හතර වටෙන් 90 දශකයේ දරුවන්ගේ හිත රැදුණු සොඳුරු මතකයන්…

90 දශකයේ දරුවන්ගේ හිත රැදුණු සොඳුරු මතකයන්…

2020 Aug 25

හැම කෙනෙකුටම එයාලගේ ළමා කාලයේදී තිබුණු ටිකෙන් ටික ලොකු වෙද්දී මග හැරුණු දේවල් තියෙනවා. හැබැයි 90 දශකයේ හා 2000 දශකයේ මුල් භාගයේ හිටපු අපිට නම් අතපසු වුණු දෙයක් නැති තරම්. ඒ ඉවර වුණු කාල සීමාව නම් ඇත්තටම යුගයක අවසානයක් වුණා. මොකද ඒ කාලයෙන් පස්සේ මේ වෙද්දී ඇත්තටම අපේ වටේ,සමාජයේ තියෙන ගොඩක් දේවල් වෙනස් වෙලා තියෙනවා. කොහොම නමුත් තරුණ වයසේ ඉන්න ඔයාට පොඩි කාලේ තිබුණ මේවා මතකද කියලා බලන්නකෝ.

 

 

Ice-පැකට්/බීම පැකට්

කවදාහරි අයිස් පැකට් බීලා ති‍යේද? අහ්… ඉස්කෝලේ ඇරිලා යාළුවොත් එක්ක ස්කුල් වෑන් එක එනකන් හරි ගෙදර කවුරුහරි එක්කන් යන්න එනකන් හරි දවල් 1.30 ට ගිනි රස්නේ ගේට්ටුව ළඟට වෙලා ඉන්නකොට බයිසිකලයේ පිටිපස්සේ අයිස් පෙට්ටියක් තියාගෙන එතනට එන අයිස් මාමාගෙන් රස සීතල පාට පාට අයිස් පැකට් රුපියල් 5 ක් දීලා අරගන්නවා 90 දශකයේ ඔයාට නම් අමතක වෙන්න විදිහක් නැහැ.

 

 

කාටුන් බලන ගමන් මාරි බිස්කට් කිරි එකේ පොගවා ගෙන කන එක

ඉතින් ඔයාගේ අයිස් පැකට් එක කාලා ඉවර කරලා ඉක්මනට ගෙදර දුවනවා ඔයාට මතක ඇති. ඉස්කෝලේ ඇදුම ගලවලා දාලා ඉක්මනට ඇඟ හෝදගෙන කෑම කාලා ඉවර වෙලා ඊළගට ඉස්කෝලෙන් දීපු ගෙදර වැඩත් ඉක්මනට ඉවර කරලා දාලා ලෑස්තිවෙන්නේ හවස් වරුවේ පෙන්වන කාටූන් පේළිය බලන්න. සූරප්පපා ඉදන් තණ්ඩර්කැට්ස් වෙනකන් ස්කුබි-ඩූ ඉදන් දඟයා, කුම්බිච්චි, සහ අපි රජ ඉබ්බෝ වෙනකන් සිංහලෙන් හඩ කවපු කාටුන් පේළියම අපි බලන්නේ කිරි තේ එකේ ගිල්වපු මාරි බිස්කට් පැකට් එකකටම වග කියන ගමන්.

 

 

The Shihan-Syndrome

පවුලේ හැමෝම එකතුවෙලා,සමහර වෙලාවට ඔයාගේ අසල්වැසියන් පවා එකතුවෙලා ටීවී එක ඉස්සරහට වෙලා ඒ කාලේ ජනප්‍රිය සංගීත රියැලිටි තරග බලනවා ඔයාට මතක නැත්නම් ඔයා ඇත්තටම ගොඩක් පොඩියි. ඔව්,ඒ දේ අදටත් සිද්ධ වෙනවා.එත් ඒ වගේ තරඟ ලංකාවේ මුලින්ම පටන් ගත්ත කාලය තමයි මේ. ජනප්‍රිය “ඇමරිකානු අයිඩල්” වගේ තරග වල අභාසය අරගෙන ඒවා මුලින්ම ආරම්භ වූණේ 2005 දී විතර. කාලයත් එක්ක ඒ තරඟ “The Voice” තරගයේ අභාසය ලබාගෙන තියෙනවා. ඔව්, මම කතා කරන්නේ කැරකෙන පුටු ගැන.හැමෝගෙම ආදරය දිනාගත් ෂිහාන් මිහිරංග ප්‍රසිද්ධ වුණ කාලේ. එතැන් ඉදන් අපි හැමෝගෙම ජීවිත එක හා සමාන වුණේ නැහැ. සරලවම කිවුවොත් ජෙල්-කොණ්ඩය සහ ඇහි බැම කැපීම අපි HOT කියලා සැලකුවා .ඒ වගේම එයාගේ කටහඩ හැම ප්‍රේක්ෂකයෙක්ම වසගයට ගත්තා.මතකද පැහැදිලිවම අපේ හදවත් වල ජයග්‍රාහකයා එයා වුණත් එයාව තරගයෙන් ඉවත් කළාම?!?! ඒ ඇතිවුණ දුක තාමත් හිතේ ඒ විදිහටම තියෙනව ද ?

 

 

Interact Clubs

Interact Clubs හරියටම අතීතයට අයත් දෙයක් නොවෙන්නේ ඇත්තටම ඒවාත් එක්ක තවමත් අපි බැඳී ඉන්න නිසා. ඔයත් සමාජ සේවය හිතේ තියාගෙන Interact Club එකකට හෝ වෙන මොනවහරි club එකකට බැඳුන නම්, ඔයා ඔයාටම බොරු කරගෙන තියෙනවා. මොකද ඕනෑම කෙනෙක් Interact Club එකකට සම්බන්ධ වෙන්නේ එක දෙයක් ගැන හිතලා. ඒ තමයි අන්යෝන්‍ය සම්බන්ධතා ඇති කරගන්න එක.විශේෂයෙන්ම single-gender පාසලක නම් විරුද්ධ ලිංගිකයන් සමග”අන්තර් ක්‍රියා කරන්න”

 

 

හඬ කවපු හින්දි චිත්‍රපට

 

ඉතින්, හවස් වරුවෙම කාටූන් පේළියක් බලලා විනෝද වෙලා පස්සේ,ඉර බැහැලා ගියාම එන්නේ කාන්තාවන්ගේ වේලාව.රාත්‍රී 8 ට වෙද්දී හැමෝගෙම රැ කෑම පිළියෙළ කරලා ඉවර කරන ඔයාගේ අම්මයි,අතත්තම්මයි,ඔයා වගේම ටීවී එක ඉස්සරහ වාඩිවෙලා ලෑස්තිවෙන්නේ එයාලගේ ඉන්දියානු කතා මාලාව බලන්න පටන්ගන්න. අදහන්න බැරි තරම් භයානක, අතිශය නාට්‍යමය හා අනවශ්‍ය-special effects දාලා තියෙන ඉන්දියානු ටෙලිඩ්‍රාමා නම් කවදාවත් ඉවරයක් තිබුණේ නැහැ. ළමයෙකු විදිහට ඔයාට එක බලන්න පුළුවන්ද නැද්ද කියලා තීරණය වුනේ සම්පුර්ණයෙන්ම අම්මගේ Mood එක මත කිවුවොත් හරි.

 

 

භාතිය සහ සන්තුෂ්

භාතිය ජයකොඩි සහ සන්තුෂ් වීරමන් කියලා කිවුවොත් නම් මේ කතා කරන්නේ කවුරු ගැනද කියලා හරියටම දැනගන්න ඔයාට විනාඩියක් හෝ දෙකක් ගතවෙනවා. එත් සරලව
භාතිය -සන්තුෂ් කිවුවොත් – නැත්නම් ගොඩක් සරලව “බීඑන්එස්” – කිවුවොත් නම් මං කතා කරන්නේ කවුරුන් ගැනද කියලා හරියටම ඔයාට තේරෙනවා. ශ්‍රී ලංකාවේ සංගීත ක්‍ෂේත්‍රයේ ප්‍රසිද්ධ වෙලා ඉන්න භාතිය සහ සන්තුෂ් යොවුන් වියේ ඔයාගේ ප්‍රියතම හඬ පටි වුණා කිවුවොත් හරි.මම අදහස් කළේ එයාලගේ කොකාකෝලා වෙළඳ දැන්වීමේ සිනා වෙනකල් ජිවිත් මල් හෝ බයිලා ගමුද රීමික්ස් කරාලා ගීත වලට ආදරය නොකළේ කවුද? එහෙමත් නැත්නම් උන්මාදීනි සහ රැස් විහිදෙන සමනාලියෙක් අහන්නේ නැතුව හිටියේ කවුද ? ඔයාගේ කාර් එකේ යද්දී හරි ගුවන්විදුලියෙන් හරි කිරි කොඩු හිතට සිංදුව ඇහෙනකොට ඒකත් එක්කම ගායන කරලා නැහැ කියනවනම් ඔයා කියන්නේ බොරුවක් .ඒකෙ දෙමළ පද රචනය නොදැන විකෘති කරලා කිවුවත් එයාලට තියෙන ආදරය නම් තාම අඩුවෙලා නැහැ නේද ?(මම හරිද)

 

 

’96 දී ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීම

1996 දී ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ජය ගත් කණ්ඩායම ශ්‍රී ලංකාව. තරඟාවලියේදී දෙපාරක් ඉන්දියාව පරාජය කරපු ශ්‍රී ලංකාව පරාජ වෙන්නේ නැතුව ලෝක කුසලානය දිනා ගන්න සමත් වුණා. ඒ අවුරුද්දේ මාර්තු මස 17 වෙනිදා පකිස්තානයේ ලාහෝර් වල ගඩාෆි ක්‍රීඩාංගණයේදී අර්ජුන රණතුංග විසින් කුසලානය ඔසවන විට ජයග්‍රහණයේ ඝෝෂාව ශ්‍රී ලංකාවේ හැමතැනම ඇහුනා. රට පුරා ප්‍රීතියේ කඳුළු ගලා ගියා. ගිනිකෙළි සහ “රතිඤ්ඤා ” කන් බිහිරි වෙන තරමට ඇහුනා. තරඟාවලියේ සත්කාරක / සම-සත්කාරක ක්‍රිකට් ලෝක කුසලානය දිනාගත් පළවෙනි අවස්ථාව තමයි ඒ. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වෙලා ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී තැනක් හිමිකරගත්තා.

 

 

ඉස්කෝලේ අමුතු දේවල්

ඉස්කෝලේ උදේ 8.00 ට ආරම්භ වෙලා සවස 2.00 ට අවසන් වුන අමුතු කාලේ මතකද? එතකොට උදේ 7.30 ඉදන් දවල් 1.30 වෙනකන් ? මේක වුණේ ගරු ජනාධිපතිතුමාගේ මාරුවීමත් එක්ක. ඒ කිවුවේ ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගෙන් පස්සේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වීමත් එක්ක, 2005 දී. පැය භාගයක කාල පරතරය එච්චර ලොකු දෙයක් වගේ නොපෙනුනත් ඒකෙන් ජීවිත කාලය පුරාවටම ගොඩක් මිනිස්සු පුරුදු වෙලා නොසිටි දෙයක් පුරුදු වුණා.

 

 

Skinny ජීන්ස් සහ “අරුගම්බේ” රබර් Bracelets

90 දශකයටම අවේනික වුන විලාසිතාත් තිබුණා. Skinny ජීන්ස් යුගලයක්, “අරුගම්බේ” රබර් Bracelets කිහිපයක් වගේම රබර් සෙරෙප්පු ප්‍රසිද්ධ වුණු ඒ යුගයේ ආරුගම්බේ ගැන දැන සිටිය නම් ඔයත් අනිවාර්යයෙන්ම 90 දශකයේ කෙනෙක්.

සරලව කිවුවොත්,දැන් ගොඩක් සංකීර්ණ වෙලා තියෙන අපේ ජිවිතත් එක්ක ඒ කාලයේ අපිට තිබුණ සරල ජිවිත රටාව මග හැරීලා තියෙනවා. ඉතින් 90 දශකයේ හිටපු අපිටම ආවේණික වුන ගොඩක් දේවල් තියෙන නිසාම මේ ලැයිස්තුව දිගින් දිගටම කියන්න පුළුවන් වුණත් පුළුවන්. ඉතින් ඔයාටත් ඒ කාලයේ තිබුන දෙයක් මග හැරිලා තියෙනවා නම් පහල comment section එකේ අපිට ඒ ගැන කියන්න අමතක කරන්න එපා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here