හතර වටෙන් බොහෙත් ගන්න දොස්තර ගාවට යනවා නම් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න..

බොහෙත් ගන්න දොස්තර ගාවට යනවා නම් මේ දේවල් ගැන සැළකිලිමත් වෙන්න..

2020 Apr 28

අපි පොඩි අසනීපෙකට හරි දොස්තර මහත්තයා හොයාගන යන එක දැන් පුරුද්දක් වෙලා තියෙන්නේ. බේහෙත් ටිකක් ඇගට වැටුණෙ නැත්තම් මොකක්ද වගේ කියලා හිතෙනවා. කොහොම වුණත් දොස්තර මහත්තයා ළඟට ගිහින් තමන්ගෙ ලෙඩේ පරීක්ෂා කරගන්න එකනම් ඇත්තටම හොඳයි . මොකද මේ කාලේ මොනවගේ ලෙඩ හැදෙනවද කියලා හිතාගන්නත් බෑනේ. හැබැයි දොස්තර ළඟට යන්න කලින් අපි නොකල යුතු දේවල් කිහිපයක් තිබෙනවා. අද ගැස්ම හදන්නේ ඒ දේවල් මොනවද කියලා ඔයාට කියලා දෙන්න.

 

 

1. ගෙදර තියෙන බෙහෙත් බොන්න එපා

අපි දොස්තර වෙන්න යන අවස්ථා ඕන තරම් තියනවනේ . මොකක් හරි අසනීපයක් හැදුනහම ගෙදර තියන බෙහෙත් පෙත්තක් අරන් බොනවා. ඒ වුණාට ඒක හොඳ දෙයක් නෙවෙයි. අසනීපයක් තියෙනවා නම් දොස්තර හම්බවෙන්න යන්න කළින් බෙහෙත් බොන්න යන්න එපා. මොකද ඔයා බෙහෙත් බීලා ගියොත් දොස්තරට මොකක්ද ලෙඩේ කියලා හරියටම දැනගන්න වෙන්නේ නැහැ. ඒ නිසා දොස්තරට ලේසි වෙන්න ඔයා ගෙදර තියන බෙහෙත් බොන්නේ නැතුව දොස්තර ගාවට යන්න වගබලා ගන්න. ඔයාට බෙහෙත් පෙත්තක් ගන්නම ඕන වුණොත් මුල් අවස්ථාවේ තිබුණ රෝග ලක්ෂණ හොඳට මතක තියාගන්න.

 

 

2. රූපලාවණ්‍ය එපා

දැන් ඉන්න කෙල්ලන්ට wash room යන්නත් makeup ඕන වෙනවනේ. හැබැයි දොස්තර මහත්තයා ළගට යනවා නම් මේ මේකප් කෙරුවාව හරියන්නේ නැහැ මොකද සමහර රෝග ලක්ෂණ හරියට ම බලාගන්න වෙන්නේ හමේ වෙන වෙනස්කම් වලින් . මූණේ ඇස් වටා වගේ ම විශේෂයෙන් ම හමේ ප්‍රශ්නයක් නම් නියපොතු වටා බලන්න පුළුවන්. එතකොට තමයි ඒ ආශ්‍රිත දිලීරයක් මොකක් හරි තියෙනවා නම් ඒ කාරිය බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඇඟිලිවල නියපොතුත් පාට කරන් ඉන්නවන්ම් ඒවා අයින් කරලා මේකප් දාගන ඉන්නවානම් ඒවත් අයින් කරලා දොස්ත්තර ගාවට යන්න මතක තියාගන්න.

 

 

3. ඇස් පරීක්ෂාවට පෙර ෆෝන් එක භාවිතා කරන්න එපා

ඇස්වල පෙනීම සම්බන්ධයෙන් වෛද්‍ය සහතිකයක් ගන්න අවශ්‍යතාවක් ඇති වුණා නම් අදාළ ස්ථානයට යන්න ඕනි ෆෝන් එක ගෙදර තියලා. එහෙම කියන්න හේතුව තමයි ඒ තිරය දිහා බලන් ඉඳීම හැර තමන්ගේ වෙලාව එනකන් කරන්න දෙයක් නොමැතිකම. එතකොට ඒක බලපාන්නේ කොහොමද? ෆෝන් එකේ ස්ක්‍රීන් එකේ තියන බ්ලූ ලයිට් එක අපේ ඇස්වලට වෙහෙසක් ඇති කරනවා. ඒ දිහා බලන් ඉඳලා ඇස් පරීක්ෂාවට ගියාම ගොඩක් දේවල් වරදින්න පුළුවන්. ඒ නිසා ඇස් පරික්ෂාවට යනවනම් ගෙදර ෆොන් එක තියලා යන්න වග බලාගන්න.

 

 

4. වතුර නොබී ඉන්න එපා

ලේ පරීක්ෂාවක් රුධිර පරීක්ෂාවක් කරන්න ඉන්නවා නම් කෑම සම්බන්ධයෙන් එක එක වාරණ තියනවා. නමුත් ඒක වතුර එක්ක පටලවා ගන්න නරකයි. හැකි තරම් වතුර බොන්න ඕනි. පරීක්ෂණවලට පමණක් ම නෙවෙයි දෛනික ජීවිතයේ පවා වතුර ඉතින් දෙයියනේ කියලා බොන්න එපැයි. මැරුණු ගහක් වුණත් දළු දාලා එනවනේ වතුර පොදක් වැටුණාම. සාමාන්‍යයෙන් වෛද්‍යවරයා හමුවන්න ගියත් රුධිර පීඩනය බැලීමේ අවශ්‍යතාවක් ආවොත් ඒකට වතුර නොබී සිටීම බලපානවා.

 

 

5. කැෆේන් අඩංගු පාන වර්ග එපා

බෙහෙත් ගන්න යනවනම් කෝපි වගේ කැෆේන් වර්ග පානය කරන්න එපා. කෝපි වගේ කැෆේන් සහිත පාන වර්ගවලින් ඔබේ රුධිර පීඩනය සෑහෙන වැඩි කරන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඩිස්පැන්සරිවල ඉන්න දොස්තර මහත්තුරු ඔබේ රුධිර පීඩනය බලනවා. වෛද්‍ය නිර්දේශය තමයි මෙහෙම වෛද්‍යවරයා හමුවන්න පෙර පැයක කාල සීමාවේ කැෆේන්වලින් ඈත් වෙලා ඉන්න කියන එක.

 

 

7. කොලෙස්ටරෝල් පරීක්ෂාවට පෙර ඇල්කොහොල් එපා

බියර් සහ අරක්කු වගේ මධ්‍යසාරවල කොලෙස්ටරෝල් කෙලින් ම නැතත් ඉතා ඉහළ ප්‍රමාණයක සීනි සහ කාබෝහයිඩ්‍රේට තියෙනවා. ඉතින් මේවා කොලෙස්ටරෝල් තත්ත්වය වැඩි කරනවා. කොලෙස්ටරෝල් නැතුව කොලෙස්ටරෝල් එක්ක ජීවත් වෙන්න මේ එක්ක සිද්ධ වෙනවා. ටිකකින් තත්ත්වය පහ වෙලා ගියත් අර මොහොතේ කොලෙස්ටරෝල් මට්ටම වැරදි ලෙස ගණනය වෙනවා.

 

 

6. මැමොග්‍රම් පරීක්ෂාවකට පෙර ඩියෝඩ්‍රන්ට් එපා

පියයුරු පිළිකා තත්ත්වයන් කලින් හඳුනා ගැනීමේ පරික්ෂාව වන මැමොග්‍රම් පරික්ෂාව අති සියුම් පරික්ෂාවක්. පොඩි ම හරි වෙනසක් වුණොත් ඒක ප්‍රතිඵලයට බලපානවා. ඒ කියන්නේ ඔබට පිළිකාවක් නැතත් පිළිකාවක් ඇතැයි හිතන තැනට පත් වෙනවා. එතකොට ඒක ඩියෝඩ්‍රන්ට් එකක් නිසා සිදුවෙන්නේ මෙහෙමයි. එහි අඩංගු සංඝටක කීපයක් පරීක්ෂාවෙන් වැරදි විදියට අපේ සිරුරේ ඇති දේවල් විදියට හඳුනා ගැනෙනවා. පිළිකාවක් නැතුව පිළිකාවක් එක්ක ජීවත් වෙන්න සිද්ධ වෙනවා. මේ නිසා මැමොග්‍රම් පරීක්ෂාවකට යනවනම් ඩියෝඩ්‍රන්ට් පිවිච්චි කරන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here