හතර වටෙන් බිස්කට් වලින් හදන අතුරුපස වර්ග 5ක් මෙන්න..

බිස්කට් වලින් හදන අතුරුපස වර්ග 5ක් මෙන්න..

2020 Apr 25

බිස්කට් කියනනේ අපි පොඩි කාලේ ඉදන් කන්න පුරුදු වුණ කෑමක්. ලොකු කුඩා කවුරුත් බිස්කට් පෙරේතයොනේ. තේ බොන වෙලාවට තේ එකේ පොගවගන බිස්කට් කන්න ගොඩක් දෙනෙක් කැමතියි. ඉතින් ඔන්න අද අපි අරන් ආවා හැමෝම කන්න කැමති බිස්කට් වලින් ගෙදරදීම හදාගන්න පුළුවන් recipes කිහිපයක්. අපිට මේ හදාගන්න recipes ඕන වෙලාවක කන්න පුළුවන් . ඒ වගේම අතුරුපසක් විදිහටත් ගන්න පුළුවන්. මේ දවස්වල ගෙදර ඉන්න එකේ වෙනසකටත් එක්ක හදලාම බලන්නකො මේ බිස්කට් recipes ටික..

 

1. Mixed fruit biscuit pudding

අවශ්‍ය ද්‍රව්‍ය
මාරි බිස්කට් 16
ක්‍රීම් චීස් තේ හැඳි 3
ෆ්‍රෙශ් ක්‍රීම් කප් 1
මික්ස්ඩ් ෆෘට් ජෑම්
සීනි තේ හැඳි 2
දොඩම්, කෙසෙල්, ඇපල්, මිදි වගේ කැමති පළතුරු කීපයක් (කපාගත්)
ස්ට්‍රෝබෙරි ජෙලි පැකට් 1

ජෙලි පැකට් එක වතුර කෝප්ප 1/2කට මිශ්‍ර කර, එයට කපාගත් පළතුරු එකතු කර, ලිපේ තියාගෙන විනාඩි දෙක තුනක් පිසගෙන ලිපෙන් ඉවත් කරන්න.
මාරි බිස්කට් වල ජෑම් තවරා බිස්කට් දෙක බැගින් එකිනෙක අලවගෙන එක් බිස්කට් ජෝඩුවක් හතරට කපාගන්න.
ෆ්‍රෙශ් ක්‍රීම් වලට සීනි සහ ක්‍රීම් චීස් එක් කර බීට් කරගන්න. පිලිගැන්වීමට සුදුසු වීදුරු බඳුනක බිස්කට් ලේයර් එකක් දමා එයට උඩින් පළතුරු සහ ෆ්‍රෙශ් ක්‍රීම් ලේයර් එකක් විදියට දමාගන්න. නැවත ඒ ආකාරයට ලේයර් කරගන්න.
ශීතකරණයේ පැය තුන හතරක් තබා පිළිගන්වන්න.

 

 

2.Biscuit and cream fudge

අවශ්‍ය ද්‍රව්‍ය
චොප් කරගත් චොකලට් බිස්කට් 75g
සීනි මෙශරින් කප් 1
කැබලි කපාගත් බටර් 125g
මිල්ක්මේඩ් පොඩි ටින් එකක්
චොප් කරගත් චොකලට් 200g
ග්ලූකෝස් සිරප් මේස හැඳි 2

මිල්ක්මේඩ්, සීනි, බටර් සහ ග්ලූකෝස් සිරප් එකට මිශ්‍ර කර, බුබුළු නගින තෙක් ඩබල් බොයිල් ක්‍රමයට රත් කරමින් මිශ්‍ර කරගන්න.
ලිපෙන් ඉවත් කර හොඳින් චොප් කරගත් චොකලට් සහ බිස්කට් එක් කර චොකලට් දිය වෙනතුරු මිශ්‍ර කරගන්න.
සෙන්ටිමීටර් 18ක් දිග සහ පළල හතරැස් ට්‍රේ එකකට ඔයිල් පේපර් අතුරා ගෙන එයට මිශ්‍රණය දමාගන්න. නිවෙනකම් තබා ශීතකරණයේ රැයක් තියා කෑලි කපාගන්න.

 

 

3. Biscuit chocolate logs

අවශ්‍ය ද්‍රව්‍ය
මාරි හෝ එවැනි ප්ලේන් බිස්කට් වර්ගයකින් 6ක්
බටර් මේස හැඳි 1
අයිසින් සීනි මේස හැඳි 2
වැනිලා තේ හැඳි 1/2
කොකෝවා පව්ඩර් තේ හැඳි 1/2
ක්ෂණික කෝපි තේ හැන්දයි
වතුර කප් 1/2
කුඩු කරගත් කජු ටිකක්

කෝපි වලට වතුර එක් කර විනාඩි කීපයක් තියෙන්න හැර දියකරගන්න. බටර් ටික ඩබල් බොයිල් ක්‍රමයට දියකරගෙන, එයට සීනි එක් කර, හැන්දකින් ගසා මිශ්‍ර කරගන්න.
බටර් සහ සීනි මිශ්‍රණයට කොකෝවා පව්ඩර් සහ වැනිලා එක් කර මිශ්‍ර කරගන්න.
බිස්කට් එකක් ගෙන සාදාගත් කෝපි මිශ්‍රණයේ ඔබා ඉක්මණින්ම ඉවතට ගෙන සාදාගත් චොකලට් මිශ්‍රණය එයට උඩින් තවරාගන්න. නැවත පෙර පරිදිම බිස්කට් එකක් කෝපි වල ඔබා අරගෙන කලින් චොකලට් තවරාගත් බිස්කට් එක මත තියාගන්න.
මේ ආකාරයට බිස්කට් සියල්ල එක උඩ එක වන ලෙස තබා වටේටම සාදාගත් චොකලට් මිශ්‍රණය තවරන්න. කජු ඉස, ශීතකරණයේ පැය කීපයක් තබා ගන්න. හතරට කපා පිලිගන්වන්න.

 

 

4.Biscuit cake

අවශ්‍ය ද්‍රව්‍ය
මාරි බිස්කට් 200g
සීනි 50g
බිත්තර 3
බටර් 100g
මිල්ක් චොකලට් 150g
බේකින් පව්ඩර් 16g

බිස්කට් ටික ග්‍රයින්ඩර් එකට දමා කුඩු කරගන්න. බටර් ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගෙන වෙනම බෝල් එකකට දමාගන්න. ඒකටම සීනි එකතු කරගෙන හොඳින් සීනි දියකරගන්න.
දියකරගත් සීනි සහ බටර් මිශ්‍රණයට බිත්තර එකතු කරගෙන බීට් කරගන්න. ඒකට බිස්කට් කුඩු සහ බේකින් පව්ඩර් ටික එකතු කරන් මිශ්‍ර කරගන්න.
චොකලට් කුඩා කැබලි වලට කපා එයටම එකතු කරගන්න. බටර් තවරා තෙල් කඩදාසි දමාගත් ට්‍රේ එකකට මිශ්‍රණය දමාගෙන සෙල්සියස් 180ට ප්‍රී හීට් කරගත් අවන් එකක විනාඩි 30ක් බේක් කරගන්න. හොඳින් නිවුණු පසු උඩින් අයිසින් සීනි ඉස සරසා පිළිගන්වන්න.

 

 

5. Biscuit milkshake

අවශ්‍ය ද්‍රව්‍ය
චොකලට් අයිස්ක්‍රීම් ස්කූප් 2
කිරි කප් 1
චොකලට් බිස්කට් 4ක්
සැරසීමට චොකලට් සෝස්

කිරි සහ අයිස්ක්‍රීම් එකට බ්ලෙන්ඩ් කරගන්න. එයටම කැබලි කඩාගත් බිස්කට් එකතු කර හොඳින් බ්ලෙන්ඩ් කරගන්න. චොකලට් සෝස් වීදුරුවකට දමා, එය විනාඩි කීපයක් ශීතකරණයේ තබා, සාදාගත් මිල්ක්ශේක් එක දමා පිළිගන්වන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here