හතර වටෙන් ලෝකයේ තියෙන අරුම පුදුම ආගම්,ඇදහිලි හා විශ්වාස..

ලෝකයේ තියෙන අරුම පුදුම ආගම්,ඇදහිලි හා විශ්වාස..

2020 Jul 25

ආගම් ගැන කතාකරනකොට ලංකාවේ අපිට නම් එකපාරම මතක් වෙන්නේ බුද්ධාගම,හින්දු,ඉස්ලාම්,ක්‍රිස්තියානි තමයි. ඒ වගේම තවත් ඇදහිලි පිළිවෙත් විශ්වාස කරන සුළු පිරිසකුත් ලංකාවේ ඔය අතර ඉන්නවා. ලංකාවෙන් ටිකක් එහාට ගිහින් ලෝකේ ගැනම කතාකරද්දී මේ විස්තරේ මීට වැඩිය වෙනස්. අදහන විශ්වාසයක් වෙනුවෙන් ඔයාට පුළුවන්ද කවදාහරි දවසක ලාදුරු රෝගියෙක්ගේ තුවාලයක් ලෙවකන්න?එහෙමත් නැත්නම් ඇණ තියෙන මිටියකින් ගුටි කන්න? අහද්දිත් ටිකක් අවුල් වගේ නේද. අද අපි කියන්න යන්නේ පෘථිවියේ තියෙන ඒ වගේ අසාමාන්‍ය ඇදහිලි විශ්වාස ආගමික වත්පිළිවෙත් 7ක් ගැන.මෙන්න කියවලම බලන්නකෝ..

 

 

1) ළදරුවන් විසි කිරීම (Baby Throwing)

Read About This Indian Custom Of Throwing Babies Off Buildings For ...

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ තියෙන ග්‍රිෂ්නේශ්වර දේවාලයේ සිද්ද කරන ටිකක් අසාමාන්‍ය වගේම භයානක වෙන්න පුළුවන් ආගමික චාරිත්‍රයක් තමයි මේ. මේකෙදි වයස අවුරුදු 1 ත් 2 ත් අතර බබාලව අඩි 50 ක් විතර උස කුළුණක ඉදන් බිමට විසි කරනවා. පිරිමි කිහිපදෙනෙක් කුළුණ පාමුල ඉදන් උඩ ඉදන් වැටෙන බබාලව රෙද්දක් ආධාරයෙන් අල්ලාගන්නවා. අවුරුදු 700 ක් විතර පරණ මේ උත්සවය ළමයින්ව ගොඩක් බුද්ධිමත්,වාසනාවන්ත හා සෞඛ්‍ය සම්පන්න කෙනෙක් බවට පත් කරනවා කියලා මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ඉන්න මුස්ලිම් සහ හින්දු භක්තිකයන් විශ්වාස කරනවා.

 

 

2) අහසේ භූමදානය (Sky Burials)

tibetan sky burial | Tumblr

අහස් භූමදානය කියන්නේ ටිබෙට් වල තියෙන සුවිශේෂී වගේම ගොඩක් අසාමාන්‍ය ආගමික උත්සවයක්. කෙනෙක් මිය ගියාම එයාගේ මළ සිරුරේ කැබලි කදු මුදුනක විසුරුවලා ඒවා කුරුල්ලන්ට කන්න දාන එක තමයි අහසේ භූමදානය කියන්නේ. ටිබෙට් ජාතිකයන් ගොඩ දෙනෙක් බෞද්ධ සම්ප්‍රදායන් තමයි අනුගමනය කරන්නේ. ටිබෙට් බෞද්ධ භක්තිකයන් මිනිස් සිරුර හුදෙක් යාත්‍රාවක් විතරයි සහ ඒක ඉවත දාන්න පුළුවන් කියන දේ විශ්වාස කරනවා. එක මේ ආගමික උත්සවය එයාලා අතර ගොඩක් ජනප්‍රිය වෙන්න හේතුවක් වෙලා තියෙනවා.මේ වෙද්දී නම් මේක තහනම් කරලා තිබුණත් පවුලේ අයගේ අවසරය ඇතුව තවමත් මේක සිද්ධ කරන අවස්ථාත් නැතුවම නෙවෙයි.

 

 

3) අගෝරි (The Aghori)

Incredible images show life of India's cannibal Aghori tribe ...

ක්‍රි.ව. 14 වන සියවසේ දී විතර හින්දු ආගමෙන් බැහැර වූණු ආගමික නිකායක් විදිහට අගෝරි සැලකෙනවා.මේකෙදි හින්දු පුරාවෘත්ත වල, හැම දෙයක්ම “බ්‍රාහ්මණයාගෙන්” ඉස්මතු වන බවත් කිසිම නපුරක් පවතින්නේ නැති බවත් විශ්වාස කරනවා.තව ටිකක් පැහැදිලිව කිව්වොත් අගෝරි අනුගාමිකයන් විශ්වාස කරන්නේ සියල්ල දෙවියන් විදිහට වගේම ඕනෑම දෙයක් අතහැර දැමීම පූජනීය ක්‍රියාවක් විදිහටයි. විශේෂයෙන්ම ආදාහනාගාර අසල වාසය කිරීම සහ මියගිය අයගේ මෘත දේහය අනුභව කිරීම වගේම තමන්ගේම මුත්‍රා වැනි ඕනෑම දෙයක් ආහාරයට ගන්න මේ විශ්වාසය අදහන අඝෝරි සාදුවරුන්ට පුළුවන්.

 

 

4) මාරඩෝනියානු පල්ලිය (Maradonian Church)

Where Diego Armando Maradona is a God, Literally

මේ ඇදහිල්ල නම් ටිකක් අපුරුයි. අපි කවුරුත් දන්නවා ජනප්‍රිය පාපන්දු ක්‍රීඩක මැරඩෝනා ගැන. එත් එයාගේ නමින් ආගමක් හදලා එයා වෙනුවෙන්ම පල්ලියක් ඉදි කරලා තියෙනවා කිවුවොත් ? අදහගන්නත් ටිකක් අමාරුයි නේද ?.මේ අපූරු පල්ලිය ඉදි කරලා තියෙන්නේ ආජන්ටිනාවේ The Iglesia Maradoniana නමින්. මැරඩෝනාගේ 38 වෙනි උපන්දිනයේදී එයාගේ රසිකයන් තුන් දෙනෙක් මුලික වෙලා මේ පල්ලිය හදලා තියෙනවා. සරලවම කිවුවොත් ආගමේ විශ්වාස කරන්නේ මැරඩෝනා ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයා බව.ඉතින් ඒ වෙනුවෙන් එයාලගේ යාඥා සිද්ධ කරනවා වගේම ඔයාගේ මැද නම ඩියාගෝ විදිහට වෙනස් කිරීම, ඔයාගේ පුතා ඩියාගෝ ලෙස නම් කිරීම සහ “ඩියාගෝගේ ප්‍රාතිහාර්යයන් පිළිබඳ පුවත් පතුරුවා හැරීම” වගේ ආඥා 10 ක මාලාවක් එයාලා සතුව තියෙනවා.

 

 

5)Happy Science Religion

Photos at HAPPY SCIENCE EL CANTARE PRAY ROOM - Orchard Road - 1 ...

මේ විශ්වාසයය ගැන කතාකරද්දී නම් අපි කියවපු අනිත් විශ්වාස වල වගේ අසාමාන්‍ය දේවල් නැති වුණත්,අසාමාන්‍ය දේවල් නොකෙරුවත්,මේක ඇත්තම ආගමක් විදිහට පිළිගන්න එකනම් ටිකක් අමාරුයි. Happy Science ආගම මුලින්ම අදහන්න පටන්ගත්තේ ජපන් ජාතිකයෙක් වෙන Ryuho Okawa විසින්. සියලු මනුෂ්‍ය වර්ගයාට සතුට ගෙන ඒම එයාගේ මෙහෙවර කියලා එයා විශ්වාස කරනවා. ඒක 1991 දී නිල ආගමක් බවට පත් වූණා වගේම මේ වෙද්දී රටවල් 90ක විතර මිලියන 12 කට අධික අනුගාමිකයින් පිරිසක් මේ ආගම අදහනවා.මේ ආගමේ මූලික විශ්වාසය තමයි ආදරය, ප්‍රඥාව, ස්වයං පරාවර්තනය සහ ප්‍රගතිය තුළින් මිනිසුන් “නිවැරදි මනස” සහ “සතුට පිළිබඳ මූලධර්ම” ගවේෂණය කළ යුතු බවයි. මුහම්මද්තුමා, ක්‍රිස්තුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ හා කොන්ෆියුසියස්ගේ ප්‍රකාශයන්,දේශනා මේ ආගමට සම්බන්ධ කරගෙන තියෙනවා.මේ ආගමට සම්බන්ධ වෙන්න ඕනේ වෙන එකම අවශ්‍යතාවය තමයි “මාර්ගය සෙවීමේ අභිලාෂය සහ මිහිපිට ආදරය, සාමය සහ සතුට සාක්ෂාත් කර ගැනීමට දායක වීම”.

 

 

6)සැරව ලෙවකෑම සහ තුවාලයේ කබල කෑම

මධ්‍යකාලීන යුගයේදී බහුතරයක් මිනිස්සු ලාදුරු රෝගීන්ට ගොඩක් අපහාස කළා වගේම එයාලව කොන් කළා. කොහොමවුණත් , කාන්තා සාන්තුවරයන්ගේ සාමන්‍ය චාරිත්‍රයක් වුණේ ලාදුරු රෝගයෙන් පීඩාවට පත් වූ අයගේ තුවාල වලින් එන සැරව ලෙවකෑමෙන් හා කබල් ආහාරයට ගැනීමෙන් රෝගී වූ අය රැකබලා ගැනීම.මේක අතිශය ශුද්ධකමේ සලකුණක් විදිහට සැලකුණා වගේම එයාලව කොන් නොකිරීමක් එතකොට සිද්ධ වෙනවා කියලා එයාලා විශ්වාස කළා. වාසනාවකට වගේ මේ විශ්වාසයේ පින්තුරයක්වත් දැන් නම් හොයාගන්න නැහැ.

 

 

7)තැලීම (Flagellation)

Holy Self-flagellation | Nasim Fekrat

ආගමික විශ්වාස සඳහා තාමටම ගැසීමේ මේ ක්‍රියාවලියට ලොකු ඉතිහාසයක් තියෙනවා.පුරාණ ඊජිප්තුවේ, ග්‍රීසියේ සහ රෝමයේ ඒක සාමාන්‍ය සිරිතක් වුණත් 13 සහ 14 වන සියවස් වලදී ඒක බහුලව සමාජයේ තිබුණා.කතෝලික පල්ලියේ රැඩිකල්වාදීන් විසින් ප්‍රසිද්ධියේ පහර දීලා මේ විශ්වාසය වැඩිපුරම විශ්වාස කරන්න පටන්ගත්තා ඒ උද්‍යෝගිමත් අය භක්තිය විදහා දැක්වීමක් විදිහට සලකලා.10,000 ක් විතර සහභාගී වූණු මහා පෙරහැරවල් වල කුරුස හා බැනර් ඔසවාගෙන,, ගීතිකා ගයමින්, නගර හරහා ගමන් කර, ගීතිකා ගායනා කරමින්, සහ යාඥා කරමින් මේ විදිහට සම් වලින් පහර දීම සිදු කරගත්තා.

කවදාවත් හිතුවද ලෝකේ මේ වගේ ආගම්,ඇදහිලි,විශ්වාස තියෙනවා කියලා?.මේ සමහර විශ්වාස මේ තරම් දියුණු වුණු ලෝකෙක තාමත් අදහනවා කියලා?කොහොම වුණත් ලෝකේ ජීවත් වෙන හැම කෙනෙක්ටම පුළුවන් තමන්ට කැමති දෙයක් විශ්වාස කරන්න,අදහන්න,තමන් කැමැති ආගමක් තෝරාගෙන ඒ විදිහට තමන්ගේ ජීවිතය හැඩගස්සගන්න.මොකද අපි මොකක්හරි ආගමක් විශ්වාස කරද්දී අපි තුළම ස්වයං විනයක් ඇතිවෙනවා.මේ මොන විශ්වාසයෙන් වුණත්,ඇදහිල්ලෙන් වුණත් කෙනෙකුට යහපතක් වෙනවා නම්,සාමජයට යහපතක් වෙනවා නම් මිනිස්සු මොනවා විශ්වාස කළත් මොකද.

 

-එස්. තත්සරණී-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here