හතර වටෙන් වසංගතය හමුවේ සේවකයෙකු රැකියාව පිළිබඳ තිබෙන්නා වූ අධිෂ්ඨානය පවත්වා ගෙන යාමට නායකයෙකු...

වසංගතය හමුවේ සේවකයෙකු රැකියාව පිළිබඳ තිබෙන්නා වූ අධිෂ්ඨානය පවත්වා ගෙන යාමට නායකයෙකු ලෙස ගත හැකි ක්‍රියා මාර්ග

2020 May 26

Covid-19 වසංගතයේ බලපෑමත් සමඟ රැකියා ස්ථානයේ වාතාවරණය නොවෙනස් ව තබාගැනීමට අවශ්‍ය මඟපෙන්වීම ලබා ගැනීම සඳහා කළමණාකරන මනෝවෛද්‍යවරියක් වන ඉරාංජලී අබේරත්න මහත්මියව අප සම්බන්ධ කර ගත්තා. ඇයගේ උපදෙස් මත Covid-19 වසංගතය හමුවේ සේවකයින්ගේ චිත්තවේගය ආරක්ෂා කර ගනිමින් වගකීමක් සහිත නායකයෙක් විදිහට කටයුතු කලයුතු ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමක් කළා.

 

 

දැනුවත් කරන්න


නායකයින් හට දැනුවත් තීරණය ගැනීම සඳහා විශ්වාසනීය තොරතුරු සපයන ප්‍රභවයන් සමඟ යාවත්කාලීන වීම උපකාරී වේ .සේවකයින් හට නිවැරදි තොරතුරු ලබාදීමට නිල මූලාශ්‍ර භාවිතා කිරීම ප්‍රයෝජනවත් වේ .ලෝක සෞඛ්‍ය සංවිධානය හා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය යනු කෝවිඩ් 19 වසංගතයට සම්බන්ධ තොරතුරු සෘජුව ම ලබා දෙන විශ්වාසනීය ප්‍රභවයකි.

 

 

සන්නිවේදනය

සෑම නායකයෙකුගෙම ප්‍රධාන කාර්යභාරය වනුයේ පැහැදිලි සහ සාරාංශ සන්නිවේදනයක් තම කණ්ඩායමත් සමඟ පවත්වා ගෙන යාමයි.ඉරාංජලී අබේරත්න මහත්මිය වැඩිදුරටත් සඳහන් කළේ බලාපොරොත්තු සුන් වී ඇති අවධියක නැවත බලාපොරොත්තු ඇති කිරීමට රුකුලක් වෙමින් අවංකව සහ දයානුකම්පාවෙන් යුක්තව අදහස් බෙදා ගැනීම උචිත බවයි.සේවකයින් සමඟ සංවාද කිරීමේ දී බැරෑරුම් ලෙස සංවාද නොකිරීමට කටයුතු කළ යුතුයි. සේවකයින් යථාර්ථවාදී නායකයින් අගය කරන අතර එය සේවක අයිතිවාසිකම් රැකීමක් ලෙස පිළිඹිබු වේ. සුදුසු හැම මොහොතකදීම නිර්මාණාත්මක සංවාද ආරම්භ කිරීමට උත්සාහ කරන්න .සන්නිවේදනයේ යෙදෙන සෑම විටම සැලකිලිමත්ව කටයුතු කරන්න .මෙම අර්බුදකාරී වාතාවරණය තුළ , සේවකයින්ට අවශ්‍ය වන්නේ තම නායකයින් ඔවුන් සමග සම්බන්ධවීම හා ඔවුන් කෙරෙහි විශ්වාසය තැබීමයි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ස්වයං පාලනයක් සහ ඔවුන්ගේ නිපුණතා ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවකි.එබැවින් නායකයෙකු ලෙස මෙවැනි අවස්ථාවක දී නම්‍යශීලී වීම ඉතාමත් වැදගත් .අවිනිශ්චිත කාලය තුළ කළමනාකරුවන්ට ක්ෂුද්‍ර කළමනාකරණය කිරීම සාමාන්‍ය තත්ත්වයක් ලෙස පෙනුණත් පැහැදිලි ඉලක්ක තබාගෙන එහි ප්‍රතිලාභ කෙරෙහි අවධානය යොමු කිරීම ඉතා වැදගත් .

 

 

වසංගතය මගින් රැකියා ස්ථානයට සිදු විය හැකි බලපෑම වටහා ගන්න.

සේවකයින් නොපැමිණීම, ව්‍යාපාරික පරිසරයේ වෙනස්වීම් සහ සේවා ස්ථානයේ සුපුරුදු ක්‍රියා පටිපාටියේ වෙනස්වීම් වැනි ව්‍යාපාරයට බලපාන විවිධ මුහුණුවර අවබෝධ කරගැනීම නායකයින්ට රුකුලක් වේ.

 

 

සූදානම් වන්න

අනාගතයේ දී Covid-19 වසංගතය සම්පූර්ණයෙන්ම තුරන් කිරීමට හැකි බව ට කිසිදු සලකුණක් නොපෙන්වන බැවින් ව්‍යාපාරය තුළ බෝවන රෝග වළක්වාලීම සඳහා සැලැස්මක් සංවර්ධනය කර නිරන්තරයෙන් එය සමාලෝචනය කිරීම නායකයින්ට වාසියක් වේ.මෙම සැලැස්ම තුළ සෞඛ්‍ය අවදානම් තක්සේරු වත්, ආසාදනය වළක්වා ගැනීමට ගත යුතු පියවර ,වැඩ මුර වල වෙනස් වීම් පිළිබඳ තොරතුරු යනාදියෙන් සමන්විත විය යුතුය .covid 19 සම්බන්ධයෙන් නිර්දේශ හා උපදෙස් ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා කම්කරු දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසෙන්න .(Www.labourdept.gov.lk)

 

සේවක යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරන්න 

 

නිවසේ සිට වැඩ කිරීමට හැකියාවක් ඇති අය එසේ කළ යුතු බවට ශ්‍රී ලංකා රජය විසින් රෙගුලාසි නිකුත් කරන ලදී .සේවකයින්ට දුරස්ථව වැඩ කිරීමට නොහැකි අවස්ථාවලදී ,අසනීප නිවාඩු ප්‍රතිපත්ති නම්‍යශිලීව පවතින බවත් ,අවශ්‍ය නම් උපකාර හෝ ප්‍රතිකාර ලබා ගැනීමේ අවස්ථා ඔවුන්ට ඇති බවත් සහතික කරන්න.
රැකියා ප්‍රධානීන් ලෙස, බොහෝ සේවකයින්ට මෙම කාලය තුළ තම දරුවන් බලා ගැනීම,දෙමව්පියන් රැක බලා ගැනීම වැනි කැපවීම් එනම් අමතර වගකීම් වලට ද මුල් තැන දිය යුතු බව මතක තබා ගත යුතුයි.මෙවැනි කාලයක් තුළ දී රැකියාවෙන් පරිභාහිර කටයුතු සඳහා ද අවධානය යොමු කර දඬුවම් හෝ ඉවත් කිරීමේ ප්‍රතිපත්ති වලින් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ.මානසික සහනයක් ලබා දීම අවශ්‍ය වන අතර සේවකයින් සමඟ සෘජුවම කතා කිරීමත්, නිගමනයන් අවම කිරීමත් වැදගත් වේ .

 

 

ගැටලු පිළිබඳ කතා කරන්න .

මේ මුහුණ දීමට සිදුවී ඇති අවිනිශ්චිත කාලපරිච්ඡේදය තුළ සේවකයින්ට රැකියාව සහ ආදායම් පිළිබඳව විවිධ ගැටලු පැවතිය හැකියි.උදාහරණයක් ලෙස නිවාඩු පිළිබඳ, දිගු කාලයක් රැකියාවට ඒමට නොහැකි වීම හේතුවෙන් පැන නැගී ඇති ගැටලූ සහ රැකියාවෙන් ඉවත් කිරීමේ ප්‍රතිපත්ති වැනි දෑ. පැන නැගී ඇති ගැටලු හඳුනා ගෙන ඊට ඉක්මනින් විසඳුම් ලබා දීමට පියවර ගන්න.විවෘතව සහ යථාර්ථවාදීව කටයුතු කරන්න.

 

 

නිවැරදි මාර්ගයේ හසුරුවන්න

නොවැළැක්විය හැකි ඇතැම් තත්ත්වයන් නිසා සේවකයින්ව සේවයෙන් ඉවත් කිරීම වැනි දුෂ්කර තීරණ ගැනීමට සිදු විය හැකිය .වගකිවයුතු නායකයකු ලෙස ,වෙනත් ජාලයන් ඔවුන්ට නිර්දේශ කිරීම මගින් ඔබට සහාය විය හැක .මෙමගින් සේවයෙන් ඉවත්කල සේවකයින්ට විවෘත පුරප්පාඩු ඇති අනාගත සමාගම් හෝ ව්‍යාපාර සමඟ සම්බන්ධ විය හැකි ය .

 

 

තරගකාරීත්වය නැවත සකස් කිරීම හා ප්‍රතිලාභ ලබා දීම


“සමහර මධ්‍යම මට්ටමේ විධායකයින් හට ඉතා හොඳ අදහස් හා යෝජනා ඇති අතර ,ඒවා සංවිධානය හෝ සමාගමට ප්‍රයෝජනවත් විය හැකිය .විශේෂයෙන්ම මෙම කාල පරිච්ඡේදය තුළ, ව්‍යාපාර හා සංවිධාන වලට මෙය උපකාරයක් වේ. මෙම යෝජනා වලට නායකයින් සවන් දීම වැදගත් වන අතර,විවිධ දෘෂ්ටිකෝණයන් ඔස්සේ තීරණ ගැනීම තුළින් වඩාත් සාර්ථක තීරණය කෙරෙහි අවධානය යොමු කල හැකි වේ.මෙහිදී මනා අභ්‍යන්තරය සන්නිවේදනයක් තිබිය යුතුයි .නායකයා විසින් සංවාදය ආරම්භ කළ යුතු අතර සේවකයින් සම්බන්ධ කර ගැනීමට උනන්දු කළ යුතු යැයි “, ඉරාංජලි වෛද්‍ය තුමිය සඳහන් කළේ ය .

 

 

නිශ්චය කර වැදගත් තීරණ ගන්න.

වගකිය යුතු නායකයෙකු වැදගත් තීරණ ගැනීමේ දී නිශ්චය කිරීමේ වැදගත්. ඉරාංජලි මෙනෙවිය පෙන්වා දුන්නේ “මෙවැනි අවිනිශ්චිත අවස්ථාවකදී වැදගත් තීරණ ගැනීම මගින් අනපේක්ෂිත ප්‍රතිවිපාක ඇති කළ හැකි බවයි.”

තීරණ,”පවතින දත්ත විනිශ්චය සහ කාලයට එරෙහිව ගනු ලබයි”.ඒ හෙයින් පූර්ව Covid උපකල්පන කෙරෙහි අවධානය යොමු කිරීමට වඩා නව උපකල්පන හඳුනාගෙන අනාවැකි පළ කළ යුතුවේ. මෙය දිගුකාලීන අර්බුදයක් හේතුවෙන් සෑම මොහොතකම නිවැරදි දත්ත නොලැබෙන හෙයින් තොරතුරු සුරක්ෂිත කිරීම සහ අවශ්‍ය වන දත්ත විශ්වාස වන්ත ප්‍රභවයන්ගෙන් ලබා ගැනීම වැදගත් වේ .

 

 

හොඳ කළමනාකරණයකට සහ නිවැරදි තීරණ ගැනීමට අවශ්‍ය සාධක කිහිපයක්..

අවසන් වශයෙන්, ඉරංජනී මහත්මිය විසින් මූලික ප්‍රශ්න කිහිපයක් ගෙන හැර පානවා.
අභියෝගාත්මක ලෙස ව්‍යාපාරික තීරණ ගන්න මෙන්ම තමන්ගේ ව්‍යාපාරය නිවැරදි දිශාවට ගමන් කිරීමට තමන් තුළ ඇති ආකල්පය දැන ගැනීමට ඔබ ඔබෙන්ම අසන්න:

1).අනාගතය පිළිබඳව මාගේ පුරෝකතනය ගැන මට විශ්වාස නැද්ද?එසේ නම් ඊට බලපා ඇති දෑ මොනවාද?

2).මං නිවැරදි දේ සැලසුම් කර තිබෙනවා ද?එය ක්‍රියාත්මක කිරීමට කල් වැඩි ද?

3).මම පූර්ව Covid සංඛ්‍යාත්මක ආකෘති භාවිතා කර තිබෙනවාද?මම නිවැරදි උපකල්පනයන් තුළ ගොඩනඟා තිබෙනවා ද?

4).මේ හැම දෙයක්ම අවසන් වූ පසුත්,මාගේ ක්‍රමයන් ආරක්ෂා කරගන්න පුලුවන්ද?

5).මාගේ සැලැස්ම තුළ අලුත් ඉලක්ක සහ කාල පරිච්ඡේද ඇතුළත්ද?මිනිසුන් සහ සැපයීම් අතර ද්විතීක/ තෘතීක බලපෑම් මොනවද ?

6).වෙළඳාම පිළිබඳව (එනම් පිරිවැය,වේගය,අවධානම් පිළිබඳව මට පැහැදිලිද?

7).ශුන්‍ය අයවැයකරණය(CBB)
ශුන්‍ය පුරෝකථනයන් ගැන කුමක් කිව හැකිද ?මම ඒවා සලකා බලනවද?

ඔබ ඔබවම කාලය තුළ ඉදිරියට ම රැගෙන යන්න. ඔබ හා සමාන අභියෝගවලට මුහුණ දෙන්නන්ව හඳුනා ගෙන මගපෙන්වීම් වලට ඔවුන්ගේ ක්‍රියාකලාප විශ්ලේෂණය කරන්න.මෙතුළින් “නිර්මාණාත්මකව මිණුම් සලකුණු කිරීම” සිදුවේ.

8)මම මගේ අධිෂ්ඨානය මත රඳා සිටිනවාද?
එයට ප්‍රතිචාරයක් දැක්වීමට ප්‍රථම පහත ප්‍රශ්න වලට පිළිතුරු ඔබ ඔබෙන්ම අසන්න.
*මම මගේ අධිෂ්ඨානය මත රඳා ඉද නැවත එය ප්‍රතික්ෂේප කරනවා ද ?
*මගේ අත්දැකීම් ප්‍රමාණවත්ද ?
*මා සතු දත්ත ප්‍රමාණවත් ද ?
*අවදානම වැඩි ද ?
පිළිතුර “ඔව්”නම් ඔබේ අධිෂ්ඨානය මත රැඳීමට ප්‍රථම නැවත වරක් හොඳින් සිතන්න.

හැඟීම් හා විනිශ්චයන්ද,විනිශ්චයන් තීරණ ගැනීමට ද ,බලපෑම් ඇති කරයි .මේ නිසා ඔබ ඔබේම හැගීම් වලට වහල් නොවී ඔබේ සිතුවිලි හා විශ්වාස පරික්ෂා කර බලන්න .එය ඔබේ ක්‍රමයට අනුව නිවැරදි තීරණ ගැනීමට උපකාර කරයි . අවසාන වශයෙන් පහත දේවල් ගැන විමසිලිමත් වන්න :
-විනිශ්චයන් කිරීමෙදී
-සියල්ල ගැන සිතීමේදී හෝ කිසිම දෙයක් ගැන නොසිතීමේදී
-නිගමනයන් ගැනීමේ දී
-සිතනවාට වඩා වාතාවරණය දරුණුවට තිබීමේ දී
-හැසිරවීමේ දැනුම
-හැඟීම් හා නිගමනය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here