2021 Aug 18
අද අපි කතාකරන්න යන්නේ ටිකක් වෙනස්, අලුත් විදිහේ මාතෘකාවක්. ඇත්තටම මේක අලුත් කිව්වට ගොඩක් ඉස්සර කාලේ ඉදල විශ්වාස කරන කරුණු ටිකක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේ දේවල් අපි අදටත් විශ්වාස කරන්නේ ඇත්තටම සිද්ධ වුන දේවල් විදිහට. නමුත් ඇත්ත තත්වය ඊට වඩා වෙනස්. ඉතින් පොඩි කාලේ ඉදලම අපි ජිවත් වුණ ලෝකේ ඇත්ත අපි අද දැනගමු.
කව්බෝයි ගන්ෆයිට්ස්
කව්ද මේ කව්බෝයි කියන්නේ? ඇත්තටම කව්බෝයි කියලා හදුන්වල තියෙන්නේ විශාල ප්‍රමාණයේ ගොවිපල වල ගවයන්ව මෙල්ල කරන්න වගේම ඒවායේ කටයුතු බහුතරයක් කරන්න හිටපු උදවියව. මෙයාල අස්සයා පිටේ නැගලා ගිහින් තමයි තමන්ගේ රාජකාරි කටයුතු කරලා තියෙන්නේ.
දැන් මේ කියන්න යන සිද්ධිය නොතේරෙන කෙනෙක් නෑනේ. ටීවී එකේ කවුද බෝයි (lucky luke) කාටුන් එක බලන පොඩි දරුවාගේ ඉදලා නිකමට හරි හොලිවුඩ් කව්බෝයි ෆිල්ම්ස් බලපු කෙනෙක් වෙනකන් අය දන්නවා මේ කියන්නේ ඉස්සර ඇමරිකාවේ බටහිර ප්‍රදේශ වල සිද්ධ වුණයි කියන ෆේස් ටු ෆේස් වෙඩි ෆයිට් ගැන තමයි කියලා.
ගොඩක් අය අදටත් හිතන්නේ මෙයාලා ඇමරිකාවේ හන්දියක් හන්දියක් ගානේ තුවක්කු මාන ගෙන හිතේ හැටියට වෙඩි තියාගත්තා කියලා තමයි. ඇත්තටම මෙහෙම දේවල් වෙලා තියෙන්නේ ගොඩක් කලාතුරකින්. ඇත්තටම නොවුන තරම් කිවුවොත් හරි. ඒ වගේම සිද්ධ වෙලා තියෙන ගන්ෆයිට්ස් වූනත් අපි හොලිවුඩ් ෆිල්ම් වල දකිනවා වගේ නීති රෙගුලාසි වලට වලංගු නැති, සමාජෙටත් ගානක් නැති විදිහේ ඒවා නම් නෙමෙයි. ගොඩක් දරුණු අපරාධ විදිහට තමයි ඒවා ඒ කාලේ ඉදලම සලකලා තියෙන්නේ.
එහෙම සිද්ධ වුණ අතලොස්සක් ඒවා ප්‍රසිද්ධ වෙන්න හේතුව තමයි මේවා ඒ කාලේ ත්‍රාසජනක, කුතුහලය දනවන, අහද්දී හිරිගඩු පිපෙන, ත්‍රිල් එකක් එන කතා වීම. ඒ වගේම ඒ විදිහට ජප්‍රවාදයේ ආව කතන්දර වලට හොලිවුඩ් අධ්‍යක්ෂක වරු ඕනෑවටත් වඩා සාදාරණය ඉෂ්ට කරලා සමාජගත කරලා තියෙනවා. ඔන්න ඔහොමයි අපි ඒවා පිළිගන්න පටන් ගත්තේ.
වයිකිං වරුන්ගේ අං සහ තටු තිබුන හෙල්මට්
වයිකිං වරු කියන්නේ 8-11 සියවස්වල නෝවේ ඩෙන්මාක් ස්වීඩන් (ඒ කාලේ ස්කැන්ඩිනේවියා ) වල හිටපු දක්ෂ නැවියෝ එහෙමත් නැතිනම් යාත්‍රිකයන් කොට්ඨාසයක්. සරලවම කිවුවොත් නැවු වල ගිහින් උතුරු සහ දකුණු යුරෝපයේ කොටස් වල මෙයාලා තමන්ගේ අණසක පතුරවලා තියෙනවා. හැබැයි වයිකිං කිවුව ගමන් අපේ මතකයට එන්නේ මෙයාලගේ යාත්‍රා ගැනවත්, පළාත් අල්ලගත්ත එකවත් නෙමෙයි. එයාලටම අවේණික හෙල්මට් එක. ඇත්තටම අපි කාටුන් වල ෆිල්ම් වල දකිනවා වගේ මෙයාල ඒ විදිහේ හෙල්මට් දැම්මා කියල සාක්ෂි නම් නෑ. ඉතින් මේ ගැන කියන්න තියෙන්නෙත් ෆිල්ම් හදන අය ඒවා අං හරි තටු හරි සෙට් කරපු අමුතු විකාරරුපි අයිටම් එකක් කරලා මේක මිනිස්සු අතරට ගෙනත් තියෙනවා.
මෙහෙම අදහසක් මුලින්ම ලෝකෙට එන්නේ ඉපැරණි ගෙත්තමක සටහන් වෙලා තියෙන අං සවි කරපු හිස් වැස්මක් දාගෙන ඉන්න මනුස්සයෙක් හෝ මනඃකල්පිත චරිතයක් යම් චාරිත්‍රයක් ඉටු කරනවා පෙන්වන රුපෙකින්. මේක ෆිල්ම් වලින් වැඩිදුරටත් මෙහෙම සමාජගත වුණත් 19 වන සියවසේදීත් ඔපෙරා වල වයිකිං වරුන් නිරුපණයට මේ ජාතියේ හිස් වැසුම් යොදල තියෙනවා.
පාන් බැරි නම් කේක් කාපල්ලා…
අපි කවුරුත් ඉතින් මේ කතාව අහලා තියෙනවා නේ. අහලා තිබ්බට කවුද මේක කිවුවේ ? මේක කිවුවේ ප්‍රංශ විප්ලවය කාලේදී රට පාලනය කරපු මාරි ඇන්ටෝනියෝ බිසව. 1755 වසරේදී ඔස්ට්‍රියාවේ තමයි ඉපදිලා තියෙන්නේ. මොනවා වුණත් එච්චර හොදට මෙයා රට පාලනය කරලා නම් නෑ. ඒ වගේම මෙයා 16 වන ලුවි රජතුමාගේ බිරිඳ. ඉතිහාසයේ කියන විදිහට රට දරිද්‍රතාවෙන් පෙළෙද්දී මිනිස්සුන්ට කන්න පාන් වත් හොයාගන්න බැරි වෙලා (බත් ?? නෑ නෑ එහෙ පාන් ). ඒ වේලාවේ මෙයා පාන් බැරි නම් කේක් කාපල්ලා කියල රට වැසියන්ට කිව්වලු.
කතන්දරේ ඔහොම ජනප්‍රවාදයේ පැවතගෙන ආවත් ඇත්තටම ඇය එහෙම ප්‍රකාශයක් කරලා නැහැ. ඒ කතාව මෙයාට ආදේශ කරපු එකක් කියල තමයි සාක්ෂි තියෙන්නේ. Rousseau විසින් ප්‍රංශ විප්ලවයට අවුරුදු 20කට කලින් ලිව්ව පොතක තමයි මේ කතාව තියෙන්නේ. ඒ වගේම දශක ගණනාවකට පස්සේ මේක මාරි ඇන්ටෝනියෝ කිව්වා කියලා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඒ කාලේ ප්‍රංශ වංශවතුන් තමන් ගැන අධි තක්සේරුවෙන් වගේම මිනිස්සු තලා පෙලා දාපු විදිහ ඉදිරිපත් කරන්න.
අයින්ස්ටයින් ගණන් ෆේල්???
අයින්ස්ටයින් කියන්නේ වැඩකරන පන්තියේ පියෙකුගේ පුතෙක්. ඉතින් මේ තාත්තගේ කීමට අයින්ස්ටයින් තාක්ෂණ විද්‍යාලයකට ඇතුල් වෙන්න ඇතුල්වීමේ විභාගය ලියනවා. මෙන්න මේ කියන විභාගය අයින්ස්ටයින් උඩින්ම ෆේල්. මේ කතන්දරේ අල්ලලා තමයි ගොඩක් අය අයින්ස්ටයින් ගණන් ෆේල් කියලා ලෝක ප්‍රසිද්ධ මතයක් හදාගන්නේ.
ඇත්තටම අපි අදටත් මුළු ලෝකයක පාවිච්චි කරන ගණිත ක්‍රම බොහොමයක් හොයාගත්ත අයින්ස්ටයින් ගණන් ෆේල් වෙයිද?? තාක්ෂණ විද්‍යාලයට ඇතුලත්වීමේ පරීක්ෂණය ෆේල් උනාට මෙතුමා වෙනත් හදාරපු විද්‍යා හා ගණිත පාඨමාලා නම් අසමත් නෑ කියල තමයි සදහන් වෙන්නේ.
බල්බය හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන්
අපි පොඩි කාලේ ඉදලම පාඩම් කරන සාමාන්‍ය දැනීම පොත් වල වගේම ඉස්කෝලේ පහ වසරේ ඉදන්ම ඉගෙන ගත්ත දෙයක් තමයි බල්බය හොයාගත්තේ තෝමස් අල්වා එඩිසන් කියන එක. ඇත්තටම එතුමා මේ සම්බන්ධයෙන් විශාල සේවයක් කරා. එතුමා තමයි බල්බය පර්ෆෙක්ට් ඩිවයිස් එකක් කරලා ලෝකෙට ඉදිරිපත් කරේ.
ඒ කියන්නේ මෙහෙමයි. එතුමා බල්බය ලෝකෙට ඉදිරිපත් කරන්න කලින්ම බල්බය හොයාගෙන තිබුනේ. හැබැයි කවුරුවත් සමත් වෙලා තිබුනේ නෑ බල්බයට හොද ෆිලමන්ට් එකක් ආදේශ කරන්න. ඔක්කොම අය භාවිතා කරලා තියෙන ඒවා පැයකට වඩා ආලෝකය දෙන්න සමත් වෙලා නෑ. තෝමස් මහත්මයා තමයි විවිධ පරීක්ෂණ විශාල ප්‍රමාණයක් කරලා තන්ග්ස්ටන් කම්බියක් ෆිලමන්ට් එක විදිහට සුදුසු බව හොයාගෙන තියන්නේ. (එතුමාගේ සහයකයින් කීප දෙනාගෙන් කෙනෙක් අතින් මේක සොයා ගැනුනා කියලත් සදහනක් තියෙනවා). කොහොමහරි මේකේ පේටන්ට් එක ලැබෙන්නේ මෙතුමාට. එහෙම තමයි තෝමස් අල්වා එඩිසන් මහතාට බල්බය සොයා ගැනීමේ අයිතිය හම්බ වෙන්නේ. ඉතින් බල්බය කියන්නේ විශාල පිරිසකගේ කැපකිරීමක ප්‍රතිපලයක්.
අපි පොඩි කාලේ ඉදලම විශ්වාස කරපු දේවල් වල මේ විදිහට පොඩි පොඩි අවුල් තියෙනවා කියලා හිතුවේ නැහැ නේද? අවුරුදු ගානකට කලින් සිද්ධ වුන දේවල් නිසාත්, හරි හැටි මුලාශ්‍ර නැති නිසාත්, කලාකරුවන්ට මේ කතා රසට මිනිස්සු අතරට ගෙන එන්න අවශ්‍ය නිසාත්, ජනප්‍රවාද වලින් පැවතගෙන එන නිසාත් මේ කතා වලට මේ විදිහේ වෙනස්කම් සිද්ධ වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්.
-එස්. තත්සරණී-