හතර වටෙන් සන්නිවේදනය වැඩි දියුණු කරන කථන චිකිත්සාවේ වැදගත්කම…

සන්නිවේදනය වැඩි දියුණු කරන කථන චිකිත්සාවේ වැදගත්කම…

2020 Apr 27

 

කතා කිරීමේ හැකියාව නැති අයට එයාලගේ හැඟීම් ප්‍රකාශ කරන්න උදවු වන වෘත්තියක් තමයි මේ කථන හා භාෂා චිකිත්සාව. තවමත් ශ්‍රී ලාංකිකයන්ට මේක ටිකක් අමුතු විෂයක්. Speech Language Pathologist (SLP) හෝ Speech-Language Therapist (SLT) කියන්නේ දරුවෙක්,යෞවනයෙක් විතරක්ම නෙමෙයි වැඩිහිටියෙකුට පවා කථා කිරීමේ නොහැකියාවක් තියෙනවා නම් උදව් කරන වෛද්‍ය සේවා සපයන්නෙක්.

ශ්‍රී ලංකා සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට (2012) අනුව වයස අවුරුදු 5 සහ ඊට වැඩි පුද්ගලයින් මිලියන 1.6 ක් යම් ආකාරයක ආබාධයකට ලක්ව සිටින බව හඳුනාගෙන තියෙනවා. ඒ වගේම මේ මිලියන 1.6 න් 900,000 ක් සන්නිවේදනය,සංජානනය හෝ ශ්‍රවණ අපහසුතාවයට ගොදුරු වෙලා තියෙනවා. ඉතින් මේකෙන් පෙනී යන්නේ Speech Language Pathologist (SLP) හෝ Therapist කෙනෙකුගේ සහාය අවශ්‍ය වන මිලියනයකට අධික ජනතාවක් ශ්‍රී ලංකාවේ සිටින බව.

 

පහත සඳහන් කාණ්ඩවලට අයත් ඕනෑම කෙනෙක්ට Speech Language Pathologistගේ සහාය ලබා ගන්න පුළුවන්.

ළදරුවන්: කථන, භාෂාව හෝ ප්‍රජනන සංවර්ධනයට අහිතකර ලෙස බලපාන ජානමය ආබාධ, ක්ලෙෆ්ට් ලිප් සහ පැලට්,මන්ධ බුද්ධික බව,ශ්‍රවණාබාධ වගේ උපතේදී ඇතිවන සංකූලතා සදහා.

ළමුන්: ඔටිසම් වර්ණාවලී ආබාධය (ඒඑස්ඩී), Attention Deficit Hyperactivity Disorder (ඒඩීඑච්ඩී), Global Development Delay,Apraxia, කථන හා භාෂා ප්‍රමාදය, ශබ්ද කිරීමේ විශේෂිත දුෂ්කරතා (උදා: කාර් සඳහා තාර් ), Cerebral palsy (CP), ඉගෙනීමේ දුෂ්කරතා, Dyslexia, ශ්‍රවණය වීමේ ගැටළු, ශ්‍රවණ ස්නායු රෝග වගේ රෝග වලින් පෙළෙන්නන්.

යෞවනයන් හෝ වැඩිහිටියන්: කටහඩ නැතිවීම (ඇෆෝනියා),Puberphonia(ඉහළ හඩක් තියෙන පිරිමින් ) වගේ ආබාධවලින් පෙළීම.

SLP එකෙනුත් ඔලුවේ අබාධ ඇති (කම්පන සහගත මොළයේ තුවාල),ශ්‍රවණාබාධ,Stammering/stuttering (Disfluency),දුර්වල සමාජ අන්තර්ක්‍රියා (ප්‍රාග්මැටික්ස්) සහිත පුද්ගලයින්ට ප්‍රතිකාර කරනු ලැබේ.

වැඩිහිටි රෝගීන් ; කතාකිරීමේ සහ භාෂා ප්‍රශ්න,(Aphasia), Dysarthria,නම් කිරීමේ දුෂ්කරතා (ඇනෝමියාව),පෝෂණය හා ගිලීමේ දුෂ්කරතා (Dysphagia),සන්නිවේදනයට බලපාන Cranial nerve ස්නායු හානිය,Laryngectomies (ස්වරාලය සම්පූර්ණයෙන් හෝ අර්ධ වශයෙන් ඉවත් කිරීම) රෝග වලින් පෙළෙන්නන්.

SLP හෝ SLT එකේ කාර්යබාරය තමයි Motor neuron diseases, Alzheimer’s disease, Dementia, Huntington’s disease, Multiple sclerosis, Parkinson’s disease වගේ ස්නායු රෝග තත්වයන් සහිත වැඩිහිටියන්ට උපකාර කරන එක.

 

ප්‍රතිකාර

SLP හෝ SLT විසින් බෙහෙත් නියම කරන්නේ නැහැ. කොහොම වුණත් Speech Language Pathologist කෙනෙකුට, පුද්ගලයෙකුගේ (ළමා හෝ වැඩිහිටි) තත්වයක් හඳුනා ගැනීමට, තක්සේරු කිරීමට සහ ඇගයීමට ලක් කරන්න පුළුවන් වගේම එයාලට විශේෂිත චිකිත්සක ක්‍රමවේදයන් සමඟ ප්‍රතිකාර කරන්න පුළුවන්. කථන චිකිත්සාව, සන්නිවේදන ආබාධයේ බරපතලකම මත රඳා පවතිනවා.කොහොම වුණත් Speech Language Pathologist (SLP) හෝ Speech-Language Therapist (SLT)ට ඕනෑම පුද්ගලයෙකුට සහාය වීමට සහ ඔවුන්ගේ කථාව දක්ෂ ලෙස වර්ධනය කිරීම හොඳින් සිදු කරන්න පුළුවන්. කථනය වැඩි දියුණු කිරීම සඳහා, චිකිත්සකයෙකුට ඉලක්ක පදනම් කරගත් චිකිත්සාව, AAC හෝ පින්තූර සන්නිවේදන ක්‍රම, චර්යාත්මක වෙනස් කිරීම්, භාෂා උත්තේජක ක්‍රම, ක්‍රීඩා ප්‍රතිකාර ආදිය භාවිතා කරන්න පුළුවන්. ඔයාගේ දරුවාට හෝ ඔයාගේ ආදරණීයයන්ගෙන් කිසිවෙක්ට කථා කිරීමට අපහසු නම්, ඔයාට ඔවුන්ව වෘත්තීය SLT / SLP කෙනෙකු වෙත යොමු කරන්න පුළුවන්. ඒ වගේම මෙය ඔයා ලැජ්ජා නොවිය යුතු දෙයක්. වෛද්‍යවරයෙකුගෙන් අසනීපයකට ප්‍රතිකාර ලබා ගන්නවා වගේම මේ සම්බන්ධයෙන් සුදුසුකම් තියෙන Speech Language Pathologist (SLP) හෝ Speech-Language Therapist (SLT)ගේ සහාය ලබා ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
මුල් කාලීන මැදිහත්වීමෙන් වඩා හොඳ දිගු කාලීන ප්‍රතිළුල ලබා ගන්න පුළුවන් බව ඔප්පු වෙලා තියෙනවා.

එමනිසාම ඔයාගේ දරුවා හෝ ආදරණීයයෙකු සන්නිවේදන ආබාධයකින් පීඩා විඳිනවා නම්, ඔයාට www.speechandhearing.lk එකට ගහින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයාගන්න පුළුවන්.එකෙන් නිසි සන්නිවේදන රටාවන් ලබා ගන්න පළමු පියවර ගන්න ඔයාට සහාය ලබාගන්න පුළුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here