Uncategorized මැස්සන් මේ දේවල් කරනවා කියලා දන්නවානම් ජීවිතේට කවුරුත් මේ කෑමනම් කන්නේ නැහැ..

මැස්සන් මේ දේවල් කරනවා කියලා දන්නවානම් ජීවිතේට කවුරුත් මේ කෑමනම් කන්නේ නැහැ..

2020 Jul 23

මම මෙහෙම ප්‍රශ්ණයක් ඇසුවොත් ඔයා දෙන පිළිතුර මොකක්ද? ඔයා දකිනවා ඔයාගේ කෑම එකේ මැස්සෙක් වහලා ඉන්නවා. දැන් ඔයා මොකද කරන්නේ. ඒ කෑම එක ආහාරයට ගන්නේ නැතිව අයින් කරනවද? එහෙමත් නැත්තම් ඒ මැස්සව එලවා දමලා කෑම එක ආහාරයට ගන්නවාද? මං දන්නවා ගොඩක් දෙනෙක් කරන්නේ මැස්සව එලවා දාලා කෑම එක ආහාරයට ගන්න එක. ඒ මොකද අපි හිතන්නේ ආ මේ නිකන් මැස්සෙක් විතරයි කියලා. හැබැයි ඉතින් ඒ කෑම කන නොකන එක ඔයාගේ තීරණයක්. කොහොම වුණත් අද කියන්න යන්නේ මේ මැස්සෝ කෑම වල වහලා හිටියාම මොනවගේ දේවල්ද වෙන්න පුළුවන් කියන එක ගැන. මොකද මැස්සන් අපි ගන්නා ආහාරයට එන්නේ කලින් තවත් ගොඩක් තැන් වල ඉදලා තමයි එන්නේ. උදාහරණ වශයෙන් කුණු ගොඩක, වැසිකිලියක, නැත්තම් තවත් කෙනෙක්ගේ ආහාරයක එහෙමත් නැත්තම් මොකක් හරි ජරා ගොඩක වහලා ඉදලා තමයි ඇවිත් අපේ කෑම එකෙත් වහන්නේ. ඇත්තට මේ කුඩා ජීවියා විසින් ඇති කරන බලපෑම මැස්සගේ ප්‍රමාණයටත් වඩා විශාල වන අතර ඔයා ඇත්තටම හිතනවාටත් වඩා ගොඩක් සංකීර්ණයි. මැස්සන් විසින් අපට බෝකරන රෝග අතරට ආන්තරික ආසාදන (අතීසාරය, පාචනය, ටයිපොයිඩ්, කොලරාව සහ ඇතැම් හෙල්මින්ත් ආසාදන වැනි), අක්ෂි ආසාදන (trachoma සහ epidemic conjunctivitis වැනි), පොලියෝමෙලයිටිස් සහ සමහර සමේ ආසාදන (යව්ස්, කටානියස් ඩිප්තෙරියා, සමහර මයිෙකෝස් සහ ලාදුරු) හඳුන්වන්න පුළුවන්. මැස්සා කුඩා සත්වයෙක් වුණාට අපිට ගේන කරදරනම් ගොඩක් විශාලයි. අපි බලමු මැස්සෝ ඇවිත් අපේ කෑම එක මත වැහුවට පස්සේ මොනවගේ දේවල්ද කරන්නේ කියලා.

 

මැස්සන් ඔබේ ආහාර මත වමනය කරන බව ඔබ දන්නවාද?

Curious Kids: Why do flies vomit on their food?

නළයක් වැනි මුඛය හරහා තරල උරා බොමින් තමයි මැස්සන් ආහාර ලබා ගන්නේ. ඔවුන්ගේ මේ මුඛය පිහිටලා තිබෙන හැඩය නිසා ඕනෑම ආහාර වේලක් දියරයක් බවට පත් කරන්න ඔවුන්ට හැකියාව තිබෙනවා. මෙය සිදුකරන්න ඔවුන් කලින් ආහාරයට ගත් උදාහරණයක් වශයෙන් කුණු වුණ මස්, මළ මුත්‍රා වගේ ඕනම දෙයක් ඔවුන් ඔයාගේ ආහාර මතට වමනය කරනවා. එහෙම කරලා තමයි ඔයාගේ කෑම එකේ තියන දේවල් මැස්සන් ආහාරයට ගන්නේ. ඉතින් ඔයාලා කවදාවත් හිතන්න නැතුව ඇති නේද මැස්සෝ මේ විදිහට ඔයාගේ කෑම එක ජරා කරනවා කියලා.

 

 

ඔවුන් ඔබේ ආහාර මත බිත්තර දමන බව ඔබ දන්නවාද?

Fly laying eggs - YouTube

ඔයා කාලා ඉතුරු කරපු කෑම එකක් ඔයා තියලා තියනවා පස්සේ කන්නම් කියලා. එහෙම තියලා තියන කෑම වල මැස්සො වැහුවට පස්සේ ඔවුන් ටික වෙලාවකින් කෑම මත බිත්තර දාන්න පෙළඹෙනවා. ගොඩක් දෙනෙක් මේ දේ දන්නේ නැහැ. සමහර වෙලාවට පස්සේ කන්නම් කියලා තියලා තිබ්බ කෑම එක අපි ආහාරයට අරන් තියෙන්නේ මැස්සන්ගේ බිත්තර හෝ පිලව් එක්ක වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාට ආහාරයක් පස්සේ කන්න කියලා හිතුනොත් හොඳට ඒ කෑම එක ආවරණය කරලා තියනන් අමතක කරන්න එපා. මොකද අපි දන්නේම නැතිව හෝ ගණන්ගන්නේ නැතිව ලොකු ජරා ගොඩක් වගේම ලෙඩ ගොඩක් තමයි ආහාරයට අරන් තියෙන්නේ. ඒ නිසා ආහාර ගන්නන් වාලේ ගන්න යන්න එපා.

 

ඔවුන්ගේ කකුල් සහ පියාපත් මඟින් ඔබේ ආහාර මත බැක්ටීරියා පතුරවන බව ඔබ දන්නවාද?

The role of 'filth flies' in the spread of antimicrobial ...

දැන් අපි දන්නවා මැස්සො කියන්නේම බැක්ටීරියා ගොඩක් කියන එක. අපි මෙච්චර වෙලා කතා කලේ මැස්සන්ගේ ඇඟ ඇතුළෙන් අපේ ආහාර වලට ඇතුල් කරන බැක්ටීරියා ගැන විතරයි. හැබැයි වැඩිම ක්ෂුද්‍ර ජීවීන් සංඛ්‍යාවක් ඔවුන්ගේ ශරීරයෙන් පිටත සොයාගත හැකි බව ඔබ දැන සිටියාද? නැන්යැන්ග් තාක්‍ෂණික විශ්ව විද්‍යාලයට අනුව, “මැස්සන් තබන සියගණනක්වූ සෑම  පියවරකම ක්ෂුද්‍රජීවී ජනපද ධාවන පථයක්” ඇති කරනවා  වශයෙන් ඔවුන් පරීක්ෂණ මගින් තහවුරුකරගන ප්‍රකාශ කර තිබෙනවා.එයින් අදහස් කරන්නේ ඔවුන් ස්පර්ශ කරන ඕනෑම දෙයක් බරපතල ලෙස ආසාදනය විය හැකි බවයි.

 

 

ඉතින් මේ විස්තර දැනගත්තට පස්සේ ඔයාලට මොකද හිතෙන්නේ. තාමත් මැස්සෝ වහපු කෑම උන්ව එලවලා දාලා කන්න හිතෙනවාද? ඇත්තටම අපේ නොසැලකිලිමත් භාවය හා ගණන් නොගැනීම නිසා අපි ගොඩක් ලෙඩ රෝග වලට මේ මැස්සන් නිසා ගොදුරු වෙනවා. මොකද මැස්සා කියන්නේ පොෂ් කෑම කන සතෙක් නෙවෙයිනේ. මැස්සා කියන්නේ ඕනම මලජරාවකට වග කියන සතෙක්. අපි දන්නේ නැහැ අපේ කෑම වල වහල ඉන්න මැස්සා කොහෙ ඉදන් ආවාද කියලා. අපි දකින්නේ නැති නිසා අපි ගණන් ගන්නේ නැහැ. හැබැයි දැන් අපි දන්නවා මැස්සා මොකක්ද අපි රස කර කර කන්න හදන කෑම එකට කරන්නේ කියලා. වැදගත්ම දේ අපේ කෑම එක තියන පෙරේත කමට ගිලින එක නෙවෙයි. අපේ සෞඛ්‍ය ගැන හිතලා ආහාර පරිභොජනය කරන්න වගබලාගන්න එක. සමහර වෙලාවට අපිට එක පාරට බඩේ අමාරු හැදෙනවා. අපි දන්නේ නැහැ කොහොම මොනවා වෙලා බඩේ අමාරු හැදෙනවද කියලා. ගොඩක් වෙලාවට මේ මැස්සා අපි දන්නේම නැතිව ඇවිත් අපිව ලෙඩ කරනවා. ඒ නිසා පාරවල් අයිනේ මැස්සො වහ වහ තියන කෑම කන්න හිතෙනවානම් මේ දේවල් ගැනත් හොඳට හිතලා ඉන්න.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here