හතර වටෙන් ගාලු මුවදොර හැඩකරන සරුංගලේ කතාව…

ගාලු මුවදොර හැඩකරන සරුංගලේ කතාව…

2020 Aug 11

මුළු සතිය පුරාම ගොඩක් කාර්යබහුල කොළඹ කියන්නේ සති අන්තයේදී නම් ගොඩක් විනෝදකාමී,සතුටු වෙන්න පුළුවන් තැනක්. shopping malls,cafes, වගේම තවත් හිත් ඇදගන්නා තැන් ධනපති පාන්තිකයන්ගෙන් පීරී ගියත්,කොයි කාට වුණත් සති අන්තයේදී සන්ද්‍යාව ගත කරන්න නම් හොඳ තැනක් විශේෂ තැනක් කොළඹ පිහිටලා තියෙනවා.

 

ප්‍රභූ පැලැන්තියේ අයගේ ක්‍රීඩා පිටියක් විදිහට මුලින්ම ආරම්භ වූණු ගෝල් ෆේස් ග්‍රීන් දැන් කොළඹ නගරයේ ගොඩක් ජනප්‍රිය තැනක් වෙලා තියෙනවා. දහස් ගණනක් නරඹන්නන් ආකර්ෂණය කරගත්ත වීදි ආහාරවල සුවඳ, අහසෙහි පියාඹන සරුංගල් සහ කුඩා දරුවන් සියයක් හෝ ඊට වැඩි ගණනකගේ කෑගැසීම් එක්ක මිශ්‍ර වෙන රළ පහරින් මෙතන සැනසිලිදායක වගේම සතුටුදායක තැනක් බවට පත්වෙලා තියෙනවා.

කොහොමවුණත්, අද මගේ අවධානය මෙතැන වටපිටාවට ගොඩක්ම ගැළපෙන දෙයක් ගැන. අවුරුදු ගාණක් තිස්සේ පැවතගෙන එන නිසා ඒක ගෝල් ෆේස් ග්‍රීන් වගම අංගයක් වෙලා කිවුවොත් හරි. පාට පාට වර්ණ වලින් පිරීලා ඉතිරීලා තියෙන නිසා මෙතැනට එන අයගේ ලොකු අවධානයක් එයාලා දිනා ගන්නවා. ඒ තමයි සරුංගල්. ගෝල් ෆේස් ග්‍රීන් කියන්නේ සරුංගල් යවන්න හොඳම තැනක් විදිහට ගොඩක් ප්‍රසිද්ධයි.

 

ඉරිදා දහවල් කාලයේදී ගෝල් ෆේස් ග්‍රීන් ගියපු මට වැඩිපුරම දකින්න ලැබුණේ අහස අයිති කරගෙන ඉන්න සරුංගල් සහ වෙළෙන්දෝ. මේ කොරෝනා ව්‍යාප්තියත් එක්ක ඒ වෙළෙන්දන්ගේ ආදායම කොහොමද කියන සැකයක් මගේ හිතට ආවා. එතන හෙළි වෙන්න ඕනේ කතාවක් තියෙනවා කියලා මට තේරුණා.

 

ඉතිහාසය ගැන පුංචි සටහනක්

මේ භූමියේ ඉතිහාසය දිවයිනේ ලන්දේසි පාලනය දක්වාම දිව යනවා. නමුත් 19 වන සියවසේදී මේ ඉඩම පොදු අවකාශයක් විදිහට ස්ථාපිත කළේ බ්‍රිතාන්‍යයන්. සියවස් ගණනාවක් පුරා පැවත එන ගෝල් ෆේස් ග්‍රීන් විදිහට දැන් හදුන්වන මෙතැන කලින් කොල්ලුපිටි රේස් කොර්ස් විදිහට හදුන්වල තියෙනවා. ඊට පස්සේ ගොල්ෆ්, ක්‍රිකට්, ටෙනිස් සහ රග්බි වලටත් මෙතන යොදා ගත්තා.

පස්සේ කාලෙක , 20 වෙනි ශතවර්ෂයේ දී, සංවර්ධන ව්‍යාපෘති රැසකින් පස්සේ, නාගරික සංවර්ධන අධිකාරිය මෙතැන පොදු ස්ථානයක් විදිහට සංරක්ෂණය කරලා එතැන අද පවතින තත්ත්වයට පත් කරලා තියෙනවා.

ගෝල් ෆේස් ග්‍රීන්, නගරයේ සරුංගල් යවන තැන විදිහට ප්‍රසිද්ධයි වගේම මෙතැන 70 දශකයේ ඉදන් දියුණු වෙමින් පවතින උරුමයක්. වාර්ෂික සරුංගල් තරගය නගරයේ ගොඩක්ම ප්‍රසිද්ධ සහ විනෝදාත්මක ආකර්ෂණයන් වලින් එකක් වුණා වගේම අද වෙනකන්ම සරුංගල් සහ ගෝල් ෆේස් ග්‍රීන් අතරේ තියෙන්නේ ලොකු බැඳීමක්.

ව්‍යාපාර වලට සමාජයේ හැටියට හැඩගැසීමේ ක්‍රමයක් තියෙනවා. ඒ නිසා මෙතැනට සරුංගල් යවන්න ආපු මහජනතාව වගේම මේවා විකුණන්න වෙළෙන්දන් පැමිණෙන එක පුදුමයක් නෙවෙයි. අනුර කියන්නේ ඒ වගේ එක වෙළෙන්දෙක්. එයත් එක්ක ටිකක් කතාකරන්න මට පුළුවන් වුණා.

මගේ සොයාගැනීම් වල විදිහට,සරුංගල් අලෙවිකරුවන් 90 දශකයේ ඉදන්ම මෙතැන ව්‍යාපාරයේ නියැලී ඉඳල තියෙනවා. අනුරත් 2000 අවුරුද්දේ මුල ඉදන් මෙතැන ඉඳලා තියෙනවා. සතියේ දවස් වලට මුරකරුවෙක් විදිහට රැකියාව කරපු අනුර තමන්ගේ ආදායම ශක්තිමත් කර ගන්න සති අන්තයේදී සරුංගල් විකිණීමේ වෙළදාමේ යෙදුනා.

“මෙය මට විශ්වාස කළ හැකි ව්‍යාපාරයක් නොවේ. සෑම දෙයක්ම සෑම විටම වෙනස් වේ. සමහර විට වැස්ස නිසා හෝ මිනිසුන් පිටතට යාමට බිය වන්නේ නම් කිසිවෙකු මෙහි එන්නේ නැත. ” – ඉස්මයිල්, සරුංගල් වෙළෙන්දා.

එයා කියන විදිහට මේ සරුංගල් සහ සෙල්ලම් බඩු විකුණන ගොඩක් වෙළෙන්දන් වෙනත් රැකියා වලත් නිරත වෙනවා.ඒකට ප්‍රධාන හේතු වෙලා තියෙන්නේ මේ ව්‍යාපාරය නිරන්තරයෙන් අස්ථාවර වීම.

පහු ගිය අවුරුදු වල මේ වෙළඳාමෙන් විතරක් ජීවත් වුණු වෙළෙන්දන් සිටියත් පසුගිය දශකයෙදී එහෙම කරපු අය මේ වෙද්දී ගොඩක් අඩුවෙලා තියෙනවා කියලා ඉස්මයිල් මාත් එක්ක කිවුවා. සතියේ දවසක ගෝල් ෆේස් ග්‍රීන් සංචාරය කරපු මට සරුංගල් අලෙවිකරුවෙකු සොයා ගන්න අමාරු වුණු නිසාම මේ කතාව ඇත්ත බව මට තේරුණා.

විකුණුම්කරුවන් සාමාන්‍යයෙන් තමන්ගේ භාණ්ඩ කොළඹ කොටුවේ ඉන්න සැපයුම්කරුවන්ගෙන් මිලදී ගන්නවා. ඒ නිසා එයාලා ස්වාධීන වෙළදාමක් සිදුකරනවා වගේම කිසිම කාල සීමාවකින් බැඳීලා නැහැ.

ගෘහස්ථව මාස තුනකට ආසන්න කාලයක් ගත කරපු නිසාම පහුගිය මාසවලදී කවුරුවත් සරුංගල් යවන්න නම් හිතුවේ නැහැ. අනුර කියන විදිහට ගිය අවුරුද්දේ පාස්කු ප්‍රහාර වගේම ඊටපස්සේ ඇති වූණු මහජන නොසන්සුන්තාවය ඊට සමාන බලපෑමක් ඇති කරලා තියෙනවා. හම්බ කරන හැම සතයක්ම බලපෑමක් ඇති කරන කාලයක, ආදායම් අහිමිවීම තවමත් මේ වෙළෙන්දන්ට දැනෙනවා.

 

 

ඉර බැහැගෙන යන දිහා බලාගෙන ඉද්දී..

පසුගිය අවුරදු දෙකේදී බලාපොරොත්තු නොවූ අවාසනාවන්ත වෙනස්කම් කිහිපයක් ඇතිවුණා. ඉතින් මිනිස්සුන්ගේ ජිවිත වගේම එයාල විවේකයේ ඉන්න විදිහේ වෙනස්වීම් වල විදිහට මේ සරුංගල් අලෙවිකරුවන් ව්‍යාපාර කරන ආකාරයද වෙනස් වීම් වලට පත්වෙලා තියෙනවා.

සරුංගල් බහුතරයක්ම පොඩි දරුවන්ට විකුණනවා වගේම වර්තමානය වෙද්දී තරුණ දෙමාපියන්ගේ මේ ගැන තියෙන උනන්දුව අඩු වෙලා ගිහින් තියෙනවා.

ඉර බැහැලා ගිහින් ටිකෙන් ටික වටේම අඳුරු වෙද්දී, විනෝද වෙන්න ආපු පවුල් මෙතැනින් පිටත් වෙලා යන්න පටන් ගනිද්දී, සරුංගල් අලෙවිකරුවන් තමන්ගේ වෙළඳ භාණ්ඩ ඇසුරුම් කරගෙන පිටත් වෙලා යන්නේ ඊළඟ දවසේ හෝ ඊළඟ සතියේ නැවත එන්න හිතේ බලාපොරොත්තුවක් තියාගෙන. මේ පාට පාට වලින් පිරුණු ගෝල් ෆේස් අහසේ සහ,විනෝදකාමී ගෝල් ෆේස් ග්‍රීන් පිටියේ කුතුහලය දනවන සැගවුණු කතාව ගැන අහන්න පුළුවන් වුණ එක ගැන මට ඇතිවුණේ ලොකු සතුටක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here