හතර වටෙන් ඔබගේ භාවනා දිවිය ආරම්භ කරන්න ප්‍රායෝගික උපදෙස්..

ඔබගේ භාවනා දිවිය ආරම්භ කරන්න ප්‍රායෝගික උපදෙස්..

2020 May 22

අපි බොහෝදෙනෙක්ට අත්හදා බලන්න අවශ්‍යම වුණු නමුත් අපිට කරන්න බැරි වුණු දෙයක් තමයි භාවනා කිරීම කියන්නේ. අපි හුඟක් හිතනවා භාවනා කරනවා කියන්නේ සංකීර්ණ දෙයක් , ඒක ටිකක් අමාරු දෙයක් කියලා . නමුත් ඇත්තටම භාවනාව කියන්නේ, හුඟක් සරල වගේම සෑහෙන ප්‍රතිලාභ ගෙන දෙන්නා වූ ක්‍රියාකාරකමක් . අපි දන්නවා ,වර්තමානයේ අපි ජීවත්වෙන ලෝකයේ අපිට එන්නා වූ ප්‍රශ්න, ගැටලු නිසා මනසට අධික පීඩනයක්, ආතතියක් වගේම වෙහෙසක් ඇති වෙනවා.මේවාත් සමගම අපිට මානසික සුවය ,මානසික නිදහස කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නටවත් බැරි වෙලා තියෙනවා.

මේ නිසා අපි කතා කළා පුරා අවුරුදු 20ක් භාවනා ක්‍රියාකාරකම් වල නියැලුණු ව්‍යසායකත්ව හා කලා ගුරුවරියක් වන අනාගා සමන්ට් සමග …ඇය අපට පෙන්වා දුන්නා නිවැරදිව භාවනාව කිරිමට ක්‍රම සහ භාවනා ක්‍රියාකාරකම් නිරතුරුම පවත්වාගෙන යන්නේ කොහොමද කියලා.

 

 

භාවනා කිරීම සඳහා කාලයක් වෙන් කර ගන්න


භාවනා කිරීම පටන් ගන්න බැරි වුණු හොඳම හේතුවක් විදියට අපි කියන්නේ අපිට කාලයක් නෑ ,ඒ සඳහා වෙලාවක් වෙන් කර ගන්න විදියක් නෑ කියලා .ඔව්. ඒක හුගක් දුරට සාධාරණයි..එකම දින චර්යාවකින් ගෙවෙන ජීවිතය තුළ තමන්ට භාවනා කිරීම සඳහා කාලයක් වෙන් කර ගන්න බැරි වීම සාධාරණ හේතුවක් ..ඒත් මොහොතකට හිතන්න…. අපේ දත් පිරිසිදු කර ගන්න අපි කාලයක් වෙන් කරගෙන තියෙනවා…මොකද අපි පිරිසිදු කමට ප්‍රමුඛස්ථානයක් දීලා තියෙන නිසා ,ඒක අපේ අවශ්‍යතාවයක් .ඉතින් මානසික සෞඛ්‍යය කියන්නේ ඊට නොදෙවෙනි දෙයක් ද ?

මුල් ආරම්භයක් ලෙස මිනිත්තු 5 ත් 10 ත් අතර කාලෙකින් භාවනා කිරීම පටන් ගන්න. පුහුණු වත් එක්කම ටිකෙන් ටික කාලය වැඩි කර ගන්න .ඔයාගෙ ජීවිතේ එදිනෙදා කරන අනිවාර්ය කටයුතුත් එක්ක භාවනා කිරීමත් එකතු කරගන්න.

 

 

භාවනා කිරීම සඳහා දවසේ නිදහස්ම වෙලාව තෝර ගන්න.

 


භාවනා කරන්න බාධාවන් අඩු ම වෙලාවක් තෝර ගන්න. පවුලේ අය වැඩියෙන්ම කාර්ය බහුල නොවෙන වෙලාවක් තෝර ගන්න හිතට ගන්න .ඒ වගේම දවසේ වැඩ ආරම්භ කරන්න කලින් කාලයක් හරි වැඩ ඉවර උනාට පස්සේ කාලයක් හරි තෝර ගන්න….හරියට ම කිව්වොත් පාන්දරම නැගිටලා භාවනා කරන්න පුරුදු වෙනවා නම් ඔයාට කිසිම බාධාවක් නැතුව භාවනා කරන්න පුළුවන්.

 

 

භාවනා කරන්න කලින් සැහැල්ලු ව්‍යායාම් වල නිරත වන්න


භාවනා කරන්න කලින් මනස හා සිරුර සුදානම් කර ගන්න සැහැල්ලු ව්‍යායාම වල නිරත වෙන්න.(උදා:streaching , jogging , skipping,yoga )ඒ වගේම මේ ව්‍යායාම් කිරීම තුළින් එක දිගට භාවනා ඉරියව්වේ ඉද්දි අවයව වලට දැනෙන වේදනාව අවම කරගන්නත් ඔයාට පුළුවන් .

 

 

පහසු ආකාරයට ඉඳ ගන්න

 


භාවනා කිරිමට සුදුසු ආකාරයේ පුටුවක් ,යෝගා පැදුරක් හෝ stool වගේ ඔයාට පහසු දෙයක් තොර ගන්න .කොඳු ඇට පෙළ සෘජුව තියෙන විදියට හිදා ගන්න. බිම ඉදගෙන එද්දී ඉඟ උස් වී දන හිස් පහලට තියෙන විදියට කොට්ටයක් තියා ගන්න.ඒක ඔයාට හුගක් වේලාවක් එකම ඒ විදියට ඉන්න පහසු කරයි.

 

 

නිවැරදිව භාවනා කිරීම සඳහා ඒ පිළිබදව අවබෝධයක් ඇති මඟපෙන්වන්නෙකු හා සම්බන්ධවන්න.

 

ඔබ අලුත් දෙයක් හෝ කිසිදා නොකළ දෙයක් කරන්න පටන් ගන්නවා නම් ඒ පිළිබඳව පළපුරුදු කෙනෙක්ගෙන් උපදෙස් ලබා ගන්නවා. ඒ වගේම ඔබට නිවැරදිව භාවනා කරන්න නම් ඒ පිළිබඳව මනා අවබෝධයක් ඇති අයගේ හඬ පට වලට සවන් දෙන්නත්, Youtube Videos නරඹන්නත් ඔයාට පුළුවන්.

 

 

ඔබ හුස්ම ගන්නා ආකාරය නිරීක්ෂණය කරන්න.

 

සරලම භාවනා ක්‍රමයක් වනුයේ ඔබ හුස්ම ගන්නා ආකාරය ඔබ විසින්ම නිරීක්ෂණය කිරීමයි. හුස්ම ගැනීම කියලා කියන්නේ අපිට අත්‍යවශ්‍ය වගේම අපට විශ්වාසනීයම ලෙස ක්‍රියාත්මක වන ක්‍රියාවලියකි. ඔබ හුස්ම ගන්නා ආකාරය පිළිබඳව අවධානය යොමු කිරීමට අවශ්‍ය නැහැ. නමුත් ඔබ හුස්ම ගන්න සහ පිට කරන ආකාරයත්, වාර ගණනත් පිළිබඳව නිරීක්ෂණය කරන්න.
අපේ හැඟීම් සහ හුස්ම ගැනීම අතර සහසම්බන්ධතාවක් තිබෙන බව ඔබ දන්නවාද? හැඟීම් වෙනස් වන අවස්ථා වලදී අප හුස්ම ගන්නා ආකාරයත් වෙනස් වෙනවා.ප්‍රීතිමත් අවස්ථාවකදී, කනස්සල්ලකදී, කලකිරීමකදී,කෝපයකදී, බය වීමකදී අපි හුස්ම ගන්නා ආකාරය වෙනස් වෙනවා. හුස්ම ගන්නා ආකාරය නිරීක්ෂණය කිරීමෙන් මනසට සැහැල්ලූ වක් ඇති කරගැනීමටත් ක්‍රම ක්‍රමයෙන් ඔබේ අවධානය ඒකාකාරීව තබා ගැනීමටත් හැකියි.

 

 

භාවනා කිරීමට විශාල වෑයමක් දැරීමෙන් වලකින්න.

 

කිසියම් දෙයක් කරන්න ඔබ විශාල උත්සාහයක් දරලා ඒ දේවල් නොවූ අවස්ථා ඔබගේ ජීවිතය තියෙනවා ඇති. ඒ වගේම නිදහස් මනසකින් ඉන්න අවස්ථාවකදී ඒ දේ නිරායාසයෙන්ම කරන්නට හැකි වූ අවස්ථා ද ඇති. ඒ න්‍යායම භාවනා කිරීමේදී උපයෝගී කරගන්න. භාවනා කිරීමට පටන් ගත් අවස්ථාවේදීම ඔබගේ මනසට විවිධ දේවල් ගලා එන්නට පුළුවන්.නමුත් කෙමෙන් කෙමෙන් ඔබ හුස්ම ගන්නා සහ පිටකරන ආකාරය නිරීක්ෂණය කිරීමට ඔබේ අවධානය යොමු කරන්න. සමහර අවස්ථාවල දී ඔබ අසමත් විය හැකියි. එහිදී ඔබට කලකිරීමක් ඇතිවෙයි. නමුත් භාවනා කිරීමේදී ඔබව කලකිරීමට පත් නොකරන අතර ඔබේ මනස නිරවුල්ව තබා ගැනීමට උපකාර කරන බව මතක තබා ගන්න. එක් එක් සිතුවිලි ගලා ඒමේ දී පවා ඔබ කළ යුතු දේ කෙරෙහි අවධානය දෙමින් මනස සෙමෙන් සෙමෙන් ඒකාකාරීව තබා ගැනීමට උත්සාහ ගන්න.

ජීවිතය සරලව සහ සාමාන්‍ය ලෙස ගත කරන අය විතරයි භාවනා කරන්නේ කියලා සමාජයේ මතයක් තියෙනවා . නුමුත් භාවනාව මගින් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම ජීවත්වෙන්න වගේම ඉලක්ක සපුරා ගන්නත්, ඔබේ සිහින වලට ලඟා වී සතුටින් ජීවත් වෙන්නත් හැකියාවක් ලබාදෙනවා.

භාවනා ජීවිතයක් ගෙවනවා නම් ඔබට ඔබගේ ජීවිතය පීඩනයකින් තොරව සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් . එමෙන්ම ඔබේ හැඟීම් පාලනය කිරීමට ද එය උපකාරී වෙයි. ඔබට සෘණාත්මක අවස්ථාවලට මුහුණ දෙන්නට සිදුවන විටදී සාමාන්‍ය ලෙසම දැනෙන හැඟීම් ඔබට දැනේවි. නුමුත් ඒ හැඟීම් ඉක්මණින්ම යථා තත්ත්වයට පත් වි ඔබේ මනස නිරවුල්ව තබා ගැනීමට උපකාර ලැබේවි.

භාවනා කිරීම යනු, ජීවිතයට නිවැරදිව ග්‍රහණය කරගැනීමට පුහුණුවීම් අවශ්‍ය කරන ක්‍රියාවලියකි. එබැවින් පළමු වාර කිහිපය තුල ඔබ අසාර්ථක වුවත් එහි දිගින් දිගටම නියැලෙන්න. ඔබට ගැලපෙන භාවනා ක්‍රමයක් තෝරාගෙන ඊට හැඩගැසෙන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here