හතර වටෙන් අයාලේ යන සුනඛයෙකු ඔබව සපාකන්න ආවොත් බේරෙන්නේ කොහොමද..?

අයාලේ යන සුනඛයෙකු ඔබව සපාකන්න ආවොත් බේරෙන්නේ කොහොමද..?

2020 Aug 10

සුනඛයන් කියන්නේ මිනිසාගේ හොඳම මිතුරා කියලා අපි ඕන කෙනෙක් දන්නවා. අපිට සුරතලෙක් ඉන්නවා කියන්නේ ආරක්ෂාව, සතුට, ආදරය මේ හැමදේම ලැබෙනවා. අද අපි කතා කරන්න යන්නේ ගෙදර සුරතලේට ඇතිකරන අපේ බලු සුරතලා ගැන නෙවෙයි. අපි දකිනවා පාරවල් ගානේ හංදි ගනේ ඉන්න අයාලේ යන සුනඛයින්. ඉතින් ගොඩක් වෙලාවට මෙයාලා ටිකක් ආක්රමණශීලී. අපිව හපන්න පවා පනින අවස්ථා බොහොමයක් තිබෙනවා. පුද්ගයන් බොහෝමයක් පාරේ ගමන් කරන වෙලාවට සුනඛ සපාකෑම් වලට ලක්වෙලා තිබෙනවා. අද අපි කතා කරමු මේ වගේ වෙලාවක ඒ කියන්නේ අපි පාරේ ගමන් කරන විට සුනඛයෙක් අපිව සපාකන්න එනවා වගේනම් ඒ වෙලාවට ආත්මාරක්ෂාවට මොනවද කරන්න ඕන කියන එක.
  • අයාලේ යන සුනඛයෙක් හමුවුණොත් කිසිවිටකත් දුවන්න එපා

Businessman running away from dogs chases to bite. | Premium Vector

ඔන්න ඔයා පාර දිගේ ඇවිදගන යනකොට සුනඛයෙක් ඔයාව දැකලා ඔයාට හපන්න වගේ එනවා. එතකොට ඔයා කීයටවත් දුවන්නම් හදන්න එපා. ඒ දෙයින් වෙන්නේ සුනඛයා තවත් ඇවිස්සෙන එක විතරයි. ඒ වගේම කීයටවත් ගල් වලින් ගහන්න හදන්නවත් නැත්තම් කෝටු වලින්වත් පහර දෙන්න එපා. එවිට සතා තවත් ඇවිස්සිලා ඔයාව සපාකන්න පෙළඹෙන අවස්ථාව වැඩීයි. ඒ නිසා ඔබ මෙවැනි අවස්ථාවකට මුහුණ දුන්නොත් මේන්න මේ දේවල් හොඳට මතක තියාගන .
ආරක්ෂිත දුරක් රැඳී සිට සත්වයා ඉවත්ව යන තෙක් බලා සිටින්න. සුනඛයාගේ ප්රතික්රියාව දෙස බලා සෙමෙන් පසුපසට යන්න. සුනඛයා ඔබ පසුපස එනවා නම්, නවතින්න. සත්වයා චලනය නොවන්නේ නම්, පසුපසට ඇවිදින්න. බල්ලා ඉවතට හැරී බැලූ වහාම ඔබේ සාමාන්ය වේගයෙන් ඉදිරියට යන්න. ඔබ සහ සත්වයා අතර යමක් තැබීමෙන් ඔබට සුනඛයාගේ අවධානය වෙනතකට යොමු කළ හැකිය. මෙය ඔබේ ගමන් මල්ල, කුඩය, සපත්තුවක් හෝ ජැකට් එකක් වෙන්න පුළුවන්. සත්වයා ඔබ සහ තමා අතර ඇති බාධකයක් ලෙස වස්තුව අර්ථකථනය කර අවධානය වෙනතකට යොමු කරනු ඉඩකඩ වැඩීයි.
  • ඔබ බයිසිකලයක් පදවනවානම් බල්ලන් ඔබ පසුපස පන්නන්න තියන ඉඩකඩ වැඩීයි
stray dog attack: Latest News, Videos and Photos on stray dog ...
අයාලේ යන සුනඛයන් චලනයන් කෙරෙහි ප්රතික්රියා කරන අතර ඔවුන් බොහෝ විට බයිසිකල්, යතුරුපැදි, කාර් වගේ වාහන වලට ආක්රමණශීලී වෙනවා. බල්ලෙක් ඔබව ලුහුබැඳීමට පටන් ගන්නේ නම් ඔයා ඉක්මනින් බයිසිකලය නවත්වන්න. මොකද සත්වයා ඔබ කෙරෙහි දක්වන උනන්දුව අවම කරන්න එය උදව්වක් වෙනවා. සුනඛයා ඉවතට හැරී ඇවිදින්නට පටන් ගත්තාට පසුව ඔයාට පුළුවන් යන්න ආපු ගමන යන්න. හැබැයි ඔයා බයිසිකලයක යන කෙනෙක් නම් සුනඛයා ආක්රමනශීලී වගේ වෙන වෙලාවට වේගයෙන් එතනින් යන්න හැඳුවොත් වැඩ වරදින්න පුළුවන්. සුනඛයා කියන්නේ අතිශයෙන් වේගවත් සතෙක්. ඉතිං ඌ ඔයා පසුපස පන්නන් එන්න ඉඩකඩ වැඩී. එතකොට බරපතල අනතුරක් වෙන්න තියන ඉඩකඩ වැඩියි. ඉතින් මේ වගේ වෙලාවට කල්පනාවෙන් වැඩ කරන්න. වාහනයක් ගමන් ගන්න එක සත්වයාට කුතුහලයක් ඒ නිසා තමයි ඌ ඒ ආකාරයට වාහන පසුපස පන්නන්නේ.
  • ඔබ ඔබේ සුරතලා සමග ඇවිදින්න යන කෙනෙක්ද?

Walking a Dog: How to Keep the Dog from Walking You | Hill's Pet

ගොඩක් වෙලාවට අපි දැකලා තියනවා කට්ටිය තමන්ගේ සුරතලාව ඇවිදින්න එක්ක යනවා. මේක කියවන ඔයත් එහෙම කෙනෙක් වෙන්න පුළුවන්. මේ විදිහට සුරතලාව ඇවිදන්න එක්ක යන ඔයාට පාරේ ඉන්න සුනඛයන්ගෙන් ප්රහාර එල්ල වෙලා තිබෙනවාද? ඔයාටම නෙවෙයි ඔයාගේ සුරතලාට. ගොඩක් වෙලාවට පාරේ ඉන්න අයාලේ යන සුනඛයෝ නාදුනන සත්වයෙක් දැක්කොත් පහර දෙන්න පෙළඹෙන ඉඩකඩ වැඩීයි.
අයාලේ යන සුනඛයෝ ඔබේ සුරතලාට බුරන්නේ නම් හෝ ගොරවනවා නම්, ඔබ ඔබේ සුරතලාව ක්ෂණික වඩාගන්න පෙළඹෙනවා. නමුත් මෙයින් සිදුවෙන්නේ ඔවුන් ඔබට පහර දීමට උත්සහ කිරීමයි. ඔයා සුරතලාව බිම තැබුවොත් සුරතලාට අයාලේ යන සුනඛයින් පහරදෙන්න පෙළඹෙනවා. මෙම තත්වය තුළ, ඔබේ සුරතලාට තුවාල සිදුවිය හැකිය. ඇත්තටම මේ වෙලාවට සිදුකරන්න නිවැරදිම විසඳුමක් නැහැ. ඔබට ඔබේ සුරතලාව බිමින් තියන්න බැරිවුණොත් හැකිනම් ගසක් උඩින් තියන්න එහෙමත් නැත්තම් උස් තැනකින් තබන්න.
මේ සදහා එක විකල්පයක් තිබෙනවා. ඒ අයාලේ යන සුනඛයින්ගේ අවධානය වෙන අතකට යොමු කරන්න කටයුතු කරන්න. හොඳම දේ තමයි ඒ සතුන්ට කෑමට යමක් දෙන එක. මොකද ඔවුන් ගොඩක් වෙලාවට කුසගින්නේ තමයි ඉන්නේ. ඉතින් සංග්රහයක් කළොත් ඔවුන්ගේ අවධානය වෙනස් කරන්න හැකියාව තිබෙනවා. එයින් ඔබට ඉක්මනින් එතනින් පැන යන්න හැකියාව තිබෙනවා. මීට පස්සේ මතක තියාගන්න ඔයා සුරතලා සමග ඇවිදින්න යනවානම් ආහාර මොනවා හරි රැගෙන යන්න. මෙවැනි හඳිසි අවස්ථාවකට ඔබට මුහුණ දෙන්න සිදුවුණොත් ඔබට එයින් ඉක්මනින් බේරෙන්න මෙය හොඳ උපකාරයක් වේවි.
  • සුනඛයෙක් ඔබට පහර දීමට සූදනම් වෙනවානම් කෙලින් ඇස් දෙස බලන්න එපා
Stray dog attacks citizens, injures 20 | Pakistan Today
සුනඛයෙක් පහර දීමට සූදානම් නම්, සත්වයා ඇස් දෙස බලන්න එපා. මෙය ඔවුන්ට ආක්රමණශීලීත්වයේ සලකුණක්. ඇත්ත වශයෙන්ම, ආක්රමණශීලී සතෙකුගෙන් ඔබව ආරක්ෂා කර ගත හැකි හොඳම ක්රමය තමයි කිසිවිටක සත්වයා ළගට යන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here