2020 Apr 26
Covid 19 ලෝකයේ අඛණ්ඩව සිදුවෙන වසංගත තත්වයක්. වර්තමානයේ දී ලෝක ජනගහනයෙන් මිලියන 2.5 කට වඩා වැඩි සංඛ්‍යාවකට මෙම වසංගතය ආසාදනය වී ඇති අතර 2020 අප්‍රියෙල් මස 21 වන දිනට 171,300 දෙනෙකුගේ ජීවිත අහිමිව තිබේ. එය අනුපාතයක් ලෙස 6.8 % වේ . මෙම වසංගත තත්ත්වය පාලනය සඳහා ගෝලීය නායකයින් හා සෞඛ්‍යය විශේෂඥයින් විසින් සමාජය දුරස්ථභාවය, සංචාරකයින්ගේ පැමිණීම තහනම් කිරීම සහ සෞඛ්‍ය සේවා සඳහා වැඩි වශයෙන් මුදල් වෙන් කිරීමට කටයුතු කෙරුණි .
මෙම රෝගයේ මූලාරම්භය වූයේ ,චීනයේ වුහාන් නගරයයි. වර්තමානයේ දී එය වසංගත තත්වයක් ලෙස නම් කර ඇති අතර මෙහි කේන්ද්‍රස්ථානය ඉතාලිය හා පසුව ඇමරිකා එක්සත් ජනපදය ලෙස පිළිවෙලින් වෙනස් විය .මෙම අර්බුදය මාධ්‍යයේ,රටක ප්‍රධානම අරමුණ වන්නේ ජනගහනයේ යහපැවැත්ම වුවද,Covid 19 හේතුවෙන් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳවද අවධානය යොමු කිරීම අත්‍යවශ්‍යය කරුණකි. මෙය විශේෂඥයින් විසින් මෑත ඉතිහාසයේ සිදු වූ දරුණුතම ආර්ථික බලපෑම ලෙසද නම් කර තිබේ .
ගෝලීය කැලඹිලි තත්වය ශ්‍රී ලංකාව තුළ ඇති කළ බලපෑම
පසුගිය ශත වර්ෂයන් තුළ ආර්ථිකයන් විශාල වශයෙන් වර්ධනය වූ අතර අන්තර්ජාතික වෙළෙඳාම සහ විදේශ සංක්‍රමණ මීට ප්‍රධාන වශයෙන් හේතු විය .වර්තමානයේ Covid 19 හි බලපෑම සමග චීනය හා ඇමරිකා එක්සත් ජනපදයන්හි ව්‍යාකූලත්වය ලෝකයේ සෑම තැනකටම විශාල බලපෑමක් ඇති කර තිබේ. මෙම වසංගතය මැඩ පවත්වා ගැනීම සඳහා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2-4ක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත.
අවාසනාවකට , අපනයන සංවර්ධන ආයතන විසින් කරන ලද පරීක්ෂණයකින් චීන ආර්ථිකය පසු බෑමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව වඩාත් අවදානමකට ලක් විය හැකි බව හඳුනා ගෙන ඇත .
ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපා සංගමය වැනි ආර්ථික බලවතුන් සමඟ ශ්‍රී ලංකාව ඇති කරගෙන ඇති ශක්තිමත් සබඳතා හේතුවෙන් ආර්ථිකයට හැකි විය හැකි බලපෑම් අවම කර ගැනීමට උපකාර කරන බව ප්‍රකාශ කර ඇත . 2019 පාස්කු ප්‍රහාරයෙන් පසුව ශ්‍රී ලංකාව 4.5 -5.0% ක ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ නමුත් වර්තමානයෙහි ගෝලීය වසංගත තත්වය හේතුවෙන් එය 2.2 %කට සීමා වී ඇති බව ඇස්තමේන්තු කර ඇත .මෙම කාලය තුළ වැඩි වශයෙන් බලපෑම් ඇති වී ඇති අංශ ලෙස ඇඟලුම් ,නිෂ්පාදන, කෘෂිකර්මික,සංචාර, සිල්ලර හා පාරිභෝගික යන අංශයන් හඳුනාගෙන ඇති අතර, මෑත කාලයේදී ,ශ්‍රී ලංකාව වැටුප් කප්පාදු කිරීමක් හා විරැකියා තත්ත්වයකට මුහුණ පෑමට සිදු විය හැකි බව අපේක්ෂා කරයි.
ශ්‍රි ලංකාවේ නිෂ්පාදන කර්මාන්තය
සියළුම දිස්ත්‍රික්ක වලට පනවා ඇති ඇඳිරි නීතිය නිසා මිනිස් ශ්‍රමය හිඟ වීමත් , චීනයෙන් අමුද්‍රව්‍ය ආනයනය කිරීම තාවකාලිකව නවතා තිබීමත් නිසා ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර්මාන්තයට විශාල පහරක් එල්ල වී තිබේ .කෙසේ වෙතත් ,අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා වන ආනයන තහනමත් සමඟ ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධන මණ්ඩලය විසින් අපනයනය කරනු ලබන යෙදවුම් සඳහා වූ බදු ඉවත් කර ඇත.
රටේ නිෂ්පාදන හා අපනයනය සඳහා විශාලතම කාර්යභාරය ඉටු කරන්නේ ඇඟලුම් අංශයයි . චිනයේ අමුද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් ඉල්ලුම් කරනු ලබන යුරෝපීය හා එක්සත් ජනපද වෙලඳපොලවල් කඩා වැටීම හේතුවෙන් , 2020 මාර්තු සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ, ඇඟලුම් අංශය (ඇමරිකානු ඩොලර්) මිලියන 1.5 ක අලාභයක් ලැබිය හැකි බව විශ්ලේෂණය කර තිබේ.
වර්තමානයේ කෙටිකාලීන යාන්ත්‍රණයක් ලෙස, ඇගළුම් කර්මාන්තයේ ප්‍රධානීන් විසින් රට තුල විශාල ඉල්ලුමක්ව පවතින පුද්ගලික ආරක්ෂණ උපකරණ (PPE) අත්වැසුම් ,මුඛාවරණ නිෂ්පාදනය කිරීම ආරම්භ කර ඇත .මේ සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය රබර් කර්මාන්තශාලා වලින් සපයා ගනු ලැබේ. රටක් ලෙස මුහුණ පා ඇති මෙම වසංගත තත්වය තුළ පෞද්ගලික අංශ විසින් සිදු කරනු ලබන මෙම ක්‍රියාවලියට රජය විසින් ප්‍රසාදය පළ කර තිබේ.මෙම පුද්ගලික ආරක්ෂක උපකරණ අවම ලාභයක් සහිතව විකුණනු ලබන අතර එමගින් ජාතියට මහඟු සේවාවක්ද ඉටු වේ .පුද්ගලික ආරක්ෂණ උපකරණ(PPE) වල සැපයුම දේශීය ඉල්ලුම ඉක්මවා ගිය පසු ,මෙහි අතිරික්ත තොග ලෝක සෞඛ්‍ය සංවිධානයට විකිණීමට බලාපොරොත්තු වන අතර මේ මගින් විදේශ ආදායම් ලබා ගැනීමට පෞද්ගලික අංශ විසින් අපේක්ෂා කරයි .
ආහාර සහ කෘෂි කර්මාන්තය ~ “අත්‍යවශ්‍ය සේවාවන්” ලෙස පවත්වාගෙන යාම කොතෙකුත්
දුරට සාර්ථකද?
ශ්‍රී ලංකා රජය විසින් දිවයිනේ කෘෂිකාර්මික අංශය ප්‍රවර්ධනය කිරීම සඳහා අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය තහනම් කිරීම මගින් භාවිතයට නොගත් ඉඩම්වල එළවළු වගා කිරීමට අවධාරණය යොමු කර ඇත .ඇඳිරිනීතිය මාධ්‍යයේ ආහාර සහ කෘෂිකාර්මික සේවා සඳහා රජය විසින් ලබාදී ඇති දීමනාව ට බැහැරව ,සිල්ලර භාණ්ඩ විකිණීමේ සමස්ත ක්‍රියාවලියම ඇනහිටීම හේතුවෙන් භාණ්ඩ යල් පැනීම දක්නට ලැබේ .මෙයට ප්‍රධානතම හේතුව වන්නේ ,තාවකාලික ඇඳිරි නීති තත්වය තුළ භාණ්ඩ නිෂ්පාදනය, ගබඩා කිරීම සහ සැපයුම් දුෂ්කරතා නිසා පාරිභෝගිකයන් වෙත ළඟාවීමට පෙර ඒවා යල් පැනීමයි. තම නිෂ්පාදන විකිණීමට අවශ්‍ය වෙළඳුන්ට ඇඳිරි නීති බලපත්‍ර ලබාදීම තුළින් මේ තත්ත්වය යම්තාක් දුරට මැඩ පවත්වා ගැනීමට හැකි වී තිබේ .
එමෙන්ම , කුළු බඩු ඉල්ලුමට වඩා සැපයුම සැලකියයුතු මට්ටමකට වැඩි වීම තුළින් විදේශිය වෙළඳාම සඳහා ඒ නිෂ්පාදන යොමු කිරිමට අපනයන සංවර්ධන මණ්ඩලය විසින් කටයුතු කර ඇත .වර්තමානයේ රටේ පවතින ආර්ථික අර්බුදයට ප්‍රතිචාර වශයෙන් අපනයන සංවර්ධන මණ්ඩලය විසින් මෙම කුළුබඩු නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරිමට අපනයනය සමාගම් වලට යෝජනා කර ඇත .මේ තුළින් විදේශ ආදායම් ඉපැයීමට හැකි වන අතර Covid 19 හේතුවෙන් සිදු වූ ආර්ථික පසුබැස්මට මෙය කදිම විසදුමක්.
ශ්‍රී ලංකා සංචාරක කර්මාන්තය
2019 වර්ෂයේ ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තයට විශාල බලපෑමක් ඇති වුණි.මේ හේතුවෙන් අභ්‍යන්තර මගී ගුවන් යානා ගමනාගමනය සම්පූර්ණයෙන්ම අඩාල විය . 2019 පළමු කාර්තුවට සාපේක්ෂව සංචාරකයින්ගේ පැමිණීම සියයට 30කින් අඩු වූ අතර ආසියානු සංවර්ධන බැංකුවට අනුව, අප්‍රේල් මාසයෙන් පසු අත්‍යවශ්‍ය නොවන මගීන්ගේ ගමනාගමනය හේතුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 307 කින් පමණ ආදායම අඩුවී ඇති බව ප්‍රකාශ කෙරුණි .මෙහි බලපෑම අවම කිරීමට ශ්‍රී ලංකා රජය විසින් විවිධ ක්‍රියාමාර්ග ගැනුණි.ඒ අතර සංචාරක අංශයේ ආයතන සඳහා සපයා ඇති ණය මාස හයකට අත්හිටුවීමට තීරණය කෙරුණි. දිවයින තුළ covid-19 ආසාදනය වූ වන් අඩු සංඛ්‍යාවකට පාලනය කරගැනීමට හැකිවීම හේතුවෙන් යුරෝපා සංගමය සතුටට පත් වී,එම උත්සහය අගය කරමින් ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා යුරෝ මිලියන 3.5 ක මූල්‍ය ආධාරයක් ලබා දීමට තීරණය කර තිබේ.මෙයින් ප්‍රධාන වශයෙන් කුඩා හා මධ්‍ය පරිමාණයේ සංචාරක කර්මාන්ත කරුවන්ට උපකාර කිරීමට අවධානය යොමු වී ඇත .යුරෝපා සංගමය මෙම මූල්‍ය ආධාරයෙන් කොටසක් ඉක්මනින් ලබාදීමට පියවර ගෙන ඇති අතර ඉතිරිය ඉදිරි කාලය තුළ ලබාදීමට කටයුතු කර ඇත.
වැටුප් කප්පාදුව සහ රැකියා වියුක්තිය
Covid-19 වසංගත හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට එල්ල වී ඇති තවත් ප්‍රහාරයක් වන්නේ, ඇඳිරි නීතිය මගින් ඇතිවී ඇති ඉහළ විරැකියා අනුපාතය යි. රටේ අපනයනය සඳහා වන ගෝලීය ඉල්ලුම පහත වැටීම සහ චීනය වැනි ප්‍රධාන ආනයනික රටවල් මගින් අමුද්‍රව්‍ය ලබා ගැනීමට නොහැකි වීම මෙයට බලපා ඇති ප්‍රබල හේතූන් වේ. කම්කරු දෙපාර්තමේන්තුවේ රෙගුලාසි වලට අනුව, මේ බලපෑම හේතුවෙන් මහා පරිමාණ ආයතන වල සේවකයින්ගේ වැටුප් කප්පාදුවකට යටත් නොවන නුමුත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) ආදායම් උත්පාදනයට හැකියාවක් නොමැති හෙයින් එම ආයතනවල සේවය කරන සේවකයින්ගේ වැටුප් ගෙවීමේ ප්‍රමාණය අඩු කිරීම හෝ කප්පාදු කිරීම සිදුවිය හැකි බවයි. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට ඇති බාහිර ණය ගෙවීම් සහ රුපියලේ අගය අවප්‍රමාණය වීම මෙයට සාධකයකි. රැකියා වියුක්තිය ක්‍රමිකව වැඩි වීමටද මෙය බලපා ඇත.
දිවයිනේ වසංගතය පාලනය කර ජීවිත යථා තත්ත්වයට පත් වූවායින් පසු,ආර්ථිකයේ ඇති වන නව පුනර්ජීවනයත් සමඟ යම්කිසි කාලයකට ශ්‍රමිකයින්ට අඩු වැටුප් ලැබීමට ඉඩකඩ ඇත.
ධනාත්මක ඇසින් බැලූ කල ගෝලීය වසංගතය, ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින ආසියාතික රටවල් වලට නව රැකියා අවස්ථා විවර කිරීමට පිටුවහලක් වී ඇති බව පෙනේ.
බොහෝ ජාත්‍යන්තර සමාගම් තම කර්මාන්තශාලා ලාභදායී මිනිස් බල සහිත රටවල් වලට ගෙන යමින් සිටී. උදාහරණයක් වශයෙන් පසු ගිය වසර පහක කාලය තුළ, වියට්නාමයේ කර්මාන්තශාලා ප්‍රමාණය වැඩිවී තිබේ. වසර 20 ක් වැනි කෙටි කාලයක් තුළ ඇති වී ඇති මෙම වෙනස හේතුවෙන් චීනෙට පසු වියට්නාමය ඊලග විශාලතම “ගෝලීය කර්මාන්ත ශාලාව” වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් විසින් අනාවැකි පළ කර ඇති අතර Covid-19 වසංගතය ආරම්භවිම සහ ව්‍යාප්තවිම සමඟ කර්මාන්තශාලා චීනයෙන් පිටත මාරු විය හැකි බව මතය යි.
දිවයිනේ භූගෝලීය පිහිටීම, ලාභදායී ශ්‍රම බලකාය සහ 2019 හි දළ දේශීය නිෂ්පාදිතයේ (GDP) හි වැඩිවීම සැලකීමේදී නිෂ්පාදන ශක්‍යතාවය ඉහළ නැංවීමත් සමග ශ්‍රී ලංකාව ද ඊට සුදුසු රටක් බවට ඔප්පු වී තිබේ.දිවයිනේ විරැකියා අනුපාතය අඩු වීම සහ ආර්ථිකයට විදේශ මුදල් ගලා ඒමට විවිධ ප්‍රභවයන් නිර්මාණය කිරීම ද මීට හේතූන් වේ.
කඩා වැටෙමින් තිබෙන ආර්ථිකයට අනුවර්තනය වීමට රජය විසින් ගනු ලබන උපාය මාර්ග
ඉහත සඳහන් කළ ඇතැම් අංශවල යාන්ත්‍රණයන් ට අමතර ව,දිවයිනේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට පෙරදැරිව ශ්‍රී ලංකා රජය කෙටි,මධ්‍යම හා දිගු කාලීන ලෙස ආර්ථිකය වර්ධනය කිරීම සඳහා පොදු උපායමාර්ග සකස් කර ඇත.කෙටි කාලීන ආර්ථික වර්ධනය සඳහා ආයතන වල ද්‍රවශීලතාවය ඉහළ නැංවීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව හරහා රජය විසින් රුපියල් බිලියන 50 ක් වෙන් කර ඇත.එමගින් ආයතන වල පිරිවැය අවම කිරීමට භාණ්ඩ වලට පනවන බදු ඉවත් කිරීම හෝ අඩු කිරීමට කටයුතු කර ඇති අතර විවිධ අරමුදල් යෝජනා ක්‍රම ද හඳුන්වා දී ඇත .
අඩු ආදායම්ලාභීන්ගේ වැටුප් සැලකිල්ලට ගනිමින් රජය ණය තහනම් කිරීමට කටයුතු කළ අතර එමගින් ක්‍රෙඩිට් කාඩ් ගෙවීම් සහ පුද්ගලික ණය ගෙවීම් සඳහා සහන කාලයක් ලබා දීමට පියවර ගැනුණි . අත්‍යවශ්‍ය භාණ්ඩවල මිලද පහතට හෙළීය.රජයේ මධ්‍යකාලීන අරමුණක් වශයෙන් යටිතල පහසුකම් සංවර්ධනය හැකි ඉක්මනින් නැවත ආරම්භ කිරීම කළ යුතුව තිබේ.
ඉදිකිරීම් කටයුතුවලට යොමුවීම මගින් ශ්‍රම බලකායට නව රැකියා උත්පාදනය වන අතර එමගින් අර්බුද මධ්‍යයේ වුවද ආයෝජකයින්ගේ නම්‍යශීලීත්වය ලබා ගැනීමට හැකි වේ.රජය විසින් සමාගම් වෙත යෝජනා කරන ලද දිගුකාලින ක්‍රියාමාර්ග අතරට සේවක ඵලදායිතාවය වර්ධනය කිරීම, නිෂ්පාදන ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය සඳහා නව තාක්ෂණික මෙවලම් මත ආයෝජනය කිරීම මෙන් ම විකුණුම් වැඩි කිරීම සඳහා ව්‍යාපාරික කටයුතු නැවත සමාලෝචනය කිරීම සහ නව වෙළෙඳ පොළ ඉලක්ක කෙරෙහි උනන්දු කිරීම මීට ඇතුළත් වේ.
මේ අර්බුද සමයේදී රජය ශ්‍රී ලාංකිකයින්ගේ සුභසාධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර තිබීම නිසා සෞඛ්‍ය ක්ෂේත්‍ර කළමනාකරණය කිරීම සඳහා වැඩි පිරිවැයක් දරා ඇත.මේ අවධිය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ ආයතනික අංශයේ පුරෝගාමීන් මාස 18 ක ආර්ථික ප්‍රතිවිපාකයක් ගැන පුරෝකථනය කර ඇත.මෙම කාල පරිච්ඡේදය තුළ අත්විඳිය හැකි බලපෑම් මඟහරවා ගැනීම සඳහා රජය විසින් වසර 3 ක උපායමාර්ගික සැලැස්මක් අවශ්‍ය බව ඔවුන් ගේ මතය යි.එවැනි සැලැස්මක් ක්‍රියාත්මක කර සාර්ථක කරගැනීම තීරණය වනුයේ රට තුළ පවතින යන්ත්‍රෝපකරණ සහ පෞද්ගලික අංශයේ මැදිහත් වීම මතයි. මෙමගින් ලැබෙන ප්‍රතිලාභ එක් පාර්ශ්වයකට පමණක් සීමා නොකළ යුතු අතර ශ්‍රී ලංකාවේ සමස්ත සංවර්ධනය උදෙසා එය උපයෝගීකරගත යුතුයි. 2009 සිවිල් යුද්ධයෙන් සහ 2019 දී සිදු වූ ත්‍රස්ත ප්‍රහාරවලින් පසු ව රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේම දැඩි කැප වීම හේතු කොටගෙන ශ්‍රී ලංකාව ආර්ථික සමෘද්ධිය සඳහා නිවැරදි මාවතක ගමන් කරන බව සහතික ය.