කරගැනීමටත් හැකියාව තිබෙනවා. නමුත් සාමාන්‍ය ජීවිතයේ අපි බොහෝ ක්ෂණික කෑම (Instant Foods) මේ වර්ගයේලා සැලකෙනවා. බොහෝවිට මේවා සැකසූ ආහාර (Processed Food) වීමත් තවත් විශේෂත්වයක්. සමහර වර්ගීකරණ වලදී HFSS කාණ්ඩයේ කෑම වර්ග කියලත් හඳුන්වා දෙනවා. එනම් High in fat, salt & sugar කියන අදහසින්. කොහොම නමුත් මොනවද මේ Junk Food කියන්නේ කියල මේ තොරතුරු ඇසුරින් ඔබට නිගමනයකට එන්න පුළුවන් වේවි.

 

මේ ආහාර වල තියෙන සෞඛ්‍ය සම්පන්න නොවීම නිසාම මේවායින් හැකි තරම් වළකින්න කියල බොහෝවිට වෛද්‍යවරුන් සහ පෝෂණවේදීන් අවවාද කරනවා. නමුත් එක ඒ තරම්ම ලෙහෙසි පහසු කටයුත්තකුත් නොවෙයි. ඒ වගේම ඒ වෙනුවෙන් වන පියවර විදිහට සමහර රටවල් මේ Junk Food විකිණීම වෙනුවෙන් දැඩි නීතිරීති සහ සීමාවන් පනවා තිබෙනවා. තවත් සමහර රටවල් මේවා පිලිබඳ ප්‍රචාරණය කිරීම (Advertise) තහනම් කොට තිබෙනවා. ජනතාවගේ සෞඛ්‍ය පිලිබඳ රජයක් සතුවන වගකීම වෙනුවෙන් ඔවුන් එවැනි පියවර ගත්තා වූවත් Junk Food භාවිතයට සිමා පනවා ගනිමින් තමන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කරගන්න වෙන්නේ පුරවසියන්ටමයි. ප්‍රධානම කාරණය මෙවැනි ආහාර හේතුවෙන් ස්ථුලතාව (Obesity) වගේම තවත් රෝග ගණනාවක් ඇතිවීමට හැකියාවක් තිබීම. දෙවැන්න මෙවැනි ආහාර නිසා සිරුරට අවශ්‍ය පෝෂණය නොලැබී යාම සහ අනවශ්‍ය ලෙස සමහර පෝෂක කොටස් ලැබීම නිසා තුලනාත්මක සිරුරක් පවත්වා ගැනීමට නොහැකි වනවා පමණ නොවෙයි එමගින්ද වෙනම සෞඛ්‍ය ගැටළු ඇති වනවා. මේ සියල්ල සලකා බැලුවොත් Junk Food භාවිතයෙන් හැකිතාක් වැලකි සිටීම වඩාත් සුදුසු තීරණයක් වනවා.

Obese overweight young european redhead man dressed in undersized tank top, with mouth stuffed with marshmallow, putting hand into big glass jar, taking some more sweets Free Photo

නමුත් මෙතැනදී පැනනගින ප්‍රධානම ගැටලුව තමයි මෙවැනි ආහාර රටාවන්ට පුරුදු වුන කෙනෙකුට ඉන් අත්මිදීම එතරම්ම පහසු වන්නේ නැහැ. බොහෝවිට මෙවැනි කෑම වලට ඇබ්බැහි වීමක් සිදු වනවා. ඉතිඉන් Junk Food වලට ඇබ්බැහි වෙලා ඉන්න ඔබට ඉන් අත්මිදෙන්න සරළ පියවර කිහිපයක් අද gasma.lk අපි, ඔබට ඉදිරිපත් කරනවා. ඔබේ ශරීරයේ සෞඛ්‍ය සම්පන්න බව වගේම සිරුරේ හැඩය ගැනත් සැලකිලිමත් වන්න කියල අපි ඔබට මතක් කරනවා.

කොහොමද මේ Junk Food වලට ඇබ්බැහි වීම නතර කරන්නේ….? මේ සරළ කාරණා කිහිපය ගැන ඔබේ අවදානය යොමු කරොත් ඔබට ඒ වැඩේ ඒ තරම්ම අමාරු වෙන එකක් නැහැ. අපි මෙතැනදී ඔබට කියන්නේ Junk Food වලින් වැලකි ඉන්න ඔබේ මනස පුහුණු කරගන්නේ කොහොමද කියන දේ ගැන. ඔබට කන්න හිතෙන වෙලාවට ඒ කෑම ප්‍රතික්ෂේප කරන්න ඔබේ මනස ශක්තිමත් වගේම සුදානම් විය යුතුමයි. ඒ නිසා එවැනි මානසික සුදානමක් ඇති කරගන්න පියවර මොනවාද කියන දේ ගැන අපි මෙතැනදී කතාබහ කරනවා. ඔබේ මනස ගැන හොඳින්ම දන්නා කෙනා ඔබ. ඒ වගේම ඔබේ සිතීමේ ක්‍රියාවලිය සහ ඔබේ සිතිවිලි ක්‍රියාත්මක වන විදිහත් හොඳින්ම දන්නේ ඔබ. ඉතිං, ඔබ Junk Food වලට ප්‍රියකරන කෙනෙක් නම් මුලින්ම කළ යුතු වන්නේ මෙන්න මේ කරුණ තේරුම් ගැනීම. ඔබේ මනසින් එවැනි කෑම වර්ගයක් ඉල්ලන මොහොත මොකක්ද කියන එක සහ ඊට හේතුව ගැන අවබෝදයෙන් ඉන්න. එවැනි කෑමකට කොතරම් ප්‍රිය වුනත් තාර්කිකව එක ප්‍රතික්ෂේප කරන්න තරම් ඔබ මනසින් ශක්තිමත් වන්න අවශ්‍යයි.

Dieting concept. healthy useful food. beautiful young women choosing between fruits and unhealthy fast food at studio. human emotions and comparison concepts Free Photo

අවසානයේ ඔබේ ඉලක්කය හැඩති සිරුරක් සහ සෞඛ්‍ය සම්පන්න ජිවිතයක් නේද.. එහෙම නම් ඔබ ඔබේ මූලික පියවර ගත යුතුමයි. මුලින්ම Junk Foods වලින් ඉවත් වීමේ අදහස ඔබේ මනසට හුරු කරවිය යුතුයි. ඔබේ පැන්ට්‍රි එකට යන්න. ශීතකරණය පරික්ෂා කරන්න. මොන තරම් සෞඛ්‍යාරක්ෂිත නොවන ක්ෂණික කෑම වර්ග සහ Junk Foods තියෙනවාද..? ඔබේ පන්ට්‍රියේ තැනින් තැන ගබඩා කොට තිබෙන සියල්ල ඉවතට ගන්න. ඒවා ඔබට නොපෙනෙන හෝ මුණ නොගැසෙන විදිහට ඉවත් කරන්න. එවිටයි ඔබ ඉන් ඉවත් වනවා කියන මූලික විධානය ඔබට දැනෙන්නේ. එහෙම නම්, පළමු පියවර දැන්මම ආරම්භ කරන්න.

Young serious woman in blue t-shirt choosing between fresh fruit vegetables or sweets in the kitchen. choice between healthy and unhealthy food. dieting. diet. healthy food Premium Photo

ඊළඟ පියවර විදිහට ඔබට කරන්න තියෙන්නේ ඔබට පහසුවෙන් හසුවන ළඟපාතක මෙවැනි කෑම වර්ග තබා නොගැනීම. ඔබේ පන්ට්‍රියේ කෑම වර්ග ගබඩා කරගැනීමේදී, එළවලු, පළතුරු, ධාන්‍ය වර්ග, තිරිඟු නිෂ්පාදන වගේ කෑම වර්ග ලඟින් තබාගැනීමට අමතක කරන්න එපා. පර්යේෂකයින් පවසන අන්දමට ඔබ පහසුවෙන් ලඟාවීමට හැකි කෑම වර්ග නිතර කෑමට පෙළඹෙනවා. ඒ නිසා පහසුවෙන් ලඟාවිය හැකි ඔබේ පන්ට්‍රිය, ශීතකරණය Junk Food වලින් තොර කලාප කරගන්න මතක තබාගන්න. ඒ වගේම ගෙදර පැන්ට්‍රි එක කොහොම වෙනස් කරගත්තත් ඔබේ කාර්යාලය අසල මෙවැනි කෑම අලෙවිසැල් තියෙනවා විය හැකියි. ඔබට හැකිතාක් එවැනි තැන් මගහැරීමට උත්සාහ කරන්න. ඔබේ මනස මේ කෑම ප්‍රතික්ෂේප කිරීමට හුරුවන තෙක්ම එවැනි දේ මගහරින්න වගබලා ගන්න. තුන්වැනි කාරණය ඔබ මිතුරන් සමග පිටතට යෑම, විනෝද සවාරියක් හෝ රාත්‍රී භෝජන සංග්‍රහයක් වැනි දෙකට යන්න සූදානම් වනවා නම් Junk Food නොමැති අවන්හලක් තෝරාගන්න අමතක කරන්න එපා. එවැනි සරළ ක්‍රම මගින් යම් තත්වයක් දක්වා ඔබේ මනස හුරුකරවා ගැනීමට ඔබට හැකියාව ලැබේවි.

Waiter man holding a big plate of ravioli with arugula leaves, parmesan cheese Free Photo

ඊළඟ කාරණය ඔබේ මිළදී ගැනීමේ රටාව වෙනස් කිරීම. ඔබ යමක් කරන්න හිතුවොත් ඔබට ඒ වෙනුවෙන් සැළසුමක් අත්‍යවශ්‍යයි. ජීවිතයේ ඕනෑම කටයුත්තකදී ඒ තත්වය පොදුයි. ඉතින් ඔබ Junk Foods වලින් ඉවත් වෙන්න අවශ්‍යයි කියල තීරණය කළාට පසුවත් එවැනි සැළසුමක් අත්‍යවශ්‍යයි. ඔබේ මනස ටිකින් ටික එවැනි ආහාර ප්‍රතික්ෂේප කරන මට්ටමට පුහුණු කරන්න මේ පියවරයන් ඉතාමත් වැදගත්. දැන් ඔබට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිළදී ගැනීම ගැන හිතන්න. ඔබ සමහරවිට ඔබට හිතෙන විටෙකදී වෙළඳ සලකට ගිහින් අවශ්‍ය කෑම වර්ග මිළදී ගන්න හුරුවෙලා හිටියා වෙන්නත් පුළුවන්. දැන් මේ පුරුදු සියල්ල වෙනස් කරගන්න කාලය ඇවිත්. ඔබ මුලින්ම ඔබේ ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව සකස් කරගන්න. මේ ලැයිස්තුව හදන්නේ සතියකටද මාසයකටද කියන කාරණය වැදගත් නැහැ. අවශ්‍ය වන්නේ ඔබ කන්නේ මොනවද ඒ රටාව කුමක්ද කියන දේ තීරණය කිරීමයි. ආහාර ද්‍රව්‍ය ලැයිස්තුව සකස් කරන්න. ඒ අනුව ඔබේ ලැයිස්තුව නැවත පරික්ෂා කරන්න. එයට ඇතුලත් වුනු Junk Foods සියල්ලම ඉවත් කරන්න. දැන් ඔබේ ආහාර ගැනීමේ රටාව් නැවත සකස් කරන්න. මේ විදිහට සති කිහිපයක් ඔබේ shopping list එක සකස් කරගනිමින් Junk Foods ගෙදරට එමෙන් පවා වලකින්න උත්සාහ කරන්න. දිගින් දිගටම මෙවැනි පියවරක් අනුගමනය කරද්දී ඒ කටයුත්ත ඉබේටම ඔබේ පුරුද්දක් බවට පත්වේවි.

Good looking woman standing in front of vegetable shelves choosing what to buy Free Photo

. ඔබ කෑමට ගතකරන කාලය අඩු කිරීමත් තවත් වැදගත් පියවරක්. සාමානයෙන් කෑම ගැනීම ආරම්භ කරලා මිනිත්තු 20ක් ඇතුලත කෑම අවසන් බවට ශරීරයට ඉඟියක් ලැබෙනවා කියලයි විශේෂඥයින් කියන්නෙ. ඒ නිසා මේ කාලය තුළ කෑම හොඳින් හපමින් වෙලාව අරගෙන කන්න කියන කාරණයත් ඔවුන්ගේ මතය වී තිබෙනවා. ඒ වගේම තමයි දවස තුළ ඔබට කෑමට ලැබෙන වෙලාව අවම කරගන්න. හුඟක් දෙනෙකුගේ පුරුද්දක් ප්‍රධාන ආහාර වේලට අමතරව මේ Junk Foods මොනවාහෝ අතරතුර ආහාරයට ගැනීම. ඒ පුරුද්දෙන් වලකින්න මනස හුරු කරගන්න තවත් ඵලදායි ක්‍රමයක් තමයි එවැනි කෑමකට වෙලාවක් වෙන් නොකිරීම. කොහොමත් ඔබේ දෛනික කටයුතු අතරතුර එවැනි වෙලාවක් නොතබා වැඩ සැලසුම් කරගන්න. ඒ විදිහේ ක්ෂණික කෑමකට වෙලාවක් නැති බව මනසට තේරුම් යන්න ඉඩ හරින්න. ඒකත් ඔබට ප්‍රථිපලදායක ක්‍රමයක් වේවි.

රතු, කහ, තැඹිලි වර්ණ ඔබේ කෑම කාමරයට, පන්ට්‍රියට භාවිතා නොකරන්න කියන එකත් මනස හුරු කරවීමේ එක ක්‍රමයක්. ඔබට නැති බඩගින්නක් ඇති කරන්න මේ වර්ණ සමත් වන බවත් විශේෂඥයින් සඳහන් කරනවා. බොහෝවිට කෑම වර්ග අළෙවි කරන brands බොහොමයක් මේ වර්ණ භාවිතා කරනවා ඔබ දැක ඇති. ඒ වගේම සමහර ආපනශාලා කෑම ඇනවුම් කිරීමෙන් පස්සේ අනවශ්‍ය තරම් ඔබව නිකරුනේ ආයතනය තුළ රඳවා ගන්නවා ඔබට දනිලත් ඇති. ඒකත් ඔවුන්ගේ උපක්‍රමයක් බව පැවසෙනවා. ඔබට තව තවත් කෑම ඇණවුම් කරන්න සිතිවිලි ක්‍රියාත්මක කරවීම ඔවුන්ගේ අරමුණ වන බව කියවෙනවා. ඉතින් මේ උපක්‍රම වලින් ගැලවී සිටීමට ඒ ගැන අවබෝදයෙන් සිටීමත් වැදගත් වනවා.

Interior design for kitchen area in modern style Premium Photo

Junk Foods ගැන කියවෙන තොරතුරු ඕනෑ තරම් ඔබට සොයාගැනීමේ හැකියාවත් තිබෙනවා. අපි දැන් ඉන්නේ තොරතුරු ලෝකයක. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් ඉතා පහසුවෙන් ඇඟිලි තුඩු වලින් සොයාගත හැකි තරමට පහසු වී තිබෙනවා. ඉතින්, ඔබට තවත් හොඳම පියවරක් මේ ගැන තොරතුරු සොයාගෙන කියවන්න. අදාළ වීඩියෝ නරඹන්න. ඔබට Junk Food ප්‍රතික්ෂේප කිරීමට තරම් මානසික එකාග්‍රතාවක් හදාගන්නත් ඒ තොරතුරු ඉවහල් වේවි. අවසානයේ සෞඛ්‍ය සම්පන්න කෑම වේලක් වෙනුවෙන් මනස හුරුකර ගැනීම ඔබේ ඉලක්කය නම් මනසට ඒ පිලිබඳ පුහුණුව ලබාදෙන්න මේ ක්‍රම අනුගමනය කර බලන්න. මේ තොරතුරු අපි ඔබට ගෙන එන්නේ ඔබට වඩා සුවපහසු සහ සෞඛ්‍ය සම්පන්න නිරෝගී ජිවන රටාවක් සකස් කරගැනීම වෙනුවෙන්. ඉතින් ඔබ මුලින්ම ඒ වෙනුවෙන් මනසින් සුදානම් විය යුතුමයි. එහෙම නම් අද සිටම මේ පියවර කිහිපය අනුගමනය කරන්න වගබලා ගන්න. ප්‍රගතිය ඔබටම අත්විඳින්නට ලැබේවි.

 

-ඒන්. වෙහෙරදූව-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here